IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මහේල විස්සයි 20 නායකත්වයෙන් සමුගනී

විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් පරාජයටත්වීමත් සමගම විස්සයි 20 කණ්ඩායමේ නායකත්වයෙන් තමන් ඉවත් වන බව ශී‍්‍ර ලංකා පිලේ නායක මහේල ජයවර්ධන පැවසීය. ”මෙම තරගාවලිය ආරම්භ වීමට පෙරම මා තේරීම් කමිටු නිලධාරීන් සමග සාකච්ඡා කළා. විස්සයි 20 කි‍්‍රකට් කී‍්‍රඩාවේදී අප ඉදිරියට යන්න  ඕනෑ නම් තරුණ නායකයෙක් මෙතැන් සිට වගකීම බාර ගත යුතුයි” ”මගේ යෝජනාවට තේරීම් කමිටු නිලධාරීන් එක`ග වුණත්, අවසන් මහ තරගයට පෙර ඒ ගැන නිල වශයෙන් ප‍්‍රකාශයක් කිරීමට මා උත්සුක වූයේ නෑ” යයිද මහේල ජයවර්ධන ඊයේ රාති‍්‍රයේ පැවති පුවත් පත් සාකච්ඡාවකදී පැවසීය. කෙසේ වෙතත් ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් වල නායකයා වශයෙන් බාරගත් වසරක කාලය තමන් කටයුතු කරන බවත් අලූතෙන් පත්වන නායකයා තමන්ගේ සේවය අපේක්‍ෂා කරන්නේ නම් විස්සයි 20 තරග සඳහා ශී‍්‍ර ලංකාව වෙනුවෙන් කී‍්‍රඩා කිරීමට සූදානම් බවත් මහේල වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

මහේල විස්සයි 20 නායකත්වයෙන් සමුගනී

නානායක්කාර Friday, 12 October 2012 09:54 AM

ඔබ හොද නායකයෙක්

:       0       0

මහේල Monday, 08 October 2012 09:17 PM

මහේල ඉන්නකම් කණ්ඩායම පරදි, වහාම ඉවත් කරන්න. (අ)

:       0       0

චන්දි Monday, 08 October 2012 03:34 PM

මමත් රඛිත සහ ලලිත්ගේ අදහස් 100%ක් අනුමත කරනවා. (නි)

:       0       0

ජයලත් Monday, 08 October 2012 03:37 PM

මාලිංග ගෙදර ගියානම් හොදයි කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

සිසිර Monday, 08 October 2012 09:39 PM

මහේල විතරක් නොවේ දිල්ෂාන්, මාලිංග, මැතිව්ස් අයින් කරන්න ඕනේ. (අ)

:       0       0

නිරෝෂණ Tuesday, 09 October 2012 12:49 PM

මහේලට නායකත්වය මීට වඩා බුද්ධිමත්ව කරන්න තිබුණා.. මාලිංග මේවගේ ගහද්දි හතර වැනි ඕවරයට මාලිංගටම දෙන්වා.. තේරෙන්නේ නැද්ද? කල්පනාව නැද්ද? අකිලට තව ඕවරයක්, මෙන්ඩිස්ට දෙකක් කුලසේකරට එකක් ඕවර ඉතිරි වෙලා තිබුණා. ඒ කෙනෙක් දැම්ම නම් ඔහොම ගහන්නේ නැහැ.. බලා හිටපු අපිට තේරෙනවා.. පාසල් යන කාලෙ ඉදලා සෙල්ලම් කරපු මහේලට තේරෙන්නේ නැහැ.. සියල්ලමට කලින් අපේ කණ්ඩායමට පීඩනයක් දරාගෙන සෙල්ලම් කරන හැටි කියා දෙන්න ඕන.. අපේ අයට පුදුම හදිස්සියක්නේ තිබුණෙ. කල්පනාවෙන් ගැහුවනම් දින්නන තිබුණා.. මාලිංග 54 ක් ගැහුවා තමයි ඒත් අපිට හරියට පහරදෙන්න තිබුණා.. අර්ජුන, අරවින්ද ඉන්න කාලේ පන්නලා ගැහුවා.. දැං එහෙම නැහැ.. අපට ක්‍රිකට් එපා වෙයි මෙහෙම ගියොත්..!(නු)

:       0       0

විදුල Monday, 08 October 2012 10:13 PM

මහේල නියම නායකයෙක් වුණත් වැරැද්ද තිබුණේ තරගය බලන්න පැමිණි ප්‍රේක්ෂකයන්‍ගේ පැත්තෙනුයි. (නි)

:       0       0

ට්‍රිෂාන් Tuesday, 09 October 2012 08:10 PM

මාලිංගට බණින අය පොඩ්ඩක් මේක බලලම අදහස් දාන්නකෝ. http://www.youtube.com/watch?v=N597rYWRt8E (නි)

:       0       0

දිවංක Monday, 08 October 2012 11:57 AM

ඇත්තටම මහේල හොද නායකත්වයක් දුන්නා සහ හොද නායකයෙක්. ඒ ගැන සතුටුයි.එත් ඔබ නායකත්වයෙන් සමුගන එකට නම් කැමති නෑ.කෙසේ වුවත් ඔබ ගැන අපිට ආඩම්බරයි.ඔබේ නායකත්වය යටතේ අවසන් තරගය දක්වා පැමිණියා. ඔබ සිදුකරපු මහගු සේවයට අපේ උත්තමාචාරය!!!(ස)

:       0       0

ලලිත් - කටාර් Tuesday, 09 October 2012 08:18 PM

මේ ඔක්කොටම මුල කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව. අපේ කට්ටිය ඒ ගැන කල්පනා කර කර දෙගිඩියාවෙන් සිටි නිසයි තරගය පැරදුණේ. (නි)

:       0       0

නිශා Tuesday, 09 October 2012 08:48 PM

හරිනම් ටීම් එකම සියදිවි හානි කරගන්න ඕනි.මොකද කොදෙව්වන්ට‍ අන්නත ලෙස පරාද වූ නිසා. අනික 4 වෙනි වතාවටත් 20/20 පැරදුනු නිසා. නමුත් මැරිලා තියෙන්නේ අපේ මෝඩ කොල්ලෝ 2 ක් නේ (ස)

:       0       0

ඇන්ටන් Monday, 08 October 2012 10:34 PM

මහේල ගත්ත තීරණය හරි වුණත්, තරගයේදී ගත් තීරණය වැරදියි. (නි)

:       0       0

ශ්‍රියාණි Monday, 08 October 2012 04:16 PM

රඛිත කියපු දේ හරි. මොනවා හෝ දෙයක් මෙතන වී තියෙනවා. (නි)

:       0       0

දිලිප් Monday, 08 October 2012 10:53 PM

ඔයාලා අපිට කවදත් වීරයෝ. අවසන් තරගය දක්වා පැමිණි එකම ඇති. (නි)

:       0       0

පනාගොඩ Monday, 08 October 2012 04:24 PM

දනුවත් පැරදුනත් සල්ලි හම්බවෙනවනේ ,(ස)

:       0       0

රේණුකා Monday, 08 October 2012 11:09 PM

මහේල කියන්නේ හොද නායකයෙක් වුණත් එදා ලොකු අවාසනාවක් අත වැණුවා අපේ කොල්ලන්ට. (නි)

:       0       0

ගාමිණි Monday, 08 October 2012 12:38 AM

මහේල, ඔබ විශිෂ්ටයි. තව ටිකක ඉවසුවා නම් ඔබට ලංකාව ගොඩගන්න තිබුණා. ඔබ දැවී ගියාට පසු අප අනාථ වුණා. මැද පෙළ මේ තරඟය පුරාවටම කිසිම වගකීමකින් ක්‍රීඩා කළබවක් අප දුටුවේ නැහැ. එහෙම නොවුණා නම් අපි අද ජයග්‍රාහකයෝ. මෙය ඔබේ නායකත්වයේ අඩුවක් නොව අපේ තිබුණු දුර්වලම තැන බලා ඔවුන් හරියටම එතනට ගැසීමයි. අපි ඔබටත් ලංකා පිලටත් එදා වගේම ආදරෙයි. වසර පහක් තුළ අවසන් මහා තරඟයට පස් වතාවක් පැමිණි පිළක් වීමම අප රටට ආඩම්බරයකි. (නි)

:       0       0

ජගත් Monday, 08 October 2012 12:14 PM

මාලිංගට දිගට හරහට පහර දුන් සැමුවෙල්ස් දවා ගත් දනංජයට තව පන්දු වාරයක් තිබියදීත් මාලිංගව නැවත කැඳවීම මහේල කල ලොකු අනුවන කමක්. ක්‍රිකට් කියන්නේ ඔහොම තමා. ඔබ විශිෂ්ට නායකයෙක්. (ස)

:       0       0

ජෝන් Tuesday, 09 October 2012 01:51 PM

මම ජයා එක්ක එකගයි.. (නු)

:       0       0

අන්තෝනි Monday, 08 October 2012 12:51 AM

ඔවු. ඔබ හොද කාර්යභාරයක් ඉටු කළා. (නි)

:       0       0

ගාල්ලගේ Monday, 08 October 2012 12:47 AM

කනගාටුයි මහේල

:       0       0

පහන් Monday, 08 October 2012 04:28 PM

මාලිංගට ගහද්දීත් එයාටම බොලේ දුන්නේ ඇයි .මහේල මාලිංගට බයද ?මාලිංගගේ කට විතරයි .මාලිංගගේ තුන් ඉරියව්වම දුර්වලයි .එක ඉරියව්වක්වත් බැහැ.,(ස)

:       0       0

සික්කුගේ ගිහාන් Monday, 08 October 2012 12:25 PM

මම මාලදිවඉනේ සිටයි තරගය නරබුවේ. රට ගැන ලොකු ආදරයකින් හැගීමකින්.., නමුත් එක මොහොතකින් ඒ බලාපොරොත්තු සුන් වෙලා ගියා.., මගේ ජීවිතේට අවුරුදු (19) කවදාවත්ම අපේ රත්තරන් ක්‍රිකට් පිල ලෝක කුසලානයක් ගන්නවා සජීවීව දැකල නෑ..., නමුත් අපේ පිලේ මට ක්‍රිකට් වලට මතක ඇති කාලයේ සිටම 1998 මහේල ඔය කණ්ඩායමට අවේ.., එදා ඉදන්ම මහේල ඔයාගේ විලාසයට මම බෙහෙවින් අගය කලා ඒ වගේම ඉදිරියටත්.., ඔබ තරම් අදටත් අපේ කණ්ඩායමේ ලේකේ කට් පහර , ෆොර්වෙර්ඩ් ඩිෆෙන්ස් පහර ලස්සනට කාටවත් ගහන්න බෑ.., මේ වගේ සුළු දෙයකට ඔබ වගේ දක්ෂ නායකයෙක්.., සමු ගත්තොත් මම මගේ ජීවිතේට අපහු ක්‍රිකට් බලන්නේ නෑ....,, (ස)

:       0       0

වෙනුර Thursday, 11 October 2012 11:13 PM

තේරීම් කමිටුවට මාලිංග ගැන හිතන්න කාලය ඇවිත් වගෙයි. (නි)

:       0       0

පහන් Monday, 08 October 2012 01:11 AM

අපේ වෙලාව හොඳ නෑ නැතුව අපිට බැරුව නෙමෙයි‍ . මහේල‍ගේ මහන්සිය වතුරේ ගියා. කමක් නැ 2013 කප් එක ගමු (ස)

:       0       0

මහේෂ් Monday, 08 October 2012 01:18 AM

මහේල නෙමෙයි, මාලිංගයි, ඩිල්ෂානුයි ලංකා ක්‍රිකට් වලින් සමුගෙන ඉන්දියාවට ඇරියොත් නරකද? (නි)

:       0       0

නාලක Tuesday, 09 October 2012 09:43 PM

දිල්ශාන් වෙනුවට වෙන කෙනෙක් ගැන ඉදිරියේදී හිතුවොත් නේද හොද? (නි)

:       0       0

ඉන්දික Monday, 08 October 2012 01:19 AM

මහේල ඔබ විශිෂ්ඨ නායකයෙකි‍. ඔබ‍ගේ තීරණය කාලෝචිතය. ඔබ ටෙස් හා එක්දින තරඟ සඳහා නායකත්වය ලබාදෙන්නේනම් ඔබට අර්ජුනගෙන් ඉගෙනගැනීමට තව බොහෝ දේ ඇත‍‍.. (ස)

:       0       0

සුජානි Monday, 08 October 2012 01:40 AM

අනේ! ඔය ටික අපේ පාලකයින්ටත් හිතෙනවා නම්....? (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 08 October 2012 12:30 PM

දුකයි ..කණගාටුයි...කමක් නෑ අපි ලෝකශූරයෝ (ස)

:       0       0

ටුආන් Tuesday, 09 October 2012 12:00 AM

මහේල, අනෙක් තරුණ කට්ටිය ගැන හිතලා එයාලට තැනක් දුන්නොත් හොද නැද්ද? (නි)

:       0       0

සුසන්ත Tuesday, 09 October 2012 12:24 AM

ඇයි මහේල ඔයා මාලිංගට දැන දැනම බෝල දාන්න දුන්නේ? මේ වැරැද්ද ඔයා කී පාරක් නම් කළාද? ආයිත් සෙල්ලම් කරද්දී මීට වැඩිය පරිස්සම් වෙන්න. (නි)

:       0       0

රේණුක Monday, 08 October 2012 12:34 PM

දැන් මොනවා කිවුවත් අපිට කප් එක ලැබෙන්නෙ නැහැනේ (නි)

:       0       0

සුමන් Tuesday, 09 October 2012 12:41 AM

මහේල ඔබ හොඳ නායකයෙක් (ස)

:       0       0

සජිත් Tuesday, 09 October 2012 10:15 PM

අලුත් නායකයෙක් තෝරා ගන්න එක තමයි දැන් තියෙන ගැටලුව. මොකද අලුත් නායකයෙකුට තියෙන්න ඕනෑ කිසිම සුදුසුකමක් මේ කාටවත් නැහැ. (නි)

:       0       0

රෙමා Monday, 08 October 2012 12:28 PM

හොද තීරණයක් (නි)

:       0       0

ලලිත් Monday, 08 October 2012 12:35 PM

එදා මුලින්ම ලාරා ජනපති හමුවෙලා තියෙන්නේ එතුමාට අවසන් තරගය බැලීමට විශේෂ ආරාධනයකටයි. ඔබතුමා නොවරදවාම එනවා නේද කියලයි අහල තියෙන්නේ. ලාරා දැනගන තියනවා පසුගිය ලෝක කුසලාන දෙකම බලන්න එතුමා ගිය වග.(ස)

:       0       0

යොහාන් Monday, 08 October 2012 04:50 PM

මහේල නෙමෙයි යන්න ඕනෑ මාලිංගයි. මම මාලිංග නම් මුලු ක්‍රිකට් දිවියෙන්ම සමුගන්නවා. (නි)

:       0       0

ජයී තිසර Monday, 08 October 2012 04:44 PM

නොඅසුනු මැන ඔය නාඩම් වෙන සුදුස්සො නැහැ තවනම් මහේල ඔබ නොසිටියානම් දෙවන තැනත් අවදානම්... (නි)

:       0       0

සමන් Monday, 08 October 2012 02:24 AM

ඔබ නියම නායකයෙක්. හැබැයි දේශපාලනයට සම්බන්ධ වෙන්න නම් හිතන්නවත් එපා. (නි)

:       0       0

රනුක Monday, 08 October 2012 12:43 PM

අපිට අනිවාර්‍යයෙන්ම දිනන්න තිබුණා . ඒත් අවාසනාවන්ත දෙයක් සිදුවුණා (ස)

:       0       0

ජයසුන්දර Monday, 08 October 2012 12:44 PM

මහේල දක්ෂයි. නමුත් මෙහෙම තරගයක් පැරදුණු එක ගැන දුකයි. කමක් නැහැ මොනවා කරන්නද? සුභ පැතුම්! (නි)

:       0       0

සමන්ත Tuesday, 09 October 2012 10:39 PM

20-20 විතරක් නෙමෙයි. සියල්ලෙන්ම සමු ගත්තොත් නරකද? (නි)

:       0       0

ජයන්ති Tuesday, 09 October 2012 01:20 AM

මහේල ඔබ විශිෂ්ඨ ක්‍රීඩකයෙක් ව‍‍ගේම දක්ෂ නායකයෙක් , ..ඔබ වැනි පරිනත නායකයෙකුගේ හදිසි සමුගැනීම අපිට ලොකු කණගාටුවක් වගේම ලංකා ටීම් එකට දැරිය නොහැකි පාඩුවක් (ස)

:       0       0

ෂෙරීෆ් Monday, 08 October 2012 02:36 AM

දිනුවා නම් ඔය කතාව කියන්නේ නැහැනේ. (නි)

:       0       0

කරු Monday, 08 October 2012 03:26 AM

කවුරු නායකයා වුණත් වැඩක් නැහැ ඔලුව නැත්නම්. මාලිංගට තුන්වන, හතරවන ඕවර් දෙන්න කලින් මහේලට ටිකක් හිතන්න තිබුණා. (නි)

:       0       0

අශාන් Monday, 08 October 2012 01:00 PM

වැරැද්ද මාලිංගගේ නෙමෙයි. එළව එළවා ගහද්දිත් එයාටම පන්දුව දුන් මාලිංගගේ. (නි)

:       0       0

සරත් Monday, 08 October 2012 04:50 AM

මහේල, ඔබ නියම නායකයෙක්. අපි සුභ පතනවා ඔබට! අපේ නායකයොත් ඔබගේ චරිතයෙන් යමක් ඉගෙනගනීවි යැයි හිතනවා. (නි)

:       0       0

සිල්වා Monday, 08 October 2012 05:38 AM

මාලිංග ගැනත් තවටිකක් හිතුවොත් හොදයි. (නි)

:       0       0

ගාමිණි Tuesday, 09 October 2012 03:47 AM

මට නම් මහේල අවසන් තරගය මෙහෙයවපු ආකාරය පිළිබද සතුටු වෙන්න බැහැ. ඒක ලබා ගන්න අසීරු ළකුණූ මට්ටමක් නෙමෙයි. (නි)

:       0       0

සිල්වා Tuesday, 09 October 2012 03:23 PM

මාලිංග පසුගිය තරඟ දෙකේදීම උවමනාවකින් ක්‍රීඩා කල බවක් පෙන්න තිබුණේ නෑ . නිකන් මෝඩ හිනාව දාගෙන වගකීමක් නැතුව ක්‍රීඩා කරා (ස)

:       0       0

යසන්ග Monday, 08 October 2012 06:50 AM

දුක්ඛිත පුවතක්. (නි)

:       0       0

තිලක් Monday, 08 October 2012 07:00 AM

පරාජයට, මාලිංග වගකිව යුතුයි. (නි)

:       0       0

අනුර Monday, 08 October 2012 01:21 PM

මෙයාලා ලංකාවේ මිනිස්සුන්ට ක්‍රිකට් එපා කළා (නි)

:       0       0

තරිඳු Monday, 08 October 2012 07:08 AM

ඔබ කළ සේවයට අපේ හදපිරි භක්ති ප්‍රණාමය පුද කරනවා. (ස) .

:       0       0

බුද්ධික Tuesday, 09 October 2012 05:09 AM

දිල්ෂාන්ද ගෙදර යායුතු බවයි මගේ හැගීම. (නි)

:       0       0

පියුමාල් Monday, 08 October 2012 01:26 PM

යන එක හොඳයි. මෝඩ වැඩකරන නායකයෙක් විදියට තවත් නොයිද ,(ස)

:       0       0

චතුරංග සදරුවන් Saturday, 13 October 2012 09:11 PM

අපේ කණ්ඩායමේ වේග පන්දුයැවීමේ පුහුණු කරුත් අස් කළ යුතුයි..!(නු)

:       0       0

අශ්මිල් Monday, 08 October 2012 07:59 AM

නියමයි නියමයි විශිෂ්ටයි. (නි)

:       0       0

රඛිත Monday, 08 October 2012 08:05 AM

පරාජයට වගකිව යුතු කෙනා හිටියේ ක්‍රීඩාගාරයේ. දැක්කේ නැද්ද? මුහුණ පෙන්නුවා විතරයි. අපේ කඩුලු වැටුණා බලන් ඉඳිද්දී. (නි)

:       0       0

බොතේජු Monday, 08 October 2012 01:22 PM

නවකයන්ට අවස්තාව

:       0       0

රත්න Monday, 08 October 2012 05:50 PM

ලංකාවට පහලවූ විශිෂ්ට නායකයින් කිහිප දෙනාගෙන් එකෙකි ඔබ (දී)

:       0       0

ඉන්දික Monday, 08 October 2012 08:01 AM

මාලිංගට ipl විතරද ...මහේල ඔබ විශිෂ්ඨයි (ස)

:       0       0

චරිත Monday, 08 October 2012 01:26 PM

ඊ ලග නායකයා කවුද

:       0       0

ලහිරු Tuesday, 09 October 2012 03:53 PM

මාලිංග යොදා ගත යුත්තේ අයිපීඑල් තරග සදහා පමණ්‍යි..!(නු)

:       0       0

තත්සරණි Monday, 08 October 2012 01:35 PM

මහේල, ඔය අයින් වෙන්න එපා (නි)

:       0       0

ලමාක් Tuesday, 09 October 2012 04:09 PM

ඔය ක්‍රීඩා පිටියේ තිබුණ තේක්ක ගස් වගයක්. ඒ ගස් වල හිටිය දෙවිවරු මගෝඩිස්ල එම ගස් කපාගෙන ගියාට පසුව දෙවිවරු කෝපවෙලා ඉන්නේ (ස)

:       0       0

කල්‍යාණ Monday, 08 October 2012 08:21 AM

ඒක නම් ඇත්ත , කලින් හොඳට සෙල්ලම් කලා. ඊට පස්සේ එක එක වැටෙන්න පටන්ගත්තා .(ස)

:       0       0

ඉම්රාන් Wednesday, 10 October 2012 06:57 AM

වැරදි තීරණයක් සහ දුර්වල නායකත්වයක්. (නි)

:       0       0

ක්‍රිස්ටී Monday, 08 October 2012 08:54 AM

නරඹන්නෝ දන්නවා මොන ක්‍රීඩකයාද ඉදිරියට යවන්න ඕනි කියලා , ඒත් නායකයා දන්නේ නෑ (ස)

:       0       0

හරින් Tuesday, 09 October 2012 08:12 AM

දිල්ශාන්නම් අනිවාර්‍යයෙන්ම ගෙදර යවන්න ඕනි, දැන් හරියට ක්‍රිකට් ගහන්නෙත් නෑ (ස)

:       0       0

කුමාර Monday, 08 October 2012 06:19 PM

මහේල කියන්නේ බුද්ධිමත් නායකයෙක්. ඔබේ අයින්වීම ගැන දුකයි. (නි)

:       0       0

යොහාන් Wednesday, 10 October 2012 08:00 AM

මහේල, චැම්පියන් කුසලානයේ දිල්ලි පිලේ නායකත්වයෙනුත් ඉල්ලා අස්වෙනවාද? (නි)

:       0       0

චතුරංග Monday, 08 October 2012 06:24 PM

අපේ කණ්ඩායමට ඕනෑ දෙයක් කරගන්න දීලා අපි තරග නොබලා ඉමු. (නි)

:       0       0

වසන්ත Monday, 08 October 2012 09:12 AM

මහේල හොඳයි...දිල්ෂානුයි, මාලිංගයි තමයි 20/20 මැච් එක විනාසකරේ ..මේ දෙන්නව ඉන්දියාවට පන්නාදමන්න ඕනේ (ස)

:       0       0

නිශාඩ් Monday, 08 October 2012 09:11 AM

කූඩැල්ලෝ වගේ නායකත්වයේ එල්ලිලා සිටීම හොඳ නෑ නේද ? (ස)

:       0       0

අනුර Monday, 08 October 2012 09:22 AM

රකිත කියන දේ මමත් කියනවා (ස)

:       0       0

ප්‍රියන්ත Friday, 12 October 2012 01:09 PM

ඩිල්ෂාන් ළකුණු නොලබා දැවීයාම අපට බොහෝ අවාසිදායක තත්වයක් වුවා. (නි).

:       0       0

තාරක Tuesday, 09 October 2012 08:47 AM

පිස්සන් වගේ කණ්ඩායමට බනින්න එපා. හැබැයි මාලිංග ගැන කියපු කතා වලට මමත් එකගයි. (නි)

:       0       0

නුවන් Monday, 08 October 2012 09:34 AM

බෝල හයක් හරියට දමන්න බෑරි ලෝ ක පූජිත පන්දු යවන්නා (ස)

:       0       0

යොහාන් Monday, 08 October 2012 06:51 PM

අයියෝ මහේල

:       0       0

චතුර Tuesday, 09 October 2012 09:03 AM

මම මොනවද කියන්න ඕනි (ස)

:       0       0

රොෂාන් Wednesday, 10 October 2012 09:01 AM

ඇයි මෙහෙම වැඩ කරන්නේ? (නි)

:       0       0

ඉන්ද්‍රජෝති Monday, 08 October 2012 02:23 PM

ජය පරාජය දෙකම බේදා ගැනීම මහත්මා ගුණයකි (ස)

:       0       0

මාටින් Friday, 12 October 2012 08:22 AM

අනේ නිකන් ඉන්න. අපි නොදන්න චෙස්.... (නි)

:       0       0

සමීර Monday, 08 October 2012 09:39 AM

ඔබ විශිෂ්ට නායකයෙක් එක අවිවාදයෙන් පිලිගන්නවා.ඒ වගේම ලංකාවේ ක්‍රිකට් ගැන හිතල ඔබ ගත්ත තීරණය හරි.අපිට 2පෙල නායකත්වයක් අවශයි ඔයාල නැති දවසට කණ්ඩායම මෙහෙය වන්න.නායකත්වයට අවශ්‍ය අත්දැකීම් අලුත් නායකයට ගන්න 20-20 තරග හොද අවස්ථාවක් වෙයි.මොකද පන්දුවාර 50 හා ටෙස්ට් තරග වලදී නායකත්වය එක පාරටම අත්හදා බලන එක එච්චර නුවණට හුරු නෑ.20-20 අලුත් නායකයට කවදාහරි මහේල 50-50 හා ටෙස්ට් තරඟ වල නායකත්වයෙනුත් ඉවත් වෙනකොට හොඳ පරිනත නායකයෙක් වෙලා ලංකාව ජයක්ග්‍රහනය කර මෙහෙයවන්න පුළුවන් වෙයි. (ස)

:       0       0

සමීර Monday, 08 October 2012 09:45 AM

ඔබ විශිෂ්ට නායකයෙක් එක අවිවාදයෙන් පිලිගන්නවා.ඒ වගේම ලංකාවේ ක්‍රිකට් ගැන හිතල ඔබ ගත්ත තීරණය හරි.අපිට 2පෙල නායකත්වයක් අවශයි ඔයාල නැති දවසට කණ්ඩායම මෙහෙය වන්න.නායකත්වයට අවශ්‍ය අත්දැකීම් අලුත් නායකයට ගන්න 20-20 තරග හොද අවස්ථාවක් වෙයි.මොකද පන්දුවාර 50 හා ටෙස්ට් තරග වලදී නායකත්වය එක පාරටම අත්හදා බලන එක එච්චර නුවනට හුරුනෑ.20-20 අලුත් නායකයට කවදාහරි මහේල 50-50 හා ටෙස්ට් තරග වල නායකත්වයෙනුත් ඉවත් වෙනකොට හොද පරිනත නායකයෙක් වෙලා ලංකාව ජයක්ග්‍රහණය කර මෙහෙයවන්න පුළුවන් වෙයි.(ස)

:       0       0

සුගත් Friday, 12 October 2012 08:24 AM

ස්තූතියි මහේල. ක්‍රීඩාවෙන්ම සමුගත්තා නම් තමයි අපිට තවත් සතුටු. (නි)

:       0       0

හසන්ති Monday, 08 October 2012 09:46 AM

අයියෝ මහේල එතකොට ලංකාවේ ක්‍රිකට්

:       0       0

නලින් Wednesday, 10 October 2012 09:31 AM

මාලිංග මේ ටූනමන්ට් එකේදිනම් සෙල්ලම් කලේ අපිට නෙමෙයි අනිත් ටීම් එකටයි , මහේල නියමයි. එයා ගැන හොයාලා බලන්න .(ස)

:       0       0

අනු Monday, 08 October 2012 09:47 AM

අයියෝ සල්ලි

:       0       0

ෆාරු Monday, 08 October 2012 09:57 AM

රකිත ඔයා හරි (ස)

:       0       0

ලලිත් - කටාර් Monday, 08 October 2012 02:30 PM

ඇත්තටම මහේල මහත්තයෝ, ඔබට කිසිම දේශපාලන බලපෑමක් නැද්ද? (නි)

:       0       0

අශේලි Monday, 08 October 2012 02:40 PM

තමන්ගේ වරද පිළිගෙන මාලිංග ටී20 වලින් සමුගන්න ඕනෑ. (නි)

:       0       0

උදිත් Monday, 08 October 2012 10:30 AM

මහේල නෙමෙයි මේ පරාජයට වගකිව යුත්තේ අර ඔලුව උදුම්මවාගත් හාදයයි (ස)

:       0       0

ප්‍රබෝධ Tuesday, 09 October 2012 10:29 AM

මහෙල ගත්තෙ හොඳ තිරණයක් , පැරදුනා තමයි, තරුණ කෙනෙක්ට දෙන්න වෙනවා. ඡේෂඨ ක්‍රිඩකයෝ සහය දෙන්න වෙනවා නැත්තම් අයින්වෙන්න වෙනවා.(ස)

:       0       0

නාරද Monday, 08 October 2012 10:36 AM

මොන විහිලුවක්ද මේ , රට වෙනුවෙන් ක්‍රීඩා කරානම් පරාජයේදි පැනලා යන එක නෙමෙයි හපන් කම, වැරදි හදාගෙන ඉස්සරහට යන එකයි ,නායකත්වයෙන් අස්වීම මෝස්තරයක් වෙලාද ? (ස)

:       0       0

ජෝන් Tuesday, 09 October 2012 10:34 AM

අපිට කාටවත් බණින්න බැහැ. හැම තරගයකදීම අවසානයේ වුණේ මේකයි. මාලිංගටත් වුණේ පීඩනය දරා ගත නොහැකි වීම නොවේද? (නි)

:       0       0

කසුන් Monday, 08 October 2012 10:39 AM

පරාජයට වග කිව යුත්තේ මාලිංග. ලකුණු 138 න් 53 ක් ම මාලිංග නිසා. අනෙක් පන්දුයවන්නන් හොඳට පන්දු යැව්වත් මාලිංග ඒ දේවල් නැති කළා. මහේලගේ නායකත්වය අගය කළත් ඊයේ හරි දුර්වලයි. තිසර ‍පෙරේරාව දාන්න තිබුණා මාලිංගට ගහද්දිත් එයාව දැම්මා. 100 ට අඩුවෙන් ගත්තා නම් දිනන්න තිබුණා. (ස)

:       0       0

එරංග Monday, 08 October 2012 10:40 AM

ඔබ ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම නායකයෙක්. නමුත් එක් පන්දු වාරයක අසාර්ථකවූ මාලිංග නැවත නැවත යෙදෙව්වේ නැත්නම් අද කුසලානේ අපේ. ඔබ ඔය අනුවන කම කල පලමු වතාව මෙය නොවේ. මාලිංග කණ්ඩායමේ සිටින එකම පංදු යවන්නා නොවේ.(ස)

:       0       0

ශෂි Tuesday, 09 October 2012 10:49 AM

මහේල, අපි ඔබට සැමදා ආදරෙයි. පන්දුවට පහර දෙද්දී තව ටිකක් හිතන්න තිබුණා. (නි)

:       0       0

හෆාස් Tuesday, 09 October 2012 10:57 AM

මහේල කොහොම උනත් එයාගේ යුතුකම ඉෂ්ඨකරා (ස)

:       0       0

ජැක් Thursday, 11 October 2012 02:36 PM

මහේල කියන්නේ හොඳ නායකයෙක්, නමුත් අර්ජුන තරම් දක්ෂ නෑ. මාලිංග ගැන කියනවානම් එයා අනෙක් තරඟ වලදී කොච්චර හොඳට සෙල්ලම් කරත් ලෝක කුසලානයේ අවසන් මහා තරඟය අනාගන්නවනම් වැඩක් නෑ........(ස).

:       0       0

අෂා Monday, 08 October 2012 10:54 AM

සල්ලි වලට රට යන අත. දුකයි දුකයි (ස)

:       0       0

තිළිණ Monday, 08 October 2012 08:17 PM

ලෝක කුසලානය වෙනුවෙන් රටවල් කීයක් නම් තරග වැදුණද? අපි අවසන් තරගය තෙක් ආවා. කවුද කියන්නේ අපි පැරදුනා කියලා. අපි පැරදුනේ නැහැ. අපි දිනුවා. (නි)

:       0       0

සිල්වා Monday, 08 October 2012 11:12 AM

අපේ ක්‍රීඩකයන්ට ශක්තියක් වෙන්න ඔබ ඔවුන් සමග ඉන්න

:       0       0

පාලිත Tuesday, 09 October 2012 07:47 PM

මහේල, ඔබගේ තීරණය ගැන මට සතුටුයි. (නි)

:       0       0

හසින්ති Monday, 08 October 2012 11:15 AM

රසික ඔයාගේ අදහස මරු .ඒ නැටුම පුරුදු උනානම් මහේලත් ගොඩ (ස)

:       0       0

චානක Monday, 08 October 2012 08:30 PM

අපි තමයි නියම ලෝක ශූරයෝ. අවුරුදු පහක් තුළ අවසන් තරගාවලි හතරක් තෙක් පැමිණී එකම කණ්ඩායම අපි. සත්කාරක රටක් වෙලත් වෙනස් තණතීරු වල, වෙනස් ක්‍රීඩාංගන වල දස්කම් දක්වපු එකම කණ්ඩායම අපි.කොල්‍ලනේ, ඔහොම යමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 295 0

70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම


හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 559 0

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි
2024 ඔක්තෝබර් මස 10 890 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය


හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 1504 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


ට්‍රම්ප්-පුටින් හිතවත්කම් අලුත් පොතකින් එළියට
2024 ඔක්තෝබර් මස 10 512 0

කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 963 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39712 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25821 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 30 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 375 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1239 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site