IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මහරගම වෙළෙන්ඳෝ උද්ඝෝෂණයක

තොග හා සිල්ලර වෙළෙඳුන් මත වැට් බදු පැනවීමට විරෝධය පා මහරගම වෙළඳ සංගම් එකමුතුව අද (17) මහරගමදී උද්ඝෝෂණයක් කළහ. මහරගම නගරයේ කඩසාප්පු ද එම වසා දමා තිබිණි.

මහරගම, පමුණුව දේවාල පාරේ සිට පෙළපාලියකින් පැමිණි උද්ඝෝෂකයෝ හයිලෙවල් මාර්ගයේ මංතීරු දෙකක් අවහිර කරමින් පැය භාගයක පමණ කාලයක් උද්ඝෝෂණය කළහ.

maharagama_617 maharagama_6172 maharagama_6173



අදහස් (0)

මහරගම වෙළෙන්ඳෝ උද්ඝෝෂණයක

තිළිණ Friday, 17 June 2016 07:39 PM

මෙහෙම කළා කියලා මේ ඉල්ලීම් දිනාගන්න බැහැ (නි)

:       0       0

තිලක් - නුවර Friday, 17 June 2016 07:36 PM

මෙතන ඉන්න අයට නම් ඇත්ත තේරුම් ගන්න බැරිකමක් තමා පෙනෙන්නේ. ඉට්කා ආවහමත් ඔබතුමාලට පාරට බහින්න හිතෙයි. (නි)

:       0       0

සිරි Friday, 17 June 2016 08:51 PM

වැට් වැඩි කළේ ජනතාවට සහන දෙන්නලු. මේකත් හරියට උෟරාගෙ මාළු උෟරාගෙ පිටේම තියලා කපනවා වගේ (නි)

:       0       0

රාමන් Friday, 17 June 2016 10:58 PM

මේකේ අදහස් දාපු අය මේවට හරි කැමතියි වගේ. විරෝධයක් දක්වන්න ඕනෑ මන්ත්‍රීවරු ඇමතිවරු කෝටි ගණන් වාහන ගන්න ඒවටත්. අනේ මෙහෙම අයනේ යහපාලනය ඉල්ලන්නේ (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 18 June 2016 01:16 AM

සෑම්, ඔය කතා වැඩක් නැහැ. ඔවුන්ගේ මෙම ක්‍රියාවේ අර්ථය පමණක් බලන්න. වැට් නිසා දෙගොල්ලන්ටම පාඩුයි. මිනිසුන් බඩු ගැනීම අඩුකරලා. එතකොට ඒගොල්ලන්ට වෙළඳාම් නැත (නි)

:       0       0

බමුණුසිංහ Saturday, 18 June 2016 01:21 AM

තිලක්, ඇත්ත මොකක්ද කියලා පහදා දෙන්න. ඉට්කා අාවම අපි පාරට බහිනවා, ඔබතුමාලා යහතින් ඉන්නවා කියලද කියන්නේ. ඇයි ඉට්කා ගෙනඑන්න ඉඩ දෙන්නේ කියලා පැහැදිලි කරන්න (නි)

:       0       0

දිලුම් Monday, 20 June 2016 08:02 AM

අනේ සෑම්, රටකට බදු ඕනෑ කියලා අපිත් දන්නවා. ඒත් මෙයාලා අපෙන් බදු අරන් වියදම් කරන්නේ එයාලට සැප ගන්න. රටේ දියුණුවට වියදම් කළා නම් අපිටත් ඒ බදු බර කොහොමහරි දරාගන්න තිබුණා හෙට වෙන යහපත වෙනුවෙන්. ඒත් පේන මානෙකවත් එහෙම දෙයක් නැහැ. ඒකයි දුක. ඔයාලගෙ ඔය ආර්ථික න්‍යාය මේ වගේ අයට තේරෙන්නේ නැහැ (නි)

:       0       0

බන්දුල Saturday, 18 June 2016 01:27 AM

වැට් වැඩිකළේ ජනතාවට සහන දෙන්නලු. හැබැයි ගෙන්වන්නේ කෝටි 9 කාර්. අනේ මගේ කට! (නි)

:       0       0

බණ්ඩාර Saturday, 18 June 2016 01:30 AM

මේගොල්ලෝ බදු ගෙවන්නේ රිසිට් කඩලාද? මේගොල්ලොත් තොග පිටින් බඩු ගන්නකොට ඒවාට වැට් ගෙවනවා. වැට් පටන්ගන්නේ සිල්ලර කඩෙන් නොවෙයි (නි)

:       0       0

කල්ප Saturday, 18 June 2016 02:05 AM

වැට් දුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියව්! (නි)

:       0       0

සෑම් Saturday, 18 June 2016 02:08 AM

මේකට මෙතරම් විරෝධයක් එන්නේ වෙළෙන්දන් වැට් අය කළොත් ඔවුන්ට ඔවුන්ගේ ගිණුම් නිසියාකාරව පවත්වාගෙන නීත්‍යානුකූලව ආදායම් බදු ගෙවන්න සිදුවීමයි. එක්කෝ ඔව්න් වැට් අයනොකර ගනුදෙනු පොත්වල නොලියා ඉන්න ඕනෑ. එහෙම නැත්නම් වැට් අය කරලා ඒවා සමඟ ලැබෙන ඉතිරි ආදායමත් පොත්වල ලියලා තමාගේ ආදායම අනුව ආදායම් බදු ගෙවන්න ඕනෑ. ලැබෙන ලාභය සඳහා බදු ගෙවන්නේ නැතුව බොරු ගණන් හිලව් ආදායම් බදු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරපු එක මින් ඉදිරියට කරන්න බැරිවෙනවා. මේ විරෝධතාවය ඒකටයි (නි)

:       0       0

නාමල් Saturday, 18 June 2016 03:19 AM

මේ මිනිස්සු මේ කෑගහන්නේ අපි වෙනුවෙන් නේද? (නි)

:       0       0

ප්‍රතාප Saturday, 18 June 2016 03:18 AM

මේගොල්ලන්ගෙන් කීදෙනෙකුට ටැක්ස් ෆයිල් තියෙනවද? (නි)

:       0       0

නුවරඑළියේ වසන්ත Saturday, 18 June 2016 04:22 AM

අපිටම ගහගන්න ඕනෑ ජනවාරී 8 වෙනිදා රටට කරපු මේ විනාශයට. (නි)

:       0       0

තිවංක Saturday, 18 June 2016 05:02 AM

උපාලි, හරියටම හරි ඔයා. හැම තැනකම ඒ දේ තමයි වුණේ. ෆුඩ්සිටි එකේ බලන්න වැට් කියලා අලුත් ගණන දාලා තියනවා. අවාසනාවට ලංකාවේ සමහරක්ට ඒවා තේරෙන්නේ නැහැ (නි)

:       0       0

ඩිල්ෂාන් Saturday, 18 June 2016 03:29 PM

සෑම්, රට අගාධයට යද්දී මෙහෙම විකාර කියනවද? කවුරුත් නැවතිලා හිතන්න මේ ආණ්ඩුව ආ දවසේ ඉඳලා කළේ බොරුවම නේද කියා. අඩුගානේ මනුස්සයෙකුට වාහනයක්වත් ගන්න පුලුවන්ද? නමුත් මැති ඇමතියෝ රැල ගංවතුර, නාය යාම් අස්සේ තමුන්ට භාවිතයට මහජන මුදලින් කෝටි ගණන් ගෙවලා සැප වාහන ගෙන්න ගන්න ලැහැස්තියි. (නි)

:       0       0

පසිදු Saturday, 18 June 2016 05:43 AM

මේක බලපාන්නේ සාමන්‍ය ජනතාවට තමයි.(හේ)

:       0       0

තිලක් Saturday, 18 June 2016 05:41 AM

ශ්‍රී ලාංකිකයන් ව්‍යාපාර වලින් ඉවත් වුනාම, ඉන්දියනුවෝ තුට්ටු දෙකේ බිස්නස් මෙහේ ඇතිවෙයි. ප්‍රාග්ධන බද්දත් ආවාහම දේපල සහ කොටස් වෙළඳ පොළ වැටුනහම මොකද වෙන්නේ... (හේ)

:       0       0

අර්නෙස්ටෝ Saturday, 18 June 2016 05:41 PM

මා පිළිගන්නා හැටියට ලංකාවේ ව්‍යාපාරිකයන්ගෙන් හරියටම බදු ගෙවන්නේ මුස්ලිම් සහ දෙමළ අය පමණි. (නි)

:       0       0

තිලක් - නුවර Saturday, 18 June 2016 06:07 AM

බමුණුසිංහ මහත්තයෝ, මට කියන්න ඕනෑ වුණේ වෙන දෙයක්. මෙතන ඉන්න කට්ටිය කිව්වේ මහත්තයෝ, ඉට්කා අාවොත් අපි ඉවරයි කියලා (නි)

:       0       0

නුවන් Saturday, 18 June 2016 06:07 AM

සෑම් කියන දේ සම්පූර්ණ ඇත්ත. හරිනම් වැට් වලට ලියාපදිංචි කරන්න මිලියන 30 ට වැඩි ආදායම් ලබන්න ඕනෑ. ලියාපදිංචි අංකය වෙළද සලේ ප්‍රදර්ශනය කළයුතුයි. එම අංකය බිලේ සඳහන් වියයුතුයි. වෙනත් රටවල නියම මිලත්, ඉන්පසු වැට් ප්‍රතිශතයත් එකතුවට කලින් බිලේ දානවා. මෙයාල වැට් කියලා මිල වැඩිකරලා ඒක පොත්වල අඩුවෙන් දාලා ආණ්ඩුවට අඩුවෙන් ආදායම පෙන්නනවා. (නි)

:       0       0

සෑම් Friday, 17 June 2016 08:20 AM

අද කඩ වැහුවාම ඒකෙන් වෙන පාඩුවත් හෙට අනිද්දාට පාරිභෝගිකයාගෙන්ම අය කරගන්නේ මේ සත්ගුණවත් වෙළඳ මහතුන්ම තමයි. (ර)

:       0       0

කිත්සිරි Friday, 17 June 2016 08:34 AM

ඔක්කොම මෙම විරෝධතාව පෙන්නන්ඩ ඕන. (ර)

:       0       0

බන්ටි Sunday, 19 June 2016 12:40 AM

ඉට්කා අාවොත් කාට කාටත් තේරෙයි රඟේ (නි)

:       0       0

සිසිර Friday, 17 June 2016 08:54 AM

අනේ සැමගේ නොදන්නා කමට මොනව කරන්නද.? (ර)

:       0       0

බණ්ඩාර Sunday, 19 June 2016 12:42 AM

අපි තේරුම්ගන්න ඕනෑ අපිට කරන්න බැරිදේයි මෙයාලා මේ කරන්නේ කියලා (නි)

:       0       0

බමුණුසිංහ Sunday, 19 June 2016 12:44 AM

ප්‍රතාප්, ඒගොල්ලන්ගේ ටැක්ස් ෆයිල් හොයන්න එපා. වැට් වලට විරුද්ධව ගෙනයන උද්ඝෝෂණය අනුමත කරන්න. (නි)

:       0       0

කුමාරි Friday, 17 June 2016 09:36 AM

මේ අයගෙන් වැඩි දෙනෙක් අනවසර වෙළෙන්දෝ පමුණුව පාර වගේම දුම්රිය පාරත් අවහිර කරගෙන සාමාන්‍ය මිනිසුන්ගේ දින චර්යාවට බාධා කරගෙන තමයි මෙයාල වෙළදාම් කරන්නේ . මහරගම නගර සභාවත් මෙයාලට බයයි . දැන්වත් මේ පාරවල් ටික සුද්ද කරලා මෙයාලව වෙනතැනකට දක්කුවනම් තමා හොඳ. එතකොට ඔය මහරගම මාර්ග තදබදයත් නිකම්ම විසඳේවි . අවාසනාවට දේශපාලුවන්ට මේවා තේරෙන්නේ නැහැ (බ)

:       0       0

චානක Friday, 17 June 2016 09:39 AM

අපෙන් බදුගහන මහත්තයන්ට බද්දක් ඇයි අවුල්ද (බ)

:       0       0

සම්පත් Friday, 17 June 2016 09:40 AM

රටකට බදු අදායම නැතුව බෑ , අපි මේක යහපාලනය නාමයෙන් තේරුම් ගන්න ඕන (බ)

:       0       0

රජින්ද Friday, 17 June 2016 09:38 AM

දැවැන්ත විරෝධයක් අත ළග එන හැඩයි. මේ පුපුරන කස හඩ බලධාරීන් මර නින්දෙන් ඇහැරවන ශබ්ද පුජාවක්ම වේවා...(බ)

:       0       0

හසන් Friday, 17 June 2016 09:42 AM

සෑම් ඔබ හරි! ලංකාව අාර්ථිකයෙනුත් පහළින් මානසිකත්වයෙනුත් පහළින් කියලා මෙයින් පිළිබිඹු වෙනවා. (බ)

:       0       0

සමන් Friday, 17 June 2016 09:41 AM

සෑම් එතකොට ආණ්ඩුව කරන ඕනේ වැරදි වැඩක් කටවහගන හිටියනම් හරිද ? බලන්න මේ විදිහට හැම දේටම බදු ගහන්න ගිහාම මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? (බ)

:       0       0

නිශ්ශංක Friday, 17 June 2016 10:02 AM

සම්පත්, මාරයි නේ වෙනස. ඔයාට බද්ද ප්‍රශ්නයක් නොවුනට අපිට මේවා දරාගන්න බැහැ හලෝ.පොඩි මිනිහගේ පැත්තෙන් හිතන්න.(හේ)

:       0       0

ප්‍රදීප් Friday, 17 June 2016 10:08 AM

කෙළවරක් නැතුව කිසිම අාදායමක් නැති ව්‍යාපෘති වලට ගත්තු ණය ගෙවන්නේ කොහෙන්ද ? ආණ්ඩුවට සල්ලි මවන්න විදිහක් නැනේ (බ)

:       0       0

උපාලි Friday, 17 June 2016 10:33 AM

වැට් බද්ද මේ වෙළෙන්දෝ පාරිභෝගිකයන් වන අපට පාස් කරනවා මිසක් ඔවුන් ගෙවන්නේ නැහැනේ. අපි ගෙවන මිලට එ්කත් ඇතුළත් කරලා ඔවුන් අපෙන් අයකරන්නේ. එතකොට මේ වෙළෙන්දෝ පාරට බහින්නේ අපට ආදරේටද? තමන්ට කිසිම පාඩුවක් සිද්ධනොවෙද්දී අපිට සහන අරන් දෙන්නද? ලෝකේ පළමුවෙනි වතාවට වෙන්න ඇති වෙළෙන්දෝ පාරිභෝගිකයා වෙනුවෙන් සටන් වදින්නේ. (නි)

:       0       0

එරන්ද Friday, 17 June 2016 10:45 AM

මේ බදු වැඩිකිරීම ජනජීවිතයට කර ඇති බලපෑම ඉතාම ඉහළයි (නි)

:       0       0

සේන Friday, 17 June 2016 10:56 AM

රට හැම අතින්ම විනාශවෙලා තමයි මෙම රජය අවසන් වෙන්නේ. දැන් කතා කරලා වැඩක් නැහැ. ඡන්දෙ දීපු අය කට ඇරගෙන උඩ බලාගෙන ඉන්නවා (නි)

:       0       0

ලලිත් Friday, 17 June 2016 11:20 AM

කලින් කෙනා බදු ගහනකොට ඔය හැමෝම කට වහගෙන හිටියා. දැන් යහපාලනය හින්ද හැමෝම හැමදේටම පාරට බහිනවා. ඉස්සර බැස්සා නම් බලන්න තිබුනා (නි)

:       0       0

සෑම් Friday, 17 June 2016 11:42 AM

සමන්, බදු අයකිරීම වැරදි ක්‍රියාවක් නොවේ. ඒකෙන් මිනිසුන්ගේ ජීවන වියදම ඉහළ ගියත් රටක් වශයෙන් දියුණු වෙන්න නම් හැමෝම මේකට දායක වියයුතුයි. (නි)

:       0       0

ගාමිණී Friday, 17 June 2016 12:50 PM

වැට් අඩුකර වහපු කඩවල් වලට අදායම් බදු දෙන්න ඕන ගෙවනවද බලන්න. (ර)

:       0       0

අතුල Friday, 17 June 2016 01:11 PM

සමන්, සල්ලි ණයට අරගෙන ආණ්ඩුවේ සේවකයන්ගේ පඩි ගෙවන එකද හරි නැතිනම් ටික කාලයක් ඉවසගෙන රට ණය උගුලෙන් ගැලවෙන එකද හරි. (ර)

:       0       0

කරුණාපාල Friday, 17 June 2016 02:27 PM

මෙතන මේ කෑ ගහන වෙළෙන්දෝ රජයෙන් බඩුමිල අඩු කලාම ඔවුන් අඩු කලාද? එතකොට කියන්නේ මේවා කලින් ගෙනාපු නිසා අඩුවට දෙන්න බැහැ කියලයි. (ර)

:       0       0

රාධා Friday, 17 June 2016 02:47 PM

මේගොල්ලෝ බදු ගෙවන්නේ රිසිට් කඩලාද? (ර)

:       0       0

සංජු Friday, 17 June 2016 03:24 PM

මුළු රටම එකම අච්චාරුවක් ..... (ර)

:       0       0

ක්‍රිෂාන් Friday, 17 June 2016 03:23 PM

මේ බදුනම් තිත්තයි. (ර)

:       0       0

අමිල Friday, 17 June 2016 04:03 PM

වැට් එක දානවා කියපු දවසේ ඉඳන් තමන්ගේ බඩුවල මිල වැඩිකරපු මේ අයද මේ උද්ගෝෂණය කරන්නේ ? (ර)

:       0       0

රණවීර Friday, 17 June 2016 05:02 PM

ගාල්ලෙන් ඇරඹුවේ මේ බදු බර අඩුකරන වැඩ සටහන ඔබ අප හැමදෙනාගේම සුබ සාධනය සඳහාය. (ර)

:       0       0

කෘෂාන් Friday, 17 June 2016 05:30 PM

කුමාරි, මේ වගේ කොමෙන්ට් දාන්න එපා. පොඩි ව්‍යාපාර කරන පොඩි මිනිසුන්ට. (ර)

:       0       0

දමිත් Saturday, 18 June 2016 11:34 AM

ඇමතිවරු අපි වෙනුවෙන් අපමණ වෙහෙසෙනවා. එ්ක නිසා අපි එයාලා වෙනුවෙන් පටි තද කරගෙන කාර් ගෙන්නන්න ඉඩ දෙමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 596 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1153 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1719 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 430 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 1150 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 2113 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38798 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site