IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


මෙහෙනි සස්නෙ තීන්දුවෙන් අමාත්‍යංශයට දොස්

රන්ගිරි දඹුළු රජ මහා විහාර සංඝ සභාවෙන් වසර හයකට පෙර ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම  ගැන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් සුදුසු පියවර ගත්තේ නම් භික්ෂූණී ශාසනය පුනර්ජීවනය කිරීමට පියවර ගත හැකිව තිබිණැයි ද, එසේ නොකිරීමෙන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් නිර්දේශ කරයි.

රංගිරි දඹුළු රජ මහා විහාර සංඝ සභාව 2009.10.20 වැනි දින කොමිසමට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය.

භික්ෂුණී ශාසනය නොපිළිගැනීම, හැඳුනුම්පත් නිකුත් නොකිරීම ආදී කරුණු කිහිපයක් නිසා ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව කියමින් ඉනාමළුවේ සුමංගල රංගිරි දඹුලු පාර්ශ්වයේ මහා නායක හිමියෝ ද, මුල්කිරිගල සීලප්‍රිය මහින්ද්‍රා මෙහෙණිය ද මෙම නඩුව ගොනු කළහ.

බුද්ධ ශාසන අමාත්‍යංශ ලේකම් හා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වගඋත්තරකරුවන් කැර තිබිණි.

පිටු 23කින් යුත් කොමිෂන් සභා නිර්දේශය පවසනුයේ මහානායක ස්වාමීන් වහන්සේලා භික්ෂුණී සසුන ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

තෛනිකායික සංඝ සභා 31ක් හා මහා නායක හිමිවරුන් 31 නමක් සිටිය දී මෙවැනි ජාතික මට්ටමේ ශාසනික ගැටළුවක් සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් මහානායක හිමිවරුන් සිව්නමකගේ පමණක් අදහස් විමසා කටයුතු කිරීම සුදුසු නොවන බව කොමිසම කියයි.

මෙම ගැටළුව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත කරුණු ඉදිරිපත් කර ඒ සඳහා සුදුසු ගිහි පැවැදි විද්වත් කොමිෂන් සභාවක් පක් කර ගනිමින් එම ගැටළුව විසඳීමට අව්‍යශ පියවර ගන්නැයි මානව හිමිකම් කොමිසම වගඋත්තරකරුවන්ට නිර්දශෙ කරයි.

ආගමික සංස්ථාවක දී විසඳාගත යුතු කරුණක් සම්බන්ධයෙන් සෘජු මැතිහත්වීමක් කිරීමට කොමිෂන් සභාව අපේක්ෂා නොකරන බව ද කොමිසම සඳහන් කරයි.



අදහස් (13)

මෙහෙනි සස්නෙ තීන්දුවෙන් අමාත්‍යංශයට දොස්

ලංකාසිරි Tuesday, 03 November 2015 05:02 PM

උත්තරීතර භික්ෂුණි ශාසනය බුදුන් වහන්සේ විසින් මහා ප්‍රජාපතී ගෝතමිය වෙනුවෙන් ආනන්ද තෙරුන් කළා වූ ඉමහත් ඉල්ලීම පරිදි පිහිටවන ලදී. තවත් ඉදිරියට අවුරුදු 2000 කට වැඩි කලක් බුද්ධාගම පවතින බැවින් භික්ෂුණී සසුනද එතෙක් පැවතිය යුතු බව මගේ හැඟීමයි. (නි)

:       1       0

රසික Wednesday, 04 November 2015 07:02 AM

බුදුහාමුදුරුවො එක තැනක කියල තියෙනවා ශාසනය රැඳිලා තියෙන්නෙ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන කණු මත කියලා. කාන්තාවන්ට පැවිද්ද ලබා නොදීමට විවිධ හේතු පෙන්වමින් බාධා කිරීම, කාලෙකට ඉස්සර පහළ කුලවල යැයි සැලකෙන පුද්ගලයන් මහණ කර නොගැනීමට කටයුතු කිරීමට සමාන කරන්න පුළුවන්. (බ)

:       0       0

ප්‍රසන්න Tuesday, 03 November 2015 06:25 PM

මට නම් හිතෙන්නේ ඒ ඉල්ලීම් ගැනත් අපි සාධාරණව හිතන්න ඕනෑ කියන එකයි. (නි)

:       0       0

විපුල Wednesday, 04 November 2015 07:29 AM

අපි බලමු මොකක්ද සිද්ධවෙන්නේ කියලා (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 03 November 2015 08:54 PM

මාලි, දැනට දසසිල් මෑණිවරුන් ලෙස දිවිගෙවන හා සසරින් ගැළවීම අරමුණ කරගත් දහස් ගණනක් සිල්වත් මෑණිවරුන් අපේ රටේ සිටිනවා. (නි)

:       0       0

නිවන්තක Wednesday, 04 November 2015 12:25 AM

සමීර සමඟ මමත් එකඟයි (නි)

:       0       0

ජයසේන Wednesday, 04 November 2015 02:27 AM

චන්දිම විජේබණ්ඩාර මහතාට මමත් එකඟයි (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 04 November 2015 03:02 AM

අනවශ්‍ය තර්කකිරීම් පසෙකලා භාග්‍යවතුන් වහන්සේගේ වචනයට ගරුකර ක්‍රියාකළ යුතුය. අදටත් දසසිල් මාතාවන්ට තම ධම්මානුධම්ම ප්‍රතිපත්තියේ යෙදීමේ බාධාවක් නැත. එය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේ. (නි)

:       0       1

මාලි Tuesday, 03 November 2015 02:04 PM

නැතිවූ භික්ෂුණී ශාසනය නැවත පිහිටුවන්න මේ හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝද (බ)

:       0       0

සේන Wednesday, 04 November 2015 05:07 AM

කලකදී අපේ නැතිව තිබුණු උපසම්පදාව අපි ගෙනාවේ සියම් රටෙන්. ඒ වගේම අපේ උපසම්පදාවට සම්පුර්ණ පිළිගැනීම තිබෙනවා. එසේනම් භික්ෂුණී ශාසනයද සම්පුර්ණ පිළිගැනීමකට ලක්විය යුතුයි. (නි)

:       0       0

චන්දිම විජේබණ්ඩාර Tuesday, 03 November 2015 02:58 PM

කවුද කියන්නේ භික්ෂුණී සාසනය නෑ කියලාග ඒක ඉතා හොඳින් ගොඩක් රටවල ක්‍රියාත්මකයි. ලංකාවෙන් චීනයට හඳුන්වා දුන් භික්ෂුණී සාසනය එහි තවමත් රැකිලා තිබෙනවා. හොඳට ඇස් අැර බලන්න. අන්ධයන් වගේ බොරු කියන්න එපා (බ)

:       0       0

සමීර Tuesday, 03 November 2015 03:28 PM

මාලි,භික්ෂුත්වයට ගෞරවයත් සමගින් අදහස් ඵල කලා නම් හොඳ බවයි මගේ හැඟීම. එය ඔබ අදහන ආගම හා සෙසු ආගම සම්බන්ධව ද එකසේ පුජනිය විය යුතුයි. (බ)

:       0       0

කපිලවංස හිමි Friday, 03 April 2020 05:44 AM

බුදුන් වහන්සේ භික්ෂුණී පැවිදිකම ලබා දුන්නෙ කීප වරක්ම බෑ කියලයි. හේතුව පසුව එය දෙන වෙලාවෙදි කිව්වා භික්ෂුණී පැවිදිකම නිසා සසුනේ ආයු කාලය බාගයකින් අඩු වෙන බව. පසුකාලීනව ලෝකෙම භික්ෂූන් විතරක් ඉතුරු වෙලා භික්ෂුණී සමාජය නැති වුනා. ලංකාවෙ නැතිවෙලා තිබුන භික්ෂූන් නැවත ඇති කලේ තායි, බුරුම රටවල පෙර සිට දිගටම පැවතුන පිරිසිදු ථෙරවාද භික්ෂූන්ගෙනුයි. මුල්කාලෙද් ලංකාවෙන් චීනෙට ගිය භික්ෂුණී අයගෙන් දැන් එහෙ ඉන්නෙ මහායාන වුන අය මිසක ථෙරවාද අය නෙමෙයි. මහායානික සංඟයා සහ ගිහියන් අතර වැඩි වෙනසක් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුවන් විදුලි ඉඩමක් ලංවිමට දෙයි
2024 ඔක්තෝබර් මස 15 26 0

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතු ඉඩම් කොටසක් යෝජිත ඒකල ග්‍රිඩ් උපපොළ ඉදිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මුහුදුබඩ දුම්රිය මාර්ගය අවහිර වෙයි
2024 ඔක්තෝබර් මස 15 452 0

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බේරුවල සහ අලුත්ගම අතර මස්සල ප්‍රදේශයේ දී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව මුහුදුබඩ දුම්රිය මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇති බව


තංගල්ල ප්‍රා.ස. හිටපු උප සභාපති අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 15 2639 0

ව්‍යාජ අංක තහඩු සහිත ජීප් රථයක් ළග තබාගැනීමේ චෝදනාවට තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා අද (15) තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ව


සිවිල් ඉංජිනේරුවරයා වහලයෙන් ඇද වැටී මරුට
2024 ඔක්තෝබර් මස 15 2393 0

පවතින වර්ෂාව තත්ත්වය මත දෙමහල් නිවසක ජලය කාන්දු වූ ස්ථානයකට සෙවිලි තහඩුවක් සවි කිරීමට යාමේදී පය ලිස්සා අඩි විසිපහක පමණ උසකින් බිමට ඇද වැටුණු යාන්ත්‍ර


දර හොයන්න රක්ෂිතයට ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 15 379 0

දර සොයා කිතුල් උතුව රක්ෂිතයට ගොස් අතුරුදන් වූ පුද්ගලයෙකු සොයා අද (15) පරීක්ෂණ අරඹා ඇතැයි අග්බෝපුර පොලිසිය කියයි.


බසයේ රෝදයට ගෙල සිරවී බස් රියදුරු මරුට
2024 ඔක්තෝබර් මස 15 2810 0

මාලඹේ පැරකුම්බා මාවත ප්‍රදේශයේ ගරාජයක ගාල්කර තිබූ බස් රථයක වැකුම් නොමැතිව රෝදයට පහත් වී තිබූ දකුණු පස රෝදයට වැකුම් පුරවා එය නිවැරදිව සිදුවී තිබේදැයි


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 442 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 459 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1438 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site