මගේ සම්පූර්ණ නම අමිල චින්තන කරුණානායක. ගම කළුතර. පාසැල් ජීවිතය පටන් ගන්නේ කළුතරින්. එහිදී මම මළල කී‍්‍රඩාවට ගොඩක් දක්ෂ වුණා. දුරපැනීම ඉසව්වෙන් සමස්ත ලංකා වාර්තාවක් පවා තැබුවා. මේ නිසාම ආනන්ද අතුකෝරල සර්ගේ මග පෙන්වීම නිසා කොළඹ නාලන්දාවට ඇතුළත් වුණා. නාලන්දාවට ආ පසුවත් වාර්තා දෙකකට හිමිකම් කීවා. ඇත්තටම මගේ එකම අරමුණ වුණෙත්, ජාතික මට්ටමින් මළල ක‍්‍රීඩාවේ යෙදිලා අන්තර්ජාතික ජයග‍්‍රහණ ලබා ඔලිම්පික් මට්ටමට යෑමටයි.
එක්තරා අවස්ථාවක මම අසනීප වුණා. මේ නිසා සති තුනක් විතර යනකල් ආහාරයක්වත් ගන්න බැරි තරමට ආසාධ්‍ය වුණා. ඉන්පසුව සුවය ලැබීමෙන් අනතුරුව A/L විභාගයට සූදානම් වෙන්න තිබුණා. ඒ නිසා නැවත මළල ක‍්‍රීඩාවට ඇවිත් කැපවෙන්නට තරම් කාලයක් තිබුණේ නැහැ.
නිරූපන අංශය කෙරෙහි ලොකු උනන්දුවක් තිබුණෙ. ඒ නිසාම උසස්පෙළට ගණිත අංශයෙන් පෙනී සිටීමෙන් අනතුරුව ෆැෂන් ඩිසයිනින් අංශයෙන් උසස් අධ්‍යාපනය ලබා ගෙන උපාධියකුත් හිමිකර ගත්තා. මේ අතරවාරයේදී 2007 වසරේදී පැවැති මිස්ටර් ශ්‍රී ලංකා තරගයට ඉදිරිපත් වුණා. එහි ජයග‍්‍රහණය ලැබීමෙන් පසු මිස්ටර් ඉන්ටර්නැෂනල් තරගය සඳහා මැලේසියාවටත්, මෑන් හන්ට් ජාත්‍යන්තර තරගය සඳහා කොරියාවටත් ගියා. ඉන්පසු නිරූපණ ශිල්පියකු ලෙසත් කටයුතු කරන්න පටන් ගත්තා.
නාලක විතානගේ අධ්‍යක්ෂණය කළ රූපාන්තර චිත‍්‍රපටය සමග රඟපෑමට අවකාශය ලැබුණා. ඉන්පසුව බර්මින් ලයිලි ප‍්‍රනාන්දුගේ චිත‍්‍රපටයකත් රඟපෑවා. එය තිරගත වීමට නියමිතයි.
ප‍්‍රකට විලාසිතා ආයතනයක් වන ඩිලීස් (Dilly's) ආයතනයේ මෝස්තර නිර්මාණ ශිල්පියකු ලෙස වෘත්තිය කරනවා.
ඇත්තටම ටෙලිනාට්‍යවල රඟපෑමේ අරමුණක් මට තිබුණේ නැහැ. නමුත් ෆේස්බුක් නාට්‍යයේ රඟපාන්න බාරගත්තාම අපට කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවාද කියලා මට දැනුණා. මෙහි මා රඟපාන්නෙ අහිංසක චරිතයක් නෙවෙයි. සනෝජ් නමින් රඟපාන ඒ චරිතය තරමක් මුරන්ඩු ගති ඇති තරුණයකුගේ චරිතයක්. මෙහිදී මහේෂිගේ ආදරය බලෙන් ලබා ගන්න කරන මුරන්ඩු වැඩ නිසා, පේ‍්‍රක්ෂකයින් මා ගැන තරහින් වගේ බලන්නේ. ෆේස්බුක් නාට්‍යයේ ඒ චරිතයට අමතරව සිරස සෑම ඉරිදාවකම උදෑසන 9 ට ගෙනඑන සිරස මිරර් වැඩසටහන මෙහෙයවීමට එක් වෙනවා.
මම කැමති දේ වෙනුවෙන් උපරිමයෙන් කැපවෙනවා. ලෙහෙසියෙන් අත්හැරලා දාන්නේ නැහැ. අපි කරන දේට ඒ විදියට අවංක වෙන්න ඕනෑ.
ඔව්. එහෙම වුණා.
පාසැල් කාලයේදීම වගේ තමයි මම ඇය හඳුනාගත්තේ. ඇයත් කළුතර. අවුරුදු 9ක් මම ඇය ගැන බලාපොරොත්තුවෙන් හිටියේ. විශාඛාවට ගිය ඇය උසස් පෙළ සමත්වෙලා ඉංජිනේරු අංශයෙන් උපාධිය ලබා ගත්තා. දැන් ඇය ඉංජිනේරුවරියක්. මිහිරුනී ජයවර්ධන ඇයගෙ නමයි. අපි දෙන්නා දැන් විවාහකයි. සුන්දර ජීවිතයක් ගත කරන්නේ. ඇයගේ ගෞරවයත් මගේ ගෞරවයත්
රැකගෙන ‘හොඳ’ කියන දේ මුල් කරගෙන මේ සියලූ කටයුතු කරගෙනයාම තමයි අරමුණ. ඇත්තම කිව්වොත් අපි දෙන්නා අතර ලොකු ආදර බැඳීමක් තියෙන්නේ.
විලාසිතා - Hameedia
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහේෂිගේ ආදරය බලෙන් ගන්න හදන අමිල මෙන්න
මාලි Thursday, 08 January 2015 01:47 PM
පිස්සෙක් (බ)