IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


මහනුවර සැප වාහන හිමිකරු පොලිසිය මඟහරි

(ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල් ජයසිංහ)

රුපියල් කෝටි ගණනක් වටිනා වාහන දෙකක් නීති විරෝධී ආකාරයෙන් තබා ගෙන සිටි බව කියන මහනුවර ප්‍රදේශයේ වාහන අලෙවි ආයතනයක හිමිකරුවකුට රටින් පිටවීම තහනම් කරමින් මහනුවර මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය අද (12) තහනම් නියෝගයක් නිකුත් කළාය.

නීති විරෝධී වාහන සම්බන්ධයෙන් ප්‍රකාශ ගැනීමට පොලිසියට පැමිණෙන ලෙස අවස්ථා කිහිපයකදී සැකකරුට දැනුම් දුන්නත් ඔහු පොලිසිය මඟහරින බවත් ඔහු විදේශ ගතවීමට හැකියාවක් ඇති බවත් කියමින් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරිය අදාළ තහනම් නියෝගයක් නිකුත් කළාය.

විදේශ ගමන් වළකාලමින් මෙලෙස තහනම් නියෝගයක් නිකුත් කර ඇත්තේ මහනුවර ප්‍රදේශයේ වාහන අලෙවි ආයතනයක හිමිකරුවකු බව කියන දොන් ඉසුරු ප්‍රදීප් සද්ධාතිස්ස සේරම් නමැත්තකුටය.

සිද්ධියට අදාළ විමර්ශන අධිකරණයට වාර්තා කළ මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතා මහනුවර අනිවත්ත වටරවුම් පාරේ නිවසක ගරාජයක් තුළ සැකකටයුතු වාහන දෙකක් ගාල් කර ඇති බවට ලැබුණු තොරතුරකට අනුව කළ විමර්ශනයේදී පසුගිය ඔක්තෝබර් 20 වැනිදා කළ වැටලීමකදී නිවසේ ගරාජයේ සැක කටයුතු සඟවා තිබියදී බී.එම්.ඩබ්ලිව්. රේසිං වර්ගයේ නවීන මෝටර් රථයක් සහ මිට්සුබිෂි වර්ගයේ ජීප් රථයක් සොයා ගත් බව දැනුම් දුන්නේය.

අදාළ මෝටර් රථ රජයේ රස පරීක්ෂකවරයාට ඉදිරිපත් කිරීමෙන් පසු බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථය මෙරට එකලස් කරන ලද වාහනයක් බවටද මිට්සුබිෂි වර්ගයේ ජීප් රථයේ චැසි අංකය සූරා දමා ඇති බවටද රජයේ රස පරීක්ෂකවරයා වාර්තා කොට ඇතැයි දැනුම් දුන් තිලක් සමරනායක මහතා අදාළ ජීප් රථය රජයට අයත් හෝ සොරකම් කළ එකක් බවට පොලිසිය සැකයක් මතුව ඇතැයිද දැනුම් දුන්නේය.

එම වාහන සම්බන්ධයෙන් ප්‍රකාශ ගැනීමට පොලිසියට පැමිණෙන ලෙස අවස්ථා ගණනාවකදී අදාළ සැකකරුට දැනුම් දුන්නත් ඔහු පොලිසියට නොපැමිණ පොලිසිය මඟහැරීමට පටන්ගත් බවත් ඒ හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට අවස්ථා ගණනාවකදී පොලිස් නිලධාරීන් ඔහුගේ නිවසට ගියත් ඔහු නිවසේ නොමැති බව නිවැසියන් ප්‍රකාශ කළ බවද දැනුම් දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතා සැකකරු විදේශ ගතවීමට හැකියාවක් ඇති හෙයින් සැකකරුට විදේශගත වීම වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

 



අදහස් (3)

මහනුවර සැප වාහන හිමිකරු පොලිසිය මඟහරි

පිටිගල මිලානෝ Tuesday, 12 November 2024 08:09 PM

රත්තරං මාමා හොටු පිහද පිහදා අඬනවා මීටින් වල..

:       1       1

බකල ජයා Tuesday, 12 November 2024 08:24 PM

නෑදෑ සම්බන්ධකමත් දැම්මා නම් තවත් හොඳයි.

:       1       0

Palitha Kolitha Wednesday, 13 November 2024 07:47 PM

හොරෙන් වාහන ගෙඩි ගේන පොරක් ඉන්නවා. nisaja කියලා instagram එකේ මිනිහා ප්‍රසිද්ධියේ කන්ටේනරයෙන් වාහනය බාල ගෙදරටම අරං යනවා photo තියෙනවා. Consul Corps ස්ටිකර් ගහන් මෙයා පාරේ පදින්නේ. Consul කෙනෙක් නොවන පුද්ගලයෙක් කොහොමද එහෙම කරන්නේ...? මෙයා ගැන මං පැමිණිලි කරත් තාම වැඩක් නෑ. මහජනතාවට දැනගන්න දැම්මේ.... අපි වාහනයක් ගෙනවා නම් අම්බානක බදු ගෙවලා අරගන්න ඕනෑ. මේ චරිතය කාගේ කවුද කියලා පොඩ්ඩක් සොයලා බලන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාස්කුව විකුණන් කෑම ලැජ්ජයි
2025 අප්‍රේල් මස 21 65 0

පළාත් පාලන මැතිවරණයට පෙර දේශපාලන වාසි තකා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය විකුණන් කෑම නවත්වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල


අනතුරින් අඹු සැමි යුවළ මරුට:දරුවා රෝහලට
2025 අප්‍රේල් මස 21 97 0

ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේදී යතුරුපැදියක් බල්ලකුගේ හැපී කාණුවකට පෙරැළී අද(21) සිදු වූ අනතුරකින්අඹුසැමි යුවළක් මියගොස් වයස අවුරුදු එකහමාරක පුතෙකු තුව


විශ්ව විද්‍යාල කොමිසමටත් ඇමැති බංගලාවක්
2025 අප්‍රේල් මස 21 294 0

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද සිය කාර්යාලය පවත්වාගෙන යෑමට ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන


කාදිනල්තුමාගෙන් ජනපතිට ඉල්ලීම් ගොන්නක්
2025 අප්‍රේල් මස 21 738 1

‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන


සිරි දළදා වන්දනාවේ කාලය වෙනස් කරයි
2025 අප්‍රේල් මස 21 863 1

මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ


පුංචි ඡන්දයේ පැමිණිළි 1,874 ක් දක්වා නගී
2025 අප්‍රේල් මස 21 40 0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 426 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 270 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 426 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site