(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
මහපොළ භාරකාර අරමුදල ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සීමිත සමාගම (SLIIT ) සමඟ 2003 වර්ෂයේදී එළැඹි ගිවිසුම අනුව එම අරමුදලට රුපියල් කෝටි 164 කට වැඩි ප්‍රතිලාභයක් ලැබීමට නියමිතව තිබුණත් එවකට එහි භාරකාර මණ්ඩලය ගත් වැරදි තීරණ නිසා එම ප්‍රතිලාභ අහිමි වී ඇතැයි මේ සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවට ඊයේ (6) ඉදිරිපත් කළ වාර්තාවක දැක්වෙයි.
එම ප්‍රතිලාභ අහිමිවීම සම්බන්ධයෙන් එවකට කළමනාකාරීත්ව වගකිව යුතු බව විගණකාධිපතිවරයා සඳහන් කර ඇතැයි කෝප් කමිටු සභාපතිවරයා මේ වාර්තාව ඉදිරිපත් කිරීමේන් පසුව පාර්ලිමේන්තුවේදී ඊයේ (6) පැවසීය.
මහපොළ පනතේ තුන්වැනි වගන්තියට ප්‍රකාරව මහපොළ අරමුදල පිලිබඳව පරිපාලනය කළමනාකාරය හා පාලනය එහි භාරකාර මණ්ඩලයට පැවරී තිබුණද එම මණ්ඩලය 2003 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා වූ කාලයේදී අරමුදලට වාසිදායික ලෙස හා පළපුරුදු ලෙස තීරණ නොගැනීමත් පැවරී තිබූ අධීකාරී බලය ඉක්මවා කටයුතු කිරීමත් හේතුවෙන් එයට බරපතල මූල්‍ය හා මූල්‍ය නොවන පාඩු සිදු වී ඇතැයිද එම වාර්තාව නිගමනය කර ඇත.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වාර්ෂික ළාභයෙන් 50% ක ලාභ කොටසක් මහපොළභාර අරමුදලට ප්‍රේෂණය කළ යුතු වුවද රුපියල් පනස් එක් කෝටි හැටහතර ලක්ෂ තිස්හයදාස් දෙසිය පනස් හතක් අඩුවෙන් ප්‍රේෂණය කර ඇති බවත් අරමුදලට හිමි එම මූල්‍ය කොටස් ලබා නොගැනීමට එවකට කළමනාකාරීත්වය වගකිව යුතු බවත් වාර්තාවේ සදහන්ව ඇත.
මේ අතර මාර්ගගත ලොතරැයි ක්‍රියාත්මක කිරීම සඳහා විදිමත් ක්‍රියාපටිපාටියෙන් බැහැරව ලොතරැයිකරුවෙකු තෝරා ගැනීම නිසා අරමුදලට රුපියල් හැටහත්කෝටි තිස්නව ලක්ෂ දහතුන්දාස් හතලිස් තුනක මුදලක් අහිමිවී ඇතැයිද එම වාර්ථාවේ සඳහන් වෙයි.
2024 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවියත් ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ග
තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන
රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි
රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මහපොළට කෝටි 164 ක පාඩුවක්
WCA Wednesday, 07 April 2021 12:06 AM
ඔය මොන බයිලා ගැහුවත් අන්තිමට වැරදි කාරයෙක් උසාවි දාල ඒ අලාභය ගන්න ක්‍රමයක් නැනේ.අන්තිමට කරන්නේ ඕක මීඩියා එකෙන් පෙන්න පෙන්න දේශපාලනය කරන එක විතරයි මහජනතාවට තියෙන්නේ හැමදාම තමන්ගේ ගෙදරට පැනපු හොරුන්ට බඩුටික අරන් යනකල් ඔහේ බලාඉන්න විතරයි
ලුම්බිණි Wednesday, 07 April 2021 02:57 AM
ඇයි ඉතින් මේවා කරපු අයට විරුද්ධව නීති මගින් කටයුතු නොකරන්නේ?
kamal Wednesday, 07 April 2021 08:44 AM
නීතියක් නැහැ කියලා තේරෙන්නේ නැතිද? නඩු අහන්න ඉන්න අය ආණ්ඩුවෙන් අහලා තමයි තීන්දුව දුන්නේ.