IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මහනුවර රථවාහන සැලැස්ම යළි වෙනස් වෙයි

සිකුරාදා (17) සිට ක්‍රියාත්මක වන පරිදි මහනුවර නගරයේ පාසල් සිසුන් ප්‍රවාහනය කරන වාහන මහනුවර නගර මධ්‍යයේ ඇති කිසිදු මාර්ගයක නැවැත්විම තහනම් බව මහනුවර නගරාධිපති සේන දිසානායක මහතා පැවැසිය.

නගරාධිපති මෙසේ පැවැසුයේ මහනුවර නගරයේ රථ වාහන සැලැස්මෙන් වෙළද ප්‍රජාව මෙන්ම පාසල් ළමුන් 30000 ට අධික පිරිසකට විශාල ගැටළුවක් වන බව පවසමින් මහනුවර ඒකාබද්ධ වෙළද හා ප්‍රජා එකමුතුව මහනුවර මහනගර සභාව ඉදිරිපිට අද (17) පැවැත්වූ විරෝධතාවයට විසඳුමක් ලබාදීමට පැමිණි අවස්ථාවේය.

මහනුවර නගරයේ වාහන තදබදයට විසදුමක් ලෙස මහනුවර නගර මධ්‍යයේ ක්‍රියාත්මක කළ වැඩ සටහන සාර්ථක වුවත් එහි ඉදිරි පියවරක් ලෙස පස්වරු 3.30 න් පසු පේරාදෙණිය කොළඹ මාර්ගයේ වහාන එක් දිසාවකට ගමන් කිරිමෙන් අර්බුද රැසක් නිර්මාණය වු බවත් පස්වරුවේ ක්‍රියාත්මක කළ නව රථවාහන සැලැස්ම සෙනසුරාදා ඉරිදා දිනයන් හි ක්‍රියාත්මක කළහොත්  එහි සිටින වෙළඳ  ප්‍රජාව විශාල අර්බුද රාශියකට මුහුණ දිය හැකි බව මහනුවර ඒකාබද්ධ වෙළද හා ප්‍රජා එකමුතුව විරෝධතාවයේදී  පැවැසිය.

විරෝධතාකරුවන් මහනුවර මහ නගර සභාවට ඇතුළු විමට ගත් උත්සහය පොලිසිය නවතා දමු අතර පසුව නගරාධිපති  හමුවී සාකච්ඡාවකට නියෝජිතයන් 10 දෙනකුට අවස්ථාව හිමිවිය.

kandy_2016317

kandy_2016317-2



අදහස් (0)

මහනුවර රථවාහන සැලැස්ම යළි වෙනස් වෙයි

පියල් Thursday, 17 March 2016 02:41 PM

ගන්න වාහනය පාක් කර ගන්න බැරි නිසා නුවර යන්නේ නැති තරම් (බ)

:       0       0

නිශාන්ත Friday, 18 March 2016 03:33 AM

නුවර රථවාහන තදබදයට පිළියම තනි අතට ධාවනය නොවේ. පරණ පේරාදෙණිය මාර්ගය දෙපස මුල්ගම්පොළ දක්වා වාහන නැවතවීම තහනම් කරන්න. මාර්ගය මැද තාවකාලික බාදක යොදා දෙපසට වාහන හැරවීම පාලනය කරන්න. නගරය තුලට පිවිසෙන හා නවතා තබන වාහන වලින් අධික නැවතුම් ගාස්තුවක් අය කරන්න. (වෙළඳ වාහන හැර). නගර සේවා බස්රථ ගමනාන්ත වෙනස් කරන්න. (පිළිමතලාව-පොල්ගොල්ල) වැනි. (ර)

:       0       0

ප්‍රභාත් Thursday, 17 March 2016 03:58 PM

කඩකාරයන්ට ඕනෑ විදිහට රටක් ඉස්සරහට ගෙනියන්න බැහැ. ඔබතුමන්ලා රටේ බහුතරයක් ගැන හිතලා හොඳ තීරණයක් ගන්න. නුවර ඉඳලා කටුගස්තොටට එන්න පැයකට වඩා යනවා. උදේට පාරවල් බ්ලොක් වෙන්නේ තනිකරම පාසල් ළමුන් රැගෙන එන වාහන නිසා. මේවා සොයා බලා සුදුසු පිළියම් යොදන්න. (නි)

:       0       0

ජගත් Thursday, 17 March 2016 04:09 PM

සුළු සුළු අපහසුතා තිබුනත් මේ වැඩපිළිවෙලින් නුවර නගරයේ තදබදය අඩු වුණා. බොරුවට "අස්සයා ගියායින් පසුව ඉස්තාලේ වහගෙන ඉන්නවා වැනි " දළදා මාලිගාව ළඟ පාරත් ඇරියා නම් ප්‍රශ්නේ ඉවරයි...! (නි)

:       0       0

ජීවක Friday, 18 March 2016 05:46 AM

ඒ අයට ඕනේ ඒ අයගේ බඩ ගොස්තරය විතරයි. කටුගස්‌තොට පාර හදන එකටත් මේකම තම වෙන්නේ.(අ)

:       0       0

දිලිප් Thursday, 17 March 2016 11:52 AM

ඇයි වෙළඳ ප්‍රජාවගේ උවමනාවටද වාහන යන්නේ (බ)

:       0       0

අමල් Friday, 18 March 2016 07:21 AM

මාලිගාවට හානියක් නොවෙන. ජනතාවට සහනයක් ලැබෙනවානම් කමක් නැහැ වෙන මොනවා උනත්. (ර)

:       0       0

අසෝක Thursday, 17 March 2016 09:51 PM

මාළිඟාව ළඟ පාර විවෘත කළා නම් සියළු ප්‍රශ්න අවසානයිනේ (නි)

:       0       0

අබරන් Friday, 18 March 2016 07:31 AM

පහුගිය දවස් වල "වන් වේ" කරාට පස්සේ වාහන තදබදය අඩුවෙලා පුදුම සහනයක් ජනතාවට සහ රථ වලට තිබුනේ.... ඒ සහනය මුදලාලිලාට අසහනයක් වෙලා වගේ... (ර)

:       0       0

සෙනෙවිරත්න Thursday, 17 March 2016 10:44 PM

මහනුවර ලෝක උරුම නගරයක්ද? වෙළඳ නගරයක්ද? බෞද්ධ නගරයක්ද? මිනිසුන් ජීවත්වෙන නගරයක්ද? බිස්නස් වැටෙනවා කියලා සිංහල වෙළඳ සංගමය “වන් වේ“ එපා කියනවා. බුද්ධාගම කියලා ඒ26 පාර අරින්න එපා කියන්නේත් සටනේ ඉන්නෙත් මේ වෙළඳ සංගමයමයි. (නි)

:       0       0

ලලිත් Friday, 18 March 2016 07:47 AM

මීට කලින් වන්වේ කරපු එකත් නැවැත්තුවේ ඔය කඩ කාරයෝම තමයි. (ර)

:       0       0

ජයම්පති Thursday, 17 March 2016 12:11 PM

නගරාධිපතිතුමනි, මේ දැවෙන ප්‍රශ්නයට දේශපාලනයෙන් තොර විසදුමක් ලබාදෙන්න. පාසල් වැන් රථ පමණක් නොව, පුද්ගලික බස් පවා අතුරු පාරවල් වල නතර කිරීමට ඉඩ නොදෙන්න. මහනුවර නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ග පමණක් නොව, අතුරු පාරවල් පවා බ්ලොක් වන විදිහට මේ බස් නවතා තබන්නේ.(හේ)

:       0       0

සම්පත් Friday, 18 March 2016 01:26 AM

නගරාධිපතිතුමනි, පාරේ සටන් වලට බියවෙන්න එපා. නගරයේ මාර්ග අයිති මුදලාලිලාට හෝ පන්සල වල‍ට නොවේ. ජනතාව ගැන හිතන්න. (නි)

:       0       0

නුවන් Friday, 18 March 2016 01:45 AM

රටට වැදගත් වෙන්නේ මේ නගරේ මිනිස්සුද? කරුණාකර මේ කරපු වැඩේ මුළු දවසෙම ක්‍රියාත්මක කරන්න. මේ ලස්සන නගරය මේ කීප දෙනෙකුට විනාශ කරන්න දෙන්න එපා. (නි)

:       0       0

නිහාල් Thursday, 17 March 2016 12:27 PM

නගර සභාව ක්‍රියා කළ යුත්තේ වෙළදුන්ට ඕනේ විදියට නොව මහජනයාගේ සහ පාසල් සිසුන්ගේ වුවමන පරිදි එක පතට ගමන ගමනය තිබුනත් යමක් මේ වෙළද සැලෙන්ම ගන්න ඕනේ නම් ඔහු එනවා. නගර සභාව පාලනය කරන්නේ වෙළෙන්දන්ද? නගර සභාවට ආවේ වෙළෙන්දන් ගේ යහපත හදන්නදේ නැතිනම් දිනපතා කරදරකාරී පැය ගණන් කාලය කාදමන මගී ජනතාවගේ යහපත සදහා යමක් කරන්නද ?(හේ)

:       0       0

ධනංජය Friday, 18 March 2016 08:53 AM

වන් වේ කරන එක හොදයි. ඒත් පේරාදෙනිය පැත්තට යන වාහන ටික නම් හොඳට හිර වෙනවා. ගන්නෝරුව පාරත් වන් වේ කරා නම් බ්ලොක් එක නැතිවෙයි. (ර)

:       0       0

මාලනී Thursday, 17 March 2016 01:03 PM

ඉස්සර තිබුන ඓතිහාසික දළදා නගරය නැවත දකින්න නොලැබීම නම් කණගාටුවට කාරණයක්. (ර)

:       0       0

සමන් Friday, 18 March 2016 02:23 AM

වැඩිය හිතන්න ඕනෑ නාගරිකයො ගැනද? මුදලාලිලා ගැනද? (නි)

:       0       0

නුවන් Thursday, 17 March 2016 01:43 PM

නුවර මිනිස්සුන්ට කවදාවත් හොදක් කරන්න බැරි මේ කඩකාරයෝ ටික නිසා. යන්තම් අවුරුදු ගානකට පස්සෙ බ්ලොක් එක අඩු වුණා. ඒකටත් කෙලියා . කොන්ද පණ තියන එකෙක් වත් නෑ මෙ මුන්ට දෙකක් අනින්න (බ)

:       0       0

ජනත් Friday, 18 March 2016 02:56 AM

නගරදිපතිතුමනි, ඔබ ගත් හොද ක්‍රියාමාර්ගයකි. නැවත ආපස්සට හරවන්න එපා. (ර)

:       0       0

ගයන්ත Thursday, 17 March 2016 02:36 PM

ව්‍යාපාරිකයෝ හිතාගෙන ඉන්නේ පාර අවහිර වුණාම බිස්නස් වැඩිවෙනවා කියලා. තදබලය අඩුවුණාම වැඩිපුර මිනිස්සු එන බව මේ අයට තේරෙන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1476 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 941 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1420 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1001 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 570 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1026 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37958 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25013 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site