IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


මහනුවර සිසුවාට පහරදුන්නැයි හතරක් උසාවියට

මහනුවර පිරිමි පාසලක් ඉදිරිපිට දී සිසුවකුට පහර දුන් බව කියන සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය පවසයි. ඔවුන් වයස අවුරුදු 19,20,21 යන අතර බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.


මහනුවර ප්‍රසිද්ධ පිරිමි පාසලක සිසුවකුට පහර දීම සම්බන්ධයෙන් අන්තර්ජාලයේ වීඩියෝවක් පළවී තිබුණ ද පාසලෙන් හෝ පහර කෑ සිසුවාගෙන් පැමිණිල්ලක් ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

අන්තර්ජාලය ඔස්සේ පළවු රූප රාමු වලින් ඔවුන් හඳුනාගෙන ඒ සම්බන්ධව විමර්ෂණයක් අරඹන ලෙස මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස්පති කාර්යාලයට උපදෙස් දි ඇති ඇති බවත් ඔවුන් කියයි.

තම විද්‍යාලයේ 12 වැනි ශ්‍රේණියේ ශිෂ්‍ය නායකයකු 13 වැනි ශ්‍රේණියේ සිසුවෙකුට කොණ්ඩය කපා ගන්න යැයි පවසා ඇති බවත් ඒ පිළිබඳ කිපුණු 13 වැනි ශ්‍රේණියේ සිසුවා ශිෂ්‍ය නායකයාට පහර දී ඇති බවත් පසුව සිසුන් දෙදෙනාගේම දෙමාපියන් ගෙන්වා සමාදාන වු බවත් එම විදුහලේ විදුහල්පති කීය.

සිසුන් දෙදෙනා පසු දිනද පාසලේ සමගිව සිටිම නිසා ඉන් පසු කිසිදු ගැටලුවක් ඇති නොවු බවත් එම නිසා මේ සම්බන්ධව නිතිය හමුවට නොගිය බවත් විදුහල්පති  පැවැසිය.

නමුත් පසුගිය (22) දා පාසල නිම වීමත් සමඟ නාඳුනන පිරිසක් පැමිණ 13 වැනි ශ්‍රේණියේ සිසුවාට පහර දි ඇති බවත් එම සිද්ධිය තමා ඇතුළු පාසලේ සියලුම ගුරු භවතුන් ප්‍රතික්ෂේප කරන බවත් මේ සම්බන්ධව නිති මාර්ගයෙන් කටයුතු කරන ලෙස අද දින පොලිසියට පැවැසු බවත් විදුහල්පතිවරයා පැවැසිය.



අදහස් (0)

මහනුවර සිසුවාට පහරදුන්නැයි හතරක් උසාවියට

සිංහ Thursday, 24 November 2016 09:17 AM

මේ සිද්ධියට සම්බන්ධ හතර දෙනාට උපරිම දඬුවම් දෙන්න. නැවත ජීවිතය තියෙනකම් පාසලක් දෙස නොබලන්න දඬුවම් නියම කරන්න. (බ)

:       0       0

නවුෂාඩ් මහරුෆ් Thursday, 24 November 2016 09:24 AM

ධර්මරාජ විදුහලේ ආදි සිසුන් හතර දෙනෙක් අධර්ම වැඩක් කරලා (බ)

:       0       0

අසෝක Wednesday, 23 November 2016 08:23 PM

කවදාකවත් ඔවැනි රණ්ඩු බේරන්න යන්න නරකයි. 1982දී මම දන්න කෙනෙක් ඔය වගේ කොල්ලන්ගේ ගෝරියක් බේරන්න ගිහින් ඇහැට පිහිපහරක් වැදිලා දකුණු ඇස නැතිවුණා. එක ඇහැක් නැති නිසා අද වනතුරුත් රස්සාවක් නැහැ. දැන් ටවුමේ ලොතරැයි විකුණනවා. (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Wednesday, 23 November 2016 08:30 PM

පොලිසියට පැමිණිලි අවශ්‍ය නැහැ. මෙම රූපරාමු ප්‍රමාණවත්.මෙහි ඇති චෝදනාව නම් ප්‍රසිද්ධ ස්ථානවල කෝලාහල කිරීම හා පහරදීමක්. සෑම නිල ඇඳුමකටම වගේ පාසල් නිල ඇඳුමටත් ගෞරවය තියනවා (නි)

:       0       0

ඉසුරු Wednesday, 23 November 2016 08:50 PM

මොන දේ වුණත් චණ්ඩින්ට ඉඩදෙන්න එපා. කාටවත් ගහන්න කාටවත් අවසර නැහැ. කාට කාටත් පාඩම් වෙන්න හොඳ දඩුවමක් දෙන්න (නි)

:       0       0

බමුණු Wednesday, 23 November 2016 10:03 PM

කොණ්ඩය කපාගෙන එම පාසලේ නීතියක් නම් සිසු නායකයෙක් එය මතක් කර දීම වැරද්දක් නොවෙයි නමුත් එම සිසු නායක යට ගැසීම වරදක් මේවා දෙමව්පියන් පැමිණ සමාදානයෙන් විසදිය යුතු ඒවා නොවෙයි වරදිකළ අය දඬුවම් ලැබිය යුතු ඒවා. පළමු සිසුන දෙදෙනා අතර ගුටිබැට උවුනානම් සමාවක් ගැන හිතන්න තිබුනා නමුත් පිටින් මැර කොල්ලන් ගෙන්වා පහර දීම අනුමත කළ නොහැකී වීදුහල්පතිවරයා ගේ ක්‍රීයාව හරි. (හේ)

:       0       0

ප්‍රදීප් Wednesday, 23 November 2016 10:05 PM

නිතිය ඉක්මනින් ක්‍රියාත්මක වීම ගැන මට සතුටුයි. ඔබටත් සතුටුයිද දැන්? 12, 13 වසරේ කොල්ලන්ට හොස්ස අගින් මැස්ස යන්න බැහැනේ. පොඩි දේකින් ලොකු අවුලක් ඇතිකරගෙන.කොල්ලන්ට ඉවසීමේ පාඩමක් මෙයින් කියවෙන්නේ. පොඩි වැරැද්දකට ඔච්චර නෙළුව නම් මේ ළමය ලොකු වැරද්දක් කලා නම් කොහොමද?(හේ)

:       0       0

රන්ජිත් Wednesday, 23 November 2016 10:13 PM

මේ අයට හොඳ වැඩේ.(හේ)

:       0       0

අසෝක Wednesday, 23 November 2016 11:14 PM

නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා ඥාන වීර්ය වඩවමින රැගෙන යනු මැන ජය භූමී කරා එක මවකගෙ දරු කැල බැවිනා යමු යමු වී නොපමා ප්‍රේම වඩා සැම භේද දුරැර දා (බ)

:       0       0

පියල් Wednesday, 23 November 2016 11:16 PM

මැරයන් ආවේ එතනින් ගිය ඩිෆෙන්ඩර් එකෙන්ද? (බ)

:       0       0

අමරවීර Thursday, 24 November 2016 01:03 AM

යහපාලනය දොරේ ගලා යන හැටි. ඔන්න ඔහොම රට හදන්න ඕනේ. පොලිස්පතිතුමනි... අපගේ ප්‍රණාමය. නිදහස් - නිවහල් රටක්. සැමට යුක්තිය. (බ)

:       0       0

අසංක Wednesday, 23 November 2016 08:49 AM

ගුටි කාපු කොලුවත් නිකන් කෑවා වෙන්න බැහැ නේ ...දෙමව්පියොත් මේ ගැන දන්නේ සිද්ධිය මාධ්‍ය වල ගියාට පස්සේ වෙන්නැති. (ම)

:       0       0

වාසුල Wednesday, 23 November 2016 09:19 AM

පොලිසිය සිද්ධිය යටනොගසා ,සිය රාජකාරිය කළ යුතුය. (ම)

:       0       0

දිලිප් Thursday, 24 November 2016 04:01 AM

ඉදිරියේදී පාසල් ආශ්‍රිතව විය හැකි මෙවන් ක්‍රියා නැවත්වීමට මෙය පිටුවහලක් කර ගත යුතය.(ම)

:       0       0

ලක්සිරී Wednesday, 23 November 2016 10:54 AM

කොණ්ඩය කපා ගන්න යැයි පවසුවාට මෙම පහරදීම කලාද නැතිනම් වෙනයම් හෙතුවකට මෙම පහරදීම කලාද යන්න එම පහර දුන් මැර පිරිස අත් අඩන්ගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි නිගමනය කල හැක්කේ. (ම)

:       0       0

සිරිල් Thursday, 24 November 2016 04:16 AM

සිද්ධියට සම්බන්ධ අයට වහාම සොයා දඩුවම් දිය යුතුයි (ම)

:       0       0

පසිදු Wednesday, 23 November 2016 11:43 AM

අළුයට ගිනි පුපුරු, සැගවුන රහස සෙවීම පොලිසියේ කාර්යකි. පාසලේ ප්‍රධානින් මග හැරීම පිළිබදව අධ්‍යාපන දෙපාර්තමේන්තුව විනය ක්‍රියා මාර්ගයක් ගතයුතුයි,.(ම)

:       0       0

ශෂික Wednesday, 23 November 2016 11:57 AM

මොනවා වුණත් මේ ගැන විදුහල්පති තුමා ඇතුළු පිරිස් නොදැන සිටියා වෙන්න බෑ. (ම)

:       0       0

ශාන් Wednesday, 23 November 2016 12:29 PM

කිසිම කෙනෙකුට අතක් උස්සන්න බැහැ.එ්ක නිසා මස 6ක් වත් රිමාන්ඩ් කළොත් හරි නේද? (බ)

:       0       0

රුවන් Wednesday, 23 November 2016 12:35 PM

මේ සිද්ධියෙන් ඉගෙන ගන්නා ළමයෙකුගේ මානසිකත්වය පිරිහෙනවට, උසාවි ගානේ රස්තියාදු වෙනවට ඒ දෙමව්පියොත් විදුහල්පතිත් අකමැති ඇති. නමුත් නීතිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වියයුත්තේ මැර ප්‍රහාරයට සහභාගී වූ රස්තියාදුකාරයන්ටයි. අද දින ඔවුන්ට දඬුවම් නොදුන්නොත් තවත් දවසක මේ රස්තියාදුකාරයෝ මේ දේම තවත් කෙනෙකුට කරාවි. ඒ නිසා පොලිසිය නීතිය අකුරටම ක්‍රියාත්මක කරනු ඇතැයි අප විශ්වාස කරමු. (නි)

:       0       0

ගයාන් Wednesday, 23 November 2016 12:39 PM

නැද්ද හංගපු ආයුධ එහෙම පෙන්වන්න එක්කගෙන යන්න අදහසක්? (නි)

:       0       0

ලාල් Wednesday, 23 November 2016 01:17 PM

අපි බලමු නීතිය මොකක්ද කරන්නෙ කියලා. ඇමතිතුමාට ගොඩක් ස්තුතියි මේ ගැන විමර්ශනයක් කෙරන එක ගැන (නි)

:       0       0

සරච්චන්ද්‍ර Wednesday, 23 November 2016 01:18 PM

දැන් ශිෂ්‍ය නායකයො ප්‍රින්සිපල්ටත් උඩින්නේ ඉන්නේ. (නි)

:       0       0

පද්මසිරි Wednesday, 23 November 2016 01:22 PM

සිසුවාට පහරදුන් විදියටම මේ හතර දෙනාටම මේ අය ලවාම එක එක්කෙනාට පහර දියයුතුයි (නි)

:       0       0

හුසේන් මොහමඩ් Wednesday, 23 November 2016 01:40 PM

වැදගත්ම දේ, සිද්ධිය වෙද්දී යුනිෆෝම් ඇඳගත් දෙන්නෙකුත් සිසුවාට ගහද්දී බකන්නිලාගෙන ඉඳීමයි. (නි)

:       0       0

මෙන්ඩිස් Wednesday, 23 November 2016 02:15 PM

දෙමාපියෝ ගෙනල්ලා සමාදානයකට පත්වුණාට පසුවත් එකට එක කරන්න යන එක හරියන දෙයක් වෙන්නේ නැහැ. ලංකාවේ අනාගතය බාරගන්න නායකයන්ට අධ්‍යාත්මික ගුණයන් ඇතිකළොත් හොඳයි වගේ. (නි)

:       0       0

නුවන් Wednesday, 23 November 2016 02:32 PM

මේ පුවත පළ කළ ලංකාදීප එසැණ, ඔබට මගේ හද පිරි ප්‍රණාමය!! ඔබගේ සේවය මිල කළ නොහැකියි (නි)

:       0       0

ජගත් ලියනගේ Wednesday, 23 November 2016 02:34 PM

ශිෂ්‍යයින් දැන් හරි දරුණුයි (නි)

:       0       0

පතිරණ Wednesday, 23 November 2016 02:47 PM

මේ වගේ විෂබීජ ව්‍යාප්ත වෙන්න ඉඩ තියනවා. නැවත වරක් ලංකාවේ මෙවන් සිදුවීමක් නොවන්නට උපරිම දඩුවම් ලබාදෙන්න. (නි)

:       0       0

බන්දුල Wednesday, 23 November 2016 02:50 PM

කවුරු වුණත් ගුටිකාපු ළමයා පව්. එ්ත්......... ළමයා ගුටි කාලත් දෙමාපියන් පැමිණිලි නොකරන්න හේතුවක් ඇති නේද? මෙවන් චණ්ඩින්ට හොඳ පාඩමක් උගන්වන්න නීතියෙන්වත්. (නි)

:       0       0

එරන්ද Wednesday, 23 November 2016 03:16 PM

මේ වගේ අයට දඩුවම් දෙන්න ඕනෑ අනෙක් අයටත් පාඩමක් වෙන්න (නි)

:       0       0

ප්‍රභා Wednesday, 23 November 2016 06:24 PM

මේ ධර්මරාජය. මම ඉගෙනගත් පාසල. අපි හොඳට ගුටි ඇනගත්තා. නමුත් පිටින් අාවොත් යාලු තරහකම් නොබලා හොඳට නෙළුවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1561 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 370 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 124 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 217 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 108 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 73 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39982 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25939 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 220 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1298 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site