IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මහනුවර උපාධි කඩේ නඩුව විසිවෙයි

ආචාර්ය හා මහාචාර්ය ‘ගෞරව‘ සම්මාන තනතුරු මුදලට විකිණීමේ   සිද්ධිය අනාවරණය කරමින් 2012 මාර්තු 19 වැනි දින ‘දිනපතා ලංකාදීප‘ පුවත්පතේ පළ කළ වාර්තාවකින් සිදුවූ ලැජ්ජාව හා මානසික පීඩාව වෙනුවෙන් මහනුවර මහයියාව අශෝකාරාම විහාරාධිපති වල්දෙනියේ වජිරඤාණ හිමියන් ලංකාදීප මාධ්‍යවේදියකුගෙන් රුපියල් කෝටියක් වන්දි ඉල්ලා පැවරූ නඩුව මහනුවර දිසා විනිසුරු සමන් කාරියවසම් මහතා අද (25) ඉවත දැමීය.

වජිරඤාණ හිමියන් හෝ ඒ හිමියන්ගේ නීතීඥවරයා අධිකරණයට පැමිණ සිටියේ නැත.

නඩුවේ වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ඉන්ද්‍රකුමාර විජේතිලක මහතා  කරුණු දක්වමින් තම සේවාදායක දඹුල්ලේ කාංචන කුමාර ආරියදාසට එරෙහිව පැමිණිලි පාර්ශ්වය අධිකරණයේ ගොනු කළ නඩුව, අධිකරණයේ විභාග වන අවස්ථාවේ අධිකරණයට නොපැමිණිම නිසා තවදුරටත් මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාම අසීරු බව ප්‍රකාශ කළේය.

දඹුල්ල ලංකාදීප මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස මහතාට එරෙහිව පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කරමින් දිසා විසිනිසුරු ඉන් අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

ආචාර්ය, මහාචාර්ය තනතුරු මුදලට විකුණන උපාධි කඩ යන මැයෙන් යෙදූ සිරස්තලයක් යටතේ දිනපතා ලංකාදීප පුවත්පතට  ආරියදාස මහතා විසින් ලියා සපයන ලද වාර්තාවෙන් මෙම නඩුවේ පැමිණිලිකාර මහයියාවේ අශෝකාරාම විහාරාධිපති වල්දෙනියේ වජිරඤාණ හිමියන්ට අපහාස වූ බවට පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥ ඩබ්ලිව් කීර්තිසේන මහතාගේ උපදෙස් පරිදි නඩුව පවරා තිබිණි

මල්දෙණියේ වජිරඥාන හිමියෝ කාංචනට මහාචාර්ය සන්නස ප‍්‍රදානය කරති.

රුපියල් සීය සාක්කුවේ දා ගනී

පිනා මහාචාර්ය පදවියේ ලෝගුව ඇද සිටිනුයේ කාංචනයි.

පිනාචාර්ය නිර්මාතෘ කාරියවසම් කාංචන සමග

සබැඳි පුවත්

පිනාචාර්ය කඩයක් මහනුවර



අදහස් (0)

මහනුවර උපාධි කඩේ නඩුව විසිවෙයි

අනුර Thursday, 25 July 2013 04:56 PM

අපේ අර ආචාර්යතුමත් මෙහෙන්ද දන්නෙ නැහැ උපාධිය ගන්න ඇත්තේ (නි)

:       0       0

උපාලි Thursday, 25 July 2013 01:09 PM

කාංචන, ඔබ "පෑන" කඩුවට වඩා බලවත් බව නැවතත් ඔප්පු කලා. ඔබේ ප්‍රවෘත්ති මම බොහොම කැමැත්තෙන් කියවන්නේ. ලංකාදීපයටත් අපටත් ඔබ සම්පතක්. ඔබේ නිර්භීත ගමන් මගට මගේ සුබ පැතුම්!!! (නි)

:       0       0

කුරුනේරු Thursday, 25 July 2013 01:09 PM

උපාධි දන්සැල් ගැන ඕගොල්ලෝ මොකද කියන්නේ? (නි)

:       0       0

මිලාන් Thursday, 25 July 2013 01:14 PM

නියමි‍යි නියමි‍යි. දැන් ඒ පාර අධ්‍යාපනයත් විකිණාගෙන කනවාද? කව්ද මේවට වගකියන්නේ? (නි)

:       0       0

ලසන්ත නිරෝෂණ Thursday, 25 July 2013 01:21 PM

ආචාර ධර්ම වලට එකගව හරි දේ කිරීම නොබියව ඉදිරිපපත්වීම ගැන ඔබට ප්‍රණාමය (නි)

:       0       0

අමාලි සිල්වා Friday, 26 July 2013 01:40 AM

ලංකාදීප පුවත් පත සහ කතු මණ්ඩල සැමදා බැබලේවා!. ඔබ කරන සේවය වෙන පුවත් වලින් ලේබෙන්නේ නැහැ. ලංකාදීප පුවත් පතට සිංහල අප සදා නය ගැතිය.(නදී)

:       0       0

සනත් Thursday, 25 July 2013 05:51 PM

ලංකාදීපයටත් අපටත් ඔබ සම්පතක්. ඔබේ නිර්භීත ගමන් මගට මගේ සුබ පැතුම්!!! (නි)

:       0       0

ඩී.උපුල් Thursday, 25 July 2013 01:57 PM

කෝටියක් වන්දි ඉල්ලුවේ මොකටද දන්නෙ නැහැ (නි)

:       0       0

සනත් අබේකෝන් Thursday, 25 July 2013 02:05 PM

කාංචන , ඔබගේ පුවත් වාර්තා ඉතාමත් කාලෝචිත දේවල් . ඔබට සුභ පතමි . (නි)

:       0       0

මොහමඩ් Thursday, 25 July 2013 06:26 PM

ටෙනිසන්,මම ඔබේ අදහසට ගරු කරනවා. අපි අවුරුදු 30 ක් දුක් වින්දේ මේ ජාතිබේදා හින්දා. දැන්වත් අපි එක මවකගේ දරුවෝ වගේ සමගියෙන් රට දියුණු කරමු. (නි)

:       0       0

අසේල ඕමානය Thursday, 25 July 2013 06:28 PM

ශාසනයෙන් බඩ වඩා ගන්නන්ට ඉක්මනටම ඊට විපාක විදීමට සැලැස්විය යුතුයි. (නි)

:       0       0

ද සිල්වා Thursday, 25 July 2013 02:14 PM

සේනාව පන්සල් වල සිටින චීවරධාරීන් ගැන නිහඩ? (නි)

:       0       0

පුෂ්ප කුමාර Friday, 26 July 2013 07:52 AM

අපේ එක්කෙනෙකුත් ආචාර්ය කෑල්ලක් දාගෙන තිබුනා. කොහෙන් ගත්ත එකක්ද දන්නෙ නැහැ (නි)

:       0       0

විජේසිංහ Thursday, 25 July 2013 02:55 PM

කෝ සේනාව, කියලා හැම දේටම අහන්න එපා, එයාලට මීට වඩා වැදගත් රාජකාරි තියෙනවා. හැම රටේම ආචාර්ය උපාධි විකුනනවා නේ. අපේ ලොකු ලොක්කොත් ඒවා සල්ලි දීලා ගන්නවා නේ. (නදී)

:       0       0

සුනිල් Thursday, 25 July 2013 02:58 PM

කව්රු මොන වංචා වැඩ කළත් බුදු සසුනේ කිසිම දෙයකට මොකුත් වෙන්නේ නැහැ. ඒකයි බුදු දහම කියන්නේ.(නදී)

:       0       0

ගාමිණී Friday, 26 July 2013 08:06 AM

මේක බුදුදහමේ වරදක් නෙමේ. නිර්මල ආගමට බෞද්ධ ශාසනයට ඇතුල්වෙලා ඉන්න සමහරු හිතාමතාම කරන සහ කරවන වැඩ . (නි)

:       0       0

රෝහණ Thursday, 25 July 2013 02:59 PM

බොරුකාරයන්ගෙන් රට ගලවා ගැනීම අපේ යුතුකමයි.(නදී)

:       0       0

දුමින්ද Thursday, 25 July 2013 03:02 PM

කාංචන, ඔබට අපේ උපහාරය! කපටි චීවරදාරින්ව සසුනෙන් පන්නා දමමු. (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 25 July 2013 03:02 PM

සේනාව නොහිටින්න මෙලහකටත් අපිට මොනවා වෙලාද දන්නෙ නැහැ (නි)

:       0       0

විජේසිංහ Thursday, 25 July 2013 03:12 PM

මේක හොයා ගත්තේ ලංකාදීපේ කෙනෙක්. අපි එයාලට ස්තුති කරන්න ඕනා. මේක මාර බිස්නස් එකක්. සල්ලි උල්පතක්. මෙයාට මාර බිස්නස් මොලයක් නේ තියෙන්නේ. (නදී)

:       0       0

ශාන්ත Thursday, 25 July 2013 08:04 PM

ලන්ඩනයේ මෙම තත්වය ටිකක් වෙනස් දැන් ආචාර්ය තනතුරු විතරක් නොවෙයි මහාචාර්ය තනතුරු වලටත් ගිහිල්ලා. මේ අයට සහය දෙන කොටසකුත් බිහිවෙලා.එංගලන්තයත් පිරිහිලා මේ වගෙ අය නිසා. (දී)

:       0       0

රාහුල Thursday, 25 July 2013 03:36 PM

සිංහල නම් වලින් පෙනී සිටින කපටින් ඉන්නවා. මුන්ව අල්ලන්ට අපේ සේනාවන්ට බාරයි.(නදී)

:       0       0

ෂිහාම් Thursday, 25 July 2013 04:09 PM

අහවල් ඇමති තුමත් මේකෙන් ආචාර්‍ය පට්ටම ගත්තනේ.(නදී)

:       0       0

නිමල් ජයසිංහ Thursday, 25 July 2013 04:15 PM

සල්ලි තියෙන මෝඩ මුදලාලිලට ආචාර්‍ය උපාධිය ගන්න තියෙන අවස්ථාවක් නැති වුනා. කව්රුත් කොසොල් රජ තුමා දුටු සිහින 16 කියවන එක හොදයි.(නධී)

:       0       0

කුමාර් Thursday, 25 July 2013 04:26 PM

ශ්‍රී ලංකාවේ ආචාර්යවරු දැන් හැමතැනම. මේ රස්නය ලන්ඩන් වලටත් දැන් ටික කලක සිට මහත් සීග්‍රයෙන් පැතිරයන්න පටන් අරගෙන. (නි)

:       0       0

සීල Thursday, 25 July 2013 12:28 PM

බුදුසසුනට නිගාකරන්නන් ගැන තීරණයක් ගතයුතුයි (නි)

:       0       0

කමල් Thursday, 25 July 2013 12:37 PM

බුදු සසුන යනු සත්‍යයයි. සත්‍ය ජයගත යුතුමයි (නි)

:       0       0

සීල Thursday, 25 July 2013 12:40 PM

සත්‍ය නොබියව හෙලිකිරීම ගැන කාංචන කුමාර මාධ්‍යවේදියාට මගේ ප්‍රණාමය. (නි)

:       0       0

සත්‍යපාල Thursday, 25 July 2013 12:43 PM

හැමදාම තේරුමක් ඇති,වැඩක් ඇති,විවිධත්වයක් ඇති,පුවත් ගෙනෙන කොන්දක් ඇති දඹුල්ලේ කාංචන කුමාර ආරියදාස ගැන හරිම සතුටුයි.කරුණාකර වෙනත් අය වගේ දේශපාලකයන්ට බයේ,මුදලාලිගේ අරක්කු බෝතලයට යට නොවී නියම මාධ්‍යවේදියෙකු ලෙස සිටින්නට හැකිවේවා ! මගේ ප්‍රාර්ථනය එයයි (නි)

:       0       0

කුමාර් Thursday, 25 July 2013 12:44 PM

දිනෙන් දින සිදුවන දේවලින් බුදු සසුන ගැන තිබෙන විශ්වාසය නැතිවෙමින් යනවා (නි)

:       0       0

නලීන් Thursday, 25 July 2013 12:51 PM

බුදු සසුන රකින්න ඉන්න සමහර කට්ටියගේ වැඩ හින්දා අද මේ සසුන නැතිවේගෙන යනවා (නි)

:       0       0

ධම්ම Thursday, 25 July 2013 12:58 PM

එතකොට උපාධි කඩේ? ඒක තවම යහතින්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 573 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 297 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1638 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 424 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2528 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37143 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24463 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 187 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 622 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site