IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මහනුවර හදවත් සැත්කම් නවතී

මහනුවර රෝහලේ හෘද ශල්‍ය වෛද්‍යවරුන්ට ජ්‍යෙෂ්ඨත්වය මත ලබා දෙන මාරු වීම් සෞඛ්‍ය  බලධාරීන් උල්ලංඝනය  කරන බව පවසමින්  එහි ශල්‍ය වෛද්‍යවරු තිදෙනා  සියලු  හෘද සැත්කම්  වලින් ඉවත් වුහ.

වෛද්‍යවරු  සඳුදා (05)  දින සිට එසේ හෘද  සැත්කම් කිරීම නවතා දැමුහ.

මහනුවර රෝහලේ  හෘද ශල්‍ය ඒකකයේ  වෛද්‍යවරයකු  පැවසුයේ  කොළඹ ජාතික රෝහලේ  හෘද ශල්‍ය ඒකකයේ  සිටි ජ්‍යෙෂ්ඨ  වෛද්‍යවරයකු ඉවත්ව යෑමෙන් පුරප්පාඩු වු  තනතුර  සඳහා ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු වෛද්‍යවරයකු  වැඩ බැලීම සදහා  දැනට වසරක පමණ  කාලයක සිට පත් කැර ඇති බවයි.

ඒ හේතුවෙන්  අනෙක් ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන්ට  ජ්‍යෙෂ්ඨත්වය මත ලැබෙන මාරුවිම් සෞඛ්‍ය  බලධාරීන් විසින්  හිතාමතාම උල්ලංඝණය  කැර ඇති බවත් ඔවුහු කියති.

හෘද ඒකකයේ සැත්කම් නැවතීම නිසා  හදවත් සිදුරු වැසීම ,වෑල් දැමීම  වැනි  සැත්කම්  නතර  වී ඇත.

එවැනි සැත්කම් සිදු කැර ගැනිමට ඉදිරි වසර දෙක සදහා  පොරොත්තු ලේඛනයක් ඇත.  දිනකට  එවැනි සැත්කම් පහක් හයක්  එහි සිදු වේ.



අදහස් (0)

මහනුවර හදවත් සැත්කම් නවතී

උපාලි Wednesday, 07 August 2013 01:16 AM

සෞඛ්‍ය අමාත්‍යංශයේ පිළිගත් ස්ථාන මාරු ප්‍රතිපත්තියක් තියෙනවා නම් ඇයි ඒ ගොල්ලෝ ඒ අනුව කටයුතු නොකරන්නේ? අමාත්‍යංශයත් ඕනෑ වෙලාවක ලෙඩ්ඩුන්ව ප්‍රාණ ඇපයට ගන්න බලාගෙන ඉන්න දොස්තරලට ඉනිමන් බඳිනවාද? (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 07 August 2013 02:27 AM

දොස්තරලා ඉගෙනගන්නේ ජනතාවගේ බදු මුදලින්. ඊටපස්සේ සංවිධාන හදාගෙන වැඩ වර්ජන කරමින් ජනතාවට කරදර කරනවා. ලංකාවේ ඉන්න දොස්තරලා මදි ජනගහනයේ ප්‍රමාණයට. පුග්දලික විශ්ව විද්‍යාල වලටත් මේ ගොල්ලෝ විරුද්ධයි. නමුත් මේගොල්ලෝ පුද්ගලික බෙහෙත් ශාලා සහ ඉස්පිරිතාල වලට විරුද්ධ නැහැ. පිට රට ගිහිල්ලා ඉගෙන ගෙන එන වෛද්‍යවරුන්ටත් මේ ගොල්ලෝ විරුද්ධයි. ලෝකයේ දියුණු රටවල දොස්තරලා වැටෙන්නේ අත්‍යවශ්‍ය සේවා ගණයට. ඒගොල්ලන්ට ස්ට්‍රයික් කරනවා නම් උසාවි නියෝගයක් අවශ්‍යයි (නි)

:       0       0

පිටිගල Tuesday, 06 August 2013 05:36 PM

මෙහෙම ගියොත් රටේ ජනතාවගේ හදවත් නවතින්නත් ඉඩ තියනවා. (නි)

:       0       0

චමින්ද Tuesday, 06 August 2013 06:19 PM

ලෙඩ්ඩු හැමදාම අමාරුවේ (නි)

:       0       0

ගයා Wednesday, 07 August 2013 06:10 AM

දොස්තරලට බනින්න එපා. කිසිම තැනක වැඩක් හරියට කරන්න බැහැ. මුළු රටම විනාශ වෙලා ඉවරයි. බලන්න එක විහාගයක් හරියට තැබුවද කියලා (නි)

:       0       0

සමන් Tuesday, 06 August 2013 06:24 PM

හදවත් නැති හදවත් දොස්තරලා. මිනිස්සු කී දෙනෙක් අමාරුවේද? (නි)

:       0       0

ජැක් Tuesday, 06 August 2013 06:33 PM

මේ වෛද්‍යවරු පලි ගන්නේ අසරණ ලෙඩුන්ගෙන්. බටහිර රටක මොවුන්ගේ ලියාපදිංචිය තහනම් කරනවා විතරක් නොවෙයි මැරෙන ලෙඩුන් වෙනුවෙන් මිලියන් ගණන් වන්දි ගෙවන්නත් වෙනවා. ලංකාව හින්දම හොඳයි. (නි)

:       0       0

ඉලේපෙරුම Tuesday, 06 August 2013 06:41 PM

වෙනත් අය කරන වැරදිවලට දොස්තරලා හා නර්ස්ලා ලෙඩුන් ප්‍රාණ ඇපයට ගන්නවා (නි)

:       0       0

ද සිල්වා Tuesday, 06 August 2013 07:00 PM

කොහොම හරි තව ලෙඩ්ඩු 4-5 දෙනෙකුට දෙවියන්ගේ පිහිටවත් පතමු (නි)

:       0       0

කනනන්ගර Tuesday, 06 August 2013 07:44 PM

නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල ජනතාවට ලැබෙන්නේ මෙහෙම නම් අපට දෙයියන්ගේම පිහිටයි. මෙයාල දොස්තරලා නොව කොන්දොස්තරලා. (අ)

:       0       0

ධර්මසිරි Wednesday, 07 August 2013 08:38 AM

දුප්පත්කමත් දුප්පත් මිනිසුන්වත් ලංකාවෙන් තුරන් කරන්න පුළුවන් එක ක්‍රමයක් මේ !!!! (නි)

:       0       0

ද සිල්වා Tuesday, 06 August 2013 08:16 PM

මේ කොන්දොස්තරලගේ පුද්ගලික චැනල් කඩ වහන්න කියල පාරක් වහලා උද්ගෝෂණ කරන්න කවුරුවත් නැහැනේ ?(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 07 August 2013 06:28 PM

පුළුවන් නම් ලංකාවේ ඉන්න කවුරු හරි දොස්තර කෙනෙක් මම කලින් ලියුව අදහස වැරදියි කියලා ඔප්පු කරන්නකො සාධක සහිතව (නි)

:       0       0

ප්‍රජා පතිරණ Wednesday, 07 August 2013 09:25 AM

මොකටද මහන්සි වෙන්නේ? දොස්තරලාට රට ගියානම් හොඳ රැකියාවක් ගන්නත් පුළුවන් (නි)

:       0       0

ද සිල්වා Tuesday, 06 August 2013 09:56 PM

වෛද්‍ය සංගම් වලට බම්බු ගහගන්න කියල ඉන්දියාවෙන් හරි රුසියාවෙන් හරි හදවත් ශල්‍ය වෛද්‍යවරු ගෙන්නලා අසරණ රෝගීන් බෙර ගන්න සල්ලි තිබෙන මිනිස්සු පුද්ගලික රෝහල් වලින් සැත්කම් කරගනීවි, දුප්පත් මිනිස්සු තමයි මැරෙන්නේ (දී)

:       0       0

පහන් Tuesday, 06 August 2013 10:39 PM

මේක හරිම වැඩක් නේ. ගිය සුමනේ කාමරයකළ වැලි. අද ලියිට් හෙට ..............................(දී)

:       0       0

සීල Tuesday, 06 August 2013 10:41 PM

මෙන්න මෙතනටයි හමුදාව අවශ්‍යවෙන්නේ, නැතුව අර වතුර ඉල්ලපු මිනිස්සුන්ට නොවේ.මේ තමයි නියම මිනි මරුවෝ. (දී)

:       0       0

මිගිද Tuesday, 06 August 2013 10:43 PM

අපට ඉන්නේ නිතරම ආඩපාලු කියන ඇමතිවරයෙක්.(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 321 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1176 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 234 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 474 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 374 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 628 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36779 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24302 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 553 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site