IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මහේලගේ උත්සහය අපතේ යයි

පන්දු 52 කදී ලකුණු 66 ක් ලබාගනිමින් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම වෙනුවෙන් සටන්කාමී පිතිහරඹයක යෙදීමට මහේල ජයවර්ධන සමත් වුවද, 2013 අයි. පී. එල්. තරගාවලියේ පළමු තරගයේදීම කඩුලූ 6 ක ජයක් ලබාගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් වූ හෙයින් මහේලගේ උත්සහය අපතේ ගියේය.

මහේල දියත්කළ නායකත්වයේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 8 ක් ඇතුළත්විය.

කොල්කටාහීදී පැවති මෙම තරගයේ පළමු පන්දුවේදීම (තරගාවලියේ පළමු පන්දුව) දිල්ලි කණ්ඩායමේ අන්මුක්ත් චන්ද් දවාලීමට බ්‍රෙට්ලී සමත්වීම නිසා දිල්ලි කණ්ඩායම ආරම්භයේදීම අමාරුවේ වැටිණ.
 
තරගයේ වීරයා බවට පත්වූ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමේ සුනිල් නරේන් ලකුණු 23 කට කඩුලූ 4 ක් දවා ගනිමින් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම ලකුණු 128 කට සීමා කිරීමට සමත්විය.

දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමේ නායක ගෞතම් ගම්භීර් පන්දු 29 කදී වේගවත් ලකුණු 42 රැස්කළ අතර ඉයන් මොර්ගන් (13) සහ යූසෆ් පතන් (18) නොබිඳුන ලකුණු 30 සම්බන්ධතාවයක් ගොඩනගමින් ජයග‍්‍රහණය තහවුරු කළහ.

දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම  ඕවර 20 තුළදී සියලූදෙනා දැවී 128
(මහේල ජයවර්ධන 66, ඬේවිඞ් වෝනර් 21, සුනිල් නරේන් 23/4, බ්‍රෙට් ලී 40/2)

කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම  ඕවර 18.4 ක් තුළදී  කඩුලූ 4 ක් දැවී 129
(ගෞතම් ගම්භීර් 43, ජැක් කාලිස් 23, මනෝජ් තිවාරි 23, ඉයන් මොර්ගන් 13, යූසෆ් පතන් 18, ශාභාස් නදීම් 22/2)

(**)



අදහස් (0)

මහේලගේ උත්සහය අපතේ යයි

සේපාල දහරාන් සව්දි අරාබිය. Thursday, 04 April 2013 11:12 AM

ඔය ගිය කට්ටිය ආයෙමත් එද්දී, සල්ලි ටික පිටරට ගිණුමකට දාලා වෙනත් රටකට ගිහින් කාටත් කියන්නේ නැතුව ලංකාවට ඒවිද දන්නෙ නැහැ. (නි)

:       0       0

නිෆාල් - දෝහා Thursday, 04 April 2013 11:28 AM

දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමේ නායක ගෞතම් ගම්භීර්? එහෙනම් මහේල කල්කටා නයිට් රයිඩර් ද? (නි)

:       0       0

ඉමාල Thursday, 04 April 2013 12:16 PM

ඔය විදියට හැමෝම ජයලලිතාට වැඩ පෙන්නුවා නම් තමයි මම කැමති. (නි)

:       0       0

රාජා Thursday, 04 April 2013 12:22 PM

ඇත්තටම මෙයාලා ගියේ ජයලලිතට අභියෝග කරන්නද? එහෙමනම් චෙන්නායි වලත් සෙල්ලම් කරලා පෙන්නන්න. (නි)

:       0       0

යොහාන් Thursday, 04 April 2013 12:56 PM

ඔය ගෙනෙන සල්ලි කෙලින්ම යන්නේ කොහේටද නොදැන අපි මෙහෙ බොරුවට තප්පුලනවා. (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 04 April 2013 01:03 PM

ලකුණු වෑඩියෙ ගෑහුවොත් කුණු බිත්තර ගහන්නෙ නෑ. (අ)

:       0       0

රුවන් Thursday, 04 April 2013 01:11 PM

පුලුවං කාලෙ උපරිම හම්බු කරගන්නෙක තමා හොදම දේ... සල්ලි නැතිඋනාම කව්රුවත් ගනං ගන්න එකක්යැ.. (ස)

:       0       0

ජගත් Thursday, 04 April 2013 12:58 AM

කරුණාකර අපිට එයාලා ගැන තවත් විස්තර එපා. අපිට තවත් අපේ රටේ ක්‍රීඩකයන් ගැන කිසිම හැගීමක් නැහැ. රට පාවා දුන් එයාලා ගැන ජනතාව බුද්ධිමත්ව බලනු ඇති. මට දුක සංගා සහ මහේල ගැනයි. ඔයාලා දෙන්නට තව දුරටත් සිතන්න තිබුනා. (නි)

:       0       0

අනුර Thursday, 04 April 2013 01:09 AM

හොද වැඩේ. සල්ලි වලට ආශා කලාම ඔහොම වෙනවා.(නදී)

:       0       0

චන්දන Thursday, 04 April 2013 02:06 PM

ඉරිසියා කරන්න එපා දක්ෂතාවයෙන් වෙනත් රටකින් සල්ලි හම්බකර ගන්න එකට. ඉන්දියාවේ අතිමහත් බහුතරය අපව ඉහලින්ම පිළිඅරන් තියනවා නායකයන් තුන්දෙනෙක්ව පත් කරලා. අපට කලින් තිබුන ප්‍රශ්නය දැන් ඉන්දියාවට ඇවිත්. ඔහුන්ට දකුණු ඉන්දියාව පාලනය කරගන්න බැරිවෙලා. අපි පටු ජාත්‍යාලයට මුළු ඉන්දියාවත් එක්ක තරහ කරගන්න කුමකටද. ඉන්දියාවට ප්‍රශ්නය බේරගන්න කියල අපි සමගියෙන් ඉමු. බොරු ජාත්‍යාලයට පටලවගන්නේ නැතුව. (ස)

:       0       0

ලංකා Thursday, 04 April 2013 02:38 AM

පුතේ, උඹ ඔය ගමන නොගියා නම් තමයි හොඳ. ඒත් උඹේ දක්ෂතාව ගැන නම් මම ආඩම්බර වෙනවා. (නි)

:       0       0

හේමන්ත Thursday, 04 April 2013 02:56 PM

කොල්ලෝ කරපු දේ වැරදි නැහැ. (නි)

:       0       0

උදය Thursday, 04 April 2013 02:54 PM

ඉන්දියාවේ දෙමළ මිනිස්සු විඳින දුක් ලංකාවේ දෙමළ මිනිස්සු විඳින්නේ නැත‍. (ස)

:       0       0

තිලක් Thursday, 04 April 2013 07:35 AM

තමිල්නාඩුව කියන්නෙ ඉන්දියාව නෙමේයි. අනෙක් ප්‍රාන්ත අපිට සපෝර්ට්. ජයලලිතා නෝනා මෝඩකමට ගොන් පාර්ට් දැම්මා කියල අපේ කොල්ලන්ගෙ වැඩ පෙන්නන එක නවත්තන්න නරකයි. අපි මෙහෙමයි පෙන්නන ඔනෙ මේ පුන්චි රටේ ලංකාවේ කොල්ලන්ගෙ වැඩ.(නදී)

:       0       0

සුමී Thursday, 04 April 2013 07:40 AM

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ නායකත්වය දරන කණ්ඩායම් 3 අන්තිම 3 න් දෙනා අතරට එන්න ඕනෑ කියලා මම පතනවා. (නි)

:       0       0

කසුන් Thursday, 04 April 2013 08:04 AM

මම නම් කියන්නේ අපේ කොල්ලෝ ඉන්දියාවේ ගිහින් වැඩ පෙන්වන්න ඕන තමිල්නාඩුවට උන ගැනෙන්න. (ස)

:       0       0

ෆස්ලි Thursday, 04 April 2013 08:05 AM

කසුන් ගේ කතාව හරියට හරි. (ස)

:       0       0

ඉෂාර Thursday, 04 April 2013 08:00 AM

දැන් ඉතින් අයි.පී.එල්. ඉවර වෙනකල් කට්ටියගේ ඈඬියාව බලන්න වෙයි වගේ. මම නම් කියන්නේ ගිය එකමයි හොඳ. ජයලලිතාල පරාජයලලිතා වුනා. (නි)

:       0       0

නිලන්ත Thursday, 04 April 2013 08:13 AM

අපි අයෙත් ඩොලර් වලට අත්පුඩි ගහන්නේ නැහැ. (ස)

:       0       0

මදු Thursday, 04 April 2013 08:30 AM

96 දී ඉන්දියාව හොඳයී ..... දැන් නරකයී. ක්‍රිකට් සහ දේශපාලනය යනු 2 ක් .... (ස)

:       0       0

ශාන්ත Thursday, 04 April 2013 08:37 AM

නියමයි. දේශපාලකයන්ට ඉන්දියාවේ ගිහින් එන්න හොඳයි... ණය ගන්න හොඳයි.අ පේ කොල්ලන්ට ක්‍රීඩා කිරීම හොඳ නැහැ... (නි)

:       0       0

මහේන්ද්‍ර Thursday, 04 April 2013 04:58 PM

මහේල,සගා,මැතිවු හොද පාඩමක් ඉගැන්නුවා ජයලලිතාට ,ඉන්දියා වලම අපේ කොල්ලෝ ඉන්දියා අයට නායකත්වය දෙනවා,,,(අ)

:       0       0

උදය Thursday, 04 April 2013 08:44 AM

ඉන්දියාව උපදෙස් දෙන්නේ ඉන්දියාවට ඕනෑ වැඩ කරන්න මිසක්, අපේ රටේ හොඳට නෙමෙයි. (නි)

:       0       0

ෆාරූසාන් Thursday, 04 April 2013 09:21 AM

ඔය සල්ලි ටික ඔයාලට හම්බ උනොත් නිකන් ඉඳීවි. (ස)

:       0       0

නාමල් Thursday, 04 April 2013 09:41 AM

මේ කට්ටියට ලංකාවට නම් සෙල්ලම් කරන්න බැහැ. නමුත් ඉන්දියාවට?? (නි)

:       0       0

සිදත් Thursday, 04 April 2013 09:35 AM

අපේ කොල්ලන්ගේ දස්කම් විතරයි අපි බලන්නේ. අපේ එකෙක් නායකයා වෙන්න කණ්ඩායම දිනුවොත් නම් නියමයි. (නි)

:       0       0

නිහාල් Thursday, 04 April 2013 09:38 AM

ඕව ඉන්දියාවෙන් අපිට එන සල්ලි. අපි ගත්තේ නැත්නම් ඕවා වෙන රටකට යනවා. (නි)

:       0       0

තත්සරණී Saturday, 06 April 2013 07:48 PM

අපි කාටවත් බිය විය යුතු නෑ. මොකද අපි මොන රටකටවත් වැරද්දක් කරලා නෑ. ඒ නිසා ම අපේ කොල්ලෝ ඉන්දියා වට උගන්නපු පාඩම ගොඩක් වටිනවා. මම සඟ මහේල මාලි දිල්ෂාන් ඇන්ජි හැමෝටම හිස නමා ආචාර කරමි.(නදී)

:       0       0

නොයෙල් Thursday, 04 April 2013 09:58 AM

ඇත්තටම දේශපාලනයි ක්‍රීඩාවයි සම්බන්ධ නොවෙනවා නම් කොච්ච්ච්ර හොදද? (නි)

:       0       0

දිනේෂ් Thursday, 04 April 2013 09:58 AM

මොන වැඩ පෙන්නුවත් වැඩක් නැහැ. ලංකාවට මෙච්චර කෙනෙහෙලිකම් කරන තමිල්නාඩුව ඉන්දියාවේ කොටසක් කියන එක කාටවත් අමතක කරන්න බැහැ. අඩුම තරමේ තමන්ගේ ටීම් එකේ දෙන්නෙක් අස් කරලා තියෙද්දිවත් එකට ඉන්න අය ගැන හිතලා හරි නිවැරදි තීරණයක් ගන්න තිබ්බා. හැමදේම සල්ලිවලින් මනින්න බැහැ. වෙනත් වෘත්තියක නම් දෙන්නෙක් ඉවත් කලොත් අනිත් සියලුම දෙනාත් ඒ දෙන්නාගේ පැත්ත ගන්නවා. අපේ කිකට් ක්‍රීඩක‍යෝ ගත්තේ ඉන්දියාවේ කලු සල්ලි පැත්ත. අපි නම් ආයෙත් මහේලලට අප්පුඩි ගහන්නේ නෑ. (නි)

:       0       0

සුරේෂ් Thursday, 04 April 2013 10:43 AM

ලංකාවේ කොල්ලන්ගේ වැඩ කවදත් පෙන්වනවා. ඉන්දියාවේ ඔය තරම් ක්‍රීඩකයෝ ඉඳලත් ඒකනේ අපේ තුන්දෙනෙක් කණ්ඩායම් නායක විදියට ගත්තේ.. (ස)

:       0       0

ලලිත Thursday, 04 April 2013 10:54 AM

ඉන්දියන් සල්ලි ටිකක් කොහොමහරි ලංකාවට රැගෙන එන්න. ඔය එපා කියලා කෑ ගහන අය මාලිංගට, මහේලට, සංගට තියා හිගන්නෙක්ටවත් රුපියලක් දෙයිද? ඔබට ජය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 481 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 52 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 390 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 489 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 695 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 987 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site