IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මහේලට සංගට පලා බෙදන්න එපා

වසර 18 කට  පසු ක්‍රිකට් ලෝක කුෂලානය මෙරටට ගෙන ඒමට දායක වු විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පවා පැසසුමට පාත්‍ර වු කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන වැනි ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයන්ට විරුද්ධව විනය පරීක්ෂනයක්  ගෙනෙන්නේ  නම්  එය තමා දැඩිව හෙලා  දකින බව පාර්ලිමේන්තු මන්ත්‍රී  විජයදාස රාජපක්ෂ මහතා  ලංඩන් නුවර සිට එසැණට පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ

   ‘රටට සම්පත් වැනි ක්‍රිකට් ක්‍රීඩකයන්ට විනය පරීක්ෂන ගේන්නේ ඇතුලේ තියෙන දුෂන වහගන්නයි.

දක්ෂතා තියාගෙන ප්‍රවීන ක්‍රීඩකයින් නවකයින්ට තැන දෙන්න සමුගන්නකොට ක්‍රිකට් පාලක මණ්ඩලයේ  පරිපාලන නිලදාරීන් විදියට අපි දකින්නේ මීට අවුරුදු ගනනාවකට කලින් දැකපු මුණුමයි. මොකක්ද රහස ?  ‘

 



අදහස් (0)

මහේලට සංගට පලා බෙදන්න එපා

උදාර Wednesday, 23 April 2014 03:11 PM

පල නොකියා පලා බෙදන්න එපා (දී)

:       0       0

සත්‍ය ගජේන්ද්‍ර Wednesday, 23 April 2014 10:19 PM

මෙයාට නමක් තියාපියෝ- බුන්දුලයයි කියාපියෝ- කඩේ යමින් අඬා පියෝ- මස් කටුවක් තියාපියෝ.(දී)

:       0       0

ප්‍රසන්න සංජීව Wednesday, 23 April 2014 11:26 PM

හරියට වෙහෙර ගිල්ල යකාට අග්ගලය මොකක්ද කිව්වා වගේ තමයි. (ස)

:       0       0

කේ.එස්. Wednesday, 23 April 2014 05:13 PM

නොදන්නා නිසයි අහන්නේ. ලන්ඩන් වලදී ඔබතුමාට සංගවයි මහේලවයි විතරමද පෙනුනේ? ඔබතුමාට මනාප ගහපු අයගේ දුක පෙනුනේ නැද්ද? (නි)

:       0       0

තාරක Wednesday, 23 April 2014 04:34 PM

මෙහෙම තමා රටක් ආශ්චර්යයට කිට්ටු වෙනකොට හැසිරෙන්නේ (නි)

:       0       0

රණතුංග Thursday, 24 April 2014 12:23 AM

ඔය විනය පරීක්ෂණ තියන්න ක්‍රිකට් පාලක මණ්ඩලයට ලැබෙයි කියලා මම නම් හිතන්නෙ නැහැ (නි)

:       0       0

ශ්‍රී ලංකා ලෝලියෝ Wednesday, 23 April 2014 05:30 PM

එහෙම කළොත් අපි පාරට බහින්න සුදානමින් ඉන්නේ. මෙදා පාර ලේසියෙන් අතහරින්න දෙන්නේ නැහැ. (නි)

:       0       0

රෝසා. Wednesday, 23 April 2014 04:47 PM

එතකොට අර අපේ ලෝක කුසලානයත් අරගෙන කැප්ටන් මාලිංග, කාන්තා ලෝක කුසලානය දිනූ ඕස්ට්‍රේලියා ක්‍රිකට් නායිකාව එක්ක රික්ෂෝ එකේ නැගලා පින්තූරයක් ගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවසර අරගෙනද? නැත්නම් වහාම ඒ ගැනත් විනය පරීක්ෂණයක් පටන්ගන්න ඕනෑ (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 23 April 2014 05:40 PM

පුහුණුකරුත් පැදුරටත් නොකිය ප්‍රතිවාදී පිලට එකතුවෙලා ඉන්න අවස්ථාවේ එංගලන්ත සංචාරයට පළපුරුදු ක්‍රීඩකයන් දෙදෙනකු වන මහේල සහ සංගාගේ සහයෝගය ඉතා අවශ්‍යය , කරුණාකර මේ අවස්ථාවේ ඔවුන්ගේ මනස අවුල් කරන්න එපා , පිස්සු නැටුවොත් ජනතාව පාලක මණ්ඩලය වටකර පාලකයන් පන්නල දමන දවස වැඩි ඇතක නොවන බව මතක තබාගන්න , මෙම මහත්වරු දෙදෙනාට ජනතාව ආදරය කරන බව අමතක නොකරන්න . (දී)

:       0       0

පියල් Wednesday, 23 April 2014 05:40 PM

මහේල හා සංගා නිසා තමයි අවුරුදු ගානකට පස්සේ ලෝක කුසලානයක් ලංකාවට ගෙනාවේ (දී)

:       0       0

ඉනෝකා Wednesday, 23 April 2014 05:03 PM

රට වෙනුවෙන් සෙල්ලම් කල මිනිස්සු මේ, (දී)

:       0       0

චන්දි Wednesday, 23 April 2014 05:07 PM

පුහුණුකරු ගිය වෙලාවේ මෙහෙම කරන්න හොඳද? (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 24 April 2014 03:07 AM

සංගක්කාර කියන්නේ ලංකාව තුළ සහ ලෝකය තුළ ජනතාවගේ විශ්වාසය සහ ආදරය දිනා ගත් උගත්, බුධිමත්,සංවර, දක්ෂ මහතෙකි. මොහුට දේශපාලනයට ඒමට කිසිම බාධාවක් මට නොපෙනේ.රට බේරා ගැනීමට නම් මෙවැනි පුද්ගලයන් දේශපාලනයට පැමිණිය යුතුය. (නි)

:       0       0

ද සිල්වා Thursday, 24 April 2014 04:40 AM

ලංකාවේ ක්‍රිකට් පාලනය හරි හැටි කරගන්න බැරිකමින් ශ්‍රී ලංකාව තුළ සහ ලෝකය තුළ අප්‍රසාදයට ලක්වන්නේ පාලක මණ්ඩලයම මිස සංගක්කාර නොවේ. (නි)

:       0       0

කල්ප Wednesday, 23 April 2014 06:51 PM

එහෙම දෙයක් වුනොත් ක්‍රීඩාවට ලැදි සියළු ජනතාව පාරට බැස්ස විය යුතුය.(නදී)

:       0       0

සවංදනා Wednesday, 23 April 2014 07:22 PM

මහේල සන්ගලා ඉන්දියාවේ උපන්නා නම් දෙවියන්ට වගේ සලකන්නේ.(නදී)

:       0       0

අසාද් Wednesday, 23 April 2014 06:39 PM

ඇයි මේ ගොල්ලො පලා කෑවම බඩ යනවද? (නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 23 April 2014 06:46 PM

මෙවැනි උගත් ,බුධිමත් සංවර , දක්ෂ මහත්වරු අද ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉතා විරලය. මොවුන් ජාතික වස්තුන් වැනිය. මොවුන්ව රැක ගැනීම ජාතික යුතුකමකි. මොවුන්ට නිදහසේ අදහස් පලකිරීමට මන්ඩල වල අවසර අනවශ්‍යයි. ජනතාව මොවුන් කියන දෙය ඉස්මුදුනින් පිළිගනිති , පාලක මණ්ඩලය ගැන ජනතාවගේ පැහැදීමක් නැත. මේ ප්‍රශ්නය මෙතැනින්ම නවතා දැමීම පාලක මණ්ඩලයේ ඇගට ගුණය. ලංකාවේ ජනතාව කුපිත උනොත් මණ්ඩලේ නිලධාරීන්ට යුවරාජ් සින්ට උන වැඩේ සිධුවිමට හැක.(නදී)

:       0       0

දමිත් සුරංග Wednesday, 23 April 2014 06:47 PM

ජාතික විරයින්ට සලකන්නේ මේහේමයි. බුද්ධිමතුන් රට අතහැරලා යන ඵ්ක අහන්න දෙයක් නෑ.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 24 April 2014 07:59 AM

ක්‍රිකට් කියන්නේ මේ රටේ තවත් එක ජාතික ක්‍රීඩාවක් පමණයි.ජාතික කණ්ඩායම් නියෝජනය කරන ඕනෑම ක්‍රීඩකයෙකුට යම් විනය පද්ධතියකට යටත් වෙන්න වෙනවා. එහෙම නොවුණොත් එතන ඇති වෙන්නේ ප්‍රශ්නයක්.ක්‍රීඩාවට හානියක්.ඕනෑ තරම් ක්‍රීඩකයින් විනය කඩ කරලා දඩුවම් ලබා තියෙනවා. ජීවිතාන්තය දක්වා තරඟ තහනම් වලට ලක් වෙලත් තියෙනවා. මේ දෙන්නත් ජාතික පිල නියෝජනය කරන විනය පද්ධතියකට යටත් ක්‍රීඩකයින් දෙදෙනෙක් පමණයි. (නි)

:       0       0

සෙන්සා Thursday, 24 April 2014 07:25 AM

පුහුණුකරු යන්නත් මේ අර්බුද හේතුවෙලා ඇති. (නි)

:       0       0

සත්‍යා Wednesday, 23 April 2014 07:52 PM

මතකනේ එකපාරක් මාලිංගව විනාශ කරන්න හැදුවා... (නි)

:       0       0

පාලිත Wednesday, 23 April 2014 07:16 PM

ක්‍රිකට් පාලක මණ්ඩලයේ මේ ගැටළුවට වගකිවයුත්තෙක් වහාම මැදිහත් වෙන්න ඕනෑ. (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 23 April 2014 08:04 PM

ජ්‍යෙෂ්ඨත්වය හෝ දක්ෂතාවය කියන්නේ එකක්.පොදුවේ ක්‍රීඩකයින්ට බලපාන විනය නීති තව එකක්.වැරදි දෙයක් කළා නම් ඒකට විනය පරීක්ෂණයක් තියලා සුදුසු පියවරක් ගත යුතුයි.පාලක මණ්ඩලය නිවැරදි ඍජු තීන්දුවක් ගත යුතුයි. ඒ වගේම මුදල් මත කේවල් කර කර කොන්ත්‍රාත්තු අත්සන් නොකරන කට්ටිය ගැනත් තීරණ ගතයුතුයි. තැනක් ගන්න දක්ෂතා පෙන්වන්න බලා ඉන්න තරුණයින්ට අවස්ථාව ලබා දීලා මේ කට්ටියගේ තියෙන මේ රැස් දහරා අඩු කරන්න පාලක මණ්ඩලය පියවර ගත යුතුයි.පාලක මණ්ඩලය වදනේ අරුත අනුවම පාලක මණ්ඩලයක් විය යුතුයි. (නි)

:       0       0

මනෝජ්-සාජා Wednesday, 23 April 2014 09:58 PM

මහත්තයෝ .මේකෙන් දේසපාලන වාසි ගන්නවා එහෙම නෙමෙයි ඕන් .සංගා පොදු අප්ක්ෂකයා කරලා ,, .බොරු බයිලා ගහල දේසපාලන අසුචි වලට මේ මහත්තුරු දෙන්නා ඇදල දානවා නෙවෙයි හරි . රටම විතරක් නෙවෙයි ලෝකයම බලාගෙන ඉන්නේ . (දී)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 23 April 2014 03:23 PM

ඉතාමත් වටිනා අදහස් ටික. කල් යනකොට ක්‍රීඩකයින් ඉල්ලා අස් වුණත් මණ්ඩලේ අය පුටුවලම එල්ලිලා ඉන්නවා නේද? (ස)

:       0       0

මහේෂ් Wednesday, 23 April 2014 02:39 PM

දේශපාලනයට එයි කියල බයට දැන්මම බය කරගන්න වගේ jහදන්නේ.(දිල්)

:       0       0

නිරාජ් Wednesday, 23 April 2014 02:48 PM

රට ගැන සිතා ක්‍රීඩා කරන ක්‍රීඩකයන් කණ්ඩායමක් බිහි කිරීමට සමත්වූ මෙම විශිෂ්ට ක්‍රීඩකයන් දෙදෙනා රැක ගැනීම බලධාරීන් ඇතුළු අප හැමගේ යුතුකමක්... (ස)

:       0       0

කුමාරි Wednesday, 23 April 2014 03:02 PM

මම ඉල්ලා සිටිනවා ඒ යෝජනාව කල අය ගැන විනය පරික්සනයක් තියන්න කියලා. . මහේල හා සංගා කියන්නේ නිරහංකාර මිනිසුන්ගේ හදවත් වල ඉන්න හොඳ විනය ගරුක දෙන්නෙක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 650 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


ඡන්දෙට ගමට ආ අයව බස් කාක්කෝ වවාගෙන කති
2024 සැප්තැම්බර් මස 24 320 0

ජනාධිපතිවරණයට ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන සදහ


ජපානයට භූ කම්පනයක්: සුනාමි අනතුරු අගවයි
2024 සැප්තැම්බර් මස 24 287 0

ජපානයේ ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.6 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.


පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 2407 3

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 113 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1570 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32723 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23866 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 459 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 209 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site