IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘මහලු ජෝඩුවට යන එන මං නෑ‘

පලාගල දඹුලු හල්මිල්ලව හිගුරුවෙල්පිටිය. ඩි .පොඩි මැණිකා (69) හා ප්‍රියල් ධර්මකිර්තිරත්න (74) යුවළ තම මිනිය තියාගන්නට කාමරයක් හදාගන්නට වෙහෙසෙති .කාන්තාව නිවෙස් වල වලන් පිගන් සෝදා දර පළා වසර 16ක සිට තම දෑස අන්ධ සැමියාව ජිවත් කරවන්නීය .

මේ දෙපළ අදටද එකිනෙකාට දැඩි ආදරයක් දක්වති .දරුවන් තිදෙනකු හැදු  මොවුහු ඉටි රෙදි ගැසු  කටුමැටි බිත්ති ඇති  නිවසක තනිව ජිවත් වෙති . කළුගල් කඩා දරුවන් හැදු පියා ඇස් අන්ද වී ඇත්තේ ගල්බෝරයක් පුපුරා යාමෙනි .බිරිය හැකි අයුරින් යාන්තම් පෙනුම ගන්නට කණ්නාඩි දෙකක් සපයා දී ඇත.කුඩා නිවසක් හදා ගන්නට අවැසි බොහෝ අමුද්‍රව්‍ය ඇය සපයාගෙන ඇතත් නිවාස තනා ගැනීමට නොහැකි බව කියයි .දරුවන් පිළිබදව කතා කිරීමට අකමැති මේ යුවළ මියයන තුරු එකට සිටීමට කැමැත්ත පළකර සිටිති .පළමුව සැමියා මිය යායුතු බව බිරිද කියා සිටියාය .

එම මව සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය නම් 0719125056 අංකයට කතා කළ හැකියි. ඇයගේ බැංකු ගිණුම 301-2-001-0-0011443 මහජන බැංකුව ගල්කිරියාගම ශාඛාව

DSC01332 DSC01334 DSC01335 DSC01342



අදහස් (0)

‘මහලු ජෝඩුවට යන එන මං නෑ‘

ලසන්ත Saturday, 25 April 2015 03:38 AM

මටත් පුළුවන් ඒ අම්මාටයි තාත්තාටයි පුළුවන් විදිහට උදව්වක් කරන්න (නි)

:       0       0

විශ්ව Friday, 24 April 2015 03:04 PM

මගේ හිත කම්පාවෙලා ගියා මේක අහලා (නි)

:       0       0

ධනුෂ්ක Friday, 24 April 2015 09:19 AM

අනේ පව් අහිංසක මිනිස්සු මම කැමතියි උදව් කරන්න , මේ වෙබ් පිටුව බලන කීපදෙනෙකුට පුලුවන්ද මාත් එක්ක එකතු වෙලා මේ අයගේ නිවසට ගිහිල්ලම මේ ගෙදර හදල දෙන්න උදව් කරන්න,කැමති අය දන්වන්න. මේ වෙබ් පිටුවටම. (ස)

:       0       0

අශේන් Friday, 24 April 2015 09:22 AM

මේ අම්මටයි අප්පච්චිටයි පුළුවන් විධියට උදව්වක් කරමු යාළුවනේ. (ස)

:       0       0

තිලක් Friday, 24 April 2015 03:46 PM

කවුරුහරි ඉදිරිපත් වෙන්න. මමත් උදව් කරන්නම්. විදේශයක ඉන්නේ (නි)

:       0       0

විජේසුන්දර Thursday, 30 April 2015 05:37 PM

ඔන්න ඕකයි අද රටේ තත්ත්වය (නි)

:       0       0

මාෂ් ප්‍රනාන්දු Friday, 24 April 2015 04:25 PM

ශාන් ඔබ හරි ,,,මම එකගයි. (ස)

:       0       0

රූපවතී Friday, 24 April 2015 10:12 AM

දනුෂ්ක අැත්තෙන්ම මා කැමතියි ඒත් මා විදේශයක ඉන්නේ ..? විශ්වාස කෙනෙක් ඇතොත් ඒ ලංකාදීපය පමණයි..! ලංකාදීපය අපි වෙනුවෙන් ඉදිරිපත් වේනම්, එකසිතින් ම මුදල් යොමුකරමි , මා මෙවැනි දෙවෙනුවෙන් ඉදිරිපත් වී අවසානේ ලංකාවේ සිටිනා බේබදු මිනිසුන් ඒ මුදල් සුරා කා මාවද මෝඩයෙකුට අන්දවා මගේම අතට හසු වීමෙන්, ම මෙවැනි දේට තිත තබා, අන්ත අසරණයන්ට අනන්‍යතාවය සොයා බලා ලංකාදීපයේ පමණක් පලවන අසරණ යින්ට අදටත් පිහිට වෙනවා ...!!! (ස)

:       0       0

චන්දන මිලානෝ Friday, 24 April 2015 10:13 AM

මාත් කැමතිය් උදව් කරන්න (ස)

:       0       0

ප්‍රියංකර Friday, 24 April 2015 04:37 PM

ආණ්ඩුවෙන් උදව්කරන්න ඕනේ මේ වගේ අහිංසක අයටයි. (ස)

:       0       0

උදිත Monday, 04 May 2015 08:42 AM

ගුණවර්ධන මහතා වෙත. ඔබ ඔවුන් බැලීමට ගියාද?මා හට මුදලින් ආධාර කිරීමට අපහසුයි. නමුත් දැනුමෙන් උදව් කරන්නම්. (නි)

:       0       0

ටෙනිසන් Friday, 24 April 2015 10:28 AM

දනුෂ්ක අදහස බොහොම හොදයි. ඔබ හා ශ්‍රමයෙන් එකතු වීමට නම් හැකියාවක් නැහැ. කනගාටු වන අතර සමාව බජනය කරමි. වැඩේ පටන් ගෙන කියන්න. ඒ මවගේ ගිණුමට මූල්‍යමය ආදාරයක් කරන්නම්. (ර)

:       0       0

චතුරි. USA Friday, 24 April 2015 05:07 PM

මමත් කැමති උ දුව් කරන්න නමුත් අපි එකතු වෙලා මේ කරන දේ කල්පනාකාරීව කරන්න ඕන ,ඉන්න ඉඩම. ඒ අයගේ නමටද තියෙන්නේ ඒ ක නිරවුල්. වෙන්න ඕන ,නැතිනම් හිගන්නාගේ පත්තරයට හෙනහුරා වැටුන වගේ. කාලයක්. දැන් , මම. හිතනවා යහපාල ,සුමුදු හේවා , මහානාම වැනි කට්ටියත් උදඋව් කරයි. කියලා ඒ අය නිතරම මෙවැනි. දේට කතා කරන අය ,කරුණ. කරලා ඉදිරිපත්. වෙන්නකියල. දැනුම් දෙනවා (ස)

:       0       0

ඉසුරු නිරෝශාන් Monday, 04 May 2015 09:39 AM

දනුෂ්ක, මමත් කැමතියි දායකවෙන්න. මාගේ විද්‍යුත් ලිපිනයට විස්තර දන්වන්න ඔබට හැකිද? (නි)

:       0       0

ඉන්දික සඳරුවන් Saturday, 16 May 2015 02:34 PM

හැම කෙනෙක්ම කියනවා විතරයි නමුත් කිසිකෙනෙක් දායක වෙන්නේ න. මෙතන අදහස් දල තියෙනවා 40 විතර මේ අය විතරක් එකතු වුනත් කරන්න පුළුවන් අනික මේ වගේ අය ගොඩක් ඉන්නවා. පුළුවන් විදියට උදව් කරනවා මම මගේ යාළුවොත් එක්ක එකතුවෙලා (බ)

:       0       0

ඒ. ගුණවර්ධන Friday, 24 April 2015 05:41 PM

හෙටම මේ අයව බලන්න යනවා. නිවස හදලා දෙන වගකීම භාරගන්නවා.ඒකට උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එකතුවෙන්න අපිත් එක්ක. ආරාධනා කරනවා බොහෝම ගෞරවයෙන්. (නි)

:       0       0

අවන්ති Friday, 24 April 2015 05:53 PM

අනේ දෙවියනේ! (නි)

:       0       0

මාලින්ද Tuesday, 05 May 2015 07:47 PM

මමත් කැමතියි මුදලින් ආධාර කරන්න.. විදේශයක ඉන්න නිසා එපමණයි මට කළහැක්කේ. තවත් උපකාර අවැසි අය ඉන්නවා නම් කියන්න හැකි පමණින් ආධාර කරන්නම්. (නි)

:       0       0

සෙනරත් Friday, 24 April 2015 11:20 AM

ඒ මවගේ ගිණුමට මුදල් ආධාරයක් කරන්න. නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා (දිල්)

:       0       0

ඉසුර Friday, 24 April 2015 11:30 AM

උදවු කරනම ඕන මිනිස්සු වගයක් හරි පවු. (ර)

:       0       0

පද්මිණී Friday, 24 April 2015 07:28 PM

ලංකාදීපය මේ කරන සද්කාර්යයට ඔබලාට ස්තුතියි! මේ දෙමාපිය දෙන්නාට මුදලක් පරිත්‍යාග කිරීමට මම පොරොන්දු වෙනවා. අපි ඉපදුනු රටින් පිටව ඉඳගෙන ඉපදුනු රටට පිහිටවන්නට ලැබීම පිනක්. (නි)

:       0       0

රෝයි Friday, 24 April 2015 11:35 AM

අද මහජන දේපල වංචා කිරීම සම්බන්දව බන්ධනාගාර ගත වුවන්ද සිටින්නේ ගෙවන වාට්ටුවේ ඉතා සැප පහසු ලෙස. මේ දෙපළ රටට ජනතාවට වංචාවක් නොකර ජීවත් උනත් ගත කරන්නේ ඉතා දුක්ඛිත ජීවිතයක්. මේ වෙනස ලංකාවේ සදාකල් පවතිනු ඇති. (ස)

:       0       0

මොහොමඩ් ශිරාජ් Saturday, 06 June 2015 01:20 PM

මට පුලුවන් නම් මගේ ගෙදර තියාගෙන බලා ගන්නවා (නදී)

:       0       0

පුණ්‍යා‍ Friday, 24 April 2015 07:39 PM

මට හැකි පමණින් උදවු කරන්න කැමතියි, මේ අසරණ මවට සහ පියාට.. (නි)

:       0       0

ඉනෝකා Friday, 24 April 2015 08:00 PM

මමත් කැමතියි කරන්න පුළුවන් දෙයක් කරන්න. පින්තූර දැක්කහම හරිම කණගාටුවක් හිතට දැනුනා. (නි)

:       0       0

රොහාන් Friday, 24 April 2015 11:41 AM

අපේ මිනිස්සුන්ගේ හිත හරි හොඳයි, මනුස්ෂත්වයේ නාමයෙන් ඉදිරිපත්වෙන හැමෝම උත්තරීතර මිනිස්සු. මමත් එනවා උදවුවට. (අ)

:       0       0

ඉනෝකා Friday, 24 April 2015 08:09 PM

ශාන්ගේ කීමට එකඟවෙමි. (නි)

:       0       0

ශාන්ත Thursday, 07 May 2015 03:55 PM

කළ හැකි දෙයක් මමත් කරන්නම් අපිට දෙමාපියන් ඉන්නව මේ වගේ අසරණ අය තව කොච්චර ඉන්නවද (බ)

:       0       0

සාලිය ප්‍රභාත් Friday, 24 April 2015 11:55 AM

රෝයි මහත්තයාගේ අදහස සම්පූර්ණ සත්‍යකි. අද රටේ ඇති මේ වෙනස සියලු දෙනා දකින්නේ නැති එක පුදුමයක් නොවේ තාමත් අපේ රටේ ප්‍රශ්න දිහා බුද්ධියෙන් බලන පිරිස ඉතා අඩුයි. (ස)

:       0       0

චතුරිකා Saturday, 25 April 2015 06:36 PM

ජීවිතය ගැන ලොකු කළකිරීමක් ඇතිවෙනවා. (නි)

:       0       0

ම.බ.එකනායත Friday, 24 April 2015 12:19 PM

මේ දෙදෙනාගේ සිහිනය සැබෑ කරන්න පුලුවන් එකම පුද්ගලයා සජිත් පේමදාස ඇමතිතුමායි. (අ)

:       0       0

ශානිකා Saturday, 25 April 2015 07:03 PM

ඔයාලා හැමෝම හොඳ මිනිස්සු. ගොඩක් සතුටුයි ඔයාලා වගේ අය ගැන. හැමෝම එකතුවෙලා උදව් කරමු. අපිට පුළුවන් මේ ගෙය හදාදෙන්න.ඔයාලගේ කව්රුහරි මුල්වෙන්න. මං ලංකාවේ නෙමෙයි ඉන්නේ. නැත්නම් මම මුල්වෙනවා. වෙසක් එකට අවොත් මම මෙයාලව බලන්න යනවා (නි)

:       0       0

ශාන සෞදි Friday, 24 April 2015 12:36 PM

මම දකින විදිහට නම් මේ අම්මට හා තාත්ත මේ දේවල් ඇත ඇරලා වැඩිහිටි නිවාසයකට යන එක තමයි හොදම දේ මම මෙහෙම කීවට කවුරුත්ම එක්ක අමනාප වෙන්න එපා මොකද අද මේ දෙන්නට බලන්න කෙනෙක් නැති වුණාට මජනතවගෙන් උදවු ලැබෙනකොට දැන් වෙන්වෙලා එන්න අය පොරකන්න ගන්නවා ඒවා බෙදා ගන්න එකෙන් මේ දෙන්නට දැන් තියන සෙනසීමත් නැති වෙනවා මෙයාල වැඩිහිටි නිවාසෙකට ගියානම් ඕනේ කෙනෙකුට උදවු කරන්න පුළුවන් කාගෙවත් බලපෑමක් නැහැ එතකොට එයාලගේ ගිණුමට යවන මුදල් වලින් බේත් හේත් අරගන දනක් පිනක් කරගන දෙනාට හොදින් එන්න පුළුවන අරක්කු බොන්න සල්ලි දුන්නේ නැ කියලා අම්ම නංගි මරණ මිනිස්සු අද ඉන්නේ අනෙක කාටද මේ ගෙවල් දොරවල් හදන්නේ මුදලින් කල නොහැකි වුවත් දෑත දෙපයේ මහන්සියෙන් දරුවන්ට පුළුවන් මේ දෙන්නව මෙයිට වඩා හොද තැනක තියන්න මේ මට හැගෙන හා මම අද රටේ සිදුවන දේවල් නිසා මට හිතෙන ආකාරය මම වැරදිනම් සමා වෙන්න (අ)

:       0       0

නීශා Saturday, 02 May 2015 03:32 PM

මේ මවුපියන්ට,මේ වයසේදී නිවසක් හදනවට වඩා දෙන්නාටම එකට කරදරයක් නැතුව, නිදහසේ ඉන්න පුළුවන් වැඩිහිටි නිවාසයකට යවන්න පුළුවන් නම් ඊට වඩා හොඳයි. එතකොට එයාලට අසනීපයක් වුණත් ඒ අය බලාගන්නවා. (නි)

:       0       0

නීශා Saturday, 02 May 2015 03:36 PM

අනෙක් එක කවුරුහරි මේ මවුපියන්ව ආගම දහමට යොමුකරන්න පුළුවන් නම් එයාලට තේරුම්යයි මැරුණට පස්සේ අපේ මිනිය කියන්නේ නිකන් හිස් දෙයක් විතරයි කියලා. (නි)

:       0       0

අනුර Friday, 24 April 2015 01:27 PM

හැමකෙන්කම එකතු උනොත් පොඩි නිවසක් හදා දෙන්න පුළුවන් අපිට පුළුවන් ආකාරයෙන් මේ ගිණුමට මුදල් බැර කර යම්කිසි සමාජ සේවා ආයතනයක් මුලිකත්වයෙන් නිවස ගොඩ නගාදෙමු ඉදෙරියේදී වැඩ කටයුතු කරගැනීම අපහසු වෙනු ඇත එවිට කවුද මොහුන් වෙනුවෙන් පෙනී සිටින්නේ ජීවිත රෝදය තුල මේ පොදු ලෝක ධර්මතාවයි! (අ)

:       0       0

සෙලිනා Friday, 24 April 2015 02:08 PM

ශාන, ඔයාගේ අදහස වැරදි නැහැ. ඒකයි ඇත්ත. නමුත් අපිත් දෙමාපියන් නිසා මොවුන්ට උදව් කරන්න ඕනෑ. මොකද ඉන් අපේ දෙමාපියන්ටත් දිර්ඝායුෂ ලැබෙන්න පුළුවන් නිසා (නි)

:       0       0

චලිත රුවන් Sunday, 17 May 2015 08:00 AM

ලංකාදීප පුවත්පතට ස්තුතියි! මෙහි ප්‍රතිඵල පළකරන්න මේ අයට කවුරුත් පිහිටවෙලා නැත්නම් ඊළග සැරේ මට හැකි දෙයක් කිරීමට මම බර ගන්නවා (බ)

:       0       0

අතුල Friday, 24 April 2015 09:00 AM

මේ අසරණ මහලු දෙමව්පියන්ට ඉක්මනින් උදව් කල යුතුමයි එයට සැමගේ අධාරය කරන්න මොකද ඔබ අප හැම කෙනෙක්ම මහලුවන නිසා. මේවා තමයි පින් කියන්නේ. ලෝකෙට පෙනෙන්න අත්දෙක එකතු කරගෙන හතර ගාතේ දාල වඳින එක නොවෙයි. (ස)

:       0       0

නලින්ද Friday, 24 April 2015 09:02 AM

මේ අසරණ අම්මාටත් තාත්තාටත් දානපතියෙකුගේ උදව් උපකාර ලැබේවා. (ස)

:       0       0

සම්පත් Friday, 24 April 2015 09:14 AM

අපේ සමාජය තුල සාරධර්ම පිරිහීම තම තමන්ගේ වගකීම ඉටු නොකරීම නිසා මේ තත්වය උදා වී ඇත ,අපි අපේ වගකීම ඉටු කරමු ,මෙම පුවත ප්‍රචාරය කිරීම ට ස්තුතිය පුදකරමි. හැමෝටම පාඩමක් මේක. අම්මටත් තාත්තටත් දිර්ගායුෂ පතමි. (ස)

:       0       0

රොහාන් Friday, 24 April 2015 09:16 AM

අපි එකතුවෙලා මේවගේ අසරනවෙන අයට උදවුවෙන්න පුළුවන් ක්‍රමයක් හදමු. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2466 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 429 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1721 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5070 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3404 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3756 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37910 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24989 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site