(රංජිත් කරුණාවිර)
මහියංගන ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක්, තවත් පිරිසක් සහ පොදුජන පෙරමුණ පක්ෂ ආධාර කරුවන් පිරිසක් මහියංගණ පොලිසිය ඉදිරිපිටදී අද (12) ඇති කරගත් ගැටුමකින් 12 දෙනකු තුවාල ලබා ප්‍රතිකාර සදහා මහියංගණ මුලික රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය කියයි.
.
මහියංගණ ප්‍රාදේශිය සභාවේ 2021 වර්ෂය සදහා දෙවන අය වැය ලේඛනයද පරාජය වීමත් සමඟ ප්‍රාදේශිය සභාභූමියෙන් පිටතදී පසුගියදා 08 වෙනිදා ඇති වු උණුසුම් අවස්ථාවේ ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ නිශ්ශන්ක වර්ණසුරිය මන්ත්‍රීවරයා හා මහියංගණ වෙළෙද සංගමයේ සභාපති චන්ද්‍රසෝම ගජනායක මහතා අතර උණුසුම් කථාබහක් ඇතිව පොලිසිය මැදිහත්ව ගැටුමක් දක්වා යෑම වළක්වා තිබේ.
ඉන්පසු මහියංගණ වෙළෙද සංගමයේ සභාපති චන්ද්‍රසෝම මහතා විසින් ප්‍රාදේශිය සභා මන්ත්‍රී වර්ණසුරිය මහතා තමන් හට තර්ජනය කල බවට පොලිසිය හමුවේ පැමිණිල්ලක් ගොණුකරනු ලැබු අතර, පැමිණිල්ල විභාග කිරිම සඳහා අද (12) සවස දෙපාර්ශවය මහියංගණ පොලිසිය වෙත කැදවා තිබිණ.
පැමිණිල්ල විභාග කිරිමෙන් පසු දෙපාර්ශවය පොලිසිය ඉදිරියේ සමතයතට පත්ව ඇති අතර පොලිස්ථානයෙන් බැහැරට යමින් සිටියදී යලි ඇතිවු කථාබවහක් දුරදිග ගොස් පොලිස්ථානයේ ගේට්ටුව අභියසදී යලි පහරදීමක් සිදුව ඇත. දේශපාලන ආධාරකරුවන් රැසක්ද එම ස්ථානයේ සිට ඇති අතර ඔහුන්ද එම ගැටුමට මැදිහත්ව, පහරදීම දැඩිව සිදුව ඇත. එහිදී තුවාල ලැබුවන් ප්‍රතිකාර සදහා මහියංගණ මුලික රෝහලට ඇතුලත්ව තිබේ.
මුදල් කොන්ත්‍රාත් පදනම මත කඩු මන්නාවලින් පහරදී මනුෂ්‍ය ඝාතන සිදුකරන සංවිධානාත්මක අපරාධ කල්ලියක හිටපු හමුදා සෙබළකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගැනීම
පවුල් ආරවුලක් හේතුවෙන් සිය බිරිද ඇතුළුව එකම පවුලේ සිව්දෙනකුට තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොල
මුහුණු ආවරණය කරගෙන යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයකු සිදුකල වෙඩි තැබීමකින් පිංවල පදිංචි පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයකු තුවාල ලබා ඇති බව හිර
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි
වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මහියංගන ප්‍රා. සභාවේ මන්ත්‍රීවරු ගැටී 12 ක් රෝහලේ
Rata Perata Sunday, 13 December 2020 11:40 AM
සෞභාග්‍යයේ දැක්මක්... බයියනි, කලබල නොවන්න...