IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


මහනාහිමියෝ ඒකාබද්ධ විපක්ෂයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරති

(බිඟුන් මේනක ගමගේ)
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට තම උපවාසය අත්හරින්නැයි බල කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්  සැකැසූ ලියවිල්ලකට අත්සන් කරන මෙන් කළ ඉල්ලීමක් දිවයිනේ ප්‍රධාන පෙළේ හිමිපාණන් වහන්සේ නමක විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.  උන්වහන්සේ වැඩවසන නුගේගොඩ පිහිටි විහාරස්ථානයට අද (27 වැනිදා) ගොස් මෙම ඉල්ලීම කර ඇත්තේ විමල් වීරවංශ මහතාට හිතවත් මන්ත්‍රීවරුන් පිරිසකි.

අතර එහිදි ඉතාම කාරුණිකව උන්වහන්සේ මෙම ප්‍රතික්ෂේප කිරීම කර ඇතැයි විශ්වාසනීය ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
එම ලියවිල්ලට අනෙකුත් මහානායක හිමිවරුන් අත්සන් කළහොත් තමන් වහන්සේටද ඒ ගැන සලකා බැලිය හැකි යැයි උන්වහන්සේ එම නියෝජිතයන් පිරිසට පවසා ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (23)

මහනාහිමියෝ ඒකාබද්ධ විපක්ෂයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරති

ප්‍රීති Monday, 27 March 2017 03:51 PM

තමන්ගේ උවමනාවෙන්ම මැරෙන්න හදන අයට විරුද්ධව නඩු පැවරීමට රජය කටයුතු කරන්න ඕනා. අනික ආගමික නායකයින් ඉන්නේ හොරුන්ව ගලවගන්නද? බන්ධනාගාර හොර දොස්තරලගේ තත්වෙට මහනායක හිමිවරුන්ව පත්කරවන්න එපා. බලාගෙන ගියාම මේක මෝඩයෝ පවුල් පිටින් පිනුම් ගසන අමනයින්ගේ පාරාදීසයක් වෙලානේ????

:       1733       5209

සුදත් ශ්‍රී Monday, 27 March 2017 04:08 PM

ඒ කියන්නෙ මහනායක හිමි කෙනෙක් වුනත් තනියෙන් තීරණ ගැනීමේ හැකියවක් නැහැ කියන එකනෙ.

:       310       51

lalith Monday, 27 March 2017 04:44 PM

අනේ ඉතින් අන්තිම කැමැත්ත නොකා නොබී මැරෙන්න නම් එකට මොකට විරුද්ධ වෙලා පවු පුරවා ගන්නවද? ඔය සේරම පුරුවේ කරපු පවු පින් අනුව සිද්දවෙන දේවල් නේ? කර්මේ වෙනස්කරන්න බැහැ. ඔන්න ඔහේ ගියාවේ. අර පරණ ගෙනාපු සිල් රෙදි ටික වත් දීල ලොකුවට බණක් කියල දානයක් දෙමු පහුවෙලා.

:       215       2137

janatha anura UAEMonday, 27 March 2017 05:21 PM

හලෝ සිල් රෙද්ද රෙද්දක් පමණයි සමස්ත ආර්ථිකයම කඩා වැටෙන බැඳුම් කර රෙද්ද තවත් එකක් ගුවන් යානා එපා කියා බිලියන ගණනක් වැඩිපුර ගෙවා, කෝටි ගණන් ගෙවා දෙශපාලකයන්ගේ මිතුරියන්ගේ ගොඩනැගිලි ගන්නේ කෘෂි කර්මාන්ත නන්වන්න කියා අද නොයෙක් ආකාරයෙන් වංචා කොරන්නේ අපේ මුදල් එදා හොරකම් කරපු මුදල් වල ප්‍රමාණය මෙහි ඇවිත් බලන්න එම නිසා පාරම්පරික කුරිරු දේසපාලනය පසෙක ලා යථාර්ථවාදීව කොළ, කහ නිල් රතු කන්නාඩි ගළවා දමා දුප්පත් ජනතාවනි ඉදිරියට එන්න

:       4122       1358

ranavi Monday, 27 March 2017 05:32 PM

මොන මගුලකටද උපවාසය අත්හරින්නැයි කියන්නේ. ඔය මිනිහ උපවාසය කලේ හාමුදුරුවරු කියලද..හරි හමන් කෙනෙක් ඕවට ඉදිරිපත්වෙන්නේ නෑ-

:       515       1513

කෝකිල Monday, 27 March 2017 07:24 PM

මෙතුමා උපවාස කරන්නේ රට ජාතිය ආගම වෙනුවෙන් නොවේ. තමන් කල හොරකම් සහ රජයේ දේපොළ අව භාවිතය ගැන සැකකරුවෙක් ලෙසටයි. උපවාසයේ ඉල්ලීම තමන්ට ඇප දෙනා ලෙසයි. ඉතින් කොහොමද මේක කරන්නේ. මහා නායක හාමුදුරුවරු කොහොමද නීතිය කඩන්න කියල අත්සන් කරන්නේ. ඒකාබද්ද විපක්ෂේ ඉන්න මන්ද බුද්ධික අයට මේක තේරෙන්නේ නෑ.

:       0       0

Nandalal de Silva - France Monday, 27 March 2017 07:42 PM

මේ හොරු රංචුව දැන් විහාරස්ථාන ඇතුලෙත් පරිබ්‍රමණය වෙනවා නාහිමිවරුනුත් මුදලට ගන්න. ඉස්සර හිටපු ලොක්කා හෙවත් තුන්මුල්ලේ විමලේගේ ලොකු අයියා තමයි පන්සල් දේශපාලනය කරලියට ගෙනාවේ. නාහිමිවරු වැඩ සිටින්නේ වංචා දුෂණ වලට මුහුණපා බන්ධනාගාර වල සිටින මගොඩියන් එලියට ගැනීම සඳහා අධිකරණයට බලපෑම් කරන්න නොවන බව මුන්ට තවමත් තේරිලා නැහැ වගෙයි......

:       0       0

mahee Monday, 27 March 2017 09:13 PM

මේ මිනිහ එළියේ හිටියත්, ඇතුලේ හිටියත් කාටවත් වැඩක් නැති නිකම්ම නිකම් නං දොඩවන්නෙක් විතරයි. ඉතින් මොකටද එලියට ගන්න ඔය හැටි දඟලන්නේ?

:       0       0

Saman haridasa Monday, 27 March 2017 09:22 PM

හොරු බේරන්ට සංඝයාවහන්සේලා පාවිච්චි කරන්නට එපා බලු වැඩ කරලා මදිවට මේ පිස්සෝ මොනවාද මේ කරන්නේ. බංකොලොත් ජරා දේශපාලුවෝ තවමත් පාඩමක් ඉගෙන නැහැ වගේ.

:       0       0

ravin Monday, 27 March 2017 11:58 PM

සියලුම පුජ්‍ය පක්ෂ, දේශපාලන පක්ෂ බේදයකින් තොරව අවශ්‍ය උපදෙස් පමණක් ලබාදුන්නොත් අනාගත පරපුරට යහපතක් වේවි.

:       0       0

Sri Kannaggara Tuesday, 28 March 2017 01:03 AM

මේක හරි වැඩක් හිර ගෙදර හැමෝම මාරාන්තික උපවාස කලාම අවූරුද කන්න මහින්ද මාමා හරහා ගෙදර යන්න පුළුවන්.

:       0       0

Chandana Australia Tuesday, 28 March 2017 01:07 AM

විමලෙ බලාගෙන ඉන්නේ කොහොමද දැන් මේක නතර කරන්නේ කියලා ගිය පාර මහින්දට කියලා වතුර පොවා ගත්ත වගේ. තමන්ගේ කැත ජරා වැඩ වලට මහනායක හිමිවරුන් පාවිච්චි කරන්න උත්සාහ කිරීම තරයේ හෙලා දැකිය යුතුයි

:       0       1

wasi Tuesday, 28 March 2017 02:00 AM

තමා කැමැත්තෙන් මැරෙනවා නම් ඔය මැරුනාවේ, මේ නඩු ඉක්මනින් අසා පාඩුව අය කර ගත යුතුයි. අපි රජයට බල කරන්නේ හොරුන් කවරකු වුවත් දැඩි දඬුවම් දිය යුතු බවයි.

:       0       0

Namal Tuesday, 28 March 2017 02:09 AM

ඉන්න කලේ හොරා කාපුව ඇති කාලයක් ජීවත් වෙන්න. මේ වගේම ආන්ඩුවේ ඉන්න එස්බී වාගේ අයටත් ක්‍රියාමාර්ග ගන්න

:       0       0

Rohan Ratna Tuesday, 28 March 2017 04:13 AM

මේ වීරවංස සහ ඔහුගේ ගෝලයෝ ටික පාර්ලිමේන්තු ගියේ ශ්‍රී ලංකා එකේ ඡන්ද වලින්. එහෙම ගිහිල්ල කෝටි ගණන් මහජන මුදල් හොරකාල දැන් නීතියට බලපෑම් කරනවා. යහපාලනය හොද වැඩියි .ඒකයි මේ ඔක්කොම.

:       0       0

a.b. srila Tuesday, 28 March 2017 05:09 AM

උපවාස කරලා උන්වහන්සේට කියල උපවාසය අත්හරින්නැයි බලකරලා කියවගන්න දැන් උපවාස ඇතිවෙලද ? මුන් වගේ හිගන දේශපාලුවෝ රටත් විනාශ කරලා ජාතියත්ආගමත් විකුණලා ජීවත් වෙන්නයි හදන්නේ ... රටක් හදයිද කවදාවත්..?

:       0       0

Chanak Los angeles Tuesday, 28 March 2017 05:39 AM

පුද්ගලයෙත් යම් චෝදනාවකට අත්අඩංගුවට පත් වුනොත් ඊට විසඳුම වී තිබෙන්නේ උපවාසයක් කර චෝදනාවෙන් ගැලවෙන්න බලන එකද ? නීති මාර්ගයෙන් චෝදනාවට මුහුණ දී තමන් නිදොස් නම් නිදොස් බව පෙන්වීමද? මමනම් හිතන්නේ ඔහුට නීතියෙන් එම චෝදනාවට මුහුණ දෙන්න හැකියාවක් නෑ කියලයි. ඒක නිසයි උපවාස උපක්‍රමයට ඔහුගේ අපාය සහය අනුගාමිකයන් ඔහුව පොළඹවා තිබෙන්නේ .උපවාස මගින් ජීවිත අහිමිවීම් ඉතා අල්පයි. උපවාසයෙන් මොහුගේ රෝහල් වාට්ටුවට රිංගීමේ සිහිනය හරිගියා. හැබැයි ඇප ගන්න නම් ලෙමන්පෆ් දොඩම් කිසිවක් නොගෙන ඔලුවෙන් හිටගෙන උපවාස කරන්න කියා විමල්ට සහ උපදෙස් දෙන මෙන් ඔහුට උපවාස කරන්න කියා උපදෙස් දුන්න අයට කියමි.

:       0       0

Thissa Tuesday, 28 March 2017 06:07 AM

රටේ තියන නීතියට අභියෝග කරන්නයි මෙයා හදන්නේ. ඕක සාමාන්‍ය මිනිහෙක් එහෙම කලානම් අද මැරිලා. නිතිය හැමෝටම සමාන වෙන්න ඕනි. එපා ගන්න දරන උත්සාහය අමනයි ගොන් වැඩ කරන එක නවත්තන්න මොලයක් නැති හරක් අපේ දේශපාලකයෝ.

:       0       0

Shan Tuesday, 28 March 2017 06:16 AM

උපවාසය අත්හරින්න එපා කියල ලියවිල්ලක් ගෙනාවොත් නම් අත්සන් කෝටියක් වුනත් ගන්න පුළුවන් වෙයි.

:       0       0

jaga Tuesday, 28 March 2017 07:31 AM

මහ බැංකු වංචාකරුවන් නිදැල්ලේ. විමල් ඇතුලේ.

:       0       0

vipula Tuesday, 28 March 2017 08:08 AM

කලින් පාර රජතුමා ඇවිත් නාටකයක් කරලා වැඩේ ඉවර කළා, මේපාර කව්රුවත් නැතුව වගෙය්, ලැජ්ජාව වහගන්න කරන දේවල් තමය් මේ, අනික මෙයා ට ඇප දුන්නොත් සුළු සුළු හොරකම් කරලා එළියේ ඉන්න අයත් උපවාස කරයි, ඒ වගේම තමයි එලිය ඉන්න ඔක්කොම හොරුත් දැන් බය වෙලා ඇත්තේ,

:       0       0

Ariyapala Hewage Tuesday, 28 March 2017 09:31 AM

නීතිය හෑල්ලු කරන්න එපා

:       25       522

athula Tuesday, 28 March 2017 12:13 PM

ඕක මිනිහෙක් කරලා දක්ෂයෙක් කලේ ජ.වී.පෙ එක එහෙම එදා මෙයට දානයක් නොතිබුනාට මහබලයක් තිබුන එදා ඔහු හිටියේ ජනතාවගේ පැත්තේ අද මූ ඉන්නේ කඹ හොරුන් ගේ ගොඩේ ඕක හදල තියෙන මාලිගා 2 තාප්පය මැදපෙරදිග සිටුවරයෙකුගේ මන්දිරයකටත් වඩා විශාල කාගේද මේ සල්ලි අහිංසක දුප්පත් ජනතාවගේ බදු මුදල් මුන් සේරම රනිල් මහින්ද දෙන්නම කරන්නේ එකම දෙය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

චීනයෙන් ට්‍රම්ප්ට ප්‍රබල පිළිතුරක්
2025 අප්‍රේල් මස 09 681 0

චීනය සහ ඇමෙරිකාව අතර ආරම්භ වී ඇති වෙළෙඳ යුද්ධය තවත් දරුණු කරමින්, ඇමෙරිකාවට චීනයෙන් ලැබෙන භාණ්ඩ සඳහා පනවන තීරු බද්ද සියයට 104 දක්වා ඉහළ දැමීමට ජනපති ඩොනල


‘එපා නම් මම සභාපති පුටුවෙන් පන්නන්න‘
2025 අප්‍රේල් මස 09 1494 0

“ඔබතුමා මුදල් අමාත්‍යාංශයෙ වැඩේ කරගෙන යන්න. මම මගේ වැඩේ කරගෙන යන්නම්. මගේ වැඩ වලට ඇඟිලි ගහන්න අවශ්‍ය නෑ. ප්‍රශ්නයක් තියෙනවා නම් ඔක්කොම එකතුවෙලා මාව සභ


ස්පා කත හොර ලේඛන හදන තැනකට පාර පෙන්නයි
2025 අප්‍රේල් මස 09 1269 1

බොරලැස්ගමුව‍ සම්බාහන මධ්‍යස්ථානයක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් කාන්තාවක් සන්තකයේ තිබූ ව්‍යාජ හැදුනුම්පතක් ඔස්සේ සිදුකළ විමර්ශන වලදී වැලිකඩ සුඛෝභෝ


ලංකා - ස්විට්සර්ලන්ත මිත්‍ර සංගම් සභාපති පන්නිලගේ
2025 අප්‍රේල් මස 09 249 0

දසවැනි පාර්ලිමේන්තුව සඳහා වන ශ්‍රී ලංකා - ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ග


ජාතික සංචාරක කොමිෂන් සභාවක් පිහිටුවිමට සැලසුම්
2025 අප්‍රේල් මස 09 330 0

ජාතික සංචාරක කොමිෂන් සභාවක් පිහිටුවිමට සැලසුම්


කතරගම හිටපු සභාපතිට ඇප
2025 අප්‍රේල් මස 09 402 1

කතරගම ප‍්‍රදේශයේ ඉඩමකට කුඨ ලේඛණ සකස් කළේ යැයි කියන චෝදනාව යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව අත් අඩංගුවට ගත් කතරගම ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරය


මේවාටත් කැමතිවනු ඇති

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 102 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 819 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 629 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

Our Group Site