IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


මහනුවර දී ජනරජ පෙරහරක්

(අංජුල මහික වීරරත්න)

මහනුවර ඓතිහාසික  ශ්‍රී දළදා  මාළිගාවේ වසර තිස් හතරකට පසුව පවත්වන  ජනරජ පෙරහර පෙබරවාරි  19 වනදා  මහනුවර නගරයේ දී  වීථි සංචාරය කිරීමට නියමිතය.

75 වන නිදහස් සැමරුමට සමගාමීව මෙය සංවිධානය කර තිබෙන අතර එහි සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

පෙබරවාරි 19 දා පස්වරු  6.30ට මහනුවර මඟුල් මඩුව භූමියෙන් ආරම්භ වන  පෙරහර  දළදා වීදිය, යටිනුවර වීදිය, කන්ද වීදිය ඔස්සේ පැමිණ රජ වීදියට පිවිස, නැවත මාළිගාවට ගෙවදීමෙන් පෙරහරේ කටයුතු අවසන් වන බව ශ්‍රී දළදා මාළිගාවේ සම්බන්ධීකරණ හා සංස්කෘතික නිලධාරී ජයම්පති වැද්දාගල මහතා පැවසීය.

වාර්ෂික ඇසළ පෙරහර මෙන්ම අලි ඇතුන් සහ නර්තන කණ්ඩායම් ඇතුළු සියලු පෙරහර සංස්කෘතිකාංගවලින් මෙම ජනරජ පෙරහර විචිත්‍රවත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ද ජයම්පති වැද්දාගල මහතා වැඩිදුරටත් පැවසීය.

 මෙම  පෙරහරේ සධාතුක කරඬුව  වැඩම වීමක් නොකරන අතර, ඒ වෙනුවට ජනරජ ලාංඡනය ප්‍රදර්ශනය  කරමින් වීථි සංචාරය කිරීම පමණක් සිදු කෙරේ. 

සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය ද අරමුණු කර ගනිමින් මෙය සංවිධානය කෙරෙන අතර පෙරහර නැරඹීම සඳහා පැමිණෙන ජනතාවට නුවර පෙරහර මාර්ගයේ ඉඩ පහසුකම් සලසා ඇත.

රටේ ඉතාමත් සුවිශේෂි වැදගත් අවස්ථාවලදී පමණක් රජයේ ඉල්ලීම පරිදි ශ්‍රී දළදා මාළිගාව මගින් මෙවැනි විශේෂ පෙරහර සංවිධානය කෙරේ.

මෙම ආකාරයට සංවිධානය කළ පළමු පෙරහර 1875 දී පවත්වා ඇති අතර, ඒ වික්ටෝරියා රැජිණගේ පුත් වේල්ස්හි ආදිපාදවරයා ලංකාවට පැමිණීම මුල් කර ගනිමිනි.

 1954 දී ලංකාවේ රාජ්‍ය නායිකාව වූ දෙවන එලිසබෙත් රැජිණ  ලංකාවට පැමිණීමෙන් පසුව රජ   පෙරහර පවත්වා ඇති අතර රැජිණ පත්තිරිප්පුවෙහි සිට එය නැරඹූ බව ඉතිහාසයේ සඳහන් වෙයි.

1981 වසරේදී ද මෙවැනි පෙරහරක් පැවැත්විණි. එය නැරඹීම සඳහා ද දෙවන එලිසබෙත් රැජිණ පැමිණ ඇති අතර  මහ මළුවේ තැනූ විශේෂ පීඨිකාවක සිට පෙරහර  නරඹා තිබේ.

1987 වසරේ එවකට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ද ජනරජ පෙරහරක් පවත්වා ඇත. 



අදහස් (13)

මහනුවර දී ජනරජ පෙරහරක්

දාස Wednesday, 15 February 2023 05:21 PM

මෙයාට නම් පිස්සු, ඔය සල්ලි කන්න නැති මිනිසුන්ට බෙදා දෙන්න.

:       9       42

පිටිගල මිලානෝ Wednesday, 15 February 2023 05:29 PM

තොවිලෙකුත් නැටුවා නම් නරකද රටට වෙලා තියෙන නස්පැත්තියට...? පෙරහැරෙන්ම එන්නකෝ ඡන්දෙට…!

:       8       35

siri Wednesday, 15 February 2023 06:37 PM

රටේ මිනිස්සුන්ගේ අවාසනාවට පහළ වෙන නායකයෝ...

:       3       28

Bishan Wednesday, 15 February 2023 06:45 PM

පෙරහැර කරන්න සල්ලි තියනවාද?

:       3       27

Lal Wednesday, 15 February 2023 07:47 PM

ඒක හොඳ වැඩක්...!

:       23       7

sujith Wednesday, 15 February 2023 08:13 PM

මෙයාගේ හිතේ පෙරහරක් තිබ්බා නම්, ණය දුන්නු රටවල් ණය කපා හරියි කියලා... මිනිස්සුන්ගේ මෝඩකම් වලට දෙවියෝ පලිද?

:       5       21

siri Wednesday, 15 February 2023 09:51 PM

මිනිස්සුන්ට කන්න නෑ. චන්දෙ තියන්න සල්ලි නෑ. කරනං ගහන්න සල්ලි අඩුවක් නෑ. මේක කරන්නෙත් අපිට කිසි ප්‍රශ්නයක් නෑ කියල ලෝකෙට පෙන්වන්නද ?

:       0       1

Prabha Wednesday, 15 February 2023 09:59 PM

යන විදියට මේ යකා ඔටුන්නත් පළඳයිද දන්නේ නෑ

:       0       1

අරවින්ද මොණරවිල Thursday, 16 February 2023 12:55 AM

ටයි මාමගේ සිංදුවක් මතක් උනා " පිස්සා මු පිස්සා මු පිස්සු පූසා මූ // "

:       0       1

Demuni Uduwara Thursday, 16 February 2023 04:31 AM

මේ ලෙඩේට බෙහෙත් නෑ!

:       1       1

බැරිමතැන Thursday, 16 February 2023 06:55 AM

ඔය පෙරහැරේ අංග විදිහට. බෙහෙත් නැති ලෙඩ්ඩුන්ගේ අඳෝනා පාලිය, ඉන්ධන ගන්න උන්ගේ කිව් ආර් ඩාන්ස්.. කන්න නැති උන්ගේ පිඟන් නැටුම,, රට යන්න පොරකන අයගේ සූට්කේස් නැටුම, ලයිට කපන උන්ගේ කුප්පිලාම්පු නැටුම වගේ දේවලුත් දාපං... ඒක තමයි ජනරජ පෙරහැරේ තියෙන්නම ඕනි නැටුම්...

:       0       4

Sunil Thursday, 16 February 2023 09:55 AM

ජනතවත් දැන් පෙරහෙරකට සුදානම් වෙමින් සිටනව. එය නවත්වන්න කාටවත් බැරි වෙයි.

:       0       3

ශාමා Thursday, 16 February 2023 02:35 PM

පව්නෙ ආසාවනෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 542 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 3652 22

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1415 2

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 597 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3669 2

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2734 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 318 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 606 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1751 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site