IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


මහනුවරට යළිත් ඇදීරි නීතිය


 
(ආරියරත්න රණබාහු සහ තරිඳු ජයවර්ධන)
 
වහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරිනීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
පෙරදින රාත්‍රී අටේ සිට අද උදෑසන හය දක්වා මහනුවරට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබූ අතර එය ඉවත් කිරීමෙන් පසු යළිත් වරක් නැවත දැනුම් දෙන තුරු ඇඳිරිනීතිය පැනවීමට උසස් පොලිස් නිලධාරීන් තීරණය කර තිබේ.
 
ඇඳිරිනීය කාලයේ කල්ලි කණ්ඩායම් වශයෙන් එක්රොක් වෙන සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසියට මෙන්ම ත්‍රිවාධ හමුදාවටම බලය පවරා තිබේ. 
 
නීතිය හා සාමය කඩ නොවන ලෙස සාමකාමීව බුද්ධිමත්ව කටයුතු කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.



අදහස් (21)

මහනුවරට යළිත් ඇදීරි නීතිය

Chandana Wednesday, 07 March 2018 06:41 AM

පටු පරමාර්ථ සඳහා ජාතිවාදය අවුළුවන අන්තගාමී සියලු දෙනා මර්දනය කර රටේ සාමය සහ සහජීවනය ඇතිකළ යුතුය. රජය ගත් ක්‍රියාමාර්ග අගය කරමි.

:       34       288

Sanath Kandy Wednesday, 07 March 2018 06:52 AM

මේ ඇඳිරි නිතිය නමට විතරයි. තැන තැන කල්ලි ගැහිලා ඉන්න දෙපැත්තේම පිරිස් විසිරුවේ නැතිනම් ආයෙත් කලබල ඇති කරන්න පුළුවන්. මුණු පොතෙන් ජනතාව කුලප්පු කරන අය තමා රට ගිනි තියන්නේ. දවස් දෙකකට මුණු පොත වහල දැම්මොත් මේක ඉබේම නතර වෙනවා.

:       4       408

VajiraWednesday, 07 March 2018 07:56 AM

මේ මුහුණු පොතනම් ඇත්තටම මුළු ලෝකයම ආපස්සට ගෙනියන ව්‍යසනයක්.

:       2       143

Ramiz Kandy Wednesday, 07 March 2018 07:29 AM

රජය ක්‍රියාමාර්ග ගත්තට පාරේ හැමතැන කල්ලි ගැසී පිරිස් ඔවුන්ගේ අබිමතය පරිදි ප්‍රචණ්ඩත්වය පතුරුවමින් ඉන්නවා. හරිම කනගාටුයි.

:       27       222

rohan Wednesday, 07 March 2018 07:50 AM

නිතිය සහ සාමය ඇමතිකම සරත් ෆොන්සේකා මහතාට දෙන්න හොදම කාලය දැන් ඇවිල, නිතිය කඩන කාණ්ඩය තමයි මෙතුමා එනවට බය නමුත් ජනතාව කැමති .

:       748       912

sathya Wednesday, 07 March 2018 07:51 AM

පළමුව රට අස්ථාවර කරන්නේ කව්දැයි හොයා බලා රටට හෙළිකර දඩුවම් ලබා දෙන්න . හැමදාම ජනජීවිතය කඩාකප්පල් කරන දෙයක් රටේ සිද්ධ වෙනවා. අවංක, රටට ආදරය කරන ඔබ වැනි කෙනෙකුට මෙය ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් . ඔබට ජය!

:       2       178

Muhan Wednesday, 07 March 2018 07:59 AM

මේකට දැඩි ක්‍රියා මාර්ග ගතයුතුයි . මෙම තත්වය පාලනය කල හැකි කෙනෙකුට නිතිය හා සාමය වහාම බාරදිය යුතුයි . අස්සයා ගියාට පසු ඉස්තාලේ වහලා වැඩක් නැහැ .

:       1       46

Ruwan Wednesday, 07 March 2018 08:01 AM

ප්ලෑන් වෙන්න ඇතිනේ මේවා. විශ්වාසභංගය යට ගහන්න නොකරන දෙයක් නැහැ මෙයාලා......

:       425       319

aseWednesday, 07 March 2018 11:15 AM

එහෙනම් රියදුරුට ගහන්න ඇත්තේ දේශපාලකයෙක් වෙන්න ඇතිනේ?

:       0       8

ජගත් ලියනගේ Wednesday, 07 March 2018 08:02 AM

රජයෙන් ගත්ත ක්‍රියා මාර්ග ගැන විශ්වාසයක් නැතුව ඇති මිනිස්සුන්ට..............

:       1       31

Nuwan Wednesday, 07 March 2018 08:03 AM

30 වසරක යුද්ධයකින් බැට කෑව රටක් ද මේ කියල හිතෙනවා මේ වෙන දේවල් දැක්කම. සියලු ජන කොටස්වල ඉවසීමයි මේ අවස්ථාවේ ඉතාමත්ම වැදගත්.................

:       0       29

lalithsjm Wednesday, 07 March 2018 08:34 AM

හැම ජාතියකටම තමන්ගේ ජාතිය ගැන කැක්කුමක් තියනවා....

:       3       23

banda Wednesday, 07 March 2018 08:50 AM

මෙතන අදහස් දාන කවුරුහරි මැද පෙරදිග මුස්ලිම් රටකට ගිහින් සහජීවනය සහ ආගමික නිදහස ගැන කතා කරලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා.....

:       97       591

sas Wednesday, 07 March 2018 08:50 AM

වහාම සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබද ඇමති තනතුර දෙන්න.

:       270       184

Bandara Wednesday, 07 March 2018 08:55 AM

ජාතික සමගිය සදහා පක්ෂ බේධයකින් තොරව පොදු වැඩ පිළිවලක් අරබමු

:       1       2

ජගත් ලියනගේ Wednesday, 07 March 2018 09:16 AM

හොඳට හිටීවි...

:       8       0

R P Jayapala Wednesday, 07 March 2018 09:27 AM

බෙදුම්වාදවලින් මිදී සිංහල, මුස්ලිම් සියලුදෙනාම එකට එක්විය යුතුය.

:       0       21

prakaash Wednesday, 07 March 2018 09:52 AM

මේ ආණ්ඩුව නොහැකියාව සහ ඔවුන්ගේ කුමන්ත්‍රණ සැලසුම් ක්‍රියාත්මක කිරීමට යොදාගත් තවත් සැලසුමක් බව පැහැදිලියි. කව්රු ආවත් මේ දුෂිත කුමන්ත්‍රණ රජය යටතේ මේවා විසඳිය නොහැක.

:       0       35

Asanka Wednesday, 07 March 2018 10:04 AM

බණ්ඩා.. මමත් මැදපෙරදිග තමයි ඉන්නේ වසර 10ක් , මෙහෙ ඕනෑම ආගමක් අදහගෙන නිදහසේ ඉන්න පුළුවන් , නොදන්නා දේවල් කියන්න එපා, ඔබල චිත්‍රපටිවල දකින දේට වඩා යථාර්තය වෙනස්.

:       20       89

Aluthgama A. Samathasena. Wednesday, 07 March 2018 10:12 AM

දින පැනපු බීම බෝතලයකට මහා වීරයන් සේ කඩා පනින සෞක්‍ය අංශ අහාර වලට මොනවා හරි දැම්මනම් වහාම සොයා බලා ඇත්ත නැත්ත රටට දුන්නානම් මේවා මෙච්චර දුර නොයන්න ඉඩ තිබුණා. අනික දැන් පොලීසිය බලන් හිටියා කිව්වට එවෙලේ පොලිසිය රාජකාරිය කළානම් ගෙදර යන්න වෙන්නේ එම නිළධාරියටමයි. ඒ නිසා ඕනෑම ජාතියක කෙනෙක් වරදක් කලාම නීතිය ඉටුකරන්න පොලීසියට පුර්ණ බලය ලබා දෙන්න. නීති ගරුක මිනිසුන් පොලීසියට ගරු කරනවා.

:       0       9

dileepa jayaruwan peiris Wednesday, 07 March 2018 10:13 AM

ජාතිය ආගම මුල් කරගෙන අනෙක් අයට හිංසා කරන්නේ මිලේච්ච නොදියුනු මිනිසුන්ය.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 1225 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 465 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 147 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 421 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 752 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 272 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 510 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 291 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 443 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site