IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මහනුවර මවකට පස් නිවුන් දරුවෝ

මහනුවර වැරලියගම මවක පේරාදෙණිය රෝහලේ දී පස් නිවුන් දරුවන් බිහි කළාය.

පිරිමි දරුවෝ සිව් දෙනෙක්ම ඒ අතර වෙති.

මීට පෙර 2012 ඔක්තෝබර 15 වැනි දා සහ 2013 ජුනි 27 වැනි දා මහනුවර මහ රෝහලේ දී පස් නිවුන් දරු උපත් දෙකක් සිදු විය.

සබැඳි පුවත්

මහනුවර රෝහලේ පස් නිවුන් දරු උපතක්

මහනුවර මවකට පස් නිවුන් දරුවෝ



අදහස් (0)

මහනුවර මවකට පස් නිවුන් දරුවෝ

තරංග Thursday, 03 July 2014 12:27 PM

මේ වගේ 5, 6 ක් තමයි දැන් අපේ රටට ඕන, ඔබට ජය වේවා ! (නදී)

:       0       0

ප්‍රියාන් Thursday, 03 July 2014 12:27 PM

අද අපේ රටට අවශ්‍ය මේ වගේ දරු උපත් තමයි. කොහොම හරි එක පව්ලකට දරුවෝ පහක්වත් ඉන්න ඕනි. (නදී)

:       0       0

මහේෂි Tuesday, 30 September 2014 01:38 PM

සන්තෝසයි (දී)

:       0       0

ටිරෝන් Thursday, 03 July 2014 05:31 PM

සුභ පැතුම්! (නි)

:       0       0

රූපවතී Friday, 04 July 2014 02:29 AM

තෙරුවන් සරණ ලැබී, දෙවි රැකවරණය මැද, මාපිය සෙනෙහස නොඅඩුව විඳ, නීරෝගීව, උදාහිරු නැඟ එන්නාසේ වාසනාව තුරුළු කරන්, අප දෙරණට මිනිස්කමින් පිරුන උතුම් පුරවැසියන් පස් දෙනෙක් ලෙස සැබෑ මිනිසුන් අතරට දැහැමිව පියමන් කරන්න ඔවුන්ට වාසනා බල මහිමය ලැබේවා!! (නි)

:       0       0

අසංක Thursday, 03 July 2014 12:31 PM

මීටත් වඩා වැඩි සතුටක් නැත. (නදී)

:       0       0

ආර් ජී නිලු Thursday, 03 July 2014 12:39 PM

ඒ මවට හා දරුවන්ට තෙරුවන් සරණයි.(නදී)

:       0       0

කාලිංග Thursday, 03 July 2014 05:37 PM

අනේ වාසනාවන්, (ස)

:       0       0

නිශාන්ත Thursday, 03 July 2014 12:40 PM

තෙරුවන් සරණයි වීර මාතාවට. (නදී)

:       0       0

මොහොමඩ් අසාද් Sunday, 28 September 2014 04:38 AM

මගේ නෑදෑ කෙනෙක්ගෙ බිරිඳටයි මේ දරුවො ලබුණෙ. (දී)

:       0       0

දිලීෂා Thursday, 03 July 2014 05:39 PM

වාසනාවන්ත මව්තුමියනි, මේ දරුවන් රැකගන්න ඔබට යෝධ බල යෝධ ශක්තිය උදාවේවා! සුභ පැතුම්! (නි)

:       0       0

සිතුම් Friday, 04 July 2014 03:14 AM

මේ මව නීතිඥවරියක් බව සඳහන්ව තිබුනා. මට හරිම සතුටුයි. දරුවන් පස්දෙනාටම ඉතා සැපවත් ජීවිතයක් දෙන්න පුළුවන් වේවි. දරුවන් පස්දෙනාටත් මවටත් නිරෝගී සුවය පතමි. (නි)

:       0       0

සඳුනි Thursday, 03 July 2014 05:43 PM

අනේ වාසනාවන්. මවත් දරුවොත් සුවෙන් සිටිත්වා. අපි කවුරුත් ඔවුන්ට උදව් විය යුතුයි. මට නම් ටිකක් ඉරිසියත් එක්ක. මට ලැබුනේ එක්කෙනයිනේ. (නදී)

:       0       0

සුනේත්‍රා Friday, 04 July 2014 03:21 AM

අනේ, වාසනාවන්! අපේ සිංහල ජාතිය රැකගන්න මෙවැනි වාසනාවන්ත දරුවන් බිහිකළ අම්මාටත්, තාත්තාටත් දරුවන්ටත් මහනුවර වැඩසිටින අපගේ සිරි දළදා සමිඳුන්ගේම පිහිටයි! සියලු දෙවි රැකවරණයි! දරුවන් හොඳ ගුණ දම් ඇතුව හදාගන්න ලැබේවා! (නි)

:       0       0

මධූ ශෙරීනා Thursday, 03 July 2014 05:45 PM

ඔබ වගේම ඒ දරු පැටවුනුත් හරිම වාසනාවන්තයි (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 03 July 2014 12:59 PM

වාසනාවන්.මොන දුක් ගැහැට තිබ්බත් ඒ අම්මගේ බඩේ උපදින්න මේ දරුවෝ වාසනා කරලා තියෙනවා. (දී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Friday, 04 July 2014 03:46 AM

සුභ පැතුම්! වාසනාවන්ත මවක්. දරුවන්ටත් මවටත් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

හේමන්ත Thursday, 03 July 2014 01:02 PM

ඇති හැකි කෙනකුට නම් සතුටු විය හැකි සම්පතක්. නැති බැරි කෙනෙක් නම් කොහොමද වියපැහැදම් කරලා දරුවෝ පස් දෙනෙක් හදාගන්නේ. මවට සහ දරුවන්ට තෙරුවන් සරණයි. (ස)

:       0       0

පහන්දී Thursday, 03 July 2014 05:51 PM

වාසනාවන්.., මේ දරුවන් 5 දෙනා හොදින් රැකගන්න අවශ්‍ය දහිරිය හා ශක්තිය මේ මවට නොඅඩුව ලැබේවා., පස් දෙනෙකුට මව් කිරි දෙන එකත් ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. නමුත් උතුම් මවකට එය ඉතා සුළු දෙයකි. (ස)

:       0       0

චන්ද්‍රා Thursday, 03 July 2014 05:55 PM

වාසනාවන්, රට වෙනුවෙන් අපේ ජනපතිතුමා මොවුනට යැපීම සදහා වැඩ පිළිවෙලක් යොදාවි. සුබපැතුම් ! (නදී)

:       0       0

ප්‍රිය කුමාර Thursday, 03 July 2014 05:58 PM

පෙර පින් වෙන මොනවද තෙරුවන්සරණයි (නදී)

:       0       0

නාලිනී Thursday, 03 July 2014 06:03 PM

ඒ ළමයින්ගේ ජීවත් වීමට උදව් කිරීමට කැමති අයට උදව් කිරීම සඳහා ගිණුම ආරම්භ කරන්ඩ. අපේ හැම අම්ම කෙනෙක්ම දැන් තියෙන පවුලට තව එක ළමයෙක් එකතු කරමු. අනාගතයට කාටත් හොඳයි. (නදී)

:       0       0

ජනක සමන්ත Thursday, 03 July 2014 06:06 PM

තෙරුවන් සරණයි ! (නදී)

:       0       0

චින්තක Thursday, 03 July 2014 06:08 PM

අම්මටත් දරුවන්ටත් බුදුසරණයි (නදී)

:       0       0

චමින්ද Thursday, 03 July 2014 01:23 PM

තෙරුවන් සරණයි ඒ අම්මාට සහ දරුවන්ට. ඕස්ට්‍රේලියාවේ මේ බබාලා ඉපදුනා නම්,අම්මට රුපියල් වලින් නම් ලක්ෂ 18 විතර ආණ්ඩුවෙන් එකවර ලැබෙනවා. ඒ වගේම රටේ යම් යම් ආයතන වලින් සහ නොදන්නා අයගෙන් පවා ලැබෙන තෑගිබෝගත් කෙළවරක් නැහැ. ඒකට හේතුව, මෙවැනි දරු උපත් හරිම දුර්ලභ නිසා. (ස)

:       0       0

හසිතා Thursday, 17 July 2014 07:42 PM

ඔබට බුදු සරණයි! (නි)

:       0       0

හසන්ත Friday, 04 July 2014 06:25 AM

බොහොම සන්තෝෂයි (නි)

:       0       0

සමීර Friday, 04 July 2014 06:25 AM

ඒ දරුවන් පස්දෙනාට සහ දෙමාපිය දෙපළට තෙරුවන් සරණයි (නි)

:       0       0

ලන්කා Thursday, 03 July 2014 01:33 PM

ළමයි 5ක් එක පාර ඇති දැඩි කරන්නේ කොහොමද ? (නදී)

:       0       0

පිටිගල Thursday, 03 July 2014 01:36 PM

අම්මා බුදු වේවා! (නදී)

:       0       0

භානු Thursday, 03 July 2014 01:37 PM

සුභ පැතුම් ! අපි ආසයි තවත් විස්තර දැන ගන්න . මේ වාසනාවන්ත පවුලේ තොරතුරු එහෙම . (දී)

:       0       0

නලීන් Thursday, 03 July 2014 06:41 PM

සුභ පැතුම්! හැමෝම පුළුවන් විදියට උදවු කළොත් ලොකු දෙයක්. (නි)

:       0       0

අශෝක Saturday, 05 July 2014 03:54 PM

මම ඔවුන්ට දරුවන්ගේ අම්මාට හා පියාට සුභ පතමි. (නදී)

:       0       0

මනෝරි Friday, 04 July 2014 10:43 PM

වාසනාවන්ත අම්මේ ඔබට සහ ඔබගේ දරු පැටවු ඇතුළු ඔබ සැමට සියළු දෙවියන්ගේ පිහිට රැකවරණය ලැබේවා. දරුවන්ට නිරෝගි සුව. (නදී)

:       0       0

හේමාල් Thursday, 03 July 2014 06:57 PM

දෙමවුපියන්ට අපෙන් සුභ පැතුම්! (නි)

:       0       0

ගාමිණී - සිරි Thursday, 03 July 2014 06:57 PM

අද කාලයේ පුවත්පතක මංගල දැන්වීමක් බැලුවොත් ඇත්තේ පවුලේ එකම දුව, එකම පුතා කියලයි...මෙහෙම කාලයේ වැඩිපුරම සුභ පැතිය යුත්තේ මෙම පියාණන්ටයි! (නි)

:       0       0

හේමාල් Thursday, 03 July 2014 06:58 PM

හැමෝම එකතුවෙලා පතමු දරුවන්ට නිරෝගී දිගාසිරි! (නි)

:       0       0

ජනනි Friday, 04 July 2014 03:03 PM

මේ යුවලට අවරුදු 10ක් තිස්සේ දරුවන් සිටියේ නැතිලු. ඒ කාලයේ ඉවසපු දුක් වේදනා , ඇනුම්පද වලට දෙවියන් දීපු තෑග්ගක්. කාන්තාවකට දරුවන් ලැබෙන්න පරක්කු වුනාම අඳුනන උදවියගෙන් සහ සමාජයෙන් එන පීඩනය මම හොඳට දන්නවා. (නදී)

:       0       0

විදුෂක Friday, 04 July 2014 03:06 PM

ශ්‍රී ලංකා නීතීඥ සංගමයට, සුබ සාධන කර්තව්‍යක පෙරමුණ ගැනීමට සුවිශේෂී අවස්ථාවක් උදාවී අත. (නදී)

:       0       0

සම්පත් Thursday, 03 July 2014 02:11 PM

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ(පී.ඩී.අයි.එස්) නිමේෂ් අයියාට උණුසුම් සුභ පැතුම්. ජය වේවා! තවත් දරුවෝ ගොඩාක් මේ රටට බිහිකරන්න වාසනාව ලැබේවා! (නදී)

:       0       0

ටෙනිසන් Thursday, 03 July 2014 07:11 PM

දැන් කවුරුත් එකතුවෙලා දෙන්න ඕනෑ අතහිතයි. පස්දෙනෙක් ලොකුමහත් කරනවා කියන්නේ සෙල්ලම් වැඩක් නොවෙයි. (නි)

:       0       0

නිශා Friday, 04 July 2014 07:53 AM

සුභ පැතුම්! අපිටත් ඒ වගේ දරුවන් සිටියා නම් කියා හිතෙනවා (නි)

:       0       0

රන්ජිත් Thursday, 03 July 2014 07:15 PM

කරුණාකර හැකි පමනින් උදවු කරමු. ඒ අයගේ විස්තරයක් ද‍ාන්න (නි)

:       0       0

ප්‍රියංක Friday, 04 July 2014 08:01 AM

අර දෙනවා කිවුව 5000 දැන් දෙන්නේ නැද්ද? (නි)

:       0       0

හර්ෂ Thursday, 03 July 2014 02:21 PM

සමහර අවස්ථා වලදී දරුවන් ලැබීමට කල් ගතවූ එහෙමත් නැතිනම් මද සරු භාවයට ප්‍රතිකාර ගත් මව් වරුන්ට දරුවන් වැඩි ගණනක් පිලිසිඳෙනවා. මම මේ කියන්නේ මේ සිද්ධිය එවැන්නක් වෙන්න ඕන කියලා නෙවෙයි. මගේ මිතුරෙකුට නිවුන් දරුවන් එවන් තත්වයකදී ලැබුන නිසා. පුවතේ සඳහන් පවුලටම සුභ පැතුම් ! (නදී)

:       0       0

බුසී Friday, 04 July 2014 08:11 AM

ප්‍රථමයෙන් ඔබ තුමියට සුබ පෑතුම් ඔබට බුදු සරණයි! හෑබෑයි තිලක්ට සහ ලංකාට කියන්න තියෙන්නෙ නම් ඔයාලා මිනිසුන්ව වට්ට්න්න හදන කාලකන්නි දෙන්නෙක් කියලා විතරයි (නදී)

:       0       0

ගයනි Thursday, 03 July 2014 02:26 PM

සුභ පැතුම් ! පෙර පිනටයි දරුවන් ලැබෙන්නේ. මගේ මිතුරියක් අවුරුදු 10 ක් තිස්සේ දරුවන් නැතිව ඉඳලා දැන් අනුන්ගේ දරුවෙක් සතුටින් හදා වඩා ගන්නවා. ඒ මිතුරිය අතීතයේ දරුවන් නැතිව වින්ද මානසික පීඩාව මට තාම මතකයි. (නදී)

:       0       0

මනෝජ්-සාජා Thursday, 03 July 2014 08:12 PM

දෙවැනි බුදුන් ලෙස ලොවම උවන් කල ලොවක පිදුම් ලද ලොවට උතුම් ලද ... අම්මා. අම්මා .අම්මා. (නදී)

:       0       0

චාන්දනී Thursday, 03 July 2014 02:32 PM

මේ පවුලට තෙරුවන් සරණයි.! ඇත්තම තමයි අද සමහරුන්ට දරුවන් නැති තත්වය හරිම දරුණුයි. මම දන්නා පවුල් දෙකක් ඉන්නවා . දරුවන් නැති නිසා හරිම කනාගාටුවෙන් ඉන්නේ . (දී)

:       0       0

චමීර Friday, 04 July 2014 08:36 AM

ඇය වීර මාතාවක්. නීරෝගීබවින් සපිරි දිවි පෙවතක් ගෙවීමට සැමට වාසනාව ලැබේවා! (නි)

:       0       0

සමන්ත Friday, 04 July 2014 03:46 PM

ඇතැම් අය කුහක කතා කියනවා. (ස)

:       0       0

උපුල් Thursday, 03 July 2014 08:33 PM

ලස්සන පැටව් ටිකක් නිරෝගී සම්පත්තිය ලැබේවා ! (නදී)

:       0       0

සොනාලි Friday, 04 July 2014 03:53 PM

තෙරුවන් සරණයි. දරුවන්ට මවුට සහ පියාට. මගේ හද පිරි සුබ පැතුම්! (නදී)

:       0       0

කසුන් Thursday, 03 July 2014 02:47 PM

මෙවන් අම්මාවරුන් ජාතියට වාසනාවන් . (දී)

:       0       0

අජිත් මාපා Thursday, 03 July 2014 08:39 PM

දැක්කම හරිම සතුටුයි. නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවන් වේවි (නදී)

:       0       0

සිල්වා Friday, 04 July 2014 09:24 AM

ඔබට දෙවි රැකවරණයි! (නි)

:       0       0

සුජීව Friday, 04 July 2014 09:27 AM

මවට සහ දරුවන්ට නිරෝගී දිවියක් ලැබේවා! (නි)

:       0       0

අනුරශාන්ත Thursday, 03 July 2014 03:10 PM

දැන් මේ ළමයි ලොකු මහත් කර ගන්න කවුරුත් උදව් කරන්න ඕනේ.(දී)

:       0       0

පිටිගල Thursday, 03 July 2014 09:19 PM

මේ අම්මා උගත් නීතිඥ වරියක්. දරුවන් හොඳින් රැක බලා ගනීවි. බුදු සරණයි. (නදී)

:       0       0

චාන්දනී Friday, 04 July 2014 04:52 PM

නීතිඥවරියකට මෙසේ දරුවන් ලැබීම ගැන සතුටුයි. මමත් අනාගතයේදී නීතිඥවරියක් වෙන්න ඉන්නේ (නි)

:       0       0

ජායා Friday, 04 July 2014 09:44 AM

සේරම පත්තර වල තියෙන පින්තූර වල ඉන්නේ නර්ස් නෝනලා විතරයි නේද? කෝ වින්නඹු මාතාවෝ. (නදී)

:       0       0

ජානක හේරත් Friday, 04 July 2014 09:45 AM

අම්මාටත් දරුවන් සියලු දෙනාටත් උතුම් දළදා හමුරුවන්ගේ පිහිටයි (නදී)

:       0       0

කසුන් Thursday, 03 July 2014 03:24 PM

හරි සතුටුයි ඇහුවාම. (ස)

:       0       0

ශාෆීක් Thursday, 03 July 2014 03:27 PM

සුභ පැතුම් ! (ස)

:       0       0

කුසුම් ගලපිටගෙදර Friday, 04 July 2014 10:13 AM

තෙරුවන් සරණයි (නදී)

:       0       0

ඩී.උපුල් Friday, 04 July 2014 10:34 AM

තාත්තට තරු පෙනිලා ඇති. ජීවන බර නමැති ආශ්චර්ය දරාගන්න බැරුව. දැන් දරුවෝ මරන්නේ මසට සත්තු මරනවා වගේ. කොහොමත් තව අවුරුදු පහළොවකින් විතර අපට මුහුණ දෙන්න වෙන අන්තවාදී ප්‍රහාර වලට මුහුණ දෙන්න පිරිමි දරුවෝ වැඩියෙන්ම ඕන වෙනවා. දැනටමත් පමා වැඩිද මන්ද? (ස)

:       0       0

රනා Thursday, 03 July 2014 03:51 PM

ඔබ වාසනාවන්ත මවක් (දී)

:       0       0

මානගේ Thursday, 03 July 2014 04:21 PM

මවගේ සහ පියාගේ ආර්ථික තත්ත්වය සොයා බලා උදව් කිරීමට අරමුදලක් පිහිටුවන්න හැකිනම්, දරුවන්ගේ අනාගතයට මහඟු අත් වැලක් වෙයි.(දිල්)

:       0       0

මංගල Thursday, 03 July 2014 11:01 PM

සුභ පැතුම්! (නි)

:       0       0

යුද හමුදා කදවුර කිලිෙනාචිචි Friday, 04 July 2014 11:24 AM

වාසනාවන්ත මව්තුමියනි, මේ දරුවන් රැකගන්න ඔබට යෝධ බල යෝධ ශක්තිය උදාවේවා! සුභ පැතුම් (නදී)

:       0       0

පද්මිණී Friday, 04 July 2014 11:36 AM

සතුටුදායක පුවතක්. මේ දරුවන් හදා වඩා ගැනීමට එම දෙපලට අවශ්‍ය ශක්තිය ලැබේවා ! (නදී)

:       0       0

රීටා සේනා Thursday, 03 July 2014 11:51 PM

මේ කාලේ හැම සිංහල මවකටම වැඩි වැඩියෙන් දරුවන් ලැබෙන්න කියා මම පතනවා. මව්නි, පියාණනි, ඔබට ජය! (නි)

:       0       0

සලීත් Friday, 04 July 2014 06:53 PM

ඔබට දුවේ සැමගේ ආශිර්වාදය ලැබෙනවා (නදී)

:       0       0

තිලක් Thursday, 03 July 2014 05:07 PM

ලංකාවේ බඩු මිල හැටියට රුපියල් ලක්සයක්වත් මාසෙකට උපයන්න වේවි දරුවන් 5 දෙනෙකුට තුන් වේල කන්න අදින්න දෙන්න. (ස)

:       0       0

දක්ෂි නන්ද Thursday, 03 July 2014 12:02 PM

අනේ මගේ බිරිදටත් නිවුන් දරුවන් හතර පස් දෙනෙක් ලැබෙනවා නම් මම කොච්චර වාසනාවන්තද ? (නදී)

:       0       0

හෂිණි Thursday, 03 July 2014 05:10 PM

සුභ පැතුම්! නිවුන් දරුවන් හතර පස් දෙනෙක් ලැබෙනවා නම් මම කොච්චර වාසනාවන්තද? (නි)

:       0       0

අසිත් Friday, 04 July 2014 12:43 AM

සියලු දෙනාටම දිගාසිරි පතමි (නි)

:       0       0

තුෂාර Thursday, 03 July 2014 05:10 PM

ඇත්තටම උදාර සහ ආඩම්බර විය යුතු මවක් ඔබ. ප්‍රවේශමෙන් බලාගන්න මේ දරු පැටවුන්. (නි)

:       0       0

සිල්වා Thursday, 03 July 2014 12:09 PM

මෙන්න ශ්‍රී ලංකාවට තවත් වීර මාතාවක් (නි)

:       0       0

ජීවා Friday, 04 July 2014 01:05 AM

අම්මාටත් දරුවන් සියලු දෙනාටත් ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා! (නි)

:       0       0

හේරත් Thursday, 03 July 2014 05:14 PM

වාසනාවන්ත අම්මා කෙනෙක්. මේ දරුවන් හදාගන්න මේ අම්මාට ශක්තිය ධෛර්යය ලැබේවා! ඔබට සුභ පැතුම්! (නි)

:       0       0

ගයාන් Thursday, 03 July 2014 12:12 PM

ඔබට බුදු සරණයි! (නි)

:       0       0

වීරසිරි Friday, 04 July 2014 01:11 AM

සුභ පැතුම් අම්මේ! (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 03 July 2014 12:14 PM

මේ මාතාවට උදවු කරන්න දැන් අපේ දේශපාලක ඇත්තන් නම් පෝළිමේ එයි (නි)

:       0       0

ක්‍රිෂාන් Thursday, 03 July 2014 12:15 PM

අනේ ඔය දරුවන්ව ආරක්ෂා කරගන්න. දැන් ජීවන බර වැඩි හින්දා අම්මල තාත්තල දරුවන් නැතිකරන කලක් මේ. (නදී)

:       0       0

සිදත් Thursday, 03 July 2014 12:25 PM

ඇත්තටම මාර වාසනාවන්තයි. මේ වගේ අම්මා කෙනෙක් වෙන්න හැමෝටම බැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 383 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 854 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 544 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 883 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1371 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 572 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37640 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24811 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site