තරිඳු ජයවර්ධන
මහනුවර කළහකාරී තත්ත්වය පැවැති පසුගිය මාර්තු මාසයේ පූජාපිටිය අඹතැන්නේ ආගමික ස්ථානයකට අලාභ හානි සිදු කළ බවට සැකපිට යුද හමුදාවේ කෝප්‍රල්වරුන් දෙදෙනකු ත්‍රස්ත විමර්ශන දිසාවෙන් අද (09) සවස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම යුද හමුදා කෝප්‍රල්වරුන් දෙදෙනා දැනට සේවයේ නියුතුව සිටින දෙදෙනකු බව ද ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.
අත්අඩංගුවට ගත් එක් කෝප්‍රල්වරයකු පුත්තලම සින්නවිල්ලු වත්තේ 143 වැනි බළකා මූලස්ථානයේ රාජකාරි කරන බව ද, අනෙක් කෝප්‍රල් යාන්ත්‍රික රෙජිමේන්තුවේ කැකිරාව දඹුලුපල්විල ආධුනිකත්ව පුහුණු පාසලේ සේවය කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
මේ දෙදෙනාම අඹතැන්න කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කළ පසු මුලින්ම 10 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුන්ගෙන් ප්‍රශ්න කරද්දී අනාවරණය වූ තොරතුරු අනුව සහ සීසීටීවී වීඩියෝ පරීක්ෂා කිරීමෙන් අනතුරුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් තිදෙනෙක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගනු ලැබූහ.
රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ජල ප්‍රවාහයන් භාවිත කරමින් සංචාරක හා මගී ප්‍රවාහන කටයුතු ප්‍රවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දූෂණ විරෝධී පනතේ විධිවිධාන යටතේ වන නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
’’ඔබට ගෙයක් - රටට හෙටක් ’’ නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකකයක් සඳහා ලබා දෙන ආධාර මුදල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පහළ හල්මිල්ලෑව වැවේ මල් කැඩිමට ගිය 42 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් ඇතැයි ඇලයාපත්තුව පොලිසිය කියයි.
සීමාසහිත සීනෝර් පදනමට අයත් කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වලකින ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මහනුවර කලහයට යුද හමුදාවේ දෙදෙනෙක් සැකපිට
දීපාක් Tuesday, 10 April 2018 09:24 AM
දැන් ඉතින් බයියෝ කෑ ගහවි මෙන්න රණ විරුවන්ගෙන් පලි ගන්නවෝ කියලා. කවුරු මේ වගේ දේවල් කලත් වැරදියි. තරාතිරමක් නොබලා දඩුවම් කල යුතුයි රටේ නම කැත කලාට