IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


මහේස්ත්‍රාත්ට අලියා විකිණූ මිනිහා රිමාන්ඩ්

හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේට අනවසර අලි පැටවකු රුපියල් ලක්ෂ තිහකට විකුණන ලදැයි කියන මහරගම චන්ද්‍රරත්න යටවර ලබන 13 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කණිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය.

සැකකරු ඇපමත මුදා හරින ලෙස කරුණු දැක්වීමට නීතිඥයන් සූදානම්වූ අවස්ථාවේදී එම කරුණු එදින (13) දක්වන ලෙස අධිකරණය දන්වා සිටියේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත්වූ තිළිණ ගමගේ ඇප පිට මුදා හරිනු ලැබීය.



අදහස් (0)

මහේස්ත්‍රාත්ට අලියා විකිණූ මිනිහා රිමාන්ඩ්

චතුරි Friday, 10 June 2016 12:29 PM

මිලයගත් කෙනා නොවේද මෙතන වරදකරු? ඔහු රජයේ උසස් නිලයක් දරන කෙනෙක්. ඔහු නීතිය දන්නා නිසා අලියා විකුණන අවස්ථාවේ අත්අඩංගුවට පත්කරන්න තිබුනා. අලියා හොරෙන් විකුණුවා කියන්නේ කොහොමද? මොන පාලනය ආවත් අන්තිමට කන්ගැට්ටෝ තමයි වැරදිකාරයෝ! (නි)

:       0       0

පෙඩ්රික් Friday, 10 June 2016 12:34 PM

අපි රවට්ටන හැටි! නිදහස් අධ්‍යාපනය ලද අප සැමට රැවටිය හැක. (නි)

:       0       0

ඉෆ්තීර් Saturday, 11 June 2016 04:33 AM

මහේස්ත්‍රාත්තුමාලත් හොර බඩු ළඟ තබාගනිද්දී දුප්පත් අපි තියාගත්තහම මොකද? (නි)

:       0       0

රොක්සි Friday, 10 June 2016 01:10 PM

හොරබඩු ළඟ තබාගැනීම වරදක් නොවේද? (නි)

:       0       0

නාලක Saturday, 11 June 2016 11:58 PM

යාළුවා නිදහස්, අහිංසකයා ගස්. අනේ මෙහෙමත් නීතියක්. (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 10 June 2016 01:35 PM

ඔන්න අපේ නීතිය! (නි)

:       0       0

කරුණාසේන Friday, 10 June 2016 01:43 PM

මෙහෙමත් ලෝකයක්! (නි)

:       0       0

ජයම්පති Friday, 10 June 2016 02:31 PM

මේ කතාව අවසාන වෙන්නේ කොහොමද කියලා දැන් හිතාගන්න පුළුවන් (නි)

:       0       0

පතිරණ Sunday, 12 June 2016 05:33 AM

කැකිල්ලේ රජ්ජුරුවෝ මතක් වුණා (බ)

:       0       0

එරන්ද Friday, 10 June 2016 02:51 PM

ගත්ත මිනිහා එළියේ . වික්ක එකා ඇතුලේ. අලිත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ. (බ)

:       0       0

චින්තක Friday, 10 June 2016 02:53 PM

පුදුමයි.ඒත් ඉතින් ඇත්තයි...මහේස්ත්‍රාත්තුමා ව්‍යාජ බලපත්‍රයක් එක්ක අලි පැටියෙක් තියාගෙන හිටියාට ඇප...මහේස්ත්‍රාත්තුමාට අලි පැටියා විකුණපු කෙනා බන්ධනාගාරයට... ඕවට කියන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලාලු...ලංකාවේ එහෙම තමයි අයි ඩෝන්ට් නෝ වයි....? (බ)

:       0       0

පද්මිණි Saturday, 11 June 2016 04:50 AM

නීතියේ දෙවඟනගේ ඇස් බැඳලා තියෙන්නේ මකුලු දැලෙන් වගේ. (නි)

:       0       0

කමණි Saturday, 11 June 2016 05:22 AM

පහත් තැනින් වතුර ගලයි. (නි)

:       0       0

අසෝකා Friday, 10 June 2016 03:10 PM

දැන් ලංකාවේ ඉන්න අලි පැටව් පොඩි පෙට්ටිවලත් ගෙනියන්න පුළුවන්නේ. කොහොමත් නීතියත්, මිටි තැනින් වතුර බහින කලාවටම බරවෙලා. (බ)

:       0       0

නුවන් Saturday, 11 June 2016 05:55 AM

නීතියේ විශ්වාසය කඩාවැටීමේ භයානක ප්‍රතිඵල ඉදිරියේදී රටට බලාගත හැකිවෙයි (නි)

:       0       0

ශාන සෞදි Saturday, 11 June 2016 06:20 AM

හොර අලි විකිණීම, හොර බදු මිලදී ගැනීම හා සාවධ්‍ය තොරතුරු අධිකරණයට ඉදිරිපත් කිරීම හා මහේත්ත්‍රාත්වරයෙක් ලෙස සේවයේ යෙදී සිටිමින් සිවිල් ජනතාව සමඟ අයථා මුදල් ගනුදෙනු කිරීම දණ්ඩ නීති සංග්‍රහයේ පවතින නීතිප්‍රකාර අනුව මේ අයට මොනම හේතුවක් නිසාවත් සමාව ලබා දිය හැකිද? (නි)

:       0       0

සුනිල් Friday, 10 June 2016 03:25 PM

අරයට එක විදියක් මෙයාට තව විදියක්. මොකක්ද මේ වෙනස? අපිට දැන් කිසි විශ්වාසයක් නැහැ. (බ)

:       0       0

දහම් ධර්මරත්න Friday, 10 June 2016 04:18 PM

අලියා වික්කා ,ගත්ත මිනිහා එළියේ, විකුණපු එකා රජ ගෙදර, එතකොට අලියට කිතුල් කපාපු එකා කොහෙද?අලියට කෙක්ක ගෙනාපු එකත් හිරේද? අනේ අපේ රටට ගිය කලක්...(බ)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 10 June 2016 05:08 PM

අනේ මන්දා දෙවියනේ, අපි ඉපදිලා ඉන්නේ මොන වගේ රටකද? (නි)

:       0       0

හේවාවිතාරණ Friday, 10 June 2016 06:45 PM

නීතිය දන්නා අයෙක් වෙලත් අලියෙකු මිලට ගන්නාවිට බලපත්‍රරය පරීක්ෂා කරන්න අමතක වෙලාද? (නි)

:       0       0

යසන්ත Friday, 10 June 2016 06:49 PM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

රිචි බාලසුරිය Saturday, 11 June 2016 10:19 AM

මේ අලියා විකුණු මිනිහාව කොහෙන් කියක් ගෙවලා සොයා ගත්තද දන්නේ නැහැ , නිතිය දන්නා විනිසුරු වරයෙක් අනවසර අලියෙක් මුදල් වලට ගනීවිද ? (හේ)

:       0       0

රජිත් Friday, 10 June 2016 08:31 PM

එතකොට අලියා? ඇයි අලියා රිමාන්ඩ් කරන්නේ නැද්ද? තරඟයකදී පළවෙනියාට සැනසිලි තෑග්ගක් දීලා, අන්තිමයාට කප් එකයි මල් බොකේ එකයි දෙන රටක් මේක (නි)

:       0       0

සිල්වා Saturday, 11 June 2016 10:33 AM

දැන් අලිය වික්ක කෙනාද වැරැදි?(හේ)

:       0       0

සේනක Saturday, 11 June 2016 11:42 AM

හරිම කළ කිරීමක් ඇති වෙනවා මේවා දැක්කාම (හේ)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Friday, 10 June 2016 11:45 PM

මෙවැනි දේවල් වලින් මිනිසුන්ට නීතිය ගැන තිබෙන විශ්වාසය නැතිව යනවා (නි)

:       0       0

සඳුන් Saturday, 11 June 2016 12:58 AM

මේ අලි පැටියාගේ අම්මා සහ තාත්තා නොවේද මේකට මුල්ම වැරදිකාරයෝ? උන් දෙන්නා මේ පැටියා හැදුවේ නැත්නම් මේ අලි පැටියා විකුණන්න බැහැනේ. (නි)

:       0       0

රොකී Saturday, 11 June 2016 01:17 AM

ඔය කියන පුද්ගලයාට අලිපැටියා ලැබුනේ කොහෙන්ද කියා සොයාබැලිය යුතුයි. (නි)

:       0       0

සුනිල් Saturday, 11 June 2016 01:31 AM

නීතිය යනු මකුළු දැලකි. පොඩි සත්තු අසුවෙති. ලොකු සත්තු කඩාගෙන යති. (නි)

:       0       0

සරත් Saturday, 11 June 2016 02:04 AM

අපි නම් මේ වැඩ වලට එකඟ නැහැ (නි)

:       0       0

උපාලි Saturday, 11 June 2016 02:36 AM

අවාසනාවකට වගේ 'අලි නීතිඥවරු', ඒ කියන්නේ නීතිඥයන් වශයෙන් කටයුතු කරන අලි, කොහෙවත් නැහැ නොවැ. නැත්නම් බලන්න තිබුනා කුංචනාද කරගෙන උසාවිය දෙවනත් කරමින් තමන්ගේ සාධාරණ අයිතීන් වෙනුවෙන් සටන් කරන කැලේ රජවරු ටිකක්. (නි)

:       0       0

ඔෂාන් Saturday, 11 June 2016 02:37 AM

අන්න නියමයි. එහෙම තමයි වෙන්න ඕනෑ. (නි)

:       0       0

ජගත්‍ Saturday, 11 June 2016 04:22 PM

මහේස්ත්‍රාත්තුමා මේ අලිපැටියා තියාගෙන හිටියේ කොහේද හැබෑටම? (නි)

:       0       0

සුසිල් Saturday, 11 June 2016 04:31 PM

කුමට මෙරට අධිකරණය නීතිය සහ විනිසුරන්... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1022 1

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 143 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 138 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 428 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 1100 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 2157 4

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38766 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25467 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 996 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site