IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මොහිනී අල්ලන්න පොලීසිය දැල එළයි

සුදු ඇඳගත් ගැහැණියක් මහ රෑ වීරගුල පොලිස් වසමට අයත් ගෝනගල, ගොරකදෙනිය, පිලංකඩ ප්‍රදේශවල මහපාරේ සැරි සරතියි කියන කතාව බොරු භීතියක් මවා පෑමේ සිද්ධියක් විය හැකියි කියන වීරගුල පොලීසිය රාත්‍රී මුර සේවා තර කැර තිබේ. මෙය මිනිසුන් අස්ථානයේ බිය ගැන්වීම සඳහා කරන ක්‍රියාවක් විය හැකි බැවින් ඒ ගැන සොයා බලන්නැයි අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති උපුල් මහේන්ද්‍ර මහතා පසුගියදා වාරණ පන්සලේදී පැවැති සාකච්ඡාවකදී වීරගුල පොලීසියට උපදෙස් දී ඇත. පාරේ යන වාහනවලට අත දමා වාහනයට නැග ටික දුරක් ගොස් අතුරුදන් වෙතියි කියන මේ ගැහැණියට බිය වූ අය සිටිතියි කටකතා ලැව් ගින්නක් මෙන් පැතිර යයි.



අදහස් (0)

මොහිනී අල්ලන්න පොලීසිය දැල එළයි

ෂරන් Saturday, 21 April 2012 04:02 PM

මේ ප්‍රවෘත්තිය අහනකොටම බය හිතෙනවා.

:       0       1

ලාරා - කුවේට් Saturday, 21 April 2012 04:30 PM

හොරු මංකොල්ලා කන්න පොටක් හදා ගන්නවා ඇති.

:       0       1

නසාර් Saturday, 21 April 2012 04:31 PM

ග්‍රීස් යකාගේ බිරිදද දන්නේ නෑ..

:       0       1

චානක ද සිල්වා Saturday, 21 April 2012 04:42 PM

මේ 21 වැනි සියවස

:       0       1

සුසන්ත Saturday, 21 April 2012 05:58 PM

ජීනා මැඩම්ගේ ජාතියේ කෙනෙක්ද දන්නේ නෑ.

:       0       0

අනුරාධ. Saturday, 21 April 2012 06:34 PM

සිද්දිය සම්පුර්ණ ඈත්ත. මම අවුරුදු නිවාඩුවට රෑවෙලා ගෙදර යද්දි මේසිද්දියට මුහුණ දුන්නා. මම හිතන්නේ මේක කවුරු හරි කරන දෙයක් නෙවේ. යම් සත්‍යයක් තියෙන්නත් පුලුවන්. මගේ වාහනයට අතදෑම්මෙ නෑ. ඒත් මමයි මගෙ ආදරවන්තියයි මෙහෙම කෙනෙක් දෑක්කා. රෑ 11ට විතර. අදයි මම හොල්මන් කතාවක් කියලා දන්නේ.

:       0       1

අලිබබා Saturday, 21 April 2012 06:43 PM

මෙවැනි බියජනක සිදුවිමිවලට මුහුණදුන් අය අනෙකුත් රටවලත් ඉන්නවා. නමුත් මෙමසිදුවිම ඇත්ත වෙන්නත් පුලුවන් බොරැවෙන්නත් පුලුවන්.

:       0       1

ලෙස්ලි විජේසිංග Saturday, 21 April 2012 06:49 PM

මෝහිනී නම් වෙන්න බැහැ. ඒ උනාට කුඩු අදින රෝහිනී වෙන්න පුළුවන්. නැත්නම් ඇග විකුණන රාගිනි වෙන්න පුළුවන්. හරියට දැල එලුවොත් අල්ලා ගන්න පුළුවන්.

:       0       1

මහේන් Saturday, 21 April 2012 07:55 PM

රගපෑමක් වුණත් අතුරුදන් වෙන්නේ කොහොමද? එක්කෝ බය වුණා කියන අයම කියන්නේ බොරු වෙන්න ඇති. නැත්නම් ඇත්තටම මොහිනී ඉන්නව ඇති.

:       0       1

ප්‍රගී Saturday, 21 April 2012 08:42 PM

කොච්චර බය නැති වුණත් තනියම ගමනක් යනකොට මේ වගේ දෙයක් වුණොත් බය වෙනවා.

:       0       1

සේනානායක Saturday, 21 April 2012 10:40 PM

එයාටත් සන්තෝසම් මොනව හරි ඕන වෙලා ඇති.

:       0       1

සුජීව Saturday, 21 April 2012 10:55 PM

ළමය අල්ලගන්න කියන්නේ නැද්ද?

:       0       1

ඉන්දිකා ශාමලී Saturday, 21 April 2012 10:59 PM

හොල්මන් යනු මිනිසුන් හිතින් මවා ගන්නා දෙයකි.

:       0       1

ලංකාසිරි Saturday, 21 April 2012 11:23 PM

මොහිනී අල්ලන්න පොලීසියේ කට්ටඩි නැහැනේ.

:       0       1

සේන - ඩුබායි Saturday, 21 April 2012 11:53 PM

මේක සම්පූර්ණ ඇත්ත කතාවක්. මම ඩුබායි එන්න අවුරුදු දෙකකට පෙර ඔය වගේ සිද්ධියක් අපේ පුතෙකුට සිද්ධ වුනා. හැබැයි ඒ උස්වැටකෙයියාවෙදි. එයා මොටර් බයික් එක දාලා දුවලා තියෙනවා. ඉන් පසු ලග ගෙදරකට ගිහිල්ලා සිද්ධිය කිව්වාම ඒ ගෙදරින් ළමයෙක් මෙයාගෙ තනියට ඇවිල්ල තියනවා. මෝටර් බයික් එකට කිසි දෙයක් වෙලා තිබුනේ නැහැ. මේ වගේ සිද්ධි වීමට ප්‍රධාන හේතුව තමයි කාන්තාවන් දූෂණය කර මරා දමන දැමීම.

:       0       1

අශෝක Saturday, 21 April 2012 11:59 PM

මට හිතෙන්නේ මේ කාන්තාවක් විදිහට හැදගත් පිරිමියෙකු අනිත් අයව බය කරන්න කරන දෙයක් වෙන්න පුළුවන්.

:       0       1

අබ්ලිව් ජී Sunday, 22 April 2012 01:03 AM

ඒතක් උපක්‍රමශීලී වැඩක් වෙන්න පුළුවන්

:       0       1

මානෙල් Sunday, 22 April 2012 03:00 AM

අනුරාධ මොහිනී බබෙක් වඩාගෙනද හිටියේ? බබා වඩාගන්න කියල දුන්නේ නැද්ද?

:       0       0

ආනන්ද Sunday, 22 April 2012 03:04 AM

සමහර මහත්වරු නම් මෝහිනී අල්ලන්න කෙලින්ම යයි

:       0       0

රුවන් Sunday, 22 April 2012 06:08 AM

මිනිසුන් හැමදේම විද්‍යාවට දානවා. විද්‍යාවට අහු නොඋනු කොතරම් දේ තියෙනවද මේ ලෝකෙ.

:       0       0

භූතයා Sunday, 22 April 2012 07:22 AM

අපේ දේශපාලනඥයකුගෙ කවුරු හරිද දන්නේ නෑ. කප්පම් ගන්න එනව ඇති.

:       0       0

දිමුතු Sunday, 22 April 2012 07:24 AM

අමනුශ්‍ය අවතාර නැහැ කියන්න බැහැ. වෙනත් රටවල පවා තිබුණු අවස්ථා තියෙනවා. සමහර විට ඇත්ත වෙන්න ඇති.

:       0       0

කේ පී ජී පී පතිරණ Sunday, 22 April 2012 07:34 AM

සුදු ඇදගත් මෝහිනී අල්ලන්න සුදු වෑන් එකක් යවමු.

:       0       0

මධුෂාන් Sunday, 22 April 2012 08:10 AM

නෑ හොල්මන් කියන්නේ ඇත්ත දෙයක්, එක පාරක් මමයි මගේ යාලුවෝ කට්ටියක් ම එක පාර ඒ වගේ අත්දැකීමකට මුහුණ දුන්න. හිතින් මවා ගත්ත දෙයක් එක පාර හැමෝටම පේන්න විදියක් නෑනේ.

:       0       0

එන් තිලක Sunday, 22 April 2012 08:55 AM

සත්‍ය මතුවෙන්න කල් යනවා.

:       0       0

නසාර් Sunday, 22 April 2012 09:38 AM

පොලීසියෙ සී සී ටී වී ජංගම රථය යැව්වනම් හරි.

:       0       0

කසුනි Sunday, 22 April 2012 09:50 AM

මේක ‘හිනා ඉනා‘ වැඩසටහනේ වැඩක්ද දන්නේ නෑ.

:       0       0

කපිල Sunday, 22 April 2012 11:30 AM

මමත් මේ මොහිනී දැක්කා. කතාව ඇත්ත. මගේ වෑන් එකට නැගල ටික දුරක් යද්දි මෙයා අතුරුදන් වුණා. පොලීසියට පුළුවන්ද හොල්මන් අල්ලන්න?

:       0       0

අසස් Sunday, 22 April 2012 11:43 AM

අනේ පව්

:       0       0

හොල්මන් Sunday, 22 April 2012 12:54 PM

මේ අවට නීති විරෝධී වැඩකට ලෑස්ති වෙනව වගෙයි පේන්නේ.....

:       0       0

කුන්සර Monday, 07 May 2012 06:09 PM

බය හිතෙනවා

:       0       0

කසුන් Monday, 07 May 2012 06:11 PM

කොහේද ඉන්නේ

:       0       0

කුමුදු Monday, 07 May 2012 10:49 PM

මමත් දැක්කා.මගේ පස්සෙනුත් ආවා.මටත් බය හිතුණා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 215 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 20 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 644 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 644 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 13860 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3342 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19777 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 291 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 152 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site