IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


මහනුවර කලහයෙන් 2ක් මරුට 11කට තුවාල - 71ක් සැකපිට

(තරිඳු ජයවර්ධන සහ ඉන්දිකා රාමනායක)

මාර්තු 04 වැනි දා සිට අද (08 වැනිදා) උදෑසන දක්වා  මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවූ කළහකාරී සිද්ධීන්වලින් දෙදෙනෙක් මියගිය බවත් 11 දෙනෙක් තුවාල ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. මෙම සිදුවීම් සම්බන්ධයෙන් අද වන විට 71 දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණ.

මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය, මැණික්හින්න, දිගන සහ අකුරණ ඇතුළු ප්‍රදේශ කිහිපයක ඇතිවූ සිදුවීම් සම්බන්ධ වාර්තාව පොලිසිය විසින් අද ප්‍රකාශයට පත් කරන ලදි. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුදර්ශන ගුණවර්ධන, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සහ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මෙම තොරතුරු ප්‍රකාශයට පත් කළේය.

මාර්තු 05 වැනිදා රාත්‍රී පල්ලේකැලේ පොලිස් වසමේ වෙළෙඳසලක් හා නිවසක් ගිනි තබා ඇතැයි ද එම නිවස තුල තිබී 26 හැවිරිදි තරුණයකුගේ මළ සිරුරක් සොයා ගත්තේයැයි ද, දුම ආඝ්‍රාණය වීමෙන් ඔහු මිය ගිය බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වීයැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පූජාපිටිය පොලිස් වසමේ මුල්ලේගම ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් කිරීමට යෑමේදී අත්අබෝම්බයක් පිපිරී පුද්ගලයකු මිය ගොස් ඇතැයි ද, අත්බෝම්බයේ ආරක්ෂිත ඇණය මිය ගිය පුද්ගලයා සිටි ස්ථානයේ තිබී සොයා ගත්තේයැයිද ඔහු අවුරුදු 28ක පුද්ගලයකු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. එම අවස්ථාවේ තුවාල ලැබූ 11ක් රෝහල් ගත කරනු ලැබ සිටිති.

මාර්තු 04 වැනිදා රාත්‍රියේ සිට අද උදෑසන 6.00 දක්වා කාලයේ මහනුවර පොලිස් කොට්ඨාසයේ නිවාස හා වෙළෙඳසල්වලට අලාභ හානි කිරීමේ සිද්ධි 45ක් වාර්තා වූ බවත්, පූජනීය ස්ථානවලට අලාභ හානි කිරීමේ සිද්ධි 04 වාර්තා වූ බවත්, වාහනවලට අලාභහානි කිරීමේ සිද්ධි 11ක් වාර්තා වූ බවත් පොලිසිය කියයි.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් සැකපිට 71 එක් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි. ඒ අතර ඇඳිරිනීතිය කඩ කළ හතර දෙනෙක් ද සිටිති.

එම සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලිසි මෙසේය.

මහනුවර පොලිසියෙන් 8යි

තෙල්දෙණිය පොලිසියෙන් 30යි

මැණික්හින්න පොලිසියෙන් 07යි

කටුගස්තොට පොලිසියෙන් 06යි

වත්තේගම පොලිසියෙන් 06යි

තලාතුඔය පොලිසියෙන් 13යි

පල්ලේකැලේ පොලිසියෙන් 01යි

 

නිවාස හා වෙළඳසල්වලට හානි කිරීමේ සිද්ධි පොලිස් වසම් අනුව මෙසේය.

රංගලින් 02යි

කඩුගන්නාවෙන් 05යි

මැණික්හින්නෙන් 01යි

පල්ලේකැලෙන් 16යි

තෙල්දෙණියෙන් 18යි

වත්තේගමින් 02යි

මහනුවරින් 1යි

 

පුජනීය ස්ථානවලට අලාභ හානි කිරීමේ සිදුවීම්.

කටුගස්තොටින් 03යි

පුජාපිටියෙන් 01යි

 

වාහනවලට අලාභ හානි කිරීමේ සිදුවීම්

රංගලින් 03යි

මැණික්හින්නෙන් 01යි

පල්ලේකැළෙන් 05යි

තෙල්දෙණියෙන් 02යි



අදහස් (12)

මහනුවර කලහයෙන් 2ක් මරුට 11කට තුවාල - 71ක් සැකපිට

minipe Thursday, 08 March 2018 04:57 PM

කලබල ඇති ප්‍රදේශවල සැරිසරන අයගේ හදුනාගැනීම්පත් පරීක්ෂා කරනවානම් හොඳයි. කලබල ඇති කරන්නේ පිට නගර වලින් ආපු අයයි. මෙහි පිටුපස එක්තරා සංවිධානයක් අනුබල දෙන බව මට නම් පැහැදිලියි.

:       0       27

ලංකා Thursday, 08 March 2018 05:47 PM

අනිත් රටවල් වල මිනිස්සුන්ට වඩා අපේ අපේ රටේ මිනිස්සු වෙනස්. උපත් පාලන තිසර පට උපත් පාලන යට ඇදුම් ටොපි, කොත්තු ....... අපේ එවුන් අලුත් උපත් පාලන ක්‍රම හොයාගෙන රටක් වශයෙන් දීයුණු වෙනකොට කාටද ආඩම්බර?

:       323       649

ගුණවර්ධනFriday, 09 March 2018 08:15 AM

මෙන්න මේවා තමයි ආණ්ඩුවටත් නොපෙනෙන කාට තිත්ත උනත් ඇත්ත තත්ත්වය ....................

:       2       127

sena Thursday, 08 March 2018 06:41 PM

මුස්ලිම් වරුන්ගේ වැරැද්ද හිතාමතා සිංහල ජාතියට වඩා වර්ගයා බෝකිරීමයි . මෙයට පල්ලියේ සහ අරාබි ලෝකයේ සහය ලැබෙන බව පෙනේ ලංකාව මුස්ලිම් කිරීම කෙසේවෙතත් අනාගතයේ මීට වඩා විශාල වශයෙන් ලේ වැගිරීම් සිදුවීමට ඉඩ තිබේ

:       328       527

sirimal Thursday, 08 March 2018 07:38 PM

මේ ප්‍රහාරයන් තුලින් නැවත බලය අල්ලා ගැනීමේ උත්සාහයක් ගන්නා ලද බවක් කියැවෙයි. එලෙස ක්‍රියාත්මකවූ කණ්ඩායම කවුරුන්ද කියා දන්නා කෙනෙක් වහාම හෙළිදරව් නොකලොත් වෙන්නේ ඒකතා සියල්ල අන්ඩර දෙමල බවට පත්වී කලබල මෙහෙයවූවන් ගේ අභිමතාර්ථයන් ඉෂ්ඨ සිද්ධ වීමයි.

:       40       51

Samarawickrama Thursday, 08 March 2018 10:13 PM

මේ විනාශය කරපු අය දැන් අත් අඩංගුවට අරගෙන ඉන්න නිසා, මේ විනාශය කරපු දේවල් හදන්න යන වියදම මේ විනාශය කරපු අයගෙන්ම අරගන්න ඕන. ආණ්ඩුව මේවට වියදම් කරනවා කියල කියන්නේ, නැවත මේවා අපි කන බත් එකෙන්, පාන් ගෙඩියෙන්, අනෙක් කෑම වලින් අරගන්නවා කියන එක.

:       23       282

don Thursday, 08 March 2018 10:57 PM

මේ සියලුම සිදුවීම් මෙච්චර දුරදිග ගියේ රජයේ තියෙන නොහැකියාව සහා රජය තමන්ගේ යටි අරමුණු ශාක්සාත් කරගැනීමට ලක් ජනතාව බිල්ලට තියන්න උනත් සූදානං නිසා. මෙහි වගකීම රජය සම්පුර්නයෙනම බාරගතයුතුයි.

:       307       647

sugath sanjeewa Thursday, 08 March 2018 11:36 PM

රන්ජන් රාමනායකගෙ FB එකෙ තියෙනවා නැවත මිනිස්සුන්ව කුපිත කරවන වීඩියො දාල,ඒවත් වාරනය කරන්න, මම කොහෙත්ම ජාති වාදයට කැමති නැති කෙනෙක්, ඇමතිට වගේම පොඩි මිනිහටත් නීතිය එක වෙන්න ඔනා,අපිට ඔනා ඒකීය ශ්‍රි ලංකාවක්.ඒ වගේම නීතිය කාටත් පොදු කරන්න.

:       167       417

sanath Friday, 09 March 2018 01:21 AM

මේක සිද්ධ වූනේ, සිංහල ජනයා ආණ්ඩුව ගැන විශ්වාසයක් නැතිකම හා මුස්ලිම් ජනයා ආණ්ඩුව ගැන තිබුන අධි විශ්වාසය .

:       368       518

maalaka Friday, 09 March 2018 01:30 AM

මේවා මෙතරම් දුර දිග ගියේ පොලිසියේ වරදින්. හැම දේටම දේශපාලනය ගාව ගෙන නීතිය ක්‍රියාත්මක නොකොට ඉන්නකොට මෙහෙම දේවල් බලාපොරොත්තු වෙන්ඩ ඕනේ. කොන්ද පනතියෙන නායකත්වයක් නැති කොට, රටට පෙර තමන්ගේ බඩ, සාක්කු, තත්ත්වය, පක්ෂය ගැන හිතන දේශපාලුවෝ සහ නිලධාරීන් රජ කරනකොට මීට වඩා දෙයක් උනත් පුදුම වෙන්ඩ ඕනේ නෑ.

:       192       504

lalithsjm Friday, 09 March 2018 01:33 AM

මහජනතාව ඇත්ත දැනගන්න ඕන. භයානක යුද්ධේදී පවා මිනිස්සු සත්‍යය හරි හැටි දැක්කා යුද්ධය දිනන්න පහසු උනා. කිසිවක් වසන් කිරීම සුදුසු නැත. යහපාලනයට ඒ අත්දැකීම නැති බව පෙනේ.

:       311       1241

keshala amanda gamage Tuesday, 13 March 2018 03:00 AM

ප්‍රශ්න දුර දිග යන්න හොද නැහැ .ඒ තත්ත්වය රටට හොද නැහැ.රට වෙනස් කරන්න කලින් මිනිසුන්ගේ ඔලු ගෙඩි හොද කරන්න ඕන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කූඩුවේ සිටි සැකකරු මුදවා ගන්න ගිය පීසී අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 22 404 0

සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි


අද සවස එකෙන් පසු තද වැසි
2025 අප්‍රේල් මස 22 246 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 3025 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 848 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 264 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 663 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 522 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 294 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site