IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මහවැලි ගඟේ ගිළී පස් දෙනෙක් මරුට

හැටන් යමින් සිටි පිරිසක තරුණයන් පස් දෙනකු නාවලපිටිය පොල්ගම්පලදී මහවැලි ගගේ දිය නාන්නට ගොස් වතුර පෙවීමෙන් රෝහල් ගත කළ බව පොලීසිය කියයි.

රෝහලේදී ඔවුන් මිය ගිය බව නාවලපිටිය රෝහල් ප්‍රකාශකයකු පවසයි. මියගිය අය මහනුවර උඩුනුවර වටදෙණියේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ වටදෙණියෙ පදිංචි සමන් දිසානායක (23) සුමිත් තෙන්නකෝන්  (20) කසුන් සඳරුවන් කුළතුංග (26) , චමින්ද බණ්ඩාර (29) ඔහු ගුවන් හමුදා සෙබළෙකි. රියැදුරු ජනිත් මධුෂංක නවරත්න (22) යන පස් දෙනාය.

 



අදහස් (0)

මහවැලි ගඟේ ගිළී පස් දෙනෙක් මරුට

දිනු Saturday, 23 February 2013 12:54 PM

නාවලපිටියේ පොල්ගම්පොල කියලා තැනක් නැත.!(නු)

:       0       0

මරවින් Saturday, 23 February 2013 01:37 PM

මේ වගේ අනතුරුවලින් හැම වාරයකදීම විශාල තරුණ ජීවිත සංඛ්‍යාවක් නැතිවෙනවා.. මත් පැන් නිසා.. අපේ අය ඔක්කොටම කලින් කරන්නේ මත් පැන් බොන එකනේ.. අපරාදෙ වටින ජීවිත පහක් .. ගම්පොල අය වෙලත් නාවලපිටියෙ මෙතන නාන්න හොද නැහැ කියලා නොදැන හිටපු එක කණගාටුවට කරුණක්..!(නු)

:       0       0

සංජීව Friday, 22 February 2013 08:27 PM

අනේ මන්දා මේ ළමයි නම්? (නි)

:       0       0

රත්න Friday, 22 February 2013 08:48 PM

අනිච්චාවත සංඛාරා! (නි)

:       0       0

අජිත් Saturday, 23 February 2013 02:46 PM

පීනන්න පුරුදු වෙන්න ඕන හැම කෙනෙක්ම... පාසල්වලටත් විෂයක් ලෙස පිහිණුම් තිබෙනවා නම් හොඳයි.. මේවා වෙන්න ඒක නිසයි කියලයි හිතෙන්නේ.. (ස)

:       0       0

රවිනාත් Friday, 22 February 2013 09:14 PM

මෙයාලා මියගොස් ඇත්තේ රෝහලේදී නම් ලොකු අවුලක් තියෙනවා. ප්‍රථමාධාර දන්න එක්කෙනෙක් හිටියානම් මේ ජීවිත 5ම බේරගන්න තිබුනා. එවැනි සරල ප්‍රතමාධාරයක් වත් නොදන්න පරපුරක් බිහිකරන නිදහස් අධ්‍යාපනයෙන් ඇති පලේ මොකක් ද කියලා මටනම් තේරෙන්නේ නෑ.(නදී)

:       0       0

වසන්ත Friday, 22 February 2013 09:31 PM

තැන නොතැන බලලා නාන්න යන එකයි වැරැද්ද.(නදී)

:       0       0

චමිප් නිශ්ශංක Friday, 22 February 2013 09:37 PM

නොසැලකිලිකම විනාශයට මුලයි (අ)

:       0       0

නීලා Saturday, 23 February 2013 03:00 PM

රවිනාත් සහතික ඇත්ත... මම උසස්පෙළ ජීව විද්‍යාව ඉගෙන ගත්තත් කිසිම ප්‍රථමාදාරයක් දන්නේ නැ... ඔන්න ඕකයි තත්වේ.. (ස)

:       0       0

ලසන්ත Saturday, 23 February 2013 03:00 PM

තැන නොතැන නොදැන අපරාදෙ ජීවිත පහක් නැති වුණා..!(නු)

:       0       0

චූලා Saturday, 23 February 2013 03:02 PM

රට වටේටම මුහුද තිබිලා.. රට හැමතැනම ගංගාවල් තිබිලා කී දෙනාද පිහිනන්න දන්නේ.. මාත් දන්නෙ නැහැ.. වෙන රටවලට ගිහාම අපි ලැජ්ජා වෙනවා.. මේකයි අපේ අධ්‍යාපනයේ තත්ත්වය..!(නු)

:       0       0

සුභසිංහ Saturday, 23 February 2013 03:04 PM

ලලිත් කැකිල්ලේ කථා නොකිය කියන්න ඕන දේ කියන්න.. වරද අධ්‍යාපන ක්‍රමේ, කොළු කමේ නෙවෙයි, රට වටේ මුහුද තියන් පීනන්න බැරි, ප්‍රථමාදාර නොදන්න සමාජයක් බිහිවීමේ වරද.. (ස)

:       0       0

රසික Saturday, 23 February 2013 03:21 PM

මෙතනට කියන්නේ වැලිගම්පොල

:       0       0

දසත් Friday, 22 February 2013 09:49 PM

රෝහලට ඇතුළත් කරලා මියගියා කියන්නේ, දොස්තරලාගේ තියෙන නොසැළකිල්ලද? (නි)

:       0       0

රුවන් Saturday, 23 February 2013 03:21 PM

මෙතනට කියන්නේ වැලිගම්පොල කියලා.. මෙතන සාමාන්‍යෙයන් නාන තොටුපොලක්..!(නු)

:       0       0

සමන්ත Saturday, 23 February 2013 03:38 PM

මම හිතන්නේ පොල්ගම්පොල නෙවෙයි වැලිගම්පල මේ සිද්දිය වෙලා තියෙන්නේ (ස)

:       0       0

නවීන් Saturday, 23 February 2013 03:54 PM

අනේ පව් පීනන්න දන්නේ නැත්නම් යන්නේ මොකටද ? (ස)

:       0       0

ප්‍රභාත්-ජපානය Friday, 22 February 2013 10:09 PM

රවිනාත් හරි. මෙහෙම දේකදි රෝහලේදී මැරෙනවා කියන්නේ ප්‍රථමාධාර දන්න එක්කෙනෙක්වත් ඉදලා නැද්ද? මීට අවුරුදු 10 යකට පමන උඩදී අපේ පාසැල් වල ප්‍රථමාධාර පිළිබදව ඉගැන්වූවා. දැන් ඒවා නැහැ. හරිම කතගාටුයි.(නදී)

:       0       0

සේරා Friday, 22 February 2013 10:27 PM

මට නම් පුදුමයි මෙයාලට මෙච්චරටම ජීවිත වල වටිනාකම ගැන අවබෝධයක් නැති එක. (නි)

:       0       0

රවිනාත් Friday, 22 February 2013 10:55 PM

ඔව් ප්‍රභාත්. අපිත් පාසැලේ දී ප්‍රථමාධාර ඉගෙන ගත්තා. අධ්‍යාපනයේ ඉන්න අය ඒවා විෂය නිර්දේශයෙන් ඉවත් කරලා වගේ. සෑම සිසුවෙකුටම සෞඛ්‍ය විෂය සමග ප්‍රායෝගිකව ප්‍රථමාධාර ඉගැන්විය යුතුයි. දියුණු රටවල අනිවාර්ය අධ්‍යාපන අංගයක් වූ ප්‍රථමාධාර අපේ රටේ කප්පාදු වෙන්නේ මෙරට කිසිම විපතක් සිදු නොවන කලාපයක පිහිටා ඇති බව අධ්‍යාපන ලොක්කන් විසින් තීරණය කර ඇති නිසා ද? (නි)

:       0       0

ඉර්ෆාන් Friday, 22 February 2013 11:11 PM

මේ අයගේ ‍දෙමවුපියන්ට මොනතරම් නම් දුකක් ඇද්ද? (නි)

:       0       0

නාමල් Saturday, 23 February 2013 05:12 PM

හොද සිහියෙන් නෙමෙයි වෙන්න ඇති ඉන්න නම් ඇත්තෙ.. කොහොම උනත් බොහොම කණගාටුයි..!(නු)

:       0       0

රුවන් Friday, 22 February 2013 11:43 PM

මේ මැරුණ පස් දෙනාම අපේ ගෙවල් ලග මැරුනේ. හොදටම මත්පැන් පානය කරලයි හිටියේ. එක් අයෙක් බේරුනා. ප්‍රථමාධාර දුන්නා. ඒත මම හිතන්නේ ඒ වෙනකොටත් මිය ගිහින්. ඒ මොහොතේ ගග ලග කව්රුත් ඉදලා නැහැ. මල්ලි කෙනෙක් මේක දැකලා තියෙනවා. ඒත් ගොඩ වෙලාවක් මෙයාලා වතුරේ ගිලිලා ඉදලා.(නදී)

:       0       0

රුවන් Friday, 22 February 2013 11:51 PM

මේක සිද්ධ වුණේ අ‍පේ ගෙවල් ළග. මල්ලී කෙනෙක් දැකලා තමයි කෑගහලා මෙයාලව ගොඩට අරගෙන තියෙන්නේ. (නි)

:       0       0

කුමාර Saturday, 23 February 2013 12:40 AM

අයියෝ! අපරාදේ කොල්ලෝම පහක්... (නි)

:       0       0

සංජීව Saturday, 23 February 2013 05:49 PM

මේ තරුණයන්ගේ දෙමව්පියන්ට කොයි තරම් දුකක් ඇත්ද? උපදින ආත්මයකවත් මෙවන් අකල් මරණ නොවේවා.. නිවන් සුව අත්වේවා..!(නු)

:       0       0

ජයී තිසර Saturday, 23 February 2013 04:27 AM

මෙය නම් නොදන්නාකමින් සිදුවූ ලොකුම අපරාධයක්. ලොකු ප්‍රථමාධාර දැනගැනීමට අවශ්‍ය නැත. වතුරේ ගිලී ගොඩගත් විටම ඉතා ඉක්මනින් මුනින් හරවා පිට තදකර හෝ කකුල් දෙකෙන් උස්සා පපුව තදකර හෝ පෙනහළුවලට ඇතුලුවූ වතුර ඔවුන්ගේ මුවින් ඉවත් කිරීම මූලික අවශ්‍යතාවයයි. ගොඩගත් අය මේ දෙය කළා නම් අද ඔවුන් පස්දෙනා අප අතර ජීවත්ව සිටිති. (නි)

:       0       0

පිටිගල Saturday, 23 February 2013 06:57 AM

සිංහලයා වැඩිපුරම නැතිවෙන්නේ බීමත්කමිනුයි. (නි)

:       0       0

රවිනාත් Saturday, 23 February 2013 08:51 AM

රුවන් ඔබලාගේ ගමේ අය මෙයාලා බේරගන්න ලොතු උත්සාහයක් ගන්න ඇති. ඒ සඳහා ස්තූතිය ඔබට හිමියි. පුවතේ සඳහන් වෙන්නේ ඔවුන් රෝහලේ දී මිය ගිය බවයි. පෙවුන ජලය ඉවත් කර කෟතිම ස්වසනය සහ හෘද සම්බහනයෙන් සිහි මුර්ජා වුන කෙනෙකු යථා තත්වයට පත්කල හැකියි. රොහල්ගත කල යුත්තේ ඉන් පසුවයි. හදිසියකදී ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද යන අවබෝධය අපේ සමාජයට නෑ. බීමත්කම නිසා මෙවැනි අනතුරු වැඩිවෙන බව සත්‍යයක්. බීමත් කෙනෙක් අනතුරකට මුහුන දුන් විට සමාජය උදවු කරන්න ඉදිරිපත් වෙන්නේ අකමැත්තෙන්, අඩුවෙන්. මෙය නොබොන මිනිසුන් සිටින රටක් නොවේ. බීමත් වුනත් නැතත් අකතුරට මුහුන දුන්නේ අපේ සහෝදරයෙක් බව සිතා කටයුතු කිරීමයි වැදගත්. මොවුන් මියගියේ රෝහලේ දී බව වෙනත් පුවත්පත් ද වාර්ථාකර තිබේ. ඔක්සිජන් නොලැබී ගතවන සෑම මොහොතක්ම, හෘදය අක්‍රීයව ගතවන සෑම තත්පරයක්ම රෝගියා මරනය කරා ගෙනියනවා. අපි බේරාගන්නේ ජීවිතයක් බව සිතා සැලකිල්ලෙන් සහ වේගයෙන් කටයුතු කලයුතුයි. මෙවන් අවස්ථාවක කටයුතු කල යුතු ආකාරය පිලිබඳ මහජනයා දැනුවත් කිරීම මාධ්‍යයේ වගකීමයි. (ස)

:       0       0

බන්දු Saturday, 23 February 2013 09:18 AM

කව්රුත් පීනන්න ඉගෙනගත්තොත් මේවගේ වෙලාවක දී වටිනවා නේද (ස)

:       0       0

ශාන් Saturday, 23 February 2013 09:57 AM

කව්ද දන්නේ මේ ‍අය බීලද කියලා (ස)

:       0       0

රුහුණු Saturday, 23 February 2013 07:57 PM

රුවන්, ඔබට ස්තූතියි. තව දන්න දේවල් කියලා අපිව දැනුවත් කරන්න. (නි)

:       0       0

මාලක Sunday, 24 February 2013 11:40 AM

සාලින්ද ලංකාවේ නෙමෙයිද.. බෝඩ් දාලා තියෙන තැන් වල ඕන තරම් නානාවා.. හෙල්මට් නැතිව බයික් පදිනවා... කුඩා දරුවෝ වාහනවල ඉස්සරහ තියන් යනවා. මේක ලංකාව (ස)

:       0       0

චාමිනී Saturday, 23 February 2013 10:04 AM

ඔව් දැන් අධ්‍යාපනයේ තියෙන්නේ එකිනෙකාව පරද්දලා ඉදරියට යන තරඟයක් මිසක් ජීවත් වෙන්න අවශ්‍ය දේවල් නෙවෙයි. (ස)

:       0       0

රුහුණු Saturday, 23 February 2013 08:19 PM

එක් කෙනෙක් නොව පස් දෙනෙක් ගොඩ අරගෙන ප්‍රථමාධාර දෙනවා කියන එකත් ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. (නි)

:       0       0

අසන්ක Saturday, 23 February 2013 10:08 AM

අපරීක්ෂාකාරී වැඩ කරන්න යනවට හොද පාඩමක්. (නි)

:       0       0

මොහොමඩ් Saturday, 23 February 2013 10:20 AM

ඉතාමත් කණගාටුදායක සිද්ධියක්. මෙවැනි ගමන් යනවිට වැඩිහිටියන් සහභාගී කරගෙන යා යුතුයි. වර්තමාන පාසලේදී ප්‍රථමාධාර ඉගැන්වීමේදී යම් අඩු පාඩුවක් තිබෙන බව නම් සිදුවෙන ව්‍යසන දෙස බැලූ විට පෙනේ. (නි)

:       0       0

මොහොමඩ් Saturday, 23 February 2013 10:20 AM

නොදන්නා තැන්වල වතුරට බහින විට ඉතාමත් පරිස්සම් විය යුතුයි. (නි)

:       0       0

නිශ්ශංක Saturday, 23 February 2013 10:34 AM

ඔබසැමට නිවන් සුව! (නි)

:       0       0

ලීල් Saturday, 23 February 2013 09:19 PM

ලංකාවේ සෑම පාසලකම පිහිනීම විෂයක් හැටියට ඉගැන්විය යුතුයි. (නි)

:       0       0

සාලින්ද Saturday, 23 February 2013 10:54 AM

නාන්න හොද නැති තැන්වල බෝඩ් එකක් දැම්මා නම් ඉවරයිනේ. (නි)

:       0       0

රණා Saturday, 23 February 2013 11:06 AM

මට නම් මෙතන දැක්කහම නාන්න තියා බහින්නවත් හිතෙන්නේ නැහැ. (නි)

:       0       0

හිල්මි Saturday, 23 February 2013 09:54 PM

කොල්ලෝ මෙහෙම වුණාට කෙල්ලෙක්ව දියේ ගිලුණොත් තරුණයින් රොත්තක් ඒවි උදවු කරන්න. (නි)

:       0       0

සුනිල් Saturday, 23 February 2013 11:21 AM

කණගාටුයි. ඒත් මොනවා කරන්නද? (නි)

:       0       0

ඉෂාන් Friday, 22 February 2013 05:42 PM

සුරා පානය කරලද ඉදලා තියෙන්නේ? (නි)

:       0       0

ලලිත් Saturday, 23 February 2013 11:50 AM

මේචචර අනතුරු වෙද්දී ඇයි මෙයාලා ගගට බැස්සේ? (නි)

:       0       0

අනුර Friday, 22 February 2013 05:50 PM

අපේ තරුණ පරම්පරාවට කොච්චර කිවුවත් වැඩක් නැහැ. (නි)

:       0       0

බන්දු Saturday, 23 February 2013 12:05 PM

ට්‍රිප් යන විට නාන්න තියෙන්නේ පුදුම උනක්. ගෙදර ගිහිල්ලා නාගත්තා නම් මොවුන් අදත් ජීවත් වෙනවා. වැලි ගොඩ දාන නිසා දැන් හැම තැනම වලවල්. (ස)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 22 February 2013 06:46 PM

කොච්චර කිවුවත් අ‍පේ මිනිස්සු ඉතින් යමක් අහන අය නෙමෙයිනේ. (නි)

:       0       0

නාලක Sunday, 24 February 2013 02:09 PM

ඔබ සියලුම දෙනාට නිවන් සුව ඇත වේවා (දී)

:       0       0

සිසිර Friday, 22 February 2013 07:13 PM

ඇයි මේ කවුරුවත් බේරුණේ නැත්තේ? :P (නි)

:       0       0

දිනු Saturday, 23 February 2013 12:54 PM

නාවලපිටියේ පොල්ගම්පොල කියලා තැනක් නැහැනේ..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය විදේශ ඇමැති එයි
2024 ඔක්තෝබර් මස 04 118 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ


කොල්ලකෑමේ යෙදුණු යුවළ අත් බෝම්බයක්ද සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 177 0

විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප


එජා සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය ජනාධිපති ලේකම් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 177 0

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා


වාද්දූව මුහුදු වෙරළේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 04 207 0

වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .


ඇමරිකාව ඉරාන තෙල් පිරිපහදුවට බැට දෙන්න යයි
2024 ඔක්තෝබර් මස 04 1175 1

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා


ප්‍රබල සූර්ය ගිනිදැල් නිකුත් වෙයි
2024 ඔක්තෝබර් මස 04 775 0

ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38838 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25492 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1007 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 355 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site