IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මහබාගේ වෙඩික්කරු ඇතුළු තුනක් මාට්ටු

(ගයාන් සූරියආරච්චි)

මහබාගේ දි ඉකුත් දා වෙඩි තබා මස් කඩ හිමියකු මරාදැමීම සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනකු සැකපිට ප්‍රශ්න කිරිම සඳහා අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන වැල්ලේ සාරංගෙ මස්සිනා සංවිධානාත්මක අපාරාධකරුවකු බව කියන නිපුනගේ පර්ශයෙන් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පරික්ෂණ සිදු කරන පොලිසිය කියයි. 

යුද හමුදාවෙන්  පැනගිය සෙබළකු වන ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වෙඩි තැබිම සදහා යුද හමුදාවේ හිටපු සෙබලුන් දෙදෙනකු සහ දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින සෙබළකු සම්බන්ධ බවට ලැබුණු තොරතුරක් මත පරික්ෂණ පැවැත් වූ පොලිස් විශේෂ කාර්ය බළකාය  වෙඩික්කරුවකු  බව කියන  දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින යුද හමුදා සේවය කරන කෝප්‍රල්වරයකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔහු සේවය කරන  මඩකලපුව ප්‍රදේශයේ කදවුරෙන් පැන ගොස් ඇත.

පසුව  යුද හමුදා බුද්ධි අංශය සිදු කළ විශේෂ මෙහෙයුමකදී   අම්පාර ප්‍රදේශයේ දී සැකකාර සෙබලා මීට සුළු මොහොතකර පෙර අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

 



අදහස් (0)

මහබාගේ වෙඩික්කරු ඇතුළු තුනක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ තැපැල් සේවාවක් අද
2024 සැප්තැම්බර් මස 08 2 0

ජනාධිපතිවරණයට අදාල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ජන්දදායකයින් වෙත බෙදා හැරීමේ විශේෂ තැපැල් සේවාවක් අද (8) ක්‍රියාත්මක බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිං


බෝට්ටු දෙකකින් ඇවිත් තවත් බෝට්ටුවක් කොල්ල කාලා
2024 සැප්තැම්බර් මස 08 56 0

ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදු කරමින් සිටියදී තවත් බෝට්ටු දෙකකින් පැමිණි අට දෙනෙකු එම බෝට්ටුවේ එන්ජිම ඇතුළු ලක්ෂ දහඅටක දේපළ කොල්ලකා පලා ගොස් ඇතැයි ක


රන් ගුවන්තොටින් පන්නන්න බැරිවෙයි
2024 සැප්තැම්බර් මස 08 60 0

රුපියල් කෝටි තුනක් පමණ වටිනා රන් බිස්කට් තොගයක් තම කළිසම් සාක්කුවේ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළ සංක්‍රමණික මගී පර්යන්තයේ රැදී සිටි ගුවන් මගියෙකු ග


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 08 26 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 802 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘
2024 සැප්තැම්බර් මස 08 535 0

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රය


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 868 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 678 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site