(කවිතා සුබසිංහ)
මහර බන්ධනාගාරයේ නිලධාරීන් හා රැඳවියන් 150 කට අධික පිරිසකගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකළ බවත් ඔවුන්ට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවට එම පරීක්ෂණය මගින් සනාථ වූ බව මහර බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
පසුගියදා ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙතින් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස එහි කාර්ය මණ්ඩලය විසින් මහර බන්ධනාගාරයේ නිලධාරීන් හා රැඳවියන් පිරිසක් පී.සී.ආර් පරීක්ෂණය සඳහා යොමු කළ බව මහර බන්ධනාගාර අධිකාරිවරයා පැවසීය.
රාගම හා ගම්පහ ප්‍රදේශ ආශ්‍රීතව කොරෝනා ආසාදිතයින් හමුවීමත් සමඟ මහර බන්ධනාගාර තුළ ක්‍රියාත්මක කරන ලද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදය තව දුරටත් දැඩි කිරීමට ද පියවර ගත් බව මහර බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
සිය නිවෙස් වල සිට දෛනිකව රාජකාරියට වාර්ථා කරන නිලධාරීන් සහ නිල නිවාස වල සිට සේවයට පැමිණෙන නිලධාරීන් 325 පමණ පිරිසක් සහ මහර බන්ධනාගාරයේ රඳවා සිටින 2200 අධික රැඳවියන් ආරක්ෂා කර ගැනීමේ වගකීම ආයතන ප්‍රධානියා වශයෙන් තමා වෙත පැවැරි ඇති බවත් ඒ හේතුවෙන් දැඩි නිතී රිති පනවා හෝ සෞඛ්‍ය අංශ විසින් නියම කර ඇති කොරෝනා වයිරස මර්ධන මාර්ගෝපදේශයන් අනුගමනය කීරීමට කටයුතු කරන බව ද ජගත් චන්දන වීරසිංහ මහතා පැවසීය.
විශේෂයෙන් මේ නව විට මහර බන්ධනාගාරය තුළ රාජකාරි ස්වාභාවය අනුව රැඳවියන් සමඟ සෘජුව සම්බන්ධ වන නිලධාරීන් සඳහා විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත පහසුකම් ලබාදීමට මහර බන්ධනාගාරය විසින් කටයුතු කර ඇති අතර විශේෂයෙන් බන්ධනාගාරගත වන නවක රැඳවියන් සෝදිසි කිරීම සිදු කරන හා එම රැඳවියන්ගේ ලියාපදිංචි කටයුතු සිදු කරන ස්ථානවල රාජකාරියේ නිරත නිලධාරීන් සඳහා ආරක්ෂිත ඇදුම් කට්ටල , විසබීජනාශක මුහුණු ආවරණ ඇතුළු උපකරණ ලබාදී ඇති අතර බන්ධනාගාර රැඳවියන් සියළු දෙනා සඳහා මුහුණු ආවරණ පැළදීමද අනිවාර්ය කර ඇති බව බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතා කීය.
ඒසේම අලුතින් බන්ධනාගාරගත වන රැඳවියන් දින 21 කාලයක් වෙනම සිරමැදිරි තුළ රැඳවීමටද කටයුතු කර ඇති බවත් මහර බන්ධනාගාර රෝහලේ වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න මහතා ඇතුළු වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය මෙම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් බන්ධනාගාරය තුළ අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා මනා සහයෝගයක් ලබා දෙන බව මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතා වැඩිදුරත් ප්‍රකාශ කළේය.
කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප
කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්
නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල
සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහර බන්ධනාගාරයේ නිලධාරීන් - රැඳවියන් 150 ක් පී.සී.ආර් පරීක්ෂණයට