IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘මොහාන් පීරිස් ඉවත් කිරීම වැරදියි‘ - නිමල් සිරිපාල

ජනාධිපති නීතීඥ මොහාන් පීරිස් ඉවත් කිරීම පිළිබඳ විපක්ෂය ඉල්ලූ විවාදය අද (02) පාර්ලිමේන්තුවේ පැවැත්වෙද්දී ඇතිවූ ගාලගෝට්ටියකින් පසු පාර්ලිමේන්තුව මිනිත්තු 10කට ලක් තැබිණි.

විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා සභාව අමතමින් කීවේ මොහාන් පීරිස් ඉවත් කිරීම නීති විරෝධී බවයි.

‘පාර්ලිමේන්තුවේ සම්මත වූ යෝජනාවක් අනුව තමයි ශිරාණි බණ්ඩාරනායක ඉවත් කළේ. කතානායක දුන් තීන්දුවක් අභියෝගයට ලක් කළ නොහැකියි. නීතීඥ සංගමයේ කරන්නේ ලංකාවේ නීතිය කැලේ නීතිය කරන එකයි. මොහාන් පීරිස්ට කඩේ යන එක නොවෙයි අපි කරන්නේ.‘

ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල -

‘මොහාන් පීරිස් ඉවත් කළේ ජනාධිපතිතුමයි. ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති. සමහරුන්ට ඕනෑ එතුමාට මඩ ගහන්න. ඒකයි මේ විවාදය ගෙනාවෙත්.‘

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් -

‘මොහාන් පීරිස් කියන තැනැත්තා මේ රටේ අගවිනිසුරුවරයෙක් නොවෙයි. ඔහු කවදාවත් අගවිනිසුරුවරයකු ලෙස පත් වුණේ නෑ.‘

ඇමැති සජිත් ප්‍රේමදාස -

‘ජනාධිපතිතුමා හා අගමැතිතුමා නීති විශාරදයන් සමඟ සාකච්ඡා කරලයි මේ තීන්දුව ගත්තේ. ව්‍යවස්ථා විරෝධීව සිදු කර තිබුණු පත්වීමත් අවලංගු කළා. මෙය කළේ ජනාධිපතිතුමා. ශ්‍රීපවාන් මහත්මයා පත්කළේ ජනාධිපතිතුමා. ඔහු පත්වූ ආකාරය වැරදියි කියනවා නම් ඒ චෝදනා කරන්නේ ජනාධිපතිතුමාට. ජනාධිපතිතුමා තමයි ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සභාපති. නිකං හැංගිලා කියන්නේ නැතිව කෙළින් කියන්නකෝ. පුළුවන්නම් නැගිටලා කියන්නකෝ ශ්‍රීලනිපයේ සභාපති වරදක් කළේ කියා.‘

මේ අවස්ථාවේ සභාවේ ඝෝෂාවක් ඇති විය.



අදහස් (0)

‘මොහාන් පීරිස් ඉවත් කිරීම වැරදියි‘ - නිමල් සිරිපාල

පි.සී. ජයනාත් Tuesday, 03 February 2015 02:15 AM

දැන් විපක්ෂ නායකතුමා තවමත් හිටපු ජනාධිපතිතුමා කළ දේවල් අනුමත කරනවා වගේ පෙනෙන්නේ. මෙහෙම අය යහපාලනයට ගැළපෙනවාද කියන එක ඊළඟ මැතිවරණයේදී ජනතාව තීන්දු කළයුතුයි. (නි)

:       0       0

රංජන් Tuesday, 03 February 2015 03:26 AM

කොන්දක් තියෙන විපක්ෂයක් තිබුනා නම් මෙහෙම නටන්න බැහැ. නිමල් සිරිපාල මහත්තයා මොකද කරන්නේ? පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති ආණ්ඩුවක් ව්‍යස්තානුකුල නොවන අයුරින් බිහිකරගෙන පාලනයක් ගෙනියන්න හදනවා. පාර්ලිමේන්තුවේ කොන්දක් තියන එක මිනිහෙක් නෑ. මොහාන් පත්කරන්න අත් උත්සපු අයම දැන් එ්ක වැරදියි කියනවා. (නදී)

:       0       0

අමිල Tuesday, 03 February 2015 04:38 AM

මතුගම මහානාම, ඔබ හරියටම හරි (නි)

:       0       0

චාරු Tuesday, 03 February 2015 04:57 AM

පිවිතුරු යහපාල, රන්ජන් නමිනුත් ලියලා. එකම දේ වචන ටිකක් එහෙ මෙහෙ කරලා. (නි)

:       0       0

ලලිත් Tuesday, 03 February 2015 05:03 AM

දැන් එතකොට , ශිරානි මහත්මිය ගෙදර යැව්වේ සහ ජෙනරාල්ව හිරේ දැම්මෙ කවුද ? යහපාල උන්නැහේ පිස්සු කියවනවා.(දිල්)

:       0       0

ප්‍රීති Tuesday, 03 February 2015 05:16 AM

මොහාන්ව පත්කරනකොට එය නිවැරදි බව සඳහන් කරමින් අත එසවූ අය එයාව ගෙදර යවන්න ඕනෑ වුණහම පත්කළ විදිය වැරදියි කියනවා. ඊළඟ ඡන්දයෙදි වෙනත් ආණ්ඩුවක් බලයට පත්වුණොත් මේ දැන් නිවැරදි ලෙස අගවිනිසුරු පත් කර ඇති බව කියන අයම කියාවි වැරදි විදියට පත් කරලා කියලා (නි)

:       0       0

මතුගම මහනාම Monday, 02 February 2015 02:13 PM

නිමල් සිරිපාල මොන පක්ෂයේද ? මොන පක්ෂයෙන් උනත් මෙයාට ඊලඟ පාර ඉල්ලන්න දෙන්න එපා. මෙයා මෛත්‍රී සභාපතිකරනවට විරුද්ධ උන කෙනෙක් (නදී)

:       0       0

සමන්ති Monday, 02 February 2015 02:13 PM

සමහර දික්කසාද නඩුවලටත් පසුවට ගණන් බේරගන්න පෙනී සිටින කළු කබා කාරයන් සිටින රටක්. (නදී)

:       0       0

ජෙහාන් Monday, 02 February 2015 02:16 PM

අපේ රටේ මේ නඩු හබ ටික ඉවර වෙනකොට කාගේ කාගේත් පරමායුෂ කාලයත් ගෙවිලා තියේවි වගේ. (නදී)

:       0       0

දහම් Monday, 02 February 2015 02:20 PM

ඕනේ කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. (නදී)

:       0       0

උමේෂ් Monday, 02 February 2015 02:24 PM

මෙහෙම කෙනෙක් මොන පක්ෂයකටවත් හරි යනවාද කියලා මම නම් දන්නේ නැහැ. (නි)

:       0       0

චම්පික Monday, 02 February 2015 02:33 PM

නිමල් සිරිපාල මන්ත්‍රීතුමා, ඔය දෝෂාභියෝගයක් කිල්ලෝට වල හුණු ටික ටික තිබෙන අයටත් එල්ල වෙන්න පුළුවන්. ඒ නිසා සර්ව නිර්දෝෂී මන්ත්‍රීතුමෙකු ලවා ඔය නඩුව ෆයිල් කරන්න. (නි)

:       0       0

ජයසේන Monday, 02 February 2015 02:34 PM

සමහර අයට නම් හොඳටම දුකයි වගේ (නි)

:       0       0

ඉන්දික Tuesday, 03 February 2015 06:19 AM

මේ එක කතාවක්වත් තේරෙන්නේ නෑ.(හේ)

:       0       0

පිවිතුරු යහපාල Monday, 02 February 2015 02:55 PM

අධිකරණය පාලනය කරන්නේ කලු කෝට් සංගමේ. එයාලගේ මතයට පිටින් නම් අගවිනිසුරු වුනත් කමක් නැහැ. කොන්දක් තියෙන විපක්ෂයක් තිබුනානම් මෙහෙම නටන්න බැහැ. නිමල් සිරිපාල මහත්තය චිත්ත රෙද්දක් ඇදන් පාර්ලිමේන්තවට ආවනම් හරි. පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති ආණ්ඩුවක් ව්‍යස්තානුකුල නොවන අයුරින් බිහිකරගෙන පාලනයක් ගෙනියන්න හදනවා. (නදී)

:       0       0

සෑම් Tuesday, 03 February 2015 07:04 AM

අනේ වාසනාවන්... සිරිපාල තාම ඉන්නවද? (නදී)

:       0       0

සරත් කුමාර Tuesday, 03 February 2015 07:33 AM

පිවිතුරු යහපාල, ඉස්සර හිටපු බන්දුල පෙරේරාගේ යහළුවෙක්ද? (නදී)

:       0       0

ලලිත් Tuesday, 03 February 2015 07:52 AM

මේ කතාවේ තේරුම කුමක්ද?(හේ)

:       0       0

සල්ගාදු ප්‍රංශය Monday, 02 February 2015 05:17 PM

ලබන ඡන්දයේදී මොවුන්ට නියම පිළිතුර ලැබේවි (නි)

:       0       0

ඇසිලින් Monday, 02 February 2015 05:21 PM

අපිට ඕනෑ ඉරාකයේ හෝ ලිබියාවේ හෝ ඊජිප්තුවේ ක්‍රමයට නඩු විසඳන ක්‍රමයක්. ඌරාගෙ මාළු ඌරාගෙම ඇ‍ඟේ තියලා කපන ක්‍රමයක්. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 03 February 2015 09:06 AM

ශිරානි බණ්ඩාරනායක ගෙදර යවනකොට මේ අය කොහෙද දන්නේ නැහැ හිටියේ නේද ? මොහාන් පිරිස් හිටියනම් මෙයාලට ඕන දේ කරගන්න තිබුණා , දැන් කට්ටියම බයවෙලා (දිල්)

:       0       0

ටුආන් Monday, 02 February 2015 05:46 PM

අනේ මන්දා මේ ප්‍රශ්න අවසන් වෙන්නේ කවදද කියලා? (නි)

:       0       0

අනිල් රෝහණ Monday, 02 February 2015 06:35 PM

මම නම් කියන්නේ දින 100දී කලින්ම කරන්න ඕනෑ ඒකාධිපති ජනාධිපති ක්‍රමය කප්පාදු කරන එකයි. (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Monday, 02 February 2015 07:14 PM

ශිරාණි නෝනා ඉවත්කිරීම වැරදි ක්‍රියාවක් බව මුළු රටම පිළිගන්නවා. මීළග ඡන්දෙදි මිනිස්සු කවුරු කවුරු ගැනත් බලාගනීවි (නි)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 03 February 2015 10:11 AM

අවුරුදු 20 කට වඩා සන්ධාන ආණ්ඩුවේ සියලු ක්‍රියාමාර්ගයන් අනුමත කරමින් සියලු වරප්‍රසාද ලබා ගනිමින් වර්තමාන ජනපතිතුමා හිටපු හැටි අපි දන්නවා..විධායකය නැති කරන්න ආපු අවංක අයෙක් පාර්ලිමේන්තුවට ගරු කරනවා මිසක් ආ ගමන් තම විධායක බලය යොදවල බහුතරය නැති සදාචාරාත්මක නොවන ආණ්ඩු බිහිකරවන්නේ නැහැ..තමන්ට අයත් නැති තමන් පිටුපාපු තමන් ද්‍රෝහී වුනු පක්ෂයක බලය විධායක ජනපතිකමේ අනුහස් පෙන්වා සදාචාර නොවන අයුරින් ඇත කර ගන්නේ නැහැ..නීතියට අනුව මිස නීතියට පිටින් අගවිනිසුරු ඉවත් කරන්න අනුබල දෙන්නේ නැහැ.මේක යහපාලනය නෙමෙයි..යම පාලනය..සුදු රෙදි අස්සේ කඩු කිනිසි මල් වට්ටි අස්සේ බෝම්බ දැකපු යුගේ ප්‍රතිනිර්මාන වෙනවා..(හේ)

:       0       0

සිල්වා Monday, 02 February 2015 09:02 PM

මතුගම මහානාම​,ඔයා ඔච්චර කියනවා නම් මම නිමල් සිරිපාලට මෙදා පාර ඉල්ලන්න දෙන්නෙ නැහැ (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 02 February 2015 10:13 PM

වැරදි විදිහට පත්කළ කෙනෙක් වැරදි විදිහටම හෝ ගෙදර යවනවා නම් ඒකේ වරදක් නැහැ. (නි)

:       0       0

නඩරාජා Monday, 02 February 2015 10:47 PM

ප්‍රවේශමෙන් හො‍ඳේ! (නි)

:       0       0

සරත් පර්ත් සිට Monday, 02 February 2015 11:28 PM

හරියට 'විනෝද සමය' නව මුහුණුවරකින් පාර්ලිමේන්තුවේදී වේදිකා ගතවෙනවා වගෙයිනේ මෙයාලා හැසිරෙන්නේ (නි)

:       0       0

දේශප්‍රිය Tuesday, 03 February 2015 12:08 AM

නීතිවිරෝධී පත්වීම් දීම වැරදියි. (නි)

:       0       0

වාසනා Tuesday, 03 February 2015 12:16 AM

මිනිස්සු ඊළඟ ඡන්දයේදී හරි තීරණය ගනීවි (නි)

:       0       0

ඇසිලින් Tuesday, 03 February 2015 01:21 AM

කන්න ඕනෑ වුණහම ඉරටුවෙන් හරි කන්නයි සමහරුන්ගේ බලාපොරොත්තුව. විනයක් නීතියක් නැහැ. (නි)

:       0       0

ජයනි Tuesday, 03 February 2015 01:35 AM

මේවා ජාත්‍යන්තරයට ආරංචි වුණොත් අපිට හැමෝම දෙකොනින් හිනාවේවි. හරියට අගවිනිසුරු කෙනෙක්වත් පත්කරගන්න බැරුව දඟලනවා කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 762 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 567 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 811 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 600 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 514 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 325 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site