IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


‘මහනුවර නගරය කුණු ⁣ගොඩක් වෙලා‘

(සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුවේ නොහැකියාව හේතුවෙන් මුළු මහනුවර නගරයම එකම කසළ ගොඩක් බවට පත්වූයේ යැයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

තැන තැන ගොඩගැසුණු මළ මුත්‍රා ඇතුළු කසළ හේතුවෙන් විවිධ ලෙඩ රෝග පැතිරී මහනුවර නගරය විශාලා මහනුවරක්වීමට ඉඩ ඇතැයිද ඔහු සඳහන් කළේය. මේ සියලු ප්‍රශ්න ගැටලු උදාවූයේ ආණ්ඩුව පෙර සූදානමක් නොමැතිව දළදා වන්දනාව සූදානම් කිරීම නිසා බව පැවසූ හිටපු මන්ත්‍රීවරයා මෙයට පෙර රණසිංහ ප්‍රේමදාස සහ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරැන් දළදා වන්දනාව සඳහා මාස තුනකට කලින් සූදානම්වූ බවද ප්‍රකාශ කළේය.

දළදා වන්දනාව සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කිරීමට රැස්වීම් පහළොවක් පමණ එදා පැවැත්වූ බවත් ඒවාට එම ජනාධිපතිවරුන් සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෞද්ගලිකවම සහභාගි වූ බවත් කිරිඇල්ල මහතා පැවසීය. දළදා වන්දනාව සඳහා එදා අමාත්‍යාංශ දහයකට වැඩ කටයුතු පැවරූ බවත් නගරයට වතුර රැගෙන ඒම සෞඛ්‍ය අමාත්‍යාංශයට ද කූඩාරම් සැපයීම නිවාස අමාත්‍යාංශයටද ආහාර සැපයීම සංචාරක අමාත්‍යාංශයටද වශයෙන් එලෙස වැඩ පැවරූ බවත් ඔහු ප්‍රකාශ කළේය.



අදහස් (14)

‘මහනුවර නගරය කුණු ⁣ගොඩක් වෙලා‘

රම්බොඩ Sunday, 27 April 2025 02:07 PM

ඇයි දළදා වහන්සේගේ භාරකාරත්වය මෙවැනි දේට ඉක්මනින් එකඟ වුනේ? එතැනයි ප්‍රශ්නය. මාලිමාව කියන්නේ සිංහල බෞද්ධකමට කැමැති අය නොවෙයි...

:       73       21

ගමේ එකාලා Sunday, 27 April 2025 02:15 PM

තමුන්ලා ඒ කාලේ හරියට කරපු දේවල් ගැන අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

:       17       81

සචිත් Sunday, 27 April 2025 02:24 PM

දැන් නුවර කුණු එකතු කරන ගමන්, ඔයාගේ හන්තානේ ඉඩමට ගෙනත් දාන්නද?

:       15       77

Saman Sunday, 27 April 2025 02:27 PM

ඇත්තටම මේ කියන කතාවට එකඟ වෙන්න වෙනවා. රිලා ප්‍රශ්නයේදී අසමත් තාම ගැටළුව ඒකෙමයි. මේකත් හත්පොලේ අනාගත්තා. මීට වඩා බැරැක්කවල ඉන්න හමුදා වලින් වඩා ගන්න. නිකන් පඩි ගෙවලා බැරැක්කවල තියන්න එපා...

:       72       28

සෙනෙවිරත්න Sunday, 27 April 2025 02:34 PM

අනේ කිරිඇල්ල, තමුන්ගේ නායකයා පරයලා ගොං කතා කියන්න එපා... ඒක වරදක්, මිනිස්සු අසාමාන්‍ය ලෙස පැමිණීම රජයට පාලනය කළ හැකිද? කුණු කසළ එකතු කිරීම මිනිස්සු කලින් දැනුවත් කලා කියලා පාලනය කරන්න හැකිද, ඕන නම් මළ මුත්‍රා පහවීම පාලනයට බෙහෙතක් නිපදවා බෙදන්න තිබුණා සජිත් හිටියා නම්...!

:       16       65

ඩෙංගු මධුරි Sunday, 27 April 2025 02:38 PM

තමන් වෙන කොහෙට හරි ගියානම් කුණු කන්දක් අයින් කෙරුවා වගේ තමයි. හැබැයි ඒ යන තැනට දෙයියන්ගේම පිහිටයි...

:       12       63

prasanna Sunday, 27 April 2025 03:05 PM

රට විනාශ කරපු සහ දේපළ ගිනිතියපු පක්ෂයක් වන ජවිප සංවිධානය කරන්න දන්නේ විනාශකාරී සහ ජනතාවට අයහපත් දේවල් මිස යහපත් වැඩ නොවේ.

:       67       23

Sanath Sunday, 27 April 2025 03:06 PM

2009 දී වැඩේ හරියට ප්ලෑන් කරගන්න බැරිව දවස් දෙකකට කළින් නවත්වලා දැම්මේ ඒක වෙන්න ඇති. කොහොම වුණත් මිනිස්සු කවුරුවත් බඩගින්නේ තියන්නේ නැතිව වැඩිපුරත් එක්ක කෑම ලැබුණා. නියමිත දවස් ගණනත් සම්පූර්ණ කළා. පිරිසිදු කරන වැඩත් ගාණට යනවා. දැන් ඔහෙලට දරාගන්න බෑ මේක...

:       14       61

ලයන් Sunday, 27 April 2025 03:19 PM

හැබැයි මෙයාලා බලේට ඇවිල්ලා දළදා වහන්සේ පෙන්නුවා නම් ඉස්සෙල්ලාම ප්‍රභුවරු ලෙස එන්නේ සජිත්, හාමිනේ, අම්මා දුලාංජලි, ඒ එක්කම කිරි ඇල්ල උන්නැහැ... දූ සිඟිත්තා, ඊට පස්සේ ඇමැති රෑන පවුල්පිටින්. ඔය එක්කෙනෙක්වත් පයින් එන්නේ නැහැ. මාලිගාව ළඟටම ඇවිල්ලා බහින්නේ, එදා රෑ සජියාගේ පවුල රජගෙදර, හෙලිකොප්ටරෙන් පවුල සමග සජිය එන්නේ...!

:       7       59

පොඩිඑකා Sunday, 27 April 2025 03:26 PM

ඔහෙලා මුලු රටම කුණු කන්දක් කරලා තිබුනේ, ඒක ඇදගන්න සෑහෙන කලක් යයි..!

:       9       49

Perera Sunday, 27 April 2025 03:31 PM

නගරයක කසල කලමනාකරණය භාර එම නගරයේ නගර සභාවට වින රටේ රජයට නොවේ.

:       9       43

විපරමා Sunday, 27 April 2025 03:50 PM

මීතොටමුල්ලේ කුණු කන්ද පිදුරුතලාගල කන්ද වෙනකම් උඩට නගිනකම් බලාගෙන හිටියා? මොනවාද කෙරුවේ, කයිවාරු කාරයින්ට මොනවා කියන්න බැරිද?

:       5       51

sugath Sunday, 27 April 2025 04:14 PM

ඉතින් නිකම් කියව කියවා ඉන්නේ නැතුව, ගිහින් නගරය සුද්ද කරන්ට උදව් වෙන්නකෝ...

:       5       49

Tomi Sunday, 27 April 2025 04:14 PM

ජෙප්පන්ට සංවිධානය කරන්න පුළුවන් උද්ඝෝෂණ විතරයි...

:       55       22

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

‘උසස් පෙළ අසමත් දරුවන්ටත් වැඩපිළිවෙලක් තියෙනවා‘
2025 අප්‍රේල් මස 28 78 0

උසස් පෙළ විභාගය අසමත් වූ සමහර ළමුන් දැනටමත් දෙවැනි වරට, තුන්වෙනි වරට විභාගය කරන්න සූදානම් වන බවත් සමහර දරුවන්ට මොනවා කරනවද කියලා අරමුණක් නොමැති වුවත්


තැපැල් ජන්දය යළිත් අද හෙට
2025 අප්‍රේල් මස 28 48 0

පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්දය සළකුණු කිරීම අද (28) සහ හෙට (29) රාජ්‍ය ආයතනවලදි පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


යාපනේ නිවුන් සොහොයුරෝ උසස් පෙළින් කප් ගහලා
2025 අප්‍රේල් මස 28 619 0

මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු


පළාත් රැසකට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි
2025 අප්‍රේල් මස 28 302 0

උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක


කිලිනොච්චිය ගංවතුරින් යටවේ
2025 අප්‍රේල් මස 28 513 0

කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස


මහනුවර ශුද්ධ කරයි
2025 අප්‍රේල් මස 28 1006 0


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 946 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 420 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 566 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site