IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


'මහේෂ් දෙනිපිටිය ලයිව් ෂෝ' හෙට

20160901Mahesh-2නිර්මාණාත්මක සංගීතයේ පෙරළිකාර චරිතයක් ලෙස රසික ජනාදරයට පත් මහේෂ් දෙනිපිටිය ඉදිරිපත් කළ ඩෙල් ස්ටුඩියෝ වින්දනාත්මක සංගීතවැඩසටහන අනුව යමින් ඔහු නව ආරක් වෙත කැඳවාගෙන ආ පැරණි ගීත සමග 'මහේෂ් දෙනිපිටිය ලයිව් ෂෝ' නමින් සංදර්ශනයක් පැවැත්වීමට මේ වනවිට සූදානම් වෙමින් සිටී.නව පරපුර සමග කවදත් සමීප මහේෂ් මෙම ප්‍රසංගය පවත්වන්නේ එක්තරා ආකාරයක සමාජ සේවා කටයුත්තකට තම දායකත්වය සැපයීම පිණිස බවත්, වකුගඩු රෝගයෙන් පීඩාවිඳන රෝගීන් සහිත ප්‍රදේශයක පානීය ජලය පිරිපහදු කිරීමට උපකාර කරවන යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා මෙයින් ලැබෙන ආදායම යොදවන බවද අසන්නට ලැබිණි. මහේෂ් අද පුවත් පත වෙනුවෙන් මේ පිළිසඳරට එක්වූයේ එම ආරංචිය සත්‍ය බව තහවුරු කරමිනි.

 

'මහේෂ් දෙනිපිටිය ලයිව් ෂෝ' නමින් නම්කොට ඔබ මේ කරළියමතට ගෙන එන්නේ කලක් ඩෙල් ස්ටුඩියෝව හරහා සමාජ ගත කළ පැරණි ගීතමද?

 නැහැ. මෙය ඩෙල් ස්ටුඩියෝ ගීත ආරට වඩා  උසස් ප්‍රමිතියකට අනුව සජීවී අත්දැකීමක වින්දනය උදෙසා, වැඩිදියුණු කළ මට්ටමින් නිමවෙන්නක්. ඩෙල් ස්ටුඩියෝවෙන් අලුත් කළ ගීත අපට යම් යම් සීමාන්තික තත්ත්වයන් මත නිමකරන්නට සිදුවුණා කාලවේලාවත් එක්ක.බොහෝදෙනෙක් ඩෙල් ස්ටුඩියෝව හරහා මා කළ නිර්මාණවලට ඇලුම් කළා. එහි  රසිකත්වයේ කිසිම විටක මමභේදයක් ගොඩනැගුවේ නැහැ. තරුණයන්, මැදිවයස්ගත පුද්ගලයන් සහ වයස්ගත යන මේ හැම ආකාරයකම රසිකයන් මේ ගීතවටා පෙළ ගැසුණා. එයින් තරුණ පෙළ නම් තව තවත් පරණ ගීත රසවිඳින්න ඇලුම් කළා. බොහෝ දෙනා ඉල්ලීම් කළා ඩෙල් ස්ටුඩියෝවට කළ ගීත ප්‍රසංගයක් කරන්න කියලා. සමහර විදේශ රටවල්ද මේ ගීතවලින් ප්‍රසංගයක් කරන්න කියලා ඉල්ලුම් කළා. ඒ අනුව අපි විදේශවල මේ වගේ ප්‍රසංග කළා. නමුත් දේශීය වශයෙන් අපට මේ වගේ ප්‍රසංගයක් කරන්න ලැබුණු ආරාධනා පිළිගන්න තරමක් ප්‍රමාද වෙන්න වුණා. මේ අවස්ථාවට මා එකඟතාවක් ඇති කරගත්තේ 'අගස්ත්‍රා' නමින් කණ්ඩායමක් ලෙස එක්ව කටයුතු කරන තරුණ දුවා දරුවන් රැසක් සමාජමය කටයුත්තක් උදෙසා මේ කරන කාර්යයට අතහිතදීමක් වෙනුවෙනුයි. කලාකරුවන් ලෙස අප ඔසවා තැබූ මේ මුළුමහත් ජන සමාජයට පිදෙන ආචාරයක් වශයෙන් මේ කාර්යයට අත තබන්න මම තීරණය කළා. මේ වගේ ප්‍රසංගවලට ඇරයුම් ලැබුණාට මම හදිසි වුණේ නැත්තෙ සමහරුන් උත්සහ දරා තිබුණේ රසිකයන්ට ඉතාම  අඩුවෙන් යමක් දී වැඩියෙන් මුදල් උපයන්නයි. සමහරුමා හරහා උත්සහ දරන්නේ ඒ අයට උවමනා, ඒ අය කැමති දෙය කරවන්නයි. නමුත් නිර්මාණකරුවෙකු ලෙස මුළුමණින්ම එවැනි තැනකට ගාල්වෙන්න මට පුළුවන්කමක් නැහැ. මම මගේ සංගීතමය ඥානය සහ හැකියාව තුළින් කරන්න කැමති යමකුත් තියෙනවා. එය ඉක්මවා ගොස් මුදල් මත සියල්ලම තීරණය කරන්න මම සූදානම් නැහැ. ඒ නිසා මා විසින් මගේ ප්‍රසංගයක් ලෙස මෙවැනි වැඩක් කිරීම පසුවට කල් තැබුවා.

 

20160901Mahesh-3මේ ප්‍රසංගයෙන් පසු 'මහේෂ් දෙනිපිටිය ලයිව් ෂෝ'  තවදුරටත් පවත්වාගෙන යන්න අදහසක් නැද්ද?

මේ සංදර්ශනයෙන්ම මේක අවසන් කරන්න බැහැ. මොකද මෙය නරඹන්න කිසියම් කෙනෙකුට අවස්ථාවක් නොවුණා නම් එයින් එම ගීතවලට ඇලුම් කරන පිරිසට යම්  අසාධාරණයක් වෙන්න පුළුවන්. මේක මා මෙතෙක් කළ විවිධ නිර්මාණවල සුංසයෝගයක්. නමුත් මම කරන නිර්මාණ මෙතනින් නතරවෙලා නැහැ. තව තවත් අලුත් දේ කරන්න මා තුළ යම් පෙළඹවීමක් තිබෙනවා. එය අපේ සංගීතය රසවිඳන්න සෑම වයසකම රසිකයන් නැඹුරු කරවන මට්ටමින් නිමකරන්න මට ඕනෑකමක් තියෙනවා. ඇත්තම කිවුවොත් මම හිතනවා මගෙන් මීට වඩා නිර්මාණ බිහිවෙන්න ඉඩ තිබෙන බව. ඕනෑම සංගීතඥයෙක් එහෙම හිතනවා. කොතරම් හොඳ නිර්මණ එළිදැක්වුවත් ඔවුන්ගේ හොඳම නිර්මාණය තවමත් බිහිවුණේ නැහැ කියලා. ඒක මටත් පොදුයි. ඉදිරියේදී මම මෙය නැවත නැවත කරනවා නම් ඒ කරන්නේ මෙයට වඩා වැඩිදියුණු කරන ලද පසුබිමක සිටයි. ලෝකය අලුත්වෙන තරමට නිර්මාණවලත් යම් යම් නව ආරක් ගත් වෙනස්කම් එකතුවීම වැදගත්. මම කරන හැම නිර්මාණයකම අලුත් ආරක වෙනසක් කරන්න උත්සාහ කරනවා. සංගීත ශිල්පීන්, වාදකයන් වුවත් මා තෝරාගන්නේ ඒ ඒ හැකියාවලින් පරිපූර්ණ වාදනයක් උකහාගත හැකි පුද්ගලයන් වශයෙනුයි. මේ නිසා මෙහිදී විශාල වශයෙන් වාදක මණ්ඩලය යොදාගන්න මට සිද්ධ වෙනවා. නමුත් එයින් මම බලාපොරොත්තුවෙන වර්ණයටම, ඒ වැඩය සාර්ථකව නිමවීම නිසා හැමවිටම මට වැඩි රසිකයන් පිරිසක් නිර්මාණයක් වෙත රඳවාගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. නමුත් මෙයට අධික වියදමක් යන බව ඇත්ත. රසිකයන්  මේ නිර්මාණ රසවිඳීම සඳහා පැමිණෙන්නේ මුදලක් වියපැහැදම් කරලා. එයින් වැඩි කොටස ඉතිරිකරගෙන අඩුමුදලකින් සංදර්ශන කරලා රසිකයන්ගේ රසාස්වාදය අඩුකරවන්න නම් මම කවදාවත් සංදර්ශන කරන්නෙ නැහැ.

 

මේ සංදර්ශනයත් ජනප්‍රිය අංගයන්ගෙන් සැදුම් ලත් තවත් එක් ප්‍රසංගයක් පමණක් විය හැකිද?

නැහැ. අපි රසිකයන් අහන්න එන දෙය බලන්න දෙයක් පමණක් කරන්නේ නැහැ. පැය දෙකහමාරක පමණ කාලයක් මෙය පැවැත්වෙනවා. මේ ප්‍රසංගය අංග හතකින් සමන්විතයි. ඒ ඇරෙන්න නාද්රෝ කණ්ඩායමේ ඉදිරිපත් කිරීමක්, වයලීන වාදන ඉදිරිපත්කිරීමක් සමග මෙම අංග එකදිගට ගලායනවා. නමුත් මේ සඳහා නර්තන යොදාගෙන නැහැ. සංගීතයේ අඩුපාඩු වහන්න කියලා කිසිවක් යොදාගෙන නැහැ. හොඳම වාද්‍ය හා ගායන ශිල්පීන් යොදාගැනීමේ අරමුණ අඩුපාඩු රහිත රසවින්දනයක් සැපයීමයි. මෙය මුළුමණින්ම සංගීතයෙන් පිරුණු සැඳෑවක්.  සැප්තැම්බර් මස 03 වැනිදා සවස 6.00 ට මියුසියස් විදුහල්ශාලාවේදී  නව ආරට නිමවුණු ගීත රැසක් සමග මහේෂ් දෙනිපිටිය ලයිව් ෂෝ පළමු ප්‍රසංගය ආරම්භ වෙනවා. මේ කාර්යය හරහා ඔබටත් සමාජමය කටයුත්තකට දායකත්වය දක්වන්න පුළුවන්. ඒ එදිනට මේ ප්‍රසංගය නැරඹීමට පැමිණීමෙන්.

 

මේ ප්‍රසංගයට දායකත්වය දක්වන  ශිල්පීන් ගැන යමක් සහන් කළොත්?

මෙහිදී ගැයෙන ගීත ගැන කිව්වොත් මේ ගීත අතර කිසි භේදයක් නැහැ. මෙය තාරුණ්‍යයට සමීප මෙන්ම ප්‍රමිතීන් රැකගත් ගීත වශයෙන් තෝරාගෙන තියෙනවා. ඇත්තෙන්ම තරුණ හා ප්‍රබුද්ධ ශිල්පීන් එකට එක් කිරීමේ බාධා තිබෙනවා.ඒ නිසා මේ වතාවේ පමණක් මෙයට ප්‍රබුද්ධ ශිල්පීන් එක්වෙන්නේ නැහැ. ඔවුන් අර බාධා ඉවත් කරගෙන දෙවනුව මීට සම්බන්ධ කරගන්න අදහසක් තිබෙනවා.  ජිප්සීස් සුනිල් සහ පියල්, කසුන් කල්හාර, උමාරියා, භාතිය සන්තුෂ් වැනි ශිල්පීන්  සමග මගේ තිබෙන ජනගී සම්ප්‍රදායේ ගීත ආශාව නිසා මම සමන් ලෙනින්, අනුෂ්කා මධුභාෂිණී, දිනූපා වැනි ජනගී ආරේ ශිල්පීන් මෙම ප්‍රසංගයට ආරාධිත ශිල්පීන් ලෙස එක්කරගෙන තිබෙනවා. මීට අමතරව අත්වැල් ගායනය සඳහාත් පිරිසක් එක්ව සිටිනවා. මේ ප්‍රසංගය ඩෙල් ස්ටූඩියෝ ගීතම නෙවෙයි. එයට එහා ගිය සජීවී අත්දැකීමක්. අති දක්ෂ වාදකයන් වන ඇන්තනි සුරේන්ද්‍ර, උපුල් මධුසංඛ වැනි නමගිය අය සමග වාදකයන් 35 ක් පමණ මෙහි වයනවා. ඇත්තෙන්ම මේක එක්තරා විදිහක නැවුම් අත්දැකීමක් ලෙස පැවසිය හැකියි. ඇවිත් බලන්න, රසවිඳින්න යැයි මම රසිකයන්ට ආරාධනා කරනවා.

නාලිකා රාජපක්ෂ

20160901Mahesh-1



අදහස් (0)

'මහේෂ් දෙනිපිටිය ලයිව් ෂෝ' හෙට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 250 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 637 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 125 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 568 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 664 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 1108 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39345 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25650 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1129 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site