IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මහේලගේ වෑයම අසාර්ථකයි

අයි. පී. එල්. තරගාවලියේ 67 වැනි තරගය ලෙස දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල සහ කිංග්ස් XI පන්ජාබ් පිල අතර අද (16 වැනිදා) පැවති තරගයේදී දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල පරදවා ලකුණු 7 තියුණු ජයක් ලබාගැනීමට කිංග්ස් XI පන්ජාබ් පිල සමත්විය.

තරගයේ වීරයා බවට පත්වූ ඬේවිඞ් මිලර් පන්දු 24 කදී වේගවත් ලකුණු 44 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි.

පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී ලකුණු 60 ක සම්බන්ධතාවයක් පිහිටුවීමට පන්ජාබ් පිලේ නායක ඇඩම් ගිල්ක‍්‍රිස්ට් (42) සහ ශෝන් මාර්ෂ් (45) සමත්වූහ.

නවක වේග පන්දු යවන්නෙකු වන සන්දීප් ශර්මා ලකුණු 23 කට දිල්ලි පිලේ ප‍්‍රභල කී‍්‍රඩකයන් තිදෙනෙකුවම (ඬේවිඞ් වෝනර්, ඉර්ෆාන් පතන් සහ මහේල ජයවර්ධන) දවා ගනිමින් තම පිලේ ජය තහවුරු කළේය.

දිල්ලි පිලේ නායක මහේල ජයවර්ධන පන්දු 42 කදී ලකුණු 39 ක් ලබාගෙන පන්ජාබ් පිලට තරමක සටනක් දීමට සමත්වුවත් තරගය ජය ගැනීම සඳහා එය ප‍්‍රමාණවත් නොවීය.

කිංග්ස් XI පන්ජාබ් පිල  ඕවර 20 කදී කඩුලූ 4 ට 171
(ඇඩම් ගිල්ක‍්‍රිස්ට් 42, ශෝන් මාර්ෂ් 45, ඬේවිඞ් මිලර් නොදැවී 44, රාජ්ගෝපාල් සතිෂ් 22, අශීෂ් නෙහෙරා 38/2)

දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 7 ට 164
(මහේල ජයවර්ධන 39, විරේන්ද්‍ර ශෙවාග් 30, බෙන් රෝරර් 49, මුරලිදරන් ගෞතම් නොදැවී 12, මෝර්නි මෝකල් නොදැවී 13, සන්දීප් ශර්මා 23/3, පියුෂ් චව්ලා 44/2)

(*)

 



අදහස් (0)

මහේලගේ වෑයම අසාර්ථකයි

සිල්වා Friday, 17 May 2013 11:26 AM

මහේල ඇවිත් වෙලාව බලාගන්න.(ස)

:       0       0

වරුණ Friday, 17 May 2013 07:37 AM

තව ගැහුවත් ඔච්චර තමයි. මේ සෙරේ ගොඩ ඒමක් නැහැ. සංගා බැංකුවේ. මාලිංගයි තිසරයි විතරයි තාම කොක්ක ගහගෙන ඉන්නේ. හෙට සමහර විට තිසරත් එළියේ කියයිද දන්නේ නැහැ (නි)

:       0       0

සම්සුදීන් Friday, 17 May 2013 07:56 AM

ලබන අවුරුද්දෙ එක ක්‍රීඩකයෙක්වත් අයි පී එල් එකට ගන්නේ නැහැ. හේතුව මේ අය සෙල්ලම් කළාද දන්නේ නැහැනේ. (නි)

:       0       0

ප්‍රිමේෂිකා Friday, 17 May 2013 08:25 AM

මේ අයට මෙහෙමවත් ගහන්න පුළුවන් වෙලා තියෙන්නේ මහා සංග්‍රාමයේ ආශිර්වාදය නිසායි (නි)

:       0       0

තලල්ලේ Friday, 17 May 2013 08:51 AM

ඒක පුදුම ආශිර්වාදයක්නේ. මහා සංග්‍රාමයේ අයද ඇවිත් මෙතන සෙල්ලම් කරන්නේ? (නි)

:       0       0

යොහාන් Friday, 17 May 2013 08:54 AM

මොන උත්සාහයක්ද? මට බය අපේ කට්ටියත් සල්ලි කාලද කියලයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 34 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 320 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 463 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 536 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 314 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 175 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38189 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25145 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 255 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 829 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site