IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


මිහිරි නත්තලේ - සොඳුරු අදහස්

මේ නත්තල් කාලයයි. අප රටේ ජනප්‍රිය කලාකරුවන් පිරිසක් කළ නත්තල හා බැදුණු අදහස් පෙළගැස්මයි මේ.

 

ප්‍රවීන රංගන ශිල්පී රිචඩ් මානමුදලි

2016-12-24-ent-52“මම කතෝලිකයෙක්. මම ඉන්නේ මීගමුවේ. මීගමුව කියන්නේ කතෝලික පුරවරයක්. "පුංචි රෝමය" කියලත් කියනවා. ජේසු සමිඳාණන්ගේ උත්පත්ති මංගල්‍යය තමයි නත්තල. එතුමාණන්ට සාමයේ සහ ප්‍රේමයේ කුමාරයාණන් කියලත් කියනවා. බයිබලයේ ප්‍රේමයේ ගුණාංග ගණනාවක් දක්වලා තියෙනවා. අසාධාරණය රජ කරපු ලෝකයට දේවත්වයෙන් මිදිලා, දිළිඳු පවුලක ඉපදිලා, ජනතාවට ජීවිතයේ සත්‍ය අවබෝධ කරල දුන්න ජේසු සමිඳාණන් තම ජීවිතයත් පූජා කළේ සත්‍ය වෙනුවෙන්. ප්‍රේමයේ ඉවසිලිමත්භාවය, කරුණාවන්තභාවය අපි ළඟ තියෙනවද, ප්‍රේමය අපි පාරට්ටු කරගන්නේ නැතිද යනවග මේ නත්තල් සමයේ අප විසින්ම විමසා බැලිය යුතුයි.

නන්දා මාලිනී ගයන මහාචාර්ය සුනිල් ආරියරත්න රචනා කළ %ජේසු ස්වාමි දරුවනේ^ ගීතයේ පහත පද පේළිය, වත්මන් සමාජය ඉතා හොඳින් හිතට ගන්න ඕනෑ.

 

"පැල්පතේ හඬද්දි සාදුකින් දුගී ළමෝ

මන්දිරේක සාදයක්ය, මිහිරි නත්තලේ

ඒ නොවේය සාමිනේ ඔබ දෙසූ දහම්

ගොල්ගොතාව කුරුස කන්ද රතු ලෙයින් තෙමා"

 

 

රංගන ශිල්පිනී දිනක්‍ෂි ප්‍රියසාදි

“අපි කතෝලික. අපේ ගෙදර හැම අවුරුද්දේම "ක්‍රිස්මස්" පටන් ගන්නේ දෙසැම්බර් 01 වැනිදා ඉඳලා. පළමුවැනිදා ඉඳලා හැමදාම උදේට අම්මි ක්‍රිස්මස් කැරොල්ස් දානවා. අපි නැඟිටින්නේ ඒ ගීත අහගෙන. "ක්‍රිස්මස් ට්‍රී" එක හැදුවා. ගවලෙන හැදුවා. මේ සැරේ මට ටිකක් කාර්යබහුල වුණ නිසා මේ සැරේ ඒවා හැදුවේ මගේ නංගිල දෙන්නයි, (ශනුද්‍රි සහ ශේෂාද්‍රි) මගේ අම්මයි. ක්‍රිස්මස්වලට ගැළපෙන විදියට ටේබල් ඩෙකෝස්, ටේබල් මැට්ස් හදලා තියෙනවා. අපේ ගෙදර ආවොත් බලාගන්න පුළුවන්. ඊයේ පෙරේදා ක්‍රිස්මස් කේක් හැදුවා. දැන් මුළු ගෙදරම සුවඳයි. 24 රෑ "මිඩ්නයිට් මාස්" එකට "සෙන්ජෝශප්ස්"පල්ලියට යනවා. මෙවරත් 25 උදේ ටී.වී. ප්‍රෝග්‍රෑම්ස්වලට යන්න තියෙනවා. අවුරුද්දේ මම කැමතිම කාලය ක්‍රිස්මස් කාලය. දේශගුණයත් වෙනස් වෙලා ඇති වෙන "ක්‍රිස්මස් ෆ්‍රීලිං" එකට මට හරි ආසයි. 2016 අවුරුද්දේ මට ගොඩක් අවස්ථා සහ ඇගයීම් ලැබුණා. ඒවා ගැනත් සතුටුයි.*

 

2016-12-24-ent-53

චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු

“මම කතෝලික. දෙසැම්බර් සීතල සුළඟ ඇඟට වැදෙනකොටත් හිතට හරි සතුටක් දැනෙනවා. මගේ උපන් දිනෙත් යෙදිලා තියෙන්නෙ දෙසැම්බර් මාසේ. දෙසැම්බර් මාසේ දවස් තිස්එකම පාටි තියෙන්නේ. සල්ලි තියෙන අයට සතුටුදායක නත්තලක් වෙනවා වගේම සල්ලි නැති අයට දුක්ඛිත නත්තලක් වෙනවා. ඒ ගැන මට දුකයි."

 

2016-12-24-ent-54

ගායක සනුක වික්‍රමසිංහ

“මඟුල් ගෙවල්වල ගීත ගායනා කිරීම සහ සංගීත කණ්ඩායම් එක්ක සංගීත සංදර්ශනවලට සහභාගි වීම තමයි මේ දවස්වල මම වැඩිපුරම කරන්නේ. මගේ අලුත් "සරාගයේ" ගීතය විෂුවල් එකත් එකක් "ලෝන්ච්" කරන්න සූදානම් වෙමින් මේ දිනවල ඉන්නේ. සමහර කෙල්ලොන්ගෙන් නම් මේ දවස්වල නොසෑහෙන්න කරදර තියෙනවා. දැනට පෙම්වතියක් නැහැ."

 

2016-12-24-ent-55

රංගන ශිල්පිනී සචිනි අයේන්ද්‍රා

“මේ පාර "ක්‍රිස්මස් සීසන්" එක නම් හරිම "බෝරිං" අනේ. පාරවල්වල "ක්‍රිස්මස් ඩෙකරේෂන්ස්" නැහැ."ක්‍රිස්මස්" කියන ෆීලිං එක නැහැ. මම ඇත්තටම දන්නේ නැහැ මොකක්ද හේතුව කියලා."

2016-12-24-ent-56

 

ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා

“මේ සීසන් එකටත් දිගටම වැඩ තිබුණා. එදා නත්තලට වඩා අද තත්ත්වය ජනතාවට හොඳ නැහැ. නත්තලට මගේ මව (ඩොරීන් පෙරේරා මැතිනිය) බලන්න මගේ පවුලේ සහෝදරයෝ හතර දෙනයි, සහෝදරියෝ තුන් දෙනයි, දරු මුණුබුරන්, මිණිබිරියන් එක්ක මහගෙදරට එනවා. නත්තල්දා හවසට දරුවන්ට තෑගිබෝග දීලා සතුටු වෙනවා දකින්න මම හරි කැමතියි. මොකද අපිත් කුඩා දරුවො කාලේ ඒ සුන්දර අත්දැකීම සතුටෙන් ලබපු නිසා.*

 

2016-12-24-ent-57

චිත්‍රපට නිෂ්පාදක සහ අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම්

“සිනමා ලෝලීන් සියලු දෙනාටමත් මගේ ෆෑන්ස්ලටත් "මෙරි ක්‍රිස්මස් ඇන්ඩ් හැපි නිව් ඉයර්" කියලා මම "විෂ්" කරනවා. 2017 අලුත් අවුරුද්දේ පවුලේ හැමෝටම බලන්න හොඳ ෆිල්ම්ස් කරන්නත් බලාපොරොත්තු වෙනවා.*

 

 

චිත්‍රපට සංස්කාරක අජිත් රාමනායක

“මේ නත්තල් සමයේ ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ %සරිගම^ සිංහල චිත්‍රපටය දෙමළ භාෂාවෙන් හඬ කවලා උතුරු නැගෙනහිර, මධ්‍යම පළාත හා කොළඹ ඇතුළු ප්‍රදේශවල දෙමළ කතා කරන ජනතාවට සිනමාහල්වල පෙන්වන්න %සරිගම^ දෙමළ පිටපතේ අවසන් වැඩකටයුතු කරනවා. කතෝලික පසුබිමක් තියෙන සරිගම චිත්‍රපටය මම හිතන්නේ පවුල් පිටින් නරඹන්න පුළුවන් නත්තලට සුදුසු නිර්මාණයක් වේවි.

 

 

රංගන ශිල්පිනී මහේෂි මධුසංකා

මේ දවස්වල නත්තල් ටීවී වැඩසටහන්වලට සහභාගි වෙනවා. හැමදාම නත්තල එන්නේ අවුරුද්දක අවසානයේ. මේ කාලය අවුරුද්ද පුරා අපි යාළුවෝ හැටියට ආශ්‍රය කරපු අය ඇත්තටම අපේ යාළුවෝද කියලා කල්පනා කරන්නත්, ඒ අත්දැකීම් තුළින් එළඹෙන අවුරුද්දට මුහුණ දෙන්නත් හොඳ අත්වැලක් වෙනවා. අපි වසර පුරා කළ දේවල්වල ප්‍රතිඵලත් අපට මේ කාලෙදි දකින්න ලැබෙනවා.*

2016-12-24-ent-58

 

රංගන ශිල්පිනී පියුමි බොතේජු

“මම බුද්ධාගමේ වුණාට අපේ ගෙදර නත්තල සමරනවා. ලක්වාසී සියලුදෙනාටම සුබම සුබ නත්තලක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ලබන්නා වූ 2017 නව වසර සුබදායක වෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනවා.*

 

 

රංගන ශිල්පිනී උදාරි පෙරේරා

“මම කතෝලික. ජේසුතුමා ගෙනාපු සාමයේ පණිවුඩය වර්තමානයට ගැළපෙන විදියට සකස් කරගැනීමට කාලයයි කියල මට හිතෙනවා. අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන් ඇතුළු තමන්ගේ පවුලේ අය සමග තමයි මුලින්ම සාමය ඇති කරගන්න ඕන. පවුලේ අය අතරේ ඇති වන සාමය තමයි ගමත්, නගරයත්, රටත්, මුළු ලෝකයත් සාමකාමී තැනක් බවට පත් කරන්නේ. එය හිතේ තියාගෙන ක්‍රෝධය, වෛරය හිතෙන් ඉවත් කරලා නත්තල සමරන එක තමයි මගේ අරමුණ."

 

 

රංගන ශිල්පී හර්ෂණ බෙත්මගේ

“මේ දවස්වල සුරංග ද අල්විස් මහත්මයාගේ "කිඩ්නැප්" කියන චිත්‍රපටයේ රූගත කිරීම් කරනවා. එක මගේ තුන්වැනි චිත්‍රපටය. සුළු චරිතයක් කළ මගේ පළමුවැනි චිත්‍රපටය "ආලෝකෝ උදපාදි" ජනවාරි 20 EAP මණ්ඩලයේ ප්‍රදර්ශනය වීමට නියමතයි. අර්ජුන කමලනාත්ගේ "කුණාටුවේ මාරයා" මගේ දෙවැනි චිත්‍රපටයත් ප්‍රදර්ශනයට නියමිතයි. රවීන්ද්‍ර විජේරත්න අයියගේ "සකී" සහ "ජෝඩු ගෙදර" ටෙලි නාට්‍යවල රූගත කිරීම්වලටත් මේ දවස්වල සහභාගි වෙනවා."

 

 

රංගන ශිල්පී අනුජ් රණසිංහ

“මේ දවස්වල බර්මින් ලයිලි ප්‍රනාන්දු මහතාගේ "අග පිපිමල්" චිත්‍රපටයේ රඟපානවා. ඒකෙ ටෙඩී විද්‍යාලංකාර අයියත් එක්ක, සිනමාවේ මගේ පළමුවැනි "ෆයිට් සීන්" එක "රිහසල්" කරනවා. උදයකාන්ත වර්ණසූරිය මහතාගේ "වස්සානේ සඳ" චිත්‍රපටයත්, හඬකැවූ ටෙලි නාට්‍ය දෙකකුත් ප්‍රදර්ශනය වෙන්න තියෙනවා. "සිතැත්තී" ටෙලි නාට්‍ය‘යේ රූගත කිරීම් කරනවා. හිරු මෙගා ස්ටාර් එකේ වැඩකටයුතුවලත් නිරත වෙනවා.

 

 

2016-12-24-ent-59ජ්‍යෙෂ්ඨ ගායිකා මල්කාන්ති නන්දසිරි

මගේ මමත්, පියාත් කතෝලික. මම ඇතුළු පවුලේ අය එදා පාස්කුව, නත්තල ආගමික වතාවත්වලට අනුව නිසිලෙස සැමරනවා. මගේ බෞද්ධ සැමියා වන මහාචාර්ය සනත් නන්දසිරි මහතා එම කටයුතු නොඅඩුව කරන්න අදත් මට ලොකු සහයෝගයක් දෙනවා. මමගෙවල් දොරවල් ලස්සනට තියාගන්න කැමතියි. ඒවා අගය කරනවාට මම හරි කැමතියි. මගේ හිතවතියන්ට රසවත් ආහාරවලින් සංග්‍රහ කරන්න මම මේ නත්තලෙත්සූදානමින් ඉන්නවා. අපේ ගෙදර ආවම ඉන්න කුඩා දරුවන් වෙනුවෙන් ගෙදර නත්තල් ගහ පාමුල මම තෑගි තියලා තියෙනවා. අපේ කුඩා කාලෙ නත්තල හරි අහිංසක නත්තලක්. එදා නත්තල සැමරූ මිනිස්සුන්ගේ අහිංසකත්වය අද වෙනස් වෙලා සමාජය තරගකාරී වෙලා. අපි කෙනෙකුට ප්‍රියමනාප විදියට පේන්න ඕන. ඒත් පල්ලියේදි හැමෝටම වඩා ඉහළින් කැපී පෙනෙන්න ඇඳුම් පැලඳුම්වලට වියදම් කරන එක මම හිතන්නේ නත්තලේ නිවැරදි අරමුණ නෙවෙයි.

 

 

රංගන ශිල්පිනී/නිවේදිකා ටෙක්ලා කුමුදු කුමාරි

“තාත්තා කතෝලික. අම්මා බෞද්ධ, මේ නත්තලේ දුප්පත් දරුවන්ට උදව් කරන්නත්, මා බොහෝ ආදරේ කරන සත්තුන්ගේ සුබසිද්ධියට යම් කටයුත්තක් කරන්නත් බලාපොරොත්තු වෙනවා."

 

සටහන - පද්මකුමා පී. මෙත්තසේන

 

 



අදහස් (0)

මිහිරි නත්තලේ - සොඳුරු අදහස්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 171 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 438 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 316 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 922 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 96 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 13 202 0

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26057 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1344 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site