ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණයට තරග කිරීමට සූදානම්ව සිටින ක‍්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන මොහාන් ද සිල්වා මහතා ඇතුළු එම පාර්ශවය සිය නාමයෝජනා අද (02) ඉවත් කර ගැනීමට නියමිතව ඇතැයි වාර්තා වේ. එල්ලවී ඇතැයි කියන දේශපාලන බලපෑම් මත එම පාර්ශවය එසේ නාමයෝජනා ඉල්ලා අස්කර ගැනීමට සූදානම් වන බවත් වැඩි දුරටත් වාර්තා වේ. නාමයෝජනා ඉවත් කිරීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා මොහාන් ද සිල්වා පාර්ශවයේ මාධ්‍ය හමුවක් අද (2) පස්වරුවේ කොළඹදී පැවැත්වීමට නියමිත බව ද දැනගන්නට තිබේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය හෙට (3) ටොරින්ටන් පෙදෙස ක‍්‍රීඩා විද්‍යායතනයේදී පැවැත්වීමට නියමිතය. මොහාන් ද සිල්වා පාර්ශවය නියෝජනය කරමින් ක‍්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතා සභාපති ධූරයට තරග වැදීමට සූදානමින් සිටිය ද, පසුව පෞද්ගලික හේතු දක්වමින් ඒ මහතා නාමයෝජනා ඉදිරිපත් නොකළේය. මෙම නිලවරණයේදී මොහාන් ද සිල්වා පාර්ශවයෙන් උප සභාපති ධූර දෙකට, ලේකම්, උප ලේකම්, උප භාණ්ඩාගාරික ධූරයට, විනිසුරු කමිටුවට (5), තරගාවලි කමිටුවට (5), සංචාර සංවිධාන කමිටුවට (7) සහ අනුග‍්‍රාහක කමිටුවට (8) වන පරිදි නිලධාරිහූ 21 ක් නාමයෝජනා ඉදිරිපත්කර සිටිති. මොහාන් ද සිල්වා සහ ජයන්ත පරණාතල (උප සභාපති), මයිකල් ද සොයිසා (ලේකම්), අර්වින් ජයවර්ධන (උප ලේකම්), ගිහාන් වීරසිංහ (උප භාණ්ඩාගාරික) යන මහත්වරු ප‍්‍රධාන තනතුරු සඳහා එම පාර්ශවයෙන් නාමයෝජනා ඉදිරිපත් කර සිටිති. එම පාර්ශවයෙන් හිටපු ටෙස්ට් නායක හෂාන් තිලකරත්න මහතා ද, විනිසුරු කමිටුවට නාමයෝජනා බාර දුන්නේය. සභාපති ධූරය සඳහා උපාලි ධර්මදාස සහ සුමිත් පෙරේරා යන මහත්වරු නාම යෝජනා ඉදිරිපත් කර ඇති අතර නුස්කි මොහොමඞ් මහතා භාණ්ඩාගාරික ධූරයට මේ වන විටත් නිතරගයෙන් පත්ව සිටියි. මෙම නිලවරණයේදී ඡන්දය ප‍්‍රකාශ කිරීමට නියමිත තිබූ ක‍්‍රීඩා සමාජ නියෝජතයන්ගේ ලැයිස්තුව මේ වන විට වෙනස් වී ඇති බව ද වාර්තා වේ. බොහෝ සංගම්වල ඡන්දය ප‍්‍රකාශ කිරීමට දේශපාලනඥයන් පැමිණීමේ සූදානමක් පවතින බවත් සබරගමුව පළාතට සම්බන්ධ සංගමයක ඇතුළු බොහෝ සංගම්වල ඡන්දය ප‍්‍රකාශ කිරීමට නියමිතව සිටි නියෝජිතයන් වෙනස් කර ඇති බවට ද මේ වන විට චෝදනා එල්ල වේ. මේ පිළිබඳව ‘ලංකාදීප’ විමසුමකදී මොහාන් ද සිල්වා පාර්ශවයේ නිලධාරියකු පැවසුවේ තමන් ඡුන්දයට ඉදිපත් වූයේ නම් අනිවාර්යෙන්ම ජය ගන්නා බවයි. ‘‘අපේ ඇතැම් නිලධාරීන්ට ඡුන්ද 118 ක් පමණ ලැබෙන බවට ස්ථිර වී තිබෙනවා. එම තත්ත්වය යටතේ ප‍්‍රතිවාදීන්ට ජය ලැබිය නොහැකි නිසා අපට දැන් වෙනත් බලපෑම් එල්ල වෙමින් තිබෙනවා, ඒ නිසා අපි නිලවරණයෙන් ඉවත් වෙනවා’’ යැයි ද එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය. පළාත් හා නියෝජිත සංගම් පහක් බැගින් ද, දිස්ති‍්‍රක් සංගම් 22 කට පාලක කී‍්‍රඩා සමාජ 28 කට සහ අනුබද්ධිත කී‍්‍රඩා සමාජ 23 ක් සඳහා මෙවර කි‍්‍රකට් නිලවරණයේදී ඡන්ද බලය හිමිව තිබේ. මුළු ඡුන්ද එකතුව 147ක් වන අතර අනුබද්ධිත කී‍්‍රඩා සමාජ සඳහා නිලවරණයේදී හිමිවන්නේ එක ඡන්දයක් පමණි. සෙසු සියලූම සංගම් හා කී‍්‍රඩා සමාජ සඳහා ඡන්ද දෙක බැගින් පාවිච්චි කිරීමේ අවස්ථාව තිබේ. වසර 2004 මාර්තු 24 වැනිදා අවසන් වරට කි‍්‍රකට් ආයතනයේ නිලවරණය පවත්වා තිබේ. ඒ අනුව වසර හතකට පසු පැවැත්වෙන බැවින් මෙවර කි‍්‍රකට් නිලවරණය රටේ වඩාත්ම අවධානයට යොමුව තිබේ. ඇතැම් නිලධාරීන් නාමයෝජනා ඉවත් කර ගැනීම තුළ මෙවර නිලවරණයේදී තුනතුරු සඳහා නිලධාරීන් නිතරගයෙන් පත්වීමේ වැඩි අවස්ථාවක් මේ වන විට උදාවෙමින් පවතී.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප‍්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති
තාවකාලිකව වසා දැමූ ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.
පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
මොහාන් ද සිල්වා පාර්ශවයේ නිලධාරීන් නාමයෝජනා ඉවත්කර ගැනීමේ සූදානමක