(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කුලියාපිටිය මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරුවරයාගේ නිල මෝටර් රථය කොල්ලකෑ සැකකරු වත්තල ඔලියමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
කොල්ල කෑ මෝටර් රථය ද පොලිස් බාරයට ගෙන ඇත.
සැකකරු නවාතැන්ගෙන සිටි හෝමාගම උඩුවන ප්‍රදේශයේ නිවස පරික්ෂා කිරීමේදී එහි තිබී සැකකරු කොල්ලකෑම්වලට යොදා ගත් ව්‍යාජ පිස්තෝල දෙකක් , උල් පිහි හතරක් , විෂ දියරයක් සහිත බෝතලයක් , මෙන්ම මිරිස්කුඩු අඩංගු බෑගයක් පොලිස් භාරයට ගෙන.
මෝටර් රථය ලබාදීමට රුපියල් ලක්ෂ පහක් ඉල්ලා මහේස්ත්‍රාත්වරයාට සැකකරු ලබා ගත් ඇමතුම ඔස්සේ සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
හදිසි රෝගී තත්වයක් හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා රෝහල්ගත කළ බවත් යම් ගනුදෙනුවක් අවශ්‍ය නම් තමන් සමග කතා කරන ලෙස මහේස්ත්‍රාත් වරයාගේ සහෝදරයකු ලෙස සැකකරු හා දුරකථනයෙන් සම්බන්ධ වූ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතා සූක්ෂම අයුරින් සැකකරු එකඟ කරවාගෙන වත්තලට ගෙන්වා ගැනීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
ඔලියමුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ආයතනයක් අසල වෙළඳසැලක නමක් පවසා එහි තිබෙන යතුර රැගෙන යන ලෙස මහේස්ත්‍රාත්වරයාගේ සහෝදරයකු ලෙස රඟපෑ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අමතා සැකකරු ප්‍රකාශ කරන අයුරු එම ප්‍රදේශයේ තැන තැන සිවිල් ඇඳුමින් සරසවා රඳවා සිටී නිලධාරින්ගේ කන වැකීමත් සමඟම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි වියේ පසුවන වත්තල පදිංචි කරුවෙකි.
පවතින අධික වැස්සෙන් හලාවත ආනන්ද ජාතික පාසල සම්පුර්ණයෙන් ජලයෙන් යටවීමෙන් අද (23) පාසල තාවකාලිකව වසා දැමූ බව විදුහල්පති අරුණ ගුණසිරි මහතා පැවසීය.
බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ල
වෙලගෙදර හැටන්පොළ අං හන්දිය තැපැල් කාර්යාලය අසලදී සිසුවෙකුට අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුම් වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයන් 11 ක් අත්අඩ
බන්ධනාගාරයේ ඇතිව තිබෙන කලබලකාරී තත්ත්වය යටතේ රැඳවියන්ගේ කිසිදු ඥාතියකුට ඔවුන් බැලීම සඳහා අද (23) සිට නැවත දැනුම්දෙනතුරු නොපැමිණෙන්නැයි දැනුම් දීමක්
කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් මහතා ඊයේ (22) රාත්‍රී දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මහේස්ත්‍රාත්ගේ වාහන ඉස්සූ කොල්ලකරු අල්ලයි
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 14 February 2023 09:54 AM
අපරාධකරු සාක්ෂි සහිතව අල්ලාගත් පොලිස් නිලධාරී මහත්වරුන් හට අපගේ ප්‍රණාමය ... !!! එසේම මින් ඉදිරියට හෝ දේශපාලකයන්ගේ නියපොත්තක් ගානේ ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු හෝ මහේස්ත්‍රාත් වරුන් වැනි තනතුරු දරන ඇත්තන් වෙනුවෙන් රාජකාරියේ යොදවන ලෙස පොලිස්පති තුමාගෙන් ඉල්ලා සිටිමු.
පැරකුම් Tuesday, 14 February 2023 10:44 AM
අනේ අපොයි මේ වගේ නඩුකාරයො දෙන තීන්දු වලින් කීදෙනෙක්නම් අනාථ වෙලා ඇත්ද…?
සත්‍යාTuesday, 14 February 2023 11:22 AM
මටනම් මතක්වෙන්නෙම රංජා තමයි ඊළඟට සුනාමි විනිසුරු මතක් වෙනවා
sharm warn Tuesday, 14 February 2023 10:46 AM
අයියෝ මෙහෙමත් මොඩයෙක්.. හැබැයි පොඩි හුරතල් ගෙම් එකක්.. ජිවිත හානියක් ක් නෑනෙ..
BamunuarachchiWednesday, 15 February 2023 10:42 AM
ඇයි මෑන් ඔබෙත් එකකේ ගේම් දෙන ජෙප්පෙක්ද?
sharm warnThursday, 16 February 2023 09:15 AM
ජෙප්පෙක් වෙන එක මොකක් උනත් පාදඩ හොරුන්ට උඩ ගෙඩි දෙන අමන බමුනෙක් නම් නෙමෙයි මල්ලි. . කැනඩාවෙ ඉදගෙන ලන්කාව කන බමුනෙක් නම් නෙමෙයි...
ලලිත් Tuesday, 14 February 2023 11:25 AM
ඇයි බයිසිකල් චේන්,ගංජා නැත්නම් කුඩුවර්ග හෙම තිබුනෙ නැතෙයි
පොඩිඑකා Tuesday, 14 February 2023 12:22 PM
අරුම පුදුම හමුවීමක් .
සුදු ඇදගෙන කලු ඇවිදින් Tuesday, 14 February 2023 12:40 PM
අපේ පොලිසිය හරි දක්ශයි.දේශපාලකයන්ගෙ හැර අනිත් ඔක්කොම හොරකම් අල්ලනවා.
sunilTuesday, 14 February 2023 02:24 PM
දේශපාලන බලපෑම් නැත්නම්, ලංකාවේ පොලිසියට බොහෝ අපරාධකරුවන් අල්වා ගත හැකියි.
අතුල සෞදි Tuesday, 14 February 2023 01:10 PM
රටේ හොරකම් වැඩි වෙන්නෙ කන්ඩ නැති හින්දාම නොවෙයි. මහා පරිමාණ හොරු,අපරාධකාරයෝ නිදැල්ලේ ඉන්න එකත්,ඒවට හරියට නීතිය ක්‍රියාත්මක නොවීමත් හේතුවක්.
de silva Tuesday, 14 February 2023 01:33 PM
මෙ ඔක්කොම පැය කිහිපයක් අතුලත විමර්ශනයකර අල්ල ගන්න පොලිසියට පුලුවන් , එකට මගේ ප්‍රනමය , නමුත් ඩයන බ්‍රිතාන්‍ය පුරවැසියෙක්ද? ශ්‍රී ලංකික පුරවැසියෙක්ද එහෙම නැතිනම් දිත්ව පුරවසියෙක්ද කියන එක නිශ්චිත වශයෙන්ම සොය ගන්න මාස ගානනක් ගිහිල්ලත් බැරිවුනා
DM Tuesday, 14 February 2023 03:06 PM
ටිකක් අනුර කුමාර් වගේ නේද?
sharm warnThursday, 16 February 2023 09:16 AM
ඊට වඩා රඹුක්වැල්ල පෙනුමක් තියෙනව...