IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මහේලගේ 400 වැනි එක්දින තරගය හෙට

බටහිර ඉන්දීය කොදෙව් සමුහයට අයත් ටි‍්‍රනිඩෑඞ්හි ක්වින්ස් පාක්  ඕවල් ක‍්‍රීඩාංගණයේදී හෙට (11 වැනිදා) ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරගය මහේල ජයවර්ධනගේ 400 වැනි එක්දින තරගය වෙයි. වසර 42 ක ඉතිහාසයක් හිමි එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් තරග ඉතිහාසයේ එවැනි තරග 400 ක් කී‍්‍රඩා කළ තුන්වැනි කී‍්‍රඩකයා ලෙස මහේල ජයවර්ධන කි‍්‍රකට් ඉතිහාසයට එක්වෙයි.

මහේල හැරුණු විට එක්දින තරග 400 ක් කී‍්‍රඩා කර ඇති සෙසු කී‍්‍රඩකයන් වන්නේ ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් (463) සහ ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක සනත් ජයසූරිය (445) පමණි.

වසර 1998 ජනවාරි 24 වැනිදා සිම්බාබ්වේ පිලට එරෙහිව කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී සිය පළමු එක්දින තරගයට කී‍්‍රඩා කළ මහේල මේ දක්වා, ශතක 16 ක් ද සමගින්, එක්දින තරග 399 කදී ලකුණු 11,237 ක් ලබා සිටී. මහේල එක්දින තරගයකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වන්නේ 2011 වසරේදී එංගලන්තයට එරෙහිව ලීඞ්ස්හිදී ලබාගත් ලකුණු 144 යි.

කෙසේ වෙතත් මහේලගේ විශිෂ්ටතම එක්දින ඉනිම ලෙස සැලකෙන්නේ 2007 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී නවසීලන්ත පිලට එරෙහිව කිංග්ස්ටන්හිදී නොදැවී ලබාගත් ලකුණු 115 යි. ලෝක කුසලාන (ඕවර 50) අවසන් තරග දෙකකටම කී‍්‍රඩා කර ඇති මහේල 2011 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ඉන්දියාවට එරෙහිව මුම්බායිහිදී නොදැවී ලබාගත් ලකුණු 103 ද ඔහුගේ තවත් විශිෂ්ට ඉනිමකි.

ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර හෙට පැවැත්වෙන ‘සෙල්කොන්’ කුසලාන අවසන් මහ තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රි 7.00 ට ආරම්භ වීමට නියමිතය.  

 

මහේලගේ එක්දින තරග දස්කම්

තරග   ඉනිම්     නො.     ලකුණු   වැ.ල   සාමා.     ප‍්‍ර.වේ.     ශ.    අ.ශ.  
399      373      38       11237     144    33.54      78.56      16     70   

කෙටි යෙදුම් :
නො: නොදැවීම්, වැ. ල: වැඩිම ලකුණු, සාමා: සාමාන්‍යය, ප‍්‍ර.වේ. : ප‍්‍රහාරාත්මක වේගය හෙවත් පන්දු 100 කදී ලබාගන්නා ලකුණු සංඛ්‍යාව, : ශතක, අ. ශ. : අර්ධ ශතක

 

ලකුණු ප‍්‍රතිවාදී කණ්ඩායම ක‍්‍රීඩාංගණය තරග දිනය
144 එංගලන්තය ලීඞ්ස්    2011 ජුලි 1
128 ඉන්දියාව සාජා    2000 ඔක්තෝබර් 27
126* එංගලන්තය චෙස්ටර් ලී ස්ටී‍්‍රට්    2006 ජුනී 24
123 පකිස්තානය දඹුල්ල 2009 අගෝස්තු 24
120 එංගලන්තය ඇඩිලේඞ්    1999 ජනවාරි 23
116 නවසීලන්තය සාජා 2001 අපේ‍්‍රල් 10
115* නවසීලන්තය කිංග්ස්ටන්    2007 අපේ‍්‍රල් 24
108 බංග්ලාදේශය ඩකා    2010 ජනවාරි 8
107 අප‍්‍රිකානු ඒකාබද්ධ කණ්ඩායම චෙන්නායි    2007 ජුනී 10
107 ඉන්දියාව කිංග්ස්ටන්    2013 ජුලි 2
106* බ.ඉ.කො මහනුවර 2001 දෙසැම්බර් 15
103* ඉන්දියාව මුම්බායි    2011 අපේ‍්‍රල් 2
101* එංගලන්තය ආර්.පේ‍්‍රමදාස 2001 මාර්තු 25
101 පකිස්තානය විශාකාපත්නම්    1999 මාර්තු 27
100 එංගලන්තය මැන්චෙස්ටර් 2006 ජුනී 28
100 කැනඩාව හම්බන්තොට 2011 පෙබරවාරි 20

 



අදහස් (0)

මහේලගේ 400 වැනි එක්දින තරගය හෙට

කුමාර Thursday, 11 July 2013 10:58 AM

මහේල අද ඔය 100 ගහනව.ඔබ ජය.(අ)

:       0       0

සදුන් Thursday, 11 July 2013 11:29 AM

මහේල ඔබට සුබ පතන අතර 2015 ලෝක කුසලානය දක්වා ක්‍රීඩා කිරීමට අව්ෂ්‍ය ධෛර්ය ලැබේවා (දී)

:       0       0

සුමුදු Thursday, 11 July 2013 06:36 AM

සාමාන්‍ය 33 මැච් 399 ප්‍රමාණවත් මදී. (ස)

:       0       0

සමන් තිලකරත්න Thursday, 11 July 2013 03:25 PM

ඉතා හෝඳයි සුභ පැතුම් (අ)

:       0       0

මහින්ද Thursday, 11 July 2013 08:02 AM

ලෝකයේ හොදම ක්‍රීඩකයා ඔබයි මහේල, ඔබට අපේ සුබ පැතුම්! (නි)

:       0       0

අප්පුහාමි Thursday, 11 July 2013 03:54 PM

මහේල , ඔබට සුබපතන්න ඉතාම හොඳම අවස්ථාවක් මේ. ඉතාමක් සාර්ථක පිතිහරබයකට සහ පන්දු රැකීමකට හදවතේ ගැබුරුමතැනින් ම සුබ පතමි. (අ)

:       0       0

සුරංග Thursday, 11 July 2013 08:33 AM

ගහමු තව 100 ක් (නි)

:       0       0

අමිල Thursday, 11 July 2013 08:44 AM

මහේල, ඔබ ලොව සිටින ඇති විශිෂ්ටම පිතිකරුවෙක්.ඔබට අපේ සුබ පැතුම්! ඔබ සංගා දිල්ෂාන් ගියදාට ලංකාවේ ක්‍රිකට් වලට දෙයියන්ගේම පිහිටයි. ලංකාවේ දැන් ඉන්න තරුණ ක්‍රීඩකයෝ අපිට ක්‍රිකට් එපා කරවනවා. අද අවසාන මහා තරඟයටවත් තිරිමාන්න,ජීවන්,චන්දිමාල් එළියෙන් තියලා අටදෙනාගෙන්වත් ගහන්න. එතකොට අනිවා අපි අද දිනුම්. ඔය නවකයන්ගේ තියෙන්නේ සද්දේ විතරයි, වැඩ නැතෝ... (නි)

:       0       0

රුවන් Thursday, 11 July 2013 08:48 AM

ඔබ කිසිම තරගයකදී ඔබේ පෞද්ගලික වාර්තා ගැන හිතුවේ නැහැ.ඔබට අවශ්‍ය වුනේ කණ්ඩායම දිනවීමයි.මහේල ඔබ විශ්ෂ්ටයි . (නි)

:       0       0

මොහොමඩ් Thursday, 11 July 2013 12:19 PM

අපට ක්‍රිකට් එපා කෙරෙව්වේ හශාන්,අර්නෝල්ඩ්, දැන් චන්දිමාල් බෝල කනවා මෙයා එපා පෙරේරා බොලින්ග් බැට්ටින්ග් දෙකම තියනවා (දී)

:       0       0

නිහාල් Thursday, 11 July 2013 08:51 AM

බලන්න අද මැච් එකත් මෙයාලා ඉන්දියාවට දෙනවා. අදවත් එක්දින මැච් එකකට සුදුසු කණ්ඩායමක් තෝරන්න. අද තියෙන්නේ ෂුවර් එකටම එක්දින මැච් එකක් නේද? ටෙස්ට් මැච් එකක් නෙමෙයි නේද? (නි)

:       0       0

කෙලුම් බණ්ඩාර Thursday, 11 July 2013 04:32 PM

ඔබට, ක්‍රිකට් දිවියට ජය පතමි (අ)

:       0       0

මැකී Thursday, 11 July 2013 08:55 AM

මහේල, ඔබ අති විශිෂ්ට ක්‍රීඩකයෙකි. ලොව හොඳම කවර් ඩ්‍රයිව් පහර ඔබ සතුයි (නි)

:       0       0

වරුණ Thursday, 11 July 2013 04:49 PM

දෙන්නම් මගේ ක්‍රිකට් වලට තිබ්බ ආසාව ගිහින්. එත් 400 වෙනි තරගයට ක්‍රීඩා කරලා මතකයේ රැදෙන දෙයක් කරන්නටත් අවසාන තරගය ජය ගන්න වාසනාව ලැබේවා (අ)

:       0       0

ජනක Thursday, 11 July 2013 09:01 AM

අපේ ක්‍රිකට් වංශ කතාවේ මහා වීරයන් වන සනත් ,අර්ජුන ,අරවින්ද ,මහානාම ,මුරලි යන අමරණීය නම් අතරට ඔබේ නමත් ඇතුලත් වෙනවා.මේ අතරට එක්වන ඊලග නාමය ලසිත්. (නි)

:       0       0

වරුණ Thursday, 11 July 2013 04:55 PM

රෝහණ, සනත් ගේ පහරවල් ගහන්න තරම් ක්‍රීඩකයෙක් ලංකාවේ නොමැත. ඒ වගේම ඔහුගේ ඉදිරි පාදයේ පිට ඉන්න දෙසින් ඉහලින් ගහන පහරවල් කොතරම් දැකුම්කළුද ?ඔහුගේ දෑත් ඉතාමත් ශක්තිමත්. අදටත් ඔහු සමග දුවන්නට වර්තමාන කණ්ඩායමේ ක්‍රීඩකයන්ට පවා නොහැකිය (නි)

:       0       0

කල්ප Wednesday, 10 July 2013 08:12 PM

මහේල, ඔබට අපේ සුබ පැතුම්. ඉතාම අගය කළ යුතු ක්‍රීඩකයෙක් (නි)

:       0       0

ප්‍රභාෂ් Thursday, 11 July 2013 12:45 PM

මහේල යනු ඇති විශිෂ්ට ක්‍රීඩකයෙක්.ඔබ නවකයන්ට ආදර්ශයක්.ජයවේව.වැඩිම එක දින තරග ප්‍රමාණයේ වාර්තාව ඔබ සතු වේවා.(අ)

:       0       0

ශාන්ත Wednesday, 10 July 2013 08:37 PM

මහේල, ඔබට ජය! (නි)

:       0       0

සමීර Thursday, 11 July 2013 05:12 PM

මහේල ඔබට මගේ උණුසුමි සුබ පැතමි (අ)

:       0       0

රවී Thursday, 11 July 2013 09:23 AM

ලබන ලෝක කුසලානය මෙහෙයවිය යුතු නායකයා ඔබයි. නායකත්වයේ උසස් වූ ගතිගුණ ලොවට ප්‍රකට කල අයෙක් ඔබ තරම් නොමැත.ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ඔබ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා තුරුවත් උසුලනවානම් එය රටේ ගෞරවයට හේතුවක් වේවි.(ස)

:       0       0

අරුණ Thursday, 11 July 2013 01:11 PM

ශ්‍රී ලාංකීය අභිමානය ලෝකයට ගෙන ගිය ඔබට සුබ අනාගතයක් වේවා මහේල...(අ)

:       0       0

ජෙෆ් Thursday, 11 July 2013 01:22 PM

මහේල ඔබට සුබ පැතුම්! ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්න ප්‍රථම දකුණු අප්‍රිකාවටත්, ඔස්ට්‍රේලියවටත් විරුද්දව සතක ලබාගන්න ඔබට හැකියාව ලැබේව. (අ)

:       0       0

විශ්ව Wednesday, 10 July 2013 09:33 PM

ලබන ලෝක කුසලානය දක්වා රැදීසිටීමට සුදුසු පිතිකරුවෙකි ඔබ (අ)

:       0       0

රවිනාත් Wednesday, 10 July 2013 10:10 PM

සුභ පැතුම්. 400 වන තරඟයේදී 100ක් ගැහුවොත් තමයි නියම. ඉන්දියාවට එරෙහිව 100 ක් නම් තවත් වටිනවා. (නි)

:       0       0

නිලූක Wednesday, 10 July 2013 10:11 PM

ලෝකයේ හොදම ක්‍රීඩකයා ඔබයි (නි)

:       0       0

අනිල් Thursday, 11 July 2013 10:13 AM

මහේල,ඔබ ලෝකයේ සිටින විශිෂ්ට පිතිකරුවෙක් වගේම විශිෂ්ට නායකයෙක්.ඔබට ජය! (ස)

:       0       0

රීස්මා Wednesday, 10 July 2013 10:39 PM

මහේල ඔබ ඇතුළු අපේ කණ්ඩායමට ජය වේවා (අ)

:       0       0

රෝහණ Wednesday, 10 July 2013 11:17 PM

අයිමත් කතා දෙකක් නැහැ ලෝකයේ දැනට ඉන්න හොඳම පිතිකරු මහේල තමයි. ඔහු ලග තිබෙන පහරවල් කා ලගවත් නැහැ. හැබැයි ඔහු දැවී යන්නෙත් ඔහුගේ වැඩිපුර පහරවම තමයි. මහේල ඔබට ජය. (නි)

:       0       0

අසංග Thursday, 11 July 2013 02:14 PM

ඔබට ජයෙන් ජය මහේල... සුබ අනාගතයක්.තෙරුවන් සරණයි. (නි)

:       0       0

එදිරිසිංහ Wednesday, 10 July 2013 11:22 PM

පන්දු රකින්නන්ගේ හිඩැස තේරුම් ගෙන ඒ තැනට සාර්ථක පහර එල්ල කරන අපට සිටින විශිෂ්ඨ ක්‍රීඩකයෙකි මහේල. අද ඔබට ජය (නි)

:       0       0

හාරූන් අන්සාර් Thursday, 11 July 2013 02:26 PM

මහේල අයියට මගේ සුබ පැතුම්! ශ්‍රී ලංකා කණ්ඩායමට ජය! 400 වෙනි මැච් එක අපි දිනන්නම ඕනෑ (නි)

:       0       0

හාරූන් අන්සාර් Thursday, 11 July 2013 02:31 PM

මහේල අයියට සුබපැතුම්! මගේ ප්‍රාර්ථටනාව ඔබට ශතකය සහ ලංකාවට ජය! (නි)

:       0       0

අවංක Thursday, 11 July 2013 10:42 AM

මහේල ඔබ කිසි විටක ඔබේ පෞද්ගලික වාර්තා ගැන හිතුවේ නැහෙ..පන්දුවාර 20 තරඟ දෙකක පිට පිටම ශතක දෙකක් රැස් කරගෙන අසමසම ලෝක වාර්තාවක් තියන්න ඔබට අවස්ථාවක් තිබියදීත් ඔබ එදා කපුගෙදරට අවස්ථාව දීල ටීම් එකට ලකුණක් හරි වැඩි කරගන්න එදා හැදුව...අද පුද්ගලික දක්ෂතා ගැන විතරක් හිතන කණ්ඩායමේ ඉන්න අලුත් ක්‍රීඩකයෝන්ට ඔබ ආදර්ශයක්...දැන් ඉන්න නවකයෝන්ට ඕන බෝල් 75 කට ලකුණු 20 හරි ගහල ටීම් එකට හෙන ගැහුනත් කමක් නැහෙ කියල ඊලඟ මැච් එකෙත් ටීම් එකේ එල්ලෙන්න... (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 329 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2021 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1539 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 669 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 565 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 677 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37704 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24854 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site