මහපොළ ලොතරැයිය ක්‍රියාත්මක කිරිමේ බලය 2011 දී මලයාසියා ජාතිකයකුට පැවරිමෙන් මුල්‍ය අක්‍රමිකතාවක් සිදුවි ඇතැයි කියන සිද්ධියක් ගැන හිටපු සමුපකාර හා වෙළඳ ඇමැති ජොන්සටන් ප්‍රනාන්දු මහතා අද (11) මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පැය තුනකට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලියා ගත්තේය.
" මහපොළ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගන්න අද කැඳවීමක් කර තිබුණා. අවශ්‍ය ප්‍රකාශ ලබා දුන්නා. ඉදිරියෙන් පරික්ෂණ සඳහා අවශ්‍ය සහය ලබා දෙනවා . මේ තත්ත්වය දකින්නේ පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ෂ මන්ත්‍රිවරුන් දඩයම් කිරිමේ ක්‍රමයක් හැටියට. මේ රජය අද රටේ සංවර්ධන කිරිම පසෙකලා කරන්නේ පලිගැනිමයි. මේක තමයි අලුත් ක්‍රමය. අද රට පාලනය කරන හැටි දැක්කාම කියන්න තියෙන්නේ මේ රටේ ජනතාව කර ගත්තේ විශාල අත්වැරද්දක් කියලා" ඔහු පැවසීය.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහපොළ ලොතරැයිය ගැන ජොන්ස්ටන්ගෙන් ප්‍රශ්න කරයි
රසික Friday, 11 December 2015 02:54 PM
පව් මෙයාගෙන් ප්‍රශ්න කරන්න එපා.(හේ)
ප්‍රදීප් Saturday, 12 December 2015 09:20 AM
මේ දේශපාලඥයෝ නැතිකරන්නේ අහිංසක අපේ සල්ලි (නි)
තමර Friday, 11 December 2015 03:49 PM
තව හොයන්න දේවල් ගොඩක් තිබෙනවා (නි)
සුලෝචන Saturday, 12 December 2015 10:12 AM
හිරේ ගිහිල්ලත් සමහරුන්ට ලැජ්ජාවක් නැහැනේ (නි)
චන්ද්‍රා Friday, 11 December 2015 04:11 PM
තනිකරම ඇත්ත, අන්තිමට වැරදිකාරයෝ ජනතාවම තමා. (නි)
විජිත් Friday, 11 December 2015 04:19 PM
තක්කඩි දේශපාලකයන් බලු කූඩුවට දමන දවස එනතුරු මම ඇඟිලි ගනිනවා. ඒත් කෝ තවම මොකුත් නැහැනේ. (නි)
චමින්ද Saturday, 12 December 2015 10:24 AM
ප්‍රශ්න කරලා විතරක් වැඩක් නෑ.(හේ)
නිමල් ලාලිත Friday, 11 December 2015 04:24 PM
මේවා කළහැකි ව්‍යාපාරිකයන් මේ රටේ නැද්ද? (නි)
සෙබස්තියන් Friday, 11 December 2015 07:02 PM
මහපොළ විතරක් නෙමෙයි, පහුගිය කාලේ රටේ ලොකු ලොතරැයි දිනුම් වලට මොනවා වුණාද කියලත් හොයා බැලුවොත් නේද හොඳ?? (නි)
ලංකාසිරි Friday, 11 December 2015 08:18 PM
පළිගැනීමක් කියන්නේ ඇයි? ඒ කියන්නේ ප්‍රශ්න කරනකොටම එහෙනම් දන්නවා තමන් වැරදි බව. (නි)
තිළිණ Friday, 11 December 2015 09:20 PM
හොඳයි හොඳයි ඔහොම යමුකෝ (නි)
සත්‍යයා Friday, 11 December 2015 09:44 PM
කිතුල් ගහට ගිය කෙනාටත් උත්තරයක් තිබුනා නම් මෙයාට උත්තරයක් නොතිබෙන්න විදියක් නැහැනේ. හැබැයි හිනහව නම් නියම සමච්චල් හිනාවක්. අනුමානයක් නැහැ මෙයාලව දවසකට හෝ මැති සබයට යැවු ඡන්දදායකයන්ට තමයි මේ හිනාවෙලා තියෙන්නේ (නි)
රේණුක Friday, 11 December 2015 09:57 PM
අනේ! මුහුණ දැක්කහම මට දුක හිතෙනවා (නි)
එස්.සේනානායක Saturday, 12 December 2015 12:26 AM
හොරකම් කරන අය හිරේ දාන්න ඕනෑ. ලෝකේ නිහඩ විප්ලව එතරම් සාර්ථක නැහැ. මිනිසුන්ට පාරට බහින්න වෙයි වගේ නීතිය ක්‍රිරියාත්මක කරගන්න. හොරු, මිනීමරුවෝ, වංචාකාරයෝ තවමත් බලය පෙන්වනවා. මේ රටේ නීතිය කොහෙද තියෙන්නේ? (නි)
තුෂාර Saturday, 12 December 2015 01:06 AM
බොහොම හොඳයි මේවා හොයක එක (නි)
රාධා Saturday, 12 December 2015 01:13 AM
අපේ රටට ඉර පායා එන බවකුයි පෙනෙන්නේ (නි)
තිලක්-ඩුබායි Saturday, 12 December 2015 03:21 AM
එස්.සේනානායක.ඔබ හරියටම හරි. (නි)
තිලක්-ඩුබායි Saturday, 12 December 2015 03:23 AM
අපිත් බලාඉන්නවා රුපියල් කෝටි ගණනින් ගසාකාපු කම්බා හොරුන්ට/මිනීමරුවන්ට දැඩි දඩුවම් දෙනකම්. ජෙනරල් ෆොන්සේකාව එදා ජනාධිපති කරගන්න නොලැබුනේ රටේ අවාසනාවට,අපේ අවාසනාවට සහ උපදින්න ඉන්න දරුවන්ගේ අවාසනාවට කියලා හිතෙනවා....! (නි)
ඉසුරන්දි Saturday, 12 December 2015 04:48 AM
කූඩුවේ නොදැම්මත් කමක් නැහැ මෙතුමන්ලා කළ වැරදි වැඩ මේ විදිහට පෙන්නලා දෙනවා නම් ජනතාවට. එතකොටවත් ජනතාව තීරණයක් ගනිවිනේ මෙයාලගේ නිර්දෝෂිභාවයේ අඩුවැඩිකම්! (නි)
ප්‍රසන්න Saturday, 12 December 2015 04:57 AM
ආණ්ඩුවට එකතු වුණා නම් ඔය සේරම ප්‍රශ්න කම්මුතු වෙනවා. (නි)
සේන Saturday, 12 December 2015 05:12 AM
රටේ නීතිය නැවත ක්‍රියාත්මකවීම හොඳ දෙයක්. නමුත් නීතිය ස්ථාපිත වෙන්නේ ඉතා මන්දගාමීව (නි)
ඉසුරු Friday, 11 December 2015 01:24 PM
හිනාව නම් මට එච්චර ඇල්ලුවේ නැහැ (නි)
පාලිත Saturday, 12 December 2015 07:44 AM
අනේ ඔව් පළිගන්න, බිලිබාන්න වටිනාම කෙනා! හොඳ වැඩ කළ නිසානේ දැන් ඔය අපරාධ පරීක්ෂණ වලට ඇවිල්ලා කැමරා ඉස්සරහා විරිත්තන්න වෙලා තියෙන්නේ. (නි)
සුනිල් ගිකියනගේ Friday, 11 December 2015 01:38 PM
හොරකම වංචාවට තමා වගකිව යුතුද නැද්ද කියලා කියනනේ නැතුව. (හේ)
සුනිල් Friday, 11 December 2015 02:32 PM
කවදද මේ වැරැදි කරන අය හිරේ දාන්නේ.(හේ)