IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මහනුවර විරොධතාවෙන් පසු දෙදෙනෙක් රෝහලට

දළදා මාලිගාව ඉදිරිපස මාර්ගය විවෘත කරන ලෙස ඉල්ලමින් හා ඊට එරෙහිව පැවැති විරෝධතා දෙකක පිරිසක් අතර ගැටුමකින් පසු ජාතික හෙළ උරුමයේ නියෝජිතයකු බව කියන හෙට්ටිපොල දීරානන්ද හිමි පේරාදෙනිය රෝහලට ඇතුළු කරනු ලැබ ඇතැයි රෝහල් ආරංචි කියයි.

විරෝධතාවයේ දී තෙරපීම නිසා ඒ හිමියන් රෝහල් ගත වී ඇතැයි එම ආරංචි සඳහන් කරයි.

පාර විවෘත කරන ලෙස ඉල්ලා විරෝධතා දැක්වූ මහනුවර පුරවැසි හවුලේ සාමාජික ආනන්ද ස්ටීවන් ද තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.



අදහස් (0)

මහනුවර විරොධතාවෙන් පසු දෙදෙනෙක් රෝහලට

කුමාර Saturday, 20 February 2016 11:08 AM

එතන පාර අරින්න ඕනෑම නම් ඔහොම උද්ඝෝෂණ කරන්න ඕනෑ නැහැ. අපි බෞද්ධ ජනතාව. අපිට තියෙන්නේ දළදා හාමුදුරුවෝ විතරයි. ඒක රැකගන්න සමහර අවස්ථාවල අපි කැපකිරීම් කරන්න ඕනෑ. දැන් මිනිස්සු සෑහෙන පිරිහිලා ඉන්නේ. හැම දෙයකටම දේශපාලනය ගෙනල්ලා. හැමකෙනාම කලබල කරනවා. සමහර වෙලාවට ඔතන උද්ඝෝෂණය කරන අය ඔය පාර භාවිතා කරන්නේ නැති අය වෙන්නත් පුළුවන්. (නි)

:       0       0

ඉන්දික Saturday, 20 February 2016 11:10 AM

මගේ ජීවිතේට දැකපු නැති දේවල් මේවා. අබුද්දස්ස කාලේ.......! දළදා සමිඳු පිහිටයි රටට (නි)

:       0       0

කුමාර Saturday, 20 February 2016 03:43 AM

වත්සලා,මේක ආගමික ප්‍රශ්නයක් නොවේ. භයානක පරිසර ප්‍රශ්නයක්.පාසල් දරුවන් දහස් ගණනකගේ ජීවිත අනතුරක.අපි අවුරුදු ගානක් තිස්සේ මේක පෙන්නලා දෙනවා.අපි නුවර උපන් බෞද්ධයෝ (බ)

:       0       0

ලුවිස් Saturday, 20 February 2016 12:13 PM

දැන් ඉතින් ප්‍රශ්නය විසඳුනාද? (නි)

:       0       0

වත්සලා Friday, 19 February 2016 05:24 PM

දළදා මාලිගාව වටා තමයි නුවර ගොඩනැඟුනේ. මේක හරියට ගෙදර අම්මා තාත්තට ඉපදුනු දරුවන් පස්සේ කාලෙක අම්මා තාත්තව ගෙදරින් එළවනවා වගේ වැඩක්. කොහොම වුණත් මේ උද්ඝෝෂකයෝ කවදාවත් දළදා සමිඳු වන්දනා කරපු අය නෙමෙයි. (නි)

:       0       6

වසන්ත Saturday, 20 February 2016 04:16 AM

අනේ අන්තිමට වෙච්ච දෙයක්.(හේ)

:       0       0

නිමල් රාජපක්ෂ Friday, 19 February 2016 05:25 PM

මේ පාර විතරක් නොව පොල්ගොල්ල වේල්ල මතින් යන පාරත් විවර කළයුතු පාරක්. මේකත් ජනතාව අපහසුවට පත්කරනවා (නි)

:       0       0

නෞෂි Saturday, 20 February 2016 01:31 PM

අප්පුහාමි කියපු දේ සහතික ඇත්ත (නි)

:       0       0

අප්පුහාමි Friday, 19 February 2016 06:35 PM

ඔය එක් කෙනෙක් කට ඇරියද කාර් රේස් වලදී? (නි)

:       0       0

ටෙනිසන් Friday, 19 February 2016 06:32 PM

රතුඉර ගහන්න කලින් කාර්යාලයට ගිහින් තේ එකක් එහෙම බීලා දේශපාලනේ කතා කරකර ඉන්න මෙයාලට තිබෙන හදිස්සියක්. අනේ අටට එන එක අත්සන් කරන්නේ 7.30 කියලා බවත් අපි දන්නවා. (නි)

:       0       0

එස්.සෙනෙවිරත්න Saturday, 20 February 2016 05:34 AM

වත්සලා ඔයා ගත්ත උදාහරණයම ගනිමු. උපන් හැටියේ මාපියන් තම දරුවන් ශ්‍රී දළදා කුටිය බිහිදොර පේකඩ උඩ තියලා ආරක්ෂාව ඉල්ලනවා. මෙතන තියෙන්නේ අරයා වැසූ පාර අරින්න දෙන්නේනෙති කතාවක්. පාර වසා තැබිය යුතුයි කිසිවෙකුට සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා කියන්න බැහැ. උද්ඝෝෂණය දවසේ ඒ සඳහා පැමිණි විශ්ව විද්‍යාල මහාචාර්යවරුනට මහනුවර රෝහලේ වෛද්‍ය වරුන්ට මිරිස් වතුර ගැහුවේ මල් කඩ කාරයක් සහ දේව වීදියේ අඹ විකුණන කාන්තාවක්. පාර අරින්න බලකළ කෙනෙකුට පහර දුන්නේ හෙළ උරුමේ භික්‍ෂුවක් ඒ ජාතිවාදී දේශපාලකය නිසා. පාර අරින්න එපා කියන සටන බුද්ධ දේශනයට පටහැනියි (අ)

:       0       0

සුමිත් Saturday, 20 February 2016 04:21 PM

තුෂාර කියන්නේ දේශපාලනය අනාගත් කෙනෙක් බව පෙනෙනවා (නි)

:       0       0

ජනක Saturday, 20 February 2016 05:57 AM

දළදා මාලිගාව අසල පාර නැවත විවුර්ත කරනවට මාගේ බලවත් විරෝධය. දැන් මාලිගාව අවට පූජනීය බවක් තියෙනවා, නිසසල පරිසරයෙන්. ඔය පාර නැවත විවුර්ත කලොත්, පුද්ගලික බස් මාලිගාව ඉදිරිපිට නවත්වාගෙන කෑගහන්න පටන් ගන්නවා, ඒවගේම ත්‍රීවීලර් නවත්වාගෙන ඉන්නවා. නගරයේ දුම වැඩි, එම පාර නිසාමද? නගරයට එන වාහන් ප්‍රමාණය වැඩි නිසාද? එහෙමනම් රට වටේ අධිවේග මාර්ග හදන වෙලේ, 1998 මෙම පාර වහපු වෙලේම විකල්ප පාරක් හදන්න තිබුන නේද? (ර)

:       0       0

ජයතු Friday, 19 February 2016 09:39 PM

දහස් ගණන් අපේ දු දරුවන් ධර්මය නොදැන අතරමං වෙද්දි අපේ සඟරුවන මොනවද මේ කරන්නේ? (නි)

:       0       0

යොහාන් Saturday, 20 February 2016 12:45 AM

අනවශ්‍ය ප්‍රශ්නනේ ‍මේවා (නි)

:       0       0

බණ්ඩාර - කටාර් Saturday, 20 February 2016 07:47 AM

මේ පාර ඉලන්නේ ඔය පාරේ කවදාවත් යන අය නෙවෙයි. (ර)

:       0       0

රොකී Sunday, 21 February 2016 03:00 AM

බුදුන්වහන්සේ අද වැඩසිටියා නම් බෞද්ධයා පිරිහී ඇති විදිය ගැන කණගාටු වේවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 96 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 137 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2467 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 904 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 518 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1540 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37755 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site