IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


මහබැංකුව රනිල්ගෙන් ඉවත් කරයි

රංජන් කස්තුරි 
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇමැති ධුරය දරණ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ තිබෙන ශ්‍රී ලංකා මහ බැංකුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම වහාම ක්‍රියාත්මක වන පරිදි මුදල් අමාත්‍යංශය යටතට පවරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.
 

මෙම ආයතන දෙක මුදල් අමාත්‍යංශය යටතේ පැවැති ආයතන දෙකක් වන අතර 2015 අගෝස්තු මාසයේ සිට ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් මගින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතට පත් කරනු ලැබ තිබිණි.
 
කෙසේ වෙතත් අද යළිත් ජනාධිපතිවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් එම ආයතන මුදල් අමාත්‍යංශය යටතට පත් කළේය.



අදහස් (34)

මහබැංකුව රනිල්ගෙන් ඉවත් කරයි

සිරිමල් Wednesday, 28 March 2018 01:55 PM

අශ්වයෝ රංචුවට පැනල යන්න දීල ඉස්තාලේ දොරට ඉබ්බෝ දාල වැඩක් නැනේ අයිබොවන්...

:       63       1130

Peiris Wednesday, 28 March 2018 01:57 PM

අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා.

:       96       506

Sunil Wednesday, 28 March 2018 02:12 PM

මෙය සිදු කළේ මීට වසර දෙකහමාරකට කළින්... නැතිනම් රටට මෙහෙම වෙන්නේ නැහැ.

:       95       413

sena Wednesday, 28 March 2018 02:13 PM

මේ පුද්ගලයා නම් පුදුම වෛරයකින් වැඩ කරන්නේ....

:       1360       1349

sirisena Thursday, 29 March 2018 03:07 AM

ඔහේගේ පොකට් එකට ගහල දැනුනේ නැත්තද ගෙදර උන්ගෙන් අහන්න

:       5       104

aseThursday, 29 March 2018 06:11 AM

සතුරන් සිටිනවා කියන්නේ වැඩක් කරලා තියනවා නේද ?

:       0       1

ජගත් ලියනගේ Wednesday, 28 March 2018 02:32 PM

ඇති යාන්තන්... මහ බැංකුව දැනුයි බේරුනේ...

:       98       352

Raveendra Wednesday, 28 March 2018 02:34 PM

ඔක්කොම තක්කඩින් ගියාට පස්සේ "මම ඉස්කෝලේ" වැසුවා ආයුබෝවන්... කොහොමද මගේ රෝස්පාන් මොලේ....

:       120       724

ජීවන් ක්‍රිෂාන්ත Wednesday, 28 March 2018 02:44 PM

පුලතිසියේ ජන අධිපති වුනා... දුක් විඳිනවා මෙයින් දනා..

:       129       134

රෝහණ Wednesday, 28 March 2018 03:02 PM

දැන් නටන බයිස්කෝපයේ ජනතාවට පෙන්වන හොඳම ජවනිකාව. මේවා නොවේ හාල් සිල්ලර අඩුකරන්න.

:       510       544

anuraThursday, 29 March 2018 03:05 AM

ඔහේ මක්කෛ මේ කියන්නේ උන්නැහේල මුළු බන්දගරයම ශුද්ද කරලා නොවැ හල පොල් සිල්ලර ගැන මොන කතාද ?

:       1       66

Lalith Wednesday, 28 March 2018 03:58 PM

මේ අය යවන්න ඔහොම දුම්මල ගහල මදි...

:       2       113

සනත් ඉතාලිය Wednesday, 28 March 2018 04:13 PM

දැන් තේරෙනවද මේ කියන්නේ අඟේ ඉඳන් කන කන කෙනෙක් ගැන වග...

:       868       823

GihanThursday, 29 March 2018 01:05 AM

ඒ කියන්නේ රටට හෙන ගැහුවත් කමක් නෑ රනිල් රකින්න කියලද?. රනිල්ට කලගුණ සලකද්දී, ඡන්දෙ දීපු රටේ ලක්ශ ගානක් මිනිස්සුන්ට කළ ගුණ සලකන්න අමතක වුනු නිසා තමයි අර ඡන්ද ප්‍රතිඵලේ ආවේ.

:       5       149

සතයපාල Wednesday, 28 March 2018 04:26 PM

හරි හෝ වැරදි වුනත් එක ප්‍රතිපත්තියක් එක වැඩ පිලිවෙලක් තියෙන්න ඕනා. මේක එහෙම නොවෙයි උදේට කරන දේ හවසට වෙනස් කරනවා. ඉතිං රට ආපස්සට තමයි යන්නේ.

:       3       188

SL Wednesday, 28 March 2018 04:44 PM

හොඳටම පරක්කුයි

:       1       102

silva Wednesday, 28 March 2018 05:21 PM

දැන් අහක ඉන්න රවිව මේ ලෝක ලොකුම වංචාවට රවීව ඇල්ලුවේ නිරපරාදේ

:       87       44

susantha Wednesday, 28 March 2018 10:42 PM

ලංකා ඉතිහාසේ ලොකුම මුදල් වංචාවේ (අදට විතරක් නෙවේ, තව දශක ගානකට ගෙවන්න වෙන්න) හොරුන්ගෙන් හොරාකාපු සල්ලි, ඒවායින් ගත්ත අදායම, එයින් රජයට උන පාඩුව, අර්තිකෙට උන පාඩුව අය කර ගනු!

:       0       0

lahiru Wednesday, 28 March 2018 11:40 PM

සියලු දේශපාලකයන්ගේ ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන්ගේ බැංකු ගිණුම් වත්කම් අධීක්ෂණයට ආයතනයක් පිහිටුවා අයුතු දේ සිදුවේනම් දඬුවම් ලබා දිය යුතුයි .

:       0       49

dasa Thursday, 29 March 2018 12:50 AM

අපි පොඩි කාලේ ඉන්නවන්ව අයින් කරන්න බැටරි ඇසිඩ් ගෑවා. අපේ රටේ මැරෙනකන් ඉන්න බලන් ඉන්න ඉන්නන්ව අයින් කරන්න බැටරි ඇසිඩ් ගහලත් බැහැ.

:       0       7

maaraya Thursday, 29 March 2018 01:37 AM

මේවා සෙප්පඩ විජ්ජා. මිනිස්සුන්ව ගොනාට අන්දන්න කරන වැඩ. දැන් එයාගේ තටු ගැලෙවුව කියල, දැන් එයා හොඳයි ඔහොම්මම අගමැති වගේ හිටපු දෙන් කියල පෙන්නන්න කරන වැඩ. අපි ඇඳෙයි ඕවට.

:       0       15

ranjith Thursday, 29 March 2018 02:10 AM

මහබැංකු හොරකම මේ රටේ ජනතාවට කරපු අපරාදය නීතිය කොහොම වුනත් දෙවියෝ මේ හොරුන්ට දඩුවම් දේවි මේ කණ්ඩායම ඉතිහසගතවෙනවා

:       0       31

dasun Thursday, 29 March 2018 02:51 AM

විශ්වාස භංගය? දැන් ඉතින් 4 වෙනිදා වෙනකම් ඉන්නේ මොකටද?

:       0       41

සමන්ත Thursday, 29 March 2018 03:58 AM

"දැන් මේ කතා කරන්නේ රනිල් වික්‍රමසිංහ අගමැති හොරෙක් වගේනේ. මහා බැංකුවෙන් කවුරුත් කොල්ල කාල නැහැ අයුතු ලාභ ලබල මිසක්. ඒකටත් නඩු යනවා. අලාභය ගන්න සල්ලි බැංකුවල තියෙනවා දැනටමත් ආණ්ඩුවට අරන්. වත්කම් තියෙන්නෙත් මේ රටේ. සැකකාරයෝ දැනටමත් හිරේ. අර්ජුන් මහේන්ද්‍රන්ට රතු වරෙන්තුවක් තියෙනවා. නඩුව යනවා. එත් කෝ අර පරණ සිද්ධි වලට යුක්තිය?

:       203       95

ajith Thursday, 29 March 2018 04:10 AM

ඔන්න රනිල් මොළ කාරයනම් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන්න හොඳ වෙලාව. ඔහුට ඡන්දෙ දීපු 62 ලක්ෂයෙන් 52 ලක්ෂයක්වත් ජනතාව කැමති වේවි තමන්ගේ නායකයට මෙහෙම කරන නිසා. පොහොට්ටුවේ කට්ටියත් අත් දෙකම උස්සලා සහාය දෙවි. මොකද ඒගොල්ලන්ගේ ඊළඟ ඉලක්කය ජනාධිපතිතුමා නිසා. වහාම දෝෂාභියෝගයක් ගේන්න.

:       69       84

saman k Thursday, 29 March 2018 04:14 AM

වැඩ බැරි ටාසන්ගේ තවත් වික්‍රමයක්.

:       27       1

rama Thursday, 29 March 2018 04:14 AM

දැන් කියන්නේ විස්වාස භන්ගය පරාද කරනවා කියලනේ, එකෙන් කියන්නේ මහා බැංකුව කාපු එක වරදක් නෑ කියලා?

:       23       32

Aluthgama A. Samathasena. Thursday, 29 March 2018 04:30 AM

මොනවා උනත් මේ වෙලාවේ මේ දේ කිරීම හොඳ නැත. විස්වාස බංගය පෙනී පෙනී මේ කල දේ ඒකාබද්ධයට උදව් කිරීමක්. බංගයට පෙර හෝ පසුව මෙය කල යුතුව තිබුණා. නැගීමට උපකාර කල ඉනිමගට මේ විදිහට පයින් ගැසීම හොඳ නැත.

:       48       43

Soma dubayi Thursday, 29 March 2018 05:01 AM

රනිල් මැතිතුමා කියන්නේ ආසියාවේ හොඳම මොලය. එතුමා අයින් කරන්නේ රට දියුණු කරාටද. රැකියා ලක්ෂ 4 ක් බිහි කරාටද.?

:       118       28

dasunSaturday, 31 March 2018 05:19 AM

ආසියාවේ හොඳම මොලය කියන්න සාධක මොනවාද?

:       0       0

සමන්ත Thursday, 29 March 2018 05:17 AM

'රනිල් වික්‍රමසිංහ නමැති වියත් ,උගත් ලෝකප්‍රසිද්ධ නායකයෙකුට මේ කරන අපරාධ ඔහු ඉවසුවත් , දෙවියන්වත් නොඉවසාවී. ඔහුගේ ජීවිත කාලයේ සන්ධ්‍යා භාගයේ හෝ ඔහුට රට ගොඩ නගන්න ඉඩ නොදෙන්නේ රටේම ජනතාවගේ පවට විය හැක. ඔහු සතු ඉදිරි දැක්ම සහ හැකියාව මේ වසර තුනකින් දැකගත හැකි මැජික් සංදර්ශනයක් නොවේ.

:       333       179

Janaka Thursday, 29 March 2018 06:34 AM

"සමන්ත ප්‍රකාශ කරනු ලබන අදහස සිරිකොත මගින් මුදල් ගෙවා ප්‍රචාරණය කරන ලද අදහසකි". එහෙම නේද සමන්ත.?

:       0       125

Bamunuarachchi Thursday, 29 March 2018 08:07 AM

මෙරට හදා ගන්න උවමනානම් පක්ෂ ගැන සිතන්නෙපා සුදුස්සා තෝරාගෙන සුදුසු ඇමතිකම දෙන්න. ආර්ථිකය හොදින් දන්නා කෙනෙකු මුදල් ඇමති කරන්න. නීති ක්‍ෂෙත්‍රය ගැන දන්නා නිපුනත්වයක් ඇති කෙනෙකුට අධිකරණ ඇමතිකම දෙන්න. පරණ හොරු ඇල්ලීමෙන් මෙරට දියුණු කරන්න බැහැ. හොරකම පගාව නැත්තටම නැති කිරීමෙන් රට හදන්න පුළුවන්. එමනිසා ප්‍රාදේශීය සභාවේ මිනින්දෝරු ප්ලෑනක් අනුමත කරගැනීමේ සිට කොන්ත්‍රාත්තු දීමේදී අල්ලස් ගැනීම නවතා දැමීමට පියවර ගන්න.

:       0       0

Rohana Thursday, 29 March 2018 08:26 AM

ඕක කරන්න තිබුනේ මුලදී. ප්‍රමාද වැඩියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කූඩුවේ සිටි සැකකරු මුදවා ගන්න ගිය පීසී අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 22 283 0

සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි


අද සවස එකෙන් පසු තද වැසි
2025 අප්‍රේල් මස 22 230 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 2846 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 807 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 253 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 638 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 519 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 294 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site