IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


මහනුවර පෙරහරේ මහ පුරුකක් ගිළිහෙයි

කන්ද උඩරට දක්ෂතම පාරම්පරික මුල් ඇඳුම් ශිල්පියෙකු වන සුප‍්‍රකට හිඳගල පී.වී.එස්. ජයරත්න (56) මහතා (24) දා සිකුරාදා පෙරවරුවේ මහනුවර මහ රෝහලේදී අභාවප‍්‍රාප්ත විය.

පසුගිය 2007 වසරේ සිට 2014 වසර දක්වාම වසරේ හොඳම මුල් ඇඳුම් ශිල්පියා ලෙස වසර 07ක්ම අඛණ්ඩව ජනාධිපති සම්මාන ලැබූ ජයරත්න මහතා (ඔක්තෝබර් 21දා) මිය යන්නට දින දෙකකට පෙර ජාතික ශිල්ප සභාවේ චක‍්‍රවර්තී සම්මානයෙන්ද පිදුම් ලැබීය.

මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවේ දියවඩන නිළමේ ඇතුළු සතර මහා දේවාල, පිටිසර දේවාලවල මෙන්ම ලංකාවේ අනෙකුත් ප‍්‍රධානතම දේවාල රැුසක බස්නායක නිළමේවරුන් සඳහා මුල් ඇඳුම් නිර්මාණය කරන ලද්දේ පී.වී.එස්. ජයරත්න මහතා විසිනි.

විශේෂයෙන්ම මහනුවර ඇසළ පෙරහැරේ ගමන් කරන දියවඩන නිළමේ ඇතුළු සතර දේවාල හා පිටිසර දේවාල වල බස්නායක නිළමේලාගේ මුල් ඇඳුම් නිම කරවීමේ හා ඇන්දවීමේ භාර¥ර වගකීම වසර (40) හතලිහකට අධික කාලයක් ඉටු කළ ජයරත්න මහතා, ඒ කෙරෙහි දැක්වූ ගෞරවය, උනන්දුව හා කැපවීම විශිෂ්ටය.

          ඕනෑම මුල් ඇඳුමක් දුටු සැණින් එහි වැරදී ඇත්තේ කොතනද, අඩුව කුමක්දැයි කීමට තරම් විශිෂ්ට පළපුරුද්දක් හා අත්දැකීම් රැසක් ජයරත්න මහතා සතු වූ අතර, තමන් මුල් ඇඳුම් අන්දවන ප‍්‍රභූවරයා කවුරුන් වුවද ඔහු පිළිබඳව වඩා ගෞරව පෙරදැරිව හා උපකාරකව කටයුතු කිරීම ඔහුගේ සිරිතයි. මුල් ඇඳුම් නිමවීමේ නිර්මාණශීලිත්වයට අමතරව, දුර්ලභ ගණයේ සංවිධාන ශක්තියකින් යුතු වූ ඔහු තමන් සමග කටයුතු කරන සියලූ දෙනාට එකසේ දයාවෙන් සැළකූ පියෙකු මෙන් විය. කරන දේ කිසිදු අඩුවකින් තොරව පරිපූර්ණව නිම කිරීම ඔහුගේ ලක්‍ෂණයකි.

පරපුරෙන් ලත් උරුමයක් ලෙස මුල් ඇඳුම් නිර්මාණය කළ ජයරත්න මහතා එම  කලාව නෙකෙළසෙන පරිදි සිය කර්මාන්තයේ නියැළුණු අතර එය ඉදිරියේදීත් රැකගත යුතුය යන මතය දැරීය. සැබෑ මුල් ඇඳුම් නිර්මාණයේ විශිෂ්ටයකු මෙන්ම, මුල් ඇඳුම් පිළිබඳව විශේෂඥයකු ලෙසද හැඳින්විය හැකි ජයරත්න මහතාගේ වියෝවෙන් ශිල්පයට සිදු වු පාඩුව කිසිවෙකුට පිරිමැසිය නොහැකි වනු ඇත. සැබෑ කලාකාමි නිර්මාණකරුවෙකු මෙන්ම, අහිංසක ගැමියෙකුද වූ ඔහු ‘‘හිඳගල ජයරත්න’’ ලෙස රටේ ප‍්‍රචලිත වූයේ ඔහු තුළ වූ මිනිස්කම නිසාම බවද මෙහි සඳහන් කිරීම වටී.

දශක හතරකට අධික කාලයක් තිස්සේම, බෞද්ධ සංස්කෘතික උත්සව වලදී, අපට නැතිවම බැරි විශිෂ්ටතම සංස්කෘතික මෙහෙයක් ඉටුකළ හිඳගල ජයරත්න මහතාගේ සමුගැන්ම කන්ද උඩරටට පමණක් නොව ඔහු දන්නා හඳුනන කාටත් වේදනාවකි.

ජයරත්න මහතාගේ දේහය පේරාදෙණිය, දොළුව පාරේ, හිඳගල අංක 169 දරණ ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු (27දා) සඳුදා පස්වරු 2ට  මහනුවර මහයියාව ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.

PVS-Jayarathna-Photo



අදහස් (0)

මහනුවර පෙරහරේ මහ පුරුකක් ගිළිහෙයි

රනිල් ප්‍රියංක Friday, 24 October 2014 10:40 AM

හිඳගල ජයරත්න නැමැති මහා නිර්මාණකරුවනි. ඔබට නිවන් සුව (නදී)

:       0       0

උපුල් Friday, 24 October 2014 10:53 AM

නිවන් සැප ලැබේවා (නදී)

:       0       0

ඉන්දිරා පෙරේරා Friday, 24 October 2014 06:52 PM

ඔබට නිවන් සුව (නදී)

:       0       0

කුමාරි Friday, 24 October 2014 12:39 PM

මරණය ගැන කණගාටු වෙමි. නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

වසන්ත නන්දන තිලක් Saturday, 25 October 2014 04:07 AM

නිවන් සැප ලැබේවා! (නදී)

:       0       0

සරදියෙල් Friday, 24 October 2014 08:35 AM

ඔබට නිවන් සුව. (නදී)

:       0       0

ශෂිමාල් Friday, 24 October 2014 08:43 AM

ඔබට නිවන් සුව! (නදී)

:       0       0

ඉසුරන්දි Saturday, 25 October 2014 05:31 AM

ඉපදෙන කවුරුත් මියැදෙනවා. නමුත් මියැදෙන්න තරම් වයසක් නෙමෙයි මේ මහතාගේ වයස. (අ)

:       0       0

ලක්මාල් Friday, 24 October 2014 10:07 AM

ඔහුගේ නිර්මාණ අති විශිෂ්ටයි. ඔහුට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

යු. ජයසේකර Saturday, 25 October 2014 06:27 AM

මමත් ඔහුගේ සේවය ලබා ගත් කෙනෙක්. කොලඹ සිට හිදගල නිවසට ගොස් ඔහුව හමු උනා. හොද නිහතමානී පුද්ගලයෙක්. නිවන් සුවය! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 617 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1007 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 838 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1609 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 469 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 240 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38301 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25232 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 304 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site