IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


මහනුවර ගණිකා නිවාසයක් වටලා 5ක් අත්අඩංගුවට

(සෙනරත් බණ්ඩාර)

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් මහනුවර දූෂණ මර්දන ඒකකය මගින් අද(28) වටලා එහි  කළමනාකාරිණිය සහ කාන්තාවන් 5 දෙනකු අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය පවසයි.

මහනුවර හේවාහැට  ගාල්තැන්න පාර චන්දන කුමාර මාවතේ මෙම ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති අතර උපාය දුතයින් යොදවා ලබාගත් තොරතුරු අනුව සොදේසි වරෙන්තු මත  එය පරික්ෂා කිරීමේදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.

එහි ඇතුළුවීමට රුපියල් 1500ක් වශයෙන් සහ ඇතුළු වූ පසු වෙන වෙනම ගාස්තු අයකරන බවත් සඳහන් වන අතර ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානය වශයෙන් පවත්වාගෙන යාමට  වෛද්‍යවරයෙකු  සිටිය යුතු වුවත් වැටලීම සිදුකරන අවස්ථාවේ වෛද්‍යවරයෙක්  නොසිටි බව ද පොලිසිය කියයි.



අදහස් (21)

මහනුවර ගණිකා නිවාසයක් වටලා 5ක් අත්අඩංගුවට

Vipula Friday, 29 December 2017 12:19 PM

මාරු, ඔය දීලා තියෙන්නේ නොමිලේම ප්‍රචාරණය...

:       30       29

naalini. Friday, 29 December 2017 01:15 PM

අසරණ කාන්තාවන්ගේ බඩට ගහන්න එපා. මේවා ප්‍රසිද්ධ කරන්න එපා. ඇල්ලුවා නං රහසිගතව නඩු දාන්න. කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරකිමු.

:       496       370

Athula kFriday, 29 December 2017 02:31 PM

මේවට මේ කාන්තාවෝ යොමු කරලා ගසාකන්නේ මුදලාලිලා. පව් මේ අය අසරණයි.

:       3       106

nimal madawala Friday, 29 December 2017 02:14 PM

මොකක්ද මෙතන ඇති විශේස පණිවිඩය ගණිකා සේවය බොහෝ පැරණි රැකියාවක් නමුත් අද මෙය පහත් කියා කීවට මොකද අද අපේ කාන්තාව මේ තැනට වැටුනේ මොකද කියන කාරණය අපි පළමුව බලන්න ඕන ,හැබැයි ඒකට විවිධ හේතු තියෙන්න පුළුවනි ,නමුත් ඇයගෙන් පහස විදින පිරිමි කොපමණ ඉන්නවද ,හැබයි ඒ පිරිමියම තමා මේ කාන්තාවන්ට පරිබව කරන්නේ අන්න එතන තමා අපට තියන ගැටලුව. අනික අපේ රටේ විතරක් නොව හැමරටකම තියනවා හැබැයි අපට වඩා දියුණු විදිහට නීතියට අනුකුලව.

:       0       32

leel gunawardena Friday, 29 December 2017 02:27 PM

නාලිනී කතාව හරියට හරි... ලංකාවේ කාන්තා අයිතිවාසිකම් මීට වැඩිය ආරක්ෂා කල යුතුයි.

:       109       90

Dayal Friday, 29 December 2017 02:28 PM

මහ ලොකු වැඩක් කරලා වගේ...

:       174       128

PA - RA Friday, 29 December 2017 02:57 PM

මේ අයට රජයෙන් රැකියාවක් දුන්නා නම් මොකද? ඔය දෙනවයි කියපු රැකියා එයාලට දෙන්න. ඒක මනුෂ්‍යත්වයක්... ලොකුම පිනක්...

:       57       26

Frank Friday, 29 December 2017 04:25 PM

රජය මේ පිළිබඳව නීති ක්‍රියාත්මක කළ යුතුයි.

:       0       0

wije Friday, 29 December 2017 04:34 PM

අනේ අර බැඳුම්කර වංචාව කරපු අයව, විල්පත්තුව කැලය විනාස කරපු අයව, සාම්පුර් චෛත්‍යය ඩෝසර් කරපු අයවත් ඔය විදියටම අත්අඩංගුවට ගන්නකෝ.

:       128       62

ruwan Friday, 29 December 2017 04:43 PM

ඔය වැටලීම් වලට යන මහත්වරු කවදාවත්ම ගණිකාවක් සමග හෝ අනියම් සබදතාවක් පවත්වා නැති උපාසක පිරිසක් වෙන්න ඇති. දුප්පත්කමට පොඩි තැන්වල ඔය රස්සාව කෙරුවට තරු හෝටල්වල මෙය මහාපරිමාණයෙන් කරනවා. පුලුවන්නම් මේවත් නවත්වන්නකෝ

:       0       39

himalSaturday, 30 December 2017 07:44 AM

එහෙම බැලුවොත් දෙමව්පියන්ට තමන්ගේ දරුවෙකුට දැනමුතුකමක් වත් දෙන්න බෑ. මොකද එයාලත් පොඩි කාලේ වැරදි කරේ නැද්ද කියලා අහන්න පුළුවන්. අර හෝටලේ මේ හෝටලේ නෙවෙයි. කෙරෙන තැන දන්නවා නම් පොලිසියට පැමිණිලි කරන්න. දුප්පත්කම නිසා ගණිකා වෘත්තිය කරනවා නම් දුප්පත්කම නිසා පාරේ අතුගාන, කුලී වැඩ කරන කාන්තාවන්ට මොකද කියන්නේ?

:       2       14

naradha Friday, 29 December 2017 09:08 PM

මා සිතන්නේ නෑ මේ කාන්තාවන් බොහෝ දෙනෙක් සිය කැමැත්තෙන් මේ වෘතිත්යේ යෙදෙනවා කියා. අද රටේ තිබෙන ආර්ථික තත්වය නිසා යම් මුදලක් සොයා ගැනීමට මේ දේ කලා හැකියි. මේ තමා විවෘත ආර්ථිකයේ අනිසි ප්‍රතිපල.

:       0       1

chandima Saturday, 30 December 2017 12:49 AM

අනේ මන්දා... පොලිසියට මාස්පතා දෙන සන්තෝෂම් ලැබුනේ නැතුව ඇති නේද?

:       0       1

Jagath Leanage Saturday, 30 December 2017 01:37 AM

අයියෝ... මේ මොන අපරාධයක්ද?

:       0       0

nimallalitha Saturday, 30 December 2017 01:43 AM

මේ කාන්තාවන් වෙනුවෙන් වචනයක් හෝ පලකළාට සැමට ස්තුතිය. විරුද්ධව අදහස් පලකල අය කාන්තාවන්ට අකමැති මහත්වරු විය හැකිය. කාන්තාවක් මෙවැනි තැනට පත්වෙන්නේ කවුරුන් නිසාද? එක්කෝ වංචනික පිරිමියෙක්, නැත්නම් සල්ලිකාර මැරයෙක්, එසේත් නැතිනම් නම්බුකාර හොර උපාසකයෙක් හෝ ජීවත් වීමට ලෙහෙසියෙන් මුදල් සෙවීමට.. නමුත් මහජනතාව රවටා බලය ලබා ගන්න, බද ගොස්තර වැඩි දේශපාලකයන්, තම රැකියාව හරියට ඉටු නොකරමින් පවත්නා නීතියෙන් ජනතාව පෙලන, පාගා ගසන නිලධාරීන්ට වඩා මේ කාන්තාවන් දහස් වරක් හොඳයි.

:       0       12

prabashSaturday, 30 December 2017 12:26 PM

එතකොට මේ ගණිකාවන් වෙන කාන්තාවන් හැම කෙනාටම එහෙම වෙන්නේ අනුන්ගේ වරදින් නේද?

:       0       0

ratna P Saturday, 30 December 2017 02:31 AM

අර රනිල් හදවපු වොක්ස්වැගන් කම්හලේ ඇබෑර්තු ටිකකට මේ අයව දැම්මා නම් ඔය නරක රක්ෂාව අතහරියි...

:       0       17

Sam Saturday, 30 December 2017 11:26 AM

අර රනිල්ගේ රක්ෂා ලක්ෂ 10න් ගිහිල්ලා ඉල්ලගෙන සජිත්ගෙන් ගෙවල් ඉල්ලගත්තා නම් ඉවරයිනේ..

:       0       0

රාජේශ් ඛන්නා Monday, 01 January 2018 11:43 PM

මේ වගේ සරණක් නැති ගෑණු පස්සෙම එලවන්නේ නැතුව රට වනසන අනවසර අවි ටික හා කුඩුකාරයන් ටික පුලුවන්නම් වටලලා පෙන්වන්නකෝ.

:       0       0

nandaka Tuesday, 02 January 2018 07:50 AM

ගණිකා වෘත්තීය ලංකාවේ නීතිගත කල යුතුයි ! ලිංගික ආශාව මානුෂීය අවශ්‍යතාවයක් ! එය ඉටුකරගන්නට නොහැකි අවිවාහක පුද්ගලයන් හට විකල්ප තිබිය යුතුයි ! නොමැතිවිට ළමා අපචාර, ස්ත්‍රී දුෂණ, සිදුවීම අවම කිරීම - වැළැක්විය කල නොහැකියි. අනෙක කොළඹ තරු හෝටල් වල එය කිසිදු බාදාවක් නොමැතිව කෙරෙද්දී ගමේ පොඩි තැන වලට පොලිසියේ උපාසක මහත්වරු පැනල ලොකු වැඩක් කළා වගේ කරන මේ වැඩේ අන්තිම අසාදරනයි ! අයුක්තිසහගතයි !

:       58       8

damayanthiWednesday, 03 January 2018 06:24 AM

පිරිමි සමලිංගික විෂමාචාර වලට යොමුවෙනවට වඩා නරක නැද්ද ගණිකා සේවයක් හරි ලබාගෙන ස්වභාවදර්මයට අනුව ගැහැණු පිරිමි සම්බදතා වලට යොමුවෙන එක ........ නන්දකගේ අදහස සුපිරි සහ නවීනයි ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 199 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 82 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 236 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 458 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 220 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 646 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site