IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘මහපොළ 8000 ක් කරනවා‘

තමා බලයට පත්වූ පසු 12 වැදෑරුම් වැඩපිළිවෙළක් යටතේ සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයන බවත් විශ්ව විද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 8000 දක්වා වැඩි කරන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (25) අම්පාර මහජන ක්‍රීඩාංගණයේ පැවති රැලියකදී පැවසීය.

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප රුපියල් 3000කින් ඉහළ දමන බවටද රාජපක්ෂ මහතා එහිදී පොරොන්දු විය.

RDS_7925 RDS_8043 RDS_8130 RDS_8216 RDS_8233



අදහස් (0)

‘මහපොළ 8000 ක් කරනවා‘

ලාල් Saturday, 25 July 2015 04:09 PM

දැන් මොකද කියන්නේ?සුදුවෑන් ගැන ඉතිහාසය නම් ඉතින් මුලු රටම දන්නවානේ. (නි)

:       0       0

ප්‍රියන්ත Sunday, 26 July 2015 06:12 AM

බොරු එපා ඕවා කරන්න තමයි අපි ඔබ තුමාට ඡන්දෙ දුන්නේ කරන්න හිතෙන්නේ පැරදුනාම නේද අපි බූරුවෝ කියල හිතුවද ? (නදී)

:       0       0

නිමල් Saturday, 25 July 2015 04:10 PM

මහපොළ වැඩිකිරිල්ල කෙසේවෙතත් බලයට ආවොත් විවාහ ගාස්තුව රු 8000 ක් කරලා දුප්පත් කෙනෙකුට කසාදයක් බදින එකත් නැතිවෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

විරාජ් Saturday, 25 July 2015 04:21 PM

ලංකාවේ මිනිසුන්ට මෙච්චරටම මොළේ නැහැ කියලද හිතාගෙන ඉන්නේ දන්නේ නැහැ (නි)

:       0       0

පද්මප්‍රිය Saturday, 25 July 2015 04:28 PM

ඔව් ඉතින් ඒවා එයාගේ සල්ලි නෙමෙයිනේ. දුප්පත් බදු ගෙවන්නන්ගේ සල්ලිනේ. දුප්පත් අය මේවට රැවටෙන්න එපා. (නි)

:       0       0

ජූඩ් Saturday, 25 July 2015 04:33 PM

අපිට ඉන්නේ කොන්දක් තිබෙන කියන දේ කරන නායකයෙක්. (නි)

:       0       0

පාලින්ද Saturday, 25 July 2015 04:35 PM

හැමදාම පුද්ගලික අංශයේ පඩි නම් වැඩිකළා (නි)

:       0       0

උදේශ් Saturday, 25 July 2015 04:34 PM

බොරු කියන්න එපා. ඔයා ඉන්නකන් අපිට සළකපු හැටි මතකයි. අපි ඕවට ඇන්දෙන්නේ නැහැ. (නි)

:       0       0

සහන් Saturday, 25 July 2015 04:40 PM

තාම හිතාගෙන ඉන්නේ ජනාධිපති කියලද? ඔය කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයෙක් විතරයි (නි)

:       0       0

ශාමන්ත වෙල්ගම Saturday, 25 July 2015 04:47 PM

අපිට අවශ්‍ය සල්ලි විතරක් නෙමෙයි. රටේ නිදහස,නීතිය සහ සාධාරණත්වය. එය මහින්ද ප්‍රමුඛ පිරිසට කළ නොහැකියි. (නි)

:       0       0

අජිත් Saturday, 25 July 2015 04:51 PM

ජනාධිපති කාලේ නොකළ දේවල් දැන් කරන්නේ කොහොමද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 25 July 2015 05:05 PM

අපේ විශ්ව විද්‍යාල දරුවන්ට හමුදා පුහුණුව දෙන්න අදහසක් නැද්ද? (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Saturday, 25 July 2015 05:04 PM

අපි දැන් කොණ්ඩය බඳින්නේ නැහැනේ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 25 July 2015 05:07 PM

ලැම්බෝගිනි ෆෙරෙර්රි,ෆොර්චේ කාර් යුගය මතක අපිට තව කුමට කතාද? (නි)

:       0       0

සුනිල් පෙරේරා Saturday, 25 July 2015 05:07 PM

හැබැයි අපි ගුටිකන්න බයයි (නි)

:       0       0

සමන් වසන්ත Saturday, 25 July 2015 05:11 PM

ඇත්තටම මෙතුමා තරඟ කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් වෙනුවෙන් කියලා කවුරුහරි මෙතුමාට මතක් කරලා දෙන්න වෙයි. මෙතුමා හිතාගෙන ඉන්නේ ජනවාරි තිබුණ ජනාධිපතිවරණය ආයෙත් තියෙනවා කියලා. (නි)

:       0       0

සෙනරත් Sunday, 26 July 2015 07:19 AM

ශිරන්ති, පහන්, මෙතුමා බලයේ සිටිය කාලේදීත් මහපොළ වැඩිකළ බව ඔබලා දන්නේ නැතිව ඇති. ඒ කාලයේ හැටියට 2500ක දීමනාව 4000ක් කළ එක ලොකු දෙයක්. ඒ කාලයේ කාගේ හරි ලියුමකින් විශ්ව විද්‍යාලයට ගිය එක ළමයෙකුගේ නම සහ ලිපිනය දන්නවා නම් එළි කිරීමට ශිරන්තිට මෙන්න අවස්ථාව. (නදී)

:       0       0

රොක්සි Saturday, 25 July 2015 05:59 PM

තිබුණු ගෞරවයවත් රැකගන්න බැරිවුණා. (නි)

:       0       0

සිංහ Saturday, 25 July 2015 06:14 PM

රට ඉන්න අපිට මොකද වෙන්නේ? අපිට හැමදාම හුළං තමා (නි)

:       0       0

ධම්ම Saturday, 25 July 2015 06:15 PM

මහින්ද මහත්තයා පරදිනවා කියූ සමහරු මේ වෙනකොට එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කරලා. තව ටික දවසකින් ඔවුන් කියාවි එතුමා අගමැති වෙන එක වළක්වන්න බැහැ කියලා. (නි)

:       0       0

ලංකා Saturday, 25 July 2015 06:33 PM

ඔබතුමාම කියනවා මහා බැංකුවේ සල්ලි නැහැ කියලා. මේවට සල්ලි කොහෙන්ද හොයා ගන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරනවද? පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප රුපියල් 3000කින් ඉහළ දමනවාලු. මේවා කරන්න පුළුවන් දේවල්ද? මිනිස්සු දැන් ඔබ හිතනවට වඩා බුද්ධිමත් (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 26 July 2015 07:51 AM

කකුල් දෙක වතුරේ දාගෙන විද්‍යා අංශයෙන් සමත් වුන මගේ දරුවාව බලහත්කාරයෙන් පටවපු හමුදා පුහුණුව දෙන්න බුස්ස හමුදා කදවුරට බාර දෙන්න යනකොට මට ඇති වුනේ කියන්න බැරි තරම් වේදනාවක්. අඩුම වසයෙන් දෙමව්පියන්ටවත් ගේට්ටුවෙන් ඇතුලට යන්න දෙන්නේ නැහැ. තවත් රටේ අසරණ දෙමාපියන්ට එවැනි වේදනාවක් දෙන්න ඕනෙම නැහැ. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 26 July 2015 07:51 AM

කුමා, ඔබ හරියටම හරි. (නදී)

:       0       0

පාලිත Saturday, 25 July 2015 07:07 PM

සරත්ට විශ්වාසද අවුරුදු 10 නොකරපු දේ දැන් කරයි කියලා? (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 26 July 2015 07:55 AM

විශ්ව විද්‍යාලවල වල ඉන්න අපේ අසරණ දරුවන්ට ඉස්සර කොහොමද සැලකුවේ කියල අපි ඇස් පනාපිටම දැක්කනේ.(නදී)

:       0       0

අප්පුහාමි Saturday, 25 July 2015 07:14 PM

බලාගෙන ගියාම මුන්නැහේට දැන් තමයි මොළේ පෑදීගෙන එන්නේ, පහුගිය අවුරුදු 10 ටම කරන්න බැරිවුණ දේවල් කරන්න.මොනතරම් හොඳද කියලා ජනතාව තේරුම්ගනීවි. (නි)

:       0       0

රනිල් Saturday, 25 July 2015 07:27 PM

මහින්ද ඔයතරමට පම්පෝරි ගහන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලා ඔයතරමට බලය තියනවද? (නි)

:       0       0

ප්‍රින්ස් Saturday, 25 July 2015 07:33 PM

මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක් (නි)

:       0       0

මර්ලන් ද සිල්වා Saturday, 25 July 2015 07:57 PM

දැන්ද මේවා මතක්වෙන්නේ? (නි)

:       0       0

පෙරේරා Saturday, 25 July 2015 08:45 PM

ජනාධිපතිවෙලා වෙලා සිටි කාලේ කරන්න බැරිවුණ දේවල් මන්ත්‍රීකමකින් හරි අගමැතිකමකින්ද කරන්න හදන්නේ? (නි)

:       0       0

රජින්ද Saturday, 25 July 2015 09:47 PM

තව සමහරුත් දිගට හරහට ඡන්ද ගුණ්ඩු දිදී, කරන්න බැරි බව පොඩි දරුවාත් දන්නා අනුවණ පොරොන්දු දිදී රට වටේ යනවා (නි)

:       0       0

සත්‍යයා Saturday, 25 July 2015 10:04 PM

හොරුන්ටත් ජයවේවා කියන විතරක් නොවෙයි,ඔවුන්ට පිරිත් නූලුත් බඳින එකම රට සිරි ලංකාව. (නි)

:       0       0

අනුර Saturday, 25 July 2015 10:35 PM

මහින්ද මහත්තයා කිවුවා නම් ඒවා ඡන්ද පොරොන්දු නෙමෙයි. කරන පොරොන්දු තමයි. දින 100 යේ නොකරපු පොරොන්දු ගොඩයි. දැන් අවුරුදු 5 හේ ඡන්ද පොරොන්දුත් මහා ගොඩයි. මහින්ද පොරොන්දු ගැන නම් අපිට විශ්වාසයි. (නි)

:       0       0

රුවන් Sunday, 26 July 2015 01:50 PM

ජනාදිපතිවරණේ පැරදුනාට පස්සෙනේ මෙයට මේ පොරොන්දු මතක් වෙලා තියෙන්නේ. බලයේ ඉද්දි නොකරපු දේවල් මන්ත්‍රී වෙලා කරන්නේ කොහොමද ? (නදී)

:       0       0

ලයනල් Saturday, 25 July 2015 10:59 PM

දැන්නම් තත්ත්වය බරපතළයි වගේ. මොනවද මේ කියවන්නේ? (නි)

:       0       0

ඩයස් Saturday, 25 July 2015 11:04 PM

විදුත් කියන දේ ඇත්ත. බලය ගන්න පුළුවන්තරම් බොරු කියනවා. මහින්දව වටකරගෙන ඉන්නේ ලංකාව කාපු හොරු රංචුව. (නි)

:       0       0

පිවිතුරු යහපාල Saturday, 25 July 2015 11:20 PM

ඕවා කරන්නේ කොහොමද? කොහෙන්ද සල්ලි? (නි)

:       0       0

හරේන්ද්‍ර Saturday, 25 July 2015 11:22 PM

දැන්ද ඕවා මතක්වුණේ? (නි)

:       0       0

විදුත් Saturday, 25 July 2015 12:56 PM

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලා කොහොමද ඕවා කරන්නේ? (නදී)

:       0       0

සරත් Saturday, 25 July 2015 01:01 PM

ජය වේවා ඔබ තුමාට, මේවා බැඳුම්කර, සුදාලා වගේ බොරු පොරොන්දු නෙමෙයි (නදී)

:       0       0

කීර්ති Saturday, 25 July 2015 11:43 PM

මේක ජනාධිපතිවරණයක් නෙමෙයිනේ! එයා හිතන්නේ පාර්ලිමේන්තුවට ගිහින් ජනාධිපති වෙන්නද? (නි)

:       0       0

බාලා Saturday, 25 July 2015 01:09 PM

හා හා හා... අවුරුදු 10ක් ඉදල නොකරපු දේ ? (නදී)

:       0       0

අමිත් Saturday, 25 July 2015 01:11 PM

ඇයි ඔබතුමාට බලය තිබෙන කාලයේ ඔය දේවල් කරන්න බැරි වුනේ. ඔබ තුමා ඔය වගේ පොරොන්දු පෙර මැතිවරණ වලදීත් දීලා ඒවා ඉෂ්ඨ කලේ නැහැ නේද ? (නදී)

:       0       0

කොස්වත්ත Saturday, 25 July 2015 01:13 PM

මේ මනුස්සයා ඉන්නකොට නොකරපු දේවල් දැන් කරනවා කියනවා. මෙයා තාමත් හිතන්නේ ශ්‍රී ලංකාකාරයෝ මොට්ට මිහරක් කියලා. (නදී)

:       0       0

සමන්ති Sunday, 26 July 2015 12:11 AM

හොඳ දැක්මකින් හදලා නිකුත් කරන,රසවත් බයිලා, මේවා අල්ල ගනිල්ලා... (නි)

:       0       0

ශිරන්ති Sunday, 26 July 2015 12:18 AM

අවුරුදු 10ක් ජනාධිපති වෙලා ඉන්නකොට කරපු නැති මනුස්සයා පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලාද කරන්නේ? ලංකාවේ හොඳ නම ලෝකය ඉදිරියේ නැතිකරලා දැම්මා.රටේ සියලුම පොදු දේපල හොරු රැල සමඟ හොරාකෑවා.මෙවැන්නන් අපේ පාලකයන් ලෙස පත්කරගත යුතුද? උගත් බුද්ධිමත් මිනිසුන් පාර්ලිමේන්තුවට යැවීම ජනතාව අතේ තියෙන්නේ.තමන්ගේ දරුවන් ගැනවත් සිතා මෙවැන්නන් දේශපාලනයෙන් අතුගා දමන්න. (නි)

:       0       0

විජිත් Sunday, 26 July 2015 12:26 AM

ඉතින් ඇයි ඔය වැඩේ ඒ කාලේ නොකළේ..? ලංකාවේ නුතන මිනිස්සු ඔබ හිතන තරම් මෝඩ නැහැ.මොනවා කරන්නත් දියවන්නාවට යන්න එපායැ. (නි)

:       0       0

දිල් Saturday, 25 July 2015 01:21 PM

බොරු නොකියා ඉන්න. බලයට ඇති කෑදරකමට එක වතාවක් පරාද වෙලා අාපහු ඉල්ලන් කනවා. අවුරුදු 10 ක් ඉඳලා කරන්න බැරි උන දේ දැන් කරන්න පුලුවන්ද.(නදී)

:       0       0

ජයන්ත Sunday, 26 July 2015 12:39 AM

හිනා යන කතා! (නි)

:       0       0

ගාමිණී Saturday, 25 July 2015 01:25 PM

අවුරුදු 10ක් තිස්සේ කොලා මදිද? (නදී)

:       0       0

කසුන් Sunday, 26 July 2015 12:46 AM

මොළයක් ඇති රටට ආදරයක් ඇති කෙනෙක් කියන්න ඕනෑ රට හදන, අධ්‍යාපනය හදන වැඩපිළිවෙළක් මිස, මම පඩි වැඩිකරනවා, මහපොළ වැඩිකරනවා වගේ දේවල් නෙමෙයි. රටට සල්ලි එන රැකියා උත්පාදනය වන වැඩපිළිවෙළක් රටට ගෙනාවම මිනිස්සු අතට ඉබේම සල්ලි යනවා. (නි)

:       0       0

සේකර Sunday, 26 July 2015 12:49 AM

මේවා රට හිනස්සන කතා. "‘මහපොළ 8000 ක්" කරන එක තේරුමක් නැහැ. මොකද ඒ කරන්නෙත් බදු ගහලා ගන්න අපේම සල්ලි වලින්නේ. එළියට එන දරුවන්ට රස්සාවක් ඇතිවෙන දෙයක් කරනවා කියන්න. (නි)

:       0       0

සරත් Sunday, 26 July 2015 12:51 AM

තව ටික දවසකින් තව තව දේවල් කියයි (නි)

:       0       0

ගයාන් Sunday, 26 July 2015 12:57 AM

බලයේ ඉන්න කාලේ දිගට හරහට ගැහුවා. දැන් සත්ත්ව කරුණාව... (නි)

:       0       0

ඉෂාර ලක්මින Saturday, 25 July 2015 01:27 PM

ඔබව අපිට විශ්වාසයි. 2550 ක් තිබුන මහපොළ 4000 ක් කළේ ඔබයි (නදී)

:       0       0

දිමුතු Sunday, 26 July 2015 01:02 AM

ඔබතුමාගේ පුද්ගලික ධනයෙන් කරනවා නම් අපිට කැමකියි. ප්‍රශ්නයක් නැහැ (නි)

:       0       0

රසික Saturday, 25 July 2015 01:31 PM

හැමදාම සුරංගනා කථා කියන අපේ මහින්ද මාමා (ම)

:       0       0

නිමල් Sunday, 26 July 2015 01:37 AM

මෙතුමාට මෙතුමාගේ ඡන්දයත් නැති එකේ ඉතින් තව මොන කතාද? (නි)

:       0       0

සිල්වා Saturday, 25 July 2015 01:42 PM

පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙකුට කළ හැකි දේ හරි පුදුමයි (ම)

:       0       0

ශිරන්ති Saturday, 25 July 2015 01:43 PM

පුතාගේ ලියුම් වලින් සරසවියට ගිය අයට විතරද දෙන්නේ ? හරියට විබාගය පාස් වුනු අයටත් ගෙවනවද ? අවුරුදු දහයක් ජනාධිපති වෙලා නොකරපු දේවල් මන්ත්‍රී වෙලා පුලුවන්ද ? කොන්ඩේ බැඳපු කට්ටිය ඉන්නේ ලංකාවේ නෙමේ චීනයේ. අරක්කු බෝතලයට කෑම පැකට් එකට රුපියල් පන්සීයට ඡන්ද රැස්වීම්වලට දුප්පත් මිනිස්සු යනවා. ඉන්න සෙනඟ කුරුණෑගල මිනිස්සු නෙමෙයි බස් වලින් අරගෙන යන කුලියට අඩන කට්ටියනේ. පොටෝ වලින් පේනවා හැමදාම ඉන්නේ එකම හරක් රැල කියලා. බයියගෙන් ගුටිකන්න පුදුම ආශාවක්නේ තියෙන්නේ වහලුන්ට (නදී)

:       0       0

ජගත් Saturday, 25 July 2015 01:43 PM

අවුරුදු 10ක් කලේ නැති දේවල් දැන් කරනවා කියලා කෑ ගැහුවට ඕවට අහුවෙන්න ජනතාව මෝඩ නැහැ කියලා ඔබ දන්නවද (නදී)

:       0       0

දිනේෂ් Saturday, 25 July 2015 01:57 PM

ජයම වේවා ඔබ තුමන්ට. කුරුණෑගල අපි ඔබ සමගයී (නදී)

:       0       0

සරසි Sunday, 26 July 2015 02:11 AM

පසුගිය අවුරුදු 10ක් තිස්සේ මොකද මෙතුමාට ඒ ටික කරගන්න බැරිවුණේ? අර සරසවි ළමයින් නිකන් බැටන් පොලු පහරවල් කෑවා විතරයි. (නි)

:       0       0

මෙලනි Sunday, 26 July 2015 02:16 AM

අට දාහ නෙමෙයි අසු දාහ කිවුවත් දැන් රටේ තරුණ ළමයින් ඕවාට අහුවෙන්නේ නැහැ මැතිතුමනි. (නි)

:       0       0

ජසීම් Saturday, 25 July 2015 02:02 PM

දැන් දොඩවනවා තවත් මොනවා කියයිද දන්නේ නැහැ (නදී)

:       0       0

කැනඩා දිසා Sunday, 26 July 2015 02:18 AM

දවසක් හරි රටේ නායකයා වෙලා හිටපු නිසා නම්බු දෙනවා. නැත්නම් කතාකරන විදිය අපි හොඳට දන්නවා. රෙදි ඇඳගෙනද මේවා කියන්නේ? තමන්ගේ පාලන කාලෙට කලින් ඡන්දෙට පොරොන්දු වූ 2500 පඩි වැඩි කරනවා කිවුව දේ අන්තිමට ජනාධිපති මැතිවරණය දක්වාවත් ඉටු කළාද..? හිතාගෙන ඉන්නනේ විදියට මේ රටේ මහා ජනතාව කන්නේ තණකොළ කියලා (නි)

:       0       0

මහසෙන් Sunday, 26 July 2015 02:28 AM

ජනවාරි 8 වෙනිදා ඉඳලා උදේ හවා ඔය වගේ විහිළු සපයලා අපේ ලේ පිරිසිඳු කරනවට හිටපු ජනධිපතිතුමාට ස්තුතියි. (නි)

:       0       0

සමන් Sunday, 26 July 2015 02:31 AM

ඔබේ කාලෙ සල්ලි වලින්ද දෙන්නේ? (නි)

:       0       0

ජයන්ත Saturday, 25 July 2015 02:19 PM

ඔබ තුමා අපට සහ අප රටට කරපු සේවය කිසිම නායකයෙක් කර නොමැත. එ්ක විශ්වාසයි (නදී)

:       0       0

චමින්ද Sunday, 26 July 2015 02:39 AM

කොයි කාලේ වගේද මහත්තයෝ ඕවා කරන්නේ? (නි)

:       0       0

මනෝජ් විජේරත්න Saturday, 25 July 2015 02:19 PM

අනේ සරත්ගේ පුංචි පහේ මොළේ. (නදී)

:       0       0

ආනන්ද Sunday, 26 July 2015 02:47 AM

ඔය සුළ‍ඟේ පාවෙන සබන් බෝල.ඕවට ශිෂ්‍යයෝ රැවටෙයි කියලද හිතන්නේ. ඒකාලේ පහුවෙලා ගොඩක් කල්. (නි)

:       0       0

දුල්මි Sunday, 26 July 2015 03:03 AM

ඔබතුමාට මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම සේවය තමයි ඉතාම සාධාරනව විභාග නීතිරීති වලට අනුකූලව උසස් අධ්‍යාපන විභාගවලට ලියා අදාළ නීති රීති වලට අනුකූලව අවංකව ලකුණු ලබාගෙන තරුණ තරුණියනට උපාධිදාරීන් වීමේ වටිනාකම පෙන්වීම. මම මේ කතා කරන්නේ ඔබතුමාගේ හෘද සාක්ෂියටයි. (නි)

:       0       0

තුෂාන්ත Saturday, 25 July 2015 02:21 PM

අවුරුදු 10 ක් ඉදලා ඕවා කළේ නැත්තේ ඇයි? (නදී)

:       0       0

මේනක Sunday, 26 July 2015 03:10 AM

පුද්ගලික අංශයට එහෙම හිතු මානාපෙට පඩි වැඩි කරන්න මොකෝ ඔබතුමා පඩි පාලක සභා පනතේ සභාපතිද ? පසුගිය අවුරුදු 10 තිස්සේ පුද්ගලික අංශයේ අපි, රජයේ සේවකයන් වගේ දස ගුණයක් මහන්සි වුනා. රටට උපරිම පලදායිතාවයක් ලබා දුන්නා. අපේ බඩ ගොස්තරය මහන්සි වෙලා අපිම සොයා ගත්තා. ඔබතුමාගේ සාටකයේ එල්ලෙන්න අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ. (නදී)

:       0       0

ජෙහාන් Sunday, 26 July 2015 03:18 AM

එහෙනම් එකත් එකටම අර අකුරැස්සේදී ලඟට ආපු එක්කෙනා මහපොළ වැඩි කරනවාද කියලා අහන්න වෙන්න ඇති අතේ එල්ලුනේ. (නදී)

:       0       0

අශාන් Saturday, 25 July 2015 02:35 PM

සරත්,ඇයි ඔච්චර මෝඩ?ඔය කතා කරන්නේ අවුරුදු දහයක් බලයේ ඉදලා ඕවා නොකරපු කෙනෙක්. අනික පෞද්ගලික අංශයට පඩි වැඩි කරන්න රජයට බැහැ.ඉල්ලීමක් විතරයි කරන්න පුළුවන්.බොරු පොරොන්දු කාගේද කියලා තේරෙනවද ? (නි)

:       0       0

බණ්ඩාර- කැකිරාව Sunday, 26 July 2015 03:33 AM

කැනඩාවේ දිසෝ, ලංකාවට ඇවිත් බැලුවොත් නරකද මහින්ද කරවපු මහා මාර්ග පද්දතියම. යටි තල පහසුකම් ගැන. මෝඩ කතා කියන්න එපා. අන්තිමට ඔහේ ලංකාවට ඇවිත් ඡන්දයක් දැම්මේ කවද්ද? ඔයාට මොනවද කරන්න පුළුවන්නේ අපේ ජනදිපතිතුමාට. කැනඩාවේ ඉදන් බොරු ටෝක් දෙන්න එපා. .ඔයාට පුළුවන් එකම දෙය ඩොලර් වලට කඩේ යාම සහ රට පාවා දෙන්න විතරයි. (නදී)

:       0       0

කොස්වත්ත Saturday, 25 July 2015 02:37 PM

අනේ! හිටපු කාලේ නොකළ දේවල් දැන් විකාරෙන්ද මේ කියවන්නේ? හිතනවද මේ පාරත් බොරු වලට මිනිස්සු රැවටෙයි කියලා? (නි)

:       0       0

නාලනී Saturday, 25 July 2015 02:37 PM

අලුත බඳින ජෝඩුවලට දෙනවා කිවුව ලක්ෂ දෙක දෙනවා නේද? මම ආයෙත් බඳිනවා. ඔබතුමා දිනේවා. පොරොන්දු ඉටුවේවා. (නි)

:       0       0

ලාල් Sunday, 26 July 2015 03:42 AM

මේ වගේ අය නායකත්වයට පත් උනාම කරන්නේ අධ්‍යපනයට පලමුව සියුම් අයුරින් පහර ගහල අනාගත පරපුර මැට්ටෝ කරන එකයි. අනාගතයේ රටේ වැඩිපුර මැට්ටෝ බිහි උනාම, ඒකාධිපති පාලනයක් තුලින් පවුල් පාලනයක්, පියාගෙන් පුත්‍රයාට යන පාලනයක් ඇතිකරගන්න ලේසියි. අවුරුදු 2කට කලින් නැවත බලය ඉල්ලලා, මෙයා ගහන්න ගිය ගේම් ජනතාව නොදන්නවා කියා හිතාගෙන ඇති. මෙයා කියන දේවල් හොඳයි කියන්නේ මැට්ටෝම තමයි. (නදී)

:       0       0

හිමාෂ Sunday, 26 July 2015 03:45 AM

හිතාගෙන ඉන්නේ අපි බත් කන හරක් කියලද දන්නේ නෑ. මේවා අනු ගනන් වල දේශපාලන ප්‍රයෝග. දැන් මිනිස්සු ඕවට අහු වෙන්නේ නැහැ (නදී)

:       0       0

සුරේෂ් මධුෂාන් Sunday, 26 July 2015 04:02 AM

ඔබ තුමා කියන දේ කරන කෙනෙක්. 2500 ට වඩා වැඩිපුර දීපු සල්ලිත් කපා ගත්තා. අන්තිමට 400 ත් නැහැ 5000ත් නැහැ. තාමත් අපිට මහපොළ ගෙවලා නැහැ. ඒකයි ඇත්ත (නදී) .

:       0       0

සෙනරත් Saturday, 25 July 2015 02:45 PM

මහින්ද මැතිතුමාට ජයවේවා ! (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 26 July 2015 04:09 AM

ලාල් ඔබ හරියටම හරි. (නදී)

:       0       0

පුලස්ති Sunday, 26 July 2015 04:09 AM

පුළුවන් නම් උපාධිදාරියන් ඇතුළු උගත් තරුණ තරුණියන් තමන්ගේ ඊළඟ පරම්පරාවට දර පලන්න වලන් හෝදන්න උයන්න ගෙන්න ගනීවි. අපි නොදන්නවයි තරුණ පරපුරට තිබෙන ආදරේ.බුදුන් පවසා තිබෙන්නේ "විශ්වය සහ පරිණාමය " යන දෙකම සෙවීම කෙළවරක් නැති බවයි. එමෙන්ම විශ්වය අනන්තයි , හරියට සංසාරය වගේ.මේ සංවාදයට බොදු හිමිනමක් සම්බන්ධ කරානම් තමයි හොඳ. (නදී

:       0       0

චතුරි Saturday, 25 July 2015 02:48 PM

කටින් බතල හිටවනවා දැන්. 8,000 ක් කොහෙද ඔය කියන සල්ලි තියෙන්නේ? (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 26 July 2015 04:13 AM

විශ්ව විද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 8000 දක්වා වැඩි කරපු හැටි අපි දැක්කනේ? (නදී)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 26 July 2015 04:17 AM

රටේ අධ්‍යාපනයට ජාතික අාදායමෙන් 6% ක් වෙන් කරන්න ගෙන ගිය උද්ගෝෂණයේදී යතරු පැදියේ ගිය අසරණ ජිවිත දෙකක් නැති වුනා. කවුරු කලත් සහ ගහන අපරාද. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 26 July 2015 04:17 AM

මහින්දගේ කතා විස්වාස කරන්න දැන් රටේ බත් කන හරක් නැහැ. ඉන්නෙත් ටික දෙනෙක් විතරයි. (නදී)

:       0       0

දුලාන් Sunday, 26 July 2015 04:18 AM

අනේ මේ කැකිරාවේ බණ්ඩාර, ඔය පාරවල් ටික පෙන්නුවාම බණ්ඩා කොළඹ එක්ක ඇවිත් හෝ ගාන පොකුණ පෙන්නුවා වගේ අපේ රටේ මිනිස්සු මෝඩයට අන්දපු කාලේ දැන් ඉවරයි (නදී)

:       0       0

සඳුන් Saturday, 25 July 2015 02:52 PM

ඇයි දෙයියෝ මේවා කලින් කිව්වේ නැත්තේ? (නි)

:       0       0

ශමිලා දි මෙල් Sunday, 26 July 2015 04:27 AM

වෙස් මුණු බැඳන් අාවත් අපි නෑ රැවටෙන්නේ !(නදී)

:       0       0

අමන්දා Sunday, 26 July 2015 04:27 AM

මේක ජනාධිපතිවරණයක් නෙමෙයිනේ! එයා හිතන්නේ පාර්ලිමේන්තුවට ගිහින් ජනාධිපති වෙන්නද? (නදී)

:       0       0

රූපවතී Sunday, 26 July 2015 04:27 AM

හැමදාම ඔය මිනිසුන් කරන්නේ ඉස්ටේජ් වලට ගොඩවෙලා, අනුන්ව විවේචනය කරමින් බොරු බේගල් ඇදබාමින් වයිරය රටේ වපුරපු එකයි හැමෝම කරන්නේ ඒක. දැන් හැම රැස්වීමකම ඔය එන හැම දේශපාලකයෙකුටම අහන් ඉන්න ඒ පළාත්වල දුප්පත් මිනිසුන්ට ස්ටේජ් එකට නංවාල ඔය මිනිසුන්ට තමන්ගේම අවශ්‍යතාවයන් හා මහජනතාවට මොනවද අවශ්‍ය කියලා ඇගිල්ල දික්කරල දේශපාලකයට කියන්න අවස්තාව දෙන්න ඕනේ .එ් ක්‍රමයයි සිදුවෙන්න ඕනේ අද. රටේ මිනිසුන්ගේ නිවෙස් වලට බලෙන් ඔය මිනිසුන්ව ඇදන් ගිහින් කුස්සියේ වලන් ටික පෙන්වනවා නම් මහජන මුදලින් රජ සැප විදින මිනිසුන්ට දුප්පත් මිනිසුන්ගේ දුක පෙනේවි....?(නදී)

:       0       0

සහන් Sunday, 26 July 2015 04:29 AM

පසුගිය අවුරුදු 10ක් තිස්සේ මොකද මෙතුමාට ඒ ටික කරගන්න බැරිවුණේ? (නදී)

:       0       0

ප්‍රසාද් Saturday, 25 July 2015 03:02 PM

කොණ්ඩය බැඳපු චීනුන්ට ඕවා කියන්න. (නි)

:       0       0

පාලිත Saturday, 25 July 2015 03:04 PM

මට පෙනෙන්නේ කලබලයට පත්වෙලා වගේ (නි)

:       0       0

අතුල Saturday, 25 July 2015 03:07 PM

බලය තියෙන කාලේ කළේ නැත්තේ ඇයි? (නි)

:       0       0

සමීර Saturday, 25 July 2015 03:10 PM

2005 ඉඳලා 2010 වෙනකම්ම යුද්ධ කළා කියමු මහත්තයෝ. ඉතිරි අවුරුදු පහ මොකද කළේ ආයුබෝවන් (නි)

:       0       0

සෙනරත් Saturday, 25 July 2015 03:11 PM

වසර 40 ක අතීත පක්ෂ දේශපාලනය දන්නා අපි, ඔබතුමා කියන දේ කරන, බොරු පොරොන්දු නොදෙන කෙනෙකු බව අත්දැකීමෙන් දනිමු. (නි)

:       0       0

සේන Sunday, 26 July 2015 04:52 AM

අනේ මන්දා මේ රවට්ටන්න හදන්නේ ලෝකේ තියෙන අමාරුම විබාග පාස් කරලා ආපු ලංකාවේ ඉන්න බුද්දීමත්ම පිරිස නේද කියලා හිතෙනකොට මුන්නහේ ගැන දුකත් හිතෙනවා.(නදී)

:       0       0

කමල් Saturday, 25 July 2015 03:25 PM

සරත්, ඉන්නේ ලංකාවේ නෙමේ වගේ පේන්නේ , කිව්ව විදිහට 95% මෛත්‍රී, රනිල් මහතගේ ආණ්ඩුව පොරොන්දු ඉටුකර රුපියල් 10000/- රජයේ සේවකයන්ගේ වැටුප වැඩිකර. 3500/- විශ්‍රාමිකයන්ට වැඩිකර. ලංකවේ අපිට තව බොහෝ සහන හම්බවුනා. (නදී)

:       0       0

බුද්ධික Sunday, 26 July 2015 05:08 AM

කුරුණෑගල අපි තණකොල කන්නේ නැහැ (නදී)

:       0       0

සාරා Saturday, 25 July 2015 03:32 PM

ජනාදිපති වෙලා කරන්න බැරි උණු දේවල් දැන් කරන්නේ කොහොමද. ලංකාවේ එක මොලේ තියෙන මිනිහෙක් ඉන්නවා නම් මේවා අන්දරේගේ විහිළු කියල හිතල ඡන්දය මෙතුමාට දෙන්නේ ඕනේ. මෙතුමාට ඡන්දය දෙන්නේ මේ කතා අහල නම් ලොකුම මෝඩකමක් කරන්නේ. ජනාදිපතිට බැරි දේවල් කරන්නේ කොහොමද මන්ත්‍රී කෙනෙක්. එ්ක හිතන්න බැරිද ලංකාවේ මිනිස්සුන්ට (නදී)

:       0       0

ඉන්දික Saturday, 25 July 2015 03:36 PM

අවුරුදු 10 කට කරන්න බැරිවුන දේවල් දැන් කරන්න පුලුවන්ද. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලා කොහොමද ඕවා කරන්නේ ? (නදී)

:       0       0

සුරනිමල Saturday, 25 July 2015 03:41 PM

රට මෙතෙක් ගත් විදේශීය ණය ගෙවන්නේ කෙසේ දැයි පහදා දෙන්නේ නම් මේ සිනි බෝල ප්‍රකාශ වලට වඩා වැදගත් බව අපට හැඟේ(නදී)

:       0       0

මොහමෙඩ් Sunday, 26 July 2015 05:26 AM

මෙතුමා කළ සේවය අප රටේ වෙන කිසීම නායකයෙක් කර නැහැ. වැරදි හදාගෙන ඉදිරියට යන්න මැතිතුමනි. අපි ඔබව විස්වාස කරමු (නදී)

:       0       0

ලාල් Saturday, 25 July 2015 03:44 PM

අධ්‍යාපනයට දීපු ප්‍රතිපාදන 1.8%ක් දක්වා අඩු කරපු එක්කෙනා නේද මේ මන්ත්‍රී කෙනෙක් වෙලා වැඩ පෙන්වන්න යන්නේ? (නදී)

:       0       0

රසික පුෂ්ප කුමාර Saturday, 25 July 2015 03:45 PM

දුන් පොරොන්දු කඩකරපු නායකයෙක් නෙමෙයි මෙතුමා (නදී)

:       0       0

කුමා Sunday, 26 July 2015 05:34 AM

විශ්ව විද්‍යාලෙ ඉන්නෙ ඔබතුමා හිතන විදිහෙ බූරුවො නෙවෙයි. 5000 ඇති. කරපු හරිය අපි හොඳටට දැක්කා. මතක තියගන්න ඔබතුමාගෙ මැරයො අපි කැටයක් කරනකොට අපිට මහපාරේ තර්ජනය කලා. නිදහසක් තිබුනද අපිට. (නදී)

:       0       0

නුවන් Saturday, 25 July 2015 03:54 PM

අයියෝ මෙයා හැමදාම මොකක්හරි විහිළු කතාවක් කියනවා (නි)

:       0       0

අසංක Saturday, 25 July 2015 03:55 PM

ඔබතුමාව බලයෙන් පහකර ඉවරයි. මේක ජනාධිපතිවරණය නොවේ. බලය තිබුන කාලේ මේවා නොකළේ ඇයි? (නි)

:       0       0

ලාල් Saturday, 25 July 2015 03:58 PM

අධ්‍යපනයට දීපු ප්‍රතිපාදන 1.8%ක් දක්වා අඩුකළ එක්කෙනා නේද මේ මන්ත්‍රී කෙනෙක් වෙලා වැඩ පෙන්වන්න යන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 199 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
2024 සැප්තැම්බර් මස 23 1529 1

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 951 0

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක


පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1548 1

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 1148 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 2710 4

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20768 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 19705 4



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 107 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 308 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 164 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site