IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මහේස්ත්‍රාත් අනතුර බලයි

අතුරුගිරියේ ගුවන් අනතුර සිදු වු ස්ථානයට කඩුවෙල මහෙස්ත්‍රාත්  ධම්මික හේමපාල මහතා මින් මද වේලාවකට පෙර පැමිණියේය.

එහි මූලික පරීක්ෂණ පැවැත්වු මහෙස්ත්‍රාත්  පරීක්ෂණ පවත්වන ලෙස පොලීසියට නියෝග කළේය.

උදේ 6.10ට පමණ මෙම අනතුර සිදු වු මොහොතේම පොලීසියේ 119 හදිසි ඇමැතුම් ඒකකයට දැන්වු නමුත් බලධරයින් පැමිණියේ මිනිත්තු 45ක් පමණ ප්‍රමාද වී යැයි අතුරුගිරියේ ව්‍යාපාරිකයින්ද ප්‍රදේශවාසිහුද කීහ.

මේ අතර ඒ ප්‍රදේශයේ  දැඩි වාහන තදබදයක් පවතී.

යානය වැටී ගිනි ගනිද්දී කුඩා දරුවන් ඇතුළු ගම්වැසියෝද වතුර භාජන රැගෙන ගින්න නිවීමට දැඩි උත්සාහයක් ගත් බව ද කියති.

(වීඩියෝ විශ්ව ගැමුණු)

6yrytr

DSC04622 DSC04630 DSC04634 DSC04636 DSC04638 DSC04644 DSC04645 DSC04656 DSC04657 DSC04659 DSC04661 DSC04662 DSC04665 DSC04668 fbfb fefef fgfg fgfhg fghfgh g hghfgh hgrgr hgrthgrth hhrhg hrthg hth htht rhr thth

 

ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි

_DSC0299 _DSC0372 _DSC0385 _DSC0391 _DSC0416 _DSC0442 _DSC0446 _DSC0448 _DSC0454 _DSC0464 _DSC0470 _DSC0472 _DSC0481

 

 

 



අදහස් (0)

මහේස්ත්‍රාත් අනතුර බලයි

සෑම් Friday, 12 December 2014 06:48 AM

කඩාවැටීමට හේතුව කුමක් වුවත් මියගිය සැමට නිවන් සුව! (නි)

:       0       0

සේනක Friday, 12 December 2014 06:49 AM

මියගිය අයට අමාමහා නිවන් සුවය ලැබේවා! (නි)

:       0       0

රංග Friday, 12 December 2014 12:53 PM

අනතුර ගැන හරිම කනගාටුයි . මෙහෙම වෙලාවකවත් ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න අදාළ අංශ සඳහා පිළිවෙලක් නැති එක ගැන ඊටත් වඩා කනගාටුයි ! (දී)

:       0       0

සුදත් ශ්‍රී Friday, 12 December 2014 01:05 PM

ඇයි මේ පොලීසියටයි, ගිණි නිවන හමුදාවටයි බනින්නේ ප්‍රමාද වුනා කියලා. මම හිත්න්නේ නැහැ මෙයාලා මේ වගේ සිද්ධියකදි හිතා මතා ප්‍රමාද වෙනවා කියලා. තමුන්ට තියෙන පහසුකම් හැකියාව අනුව එතැනට ලඟාවෙන්න ඇති. කොහොමත් මේ වගේ සිද්ධියකදී මුලින්ම එතැනට එන්නේ ප්‍රදේශවාසීන් තමයි. ඒක අමුතු දෙයක් නෙමේ. (හේ)

:       0       0

ගිහාන් Friday, 12 December 2014 07:05 AM

අපේ බලවත් කණගාටුව! මියගිය අයට නිවන් සුව පතනවා. ගෙවල් දොරවල් තිබෙන තැනකට කඩාවැටුනා නම් මීටවැඩි විනාශයක් වෙන්න තිබුනා. (නි)

:       0       0

ජෙනි Friday, 12 December 2014 07:10 AM

මගේ කණගාටුව ප්‍රකාශ කරමි. මේක බොහොම නරක කාලයක් වගේ (නි)

:       0       0

සමන්ජය Friday, 12 December 2014 07:11 AM

මියගිය සැමට නිවන් සුව! සුසන්ත වැඩ කරන්නේ පොලිසියේද? මම මේ නිකමට ඇහුවේ. (නි)

:       0       0

පහන් Friday, 12 December 2014 01:18 PM

ඔබ සැමට නිවන්සුව (දී)

:       0       0

මංජුල රියාද් Friday, 12 December 2014 07:13 AM

පොලිසිය ඇවිල්ලා වැටෙන එක නවත්වන්නද? අපේ පාඨකයින් ගොඩක් මෝඩ අදහස් තිබෙන අය වගෙයි (නි)

:       0       0

සෙත්මී Saturday, 13 December 2014 02:39 AM

හැර ගියත් ඔබ හදිසියේ ලක් මවගේ ඇකයෙන්. අපේ හදවත් වල ඔබ සදා ජීවමානයි සොයුරනේ. ඔබ සැමගේ ලෙයින් කදුලින් අපේ උපන් බිම නිදහස් සාම මාවතකට ගෙන ඒමට ඔබ දුන් නායකත්වය කෙසේ අමතක කරමුද? වටිනා ජීවිත තරුණ ජීවිත එක තත්පරයකින් විනාශ වූ හැටි ?  ඔබ සැමට නිවන් සුව පතමි. (නදී)

:       0       0

සමන් Friday, 12 December 2014 01:22 PM

මෙකෙමොකක්හරි ලොකු කාර්මික දෝෂයක් තියෙන්න ඇති මම හිතන්නේ නිස්කාරනේ තවත් ජීවිත 5 අපට නැති වුනේ (දී)

:       0       0

මේනක Friday, 12 December 2014 01:49 PM

ඉතා කනගාටුයි. විවාහ වෙලා මාස දෙකක් නොගිය තරුණ සැමියෙකුත් මේ අතරේ. කාගේ කාගේත් නරක වෙලාව තමයි. ඒත් ඉතින් අනතුරට හේතුව සොයා ගෙන නැවත මේ වගේ දේවල් වෙන එක වලක්වා ගන්න එක වැදගත්. (හේ)

:       0       0

සත්‍යයා Saturday, 13 December 2014 03:11 AM

මිය ගිය සොහොයුරුනේ! අපගේ හෙට වෙනුවෙන් ඔබලාගේ ඊයෙත් අද ඔබලාගේ භද්‍ර යෞවනයත් පූජා කළා. ඒ පිනෙන් ඔබලා අපේම භුමියේ දේවතාවුන් ලෙස ඉපිද පාපතරයින්ගෙන් දේශය මුදා ගැනීමේ සටනට උරදෙන හැම අවංක මිනිසෙකුටම ඔබලාගේ ආශීර්වාදය දෙන්න! ඔබ සැමට මතු භවයකදී මොක් සුව! (නදී)

:       0       0

සරසි Friday, 12 December 2014 07:28 AM

කණගාටුයි .අනතුරට හේතුව කුමක් වුණත් වටිනා මිනිස් ජීවිත නේද? (නි)

:       0       0

සම්පත් Friday, 12 December 2014 07:35 AM

පුහුණු ආරක්ෂක අංශයේ අය, ගිනිනිවන අය එම මොහොතේ හිටියා නම් තව ජීවිතයක් බේරගන්නත් තිබුනා. දැනුම්දීලා කොච්චර වෙලවකින්ද ඔය කට්ටිය ආවේ. හරියට පැයක් විතර ගියා. මිනිස්සු ගින්න නිවලා ඉවරනේ එතකොට. මම හිටිය නිසයි මේවා කියන්නේ. මියගිය අයට නිවන් සුව පතනවා. (නි)

:       0       0

සීලා Friday, 12 December 2014 07:36 AM

ජීවිතයයි මරණයයි සමාන්තර ලෝක දෙකක්. එකකින් අනෙකට යන්න ගතවෙන්නේ නිමේෂයයි. අනෙකා තලා පෙලා බලය මුදල් පොදි ගහගන්න අයගේ ඇස් කවදා පෑදෙයිද? අකාලයේ සමුගත් සහෝදරයන්ට නිවන් සුව! (නි)

:       0       0

ලසිත් Friday, 12 December 2014 07:37 AM

මියගිය අයට නිවන් සුව! මෙහෙම මීදුම ආ අවස්ථාවක ගුවන් යානයකට ගත හැකි ආරක්ෂක ක්‍රියාමාර්ග නැද්ද ? දන්නා කෙනෙක් අපිව දැනුවත් කරන්න. (නි)

:       0       0

නිමල් Friday, 12 December 2014 02:35 PM

මියගිය අයට නිවන් සුව. මෙය නොවිය යුතු අනතුරක් යාන්ත්‍රික දෝෂයක් නොවේ නම්. පෙනෙන්නේ නැති අවස්තාවක, රාත්‍රියේ හෝ මීදුම් අවස්තාවලදී නියමුවන් ගමන් ගන්න උස, වේගය සහ ස්ථානය පිළිබද අවබෝදයෙන් යා යුතුයි. යාන්ත්‍රික දෝෂයක් නොවෙයි නම මෙය නියමුවාගේ වරදින් සිදු වුවක්. (අ)

:       0       0

කලීල් බංඩාරවෙල Friday, 12 December 2014 02:44 PM

මීදුම හේතුව වෙන්න බැහැ. කාර්මික දෝෂයක්ද ? (නදී)

:       0       0

තක්ෂිලා Saturday, 13 December 2014 05:42 PM

අප අතරින් සමුගත් රණවිරුවනි, ඔබලාට නිවන් සුව ලැබේවා! රෝහල් ගතකළ අනිත් සොයුරාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. අනේ දෙවියනේ, සතුරෙකුටවත් මෙවන් විපත් අත්නොවේවා! (නි)

:       0       0

තක්ෂිලා Saturday, 13 December 2014 05:47 PM

අපි අතරින් සමුගත් සොයුරන්ට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

අදිරි Saturday, 13 December 2014 04:47 AM

කවුද මැරුනේ , කොහොමද? (නදී)

:       0       0

ඒ.නිමල් Saturday, 13 December 2014 06:26 PM

රටට සේවයක් කරන්න හිටිය අගනා ජීවිත හතරක් අකාලයේ සමුගැනීම ගැන කණගාටුව.නමුත් ජනාකීර්ණ ප්‍රදේශයක මෙවැනි අනතුරකින් අවම ජීවිත ගණනක් බිලිවීම දේව හාස්කමක්. උත්සාහවත්ව ඉදිරිපත් වූ අපේ හිත මිතුරන්ට උත්තමාචාරය! මියගිය භටයින්ට නිවන් සුව! (නි)

:       0       0

යොහාන්‍ Friday, 12 December 2014 08:35 AM

අනේ පවු වටිනා ජීවිත! (නි)

:       0       0

ධනුක Friday, 12 December 2014 08:39 AM

අද උදේම අහපු දුකහිතෙන සිදුවීමක්. බොහෝදුරට මේ යානයේ නියමුවන් මිනිසුන් නැති තැනකට ගුවන් යානය ගෙනියන්න වගබලාගන්න ඇති.හිතේ දුකකුත් එක්ක, උපදින කිසිම ආත්මයක මේ වගේ අකල් මරණයක් වෙන්න එපා කියලා පතනවා. (නි)

:       0       0

අජන්ත Friday, 12 December 2014 08:44 AM

මියගිය සියළු දෙනාට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

කුමාර Saturday, 13 December 2014 08:27 PM

ආනන්ද , බුරුතු පිටින් ගිහින් තමයි වටේ පිටේ මිනිස්සු ගින්න නිවලා තියෙන්නේ. අර එක ජිවිතයක් හරි බේරාගෙන තියෙන්නේ. අනෙක් අය එනකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි. (නි)

:       0       0

අරුණ Friday, 12 December 2014 09:05 AM

අපේ ශ්‍රී ලංකාවට ගිනිනිවන අංශයක් ඕනෑ නැහැ.වෙලාවට කිසිම දෙයක් වෙන්නෙ නැහැ.මියගිය සියලු දෙනාටම නිවන් සුව! (නි)

:       0       0

ලියොන් ගුනවර්දන Friday, 12 December 2014 04:40 PM

අහෝ රටකට ගිය කළ. අතුරුගිරිය වැනි අගනුවරට නුදුරු තැනක මුළු පෙදෙසම දෙවනත් කරමින් මෙම ගුවන් යානය ගිනිගෙන කඩා වැටී තිබු අවස්ථාවේ පොඩි දරුවන් පවා ගින්න නිවීමට ඉදිරිපත්වී 119 ඇමතුමුත් වගකියුත්තන්ට ක්‍රියාත්මකවී ඇත්තේ පැයකට ආසන්න කාලයකට පසුවලු නේද? ඔවුන්ට දැන්වත් වගකීම් ගැන දැනුවත් කලයුතුය (නදී)

:       0       0

දසුනි Friday, 12 December 2014 09:11 AM

අපරාදේ තරුණ ජීවිත. සැමට නිවන් සුව! (නි)

:       0       0

අරවින්ද Friday, 12 December 2014 09:11 AM

පාවාඩ මල්වඩම්.... නොමැති වුවත්... නුඹේ මේ රතු ලේ ගැලූ මගේ මේ පොළවේ... හැමදාම නුඹ වෙනුවෙන්... රතුරෝස කුසුම් පිපේවී.... විරුවනේ... (නි)

:       0       0

ජොනතන් Saturday, 13 December 2014 06:40 AM

119 ගැහුවම එන්නේ කොහොමත් අඩුම තරමේ එන්නේ පැය 2 ට පස්සේ. මගේ මස්සිනාගේ වාහනේ හැපිලා හවස 7 ට 119 ගැහුවම අාවේ පාන්දර 1 ට. වාහනේ හැපුනේ පාර අයිනේ ගහක. පාන්දර 1 ට අාපු රාළහාමිලා තරහෙන් කිව්වා "ඔයාල 119 කිව්වා නම්, දැන් ඉතුරු ටිකත් නීතියෙන්ම විසදගන්න", වාහනේ පොලිසියට ගෙනැත් දාන්න, මොකද මේ අනතුරට නඩු දාන්න ඕන කියල" නඩු දාන්න මොකද පැමිණිල්ල ගහද? ගහේ යන්තන් පොතු ගිහිල්ල විතරයි. එ්ක මහා විශාල ගහක්. මහ රෑ වෙනකන් අද කාලේ පාරේ ඉන්න පුලුවන්ද? ඔන්න අපේ පොලිසිය සහ 119. ඒකට පිටරටවල් වල, 999 ගහල විනාඩි 7ක් ඇතුලත එයාල එතන. පාරෙන් එන්න බැරිනං, එන්නේ හෙලිකොප්ටර් එකෙන්, කොහොමත් යන්නේ විනාඩි 10 ට වඩා අඩු කාලයක්. (නදී)

:       0       0

දිසානායක Friday, 12 December 2014 09:13 AM

මෙවැනි විපතක් කිසිම දිනකදි සිදු නොවේවායි අපි පතමු (නි)

:       0       0

මනෝජ පන්සිලු Saturday, 13 December 2014 06:53 AM

ලබන ආත්මෙවත් මෙවන් අකල් මරණයකට ගොදුරු වෙන්න එපා කියා මගේ සහෝදර සොල්දාදුවන් වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා (නදී)

:       0       0

පද්මිණි Friday, 12 December 2014 09:19 AM

මියගිය සෙබළුන්ගේ දෙමව්පියන් ඇතුළු පවුලේ අයට අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමු. (අ)

:       0       0

ලේප්ට්. කර්නල්. මනම්පේරි Friday, 12 December 2014 09:26 AM

මීදුම හරි දුවිලි හරි බලපාන්නේ වීශුවල් ෆ්ල්යින්ග් වලට විතරයි. ජී.පී.එස්. ගයිඩ් කරලා ෆ්ල්යි කරනවානම් ඒවා බලපාන්නේ නැ. (ර)

:       0       0

සමීර Saturday, 13 December 2014 08:24 AM

මේ පිරිසට නිවන් සුව ලැබේවා.(හේ)

:       0       0

සුදෙල්මි Sunday, 14 December 2014 04:10 AM

කඩාවැටුන යානා ගැන හොයනවට වඩා පෝස්ටර් අලවන එක වැදගත් නිසා වෙන්නැති (බ)

:       0       0

අමිල රුවන් කළුතර Saturday, 13 December 2014 08:32 AM

නියමුවන් මහජනයා නැති තැනකට යානය ගෙනියන්න උත්සහ කරන්න ඇති තම ජීවිතය ගැනවත් සිතන්න නැතුව නගරය මැද යානය වැටුනා නම් ලොකු විනාසයක් වෙනවා අප රණවිරුවන් හැමදාම හිතුවා අපි ගැන ඔවුන් අපට සදා අමරණියයි.(හේ)

:       0       0

ප්‍රමුදිත Friday, 12 December 2014 09:47 AM

අපේ ගුවන් නියමුවෝ අන්තිම මොහොතේත් උත්සහ කරලා තියනවා. අනතුරින් සිවිල් ජීවිත වලට හානියක් නොවන්න. ඒ අය තමන්ගේ ජීවිත නැති උනත් හිස් බිමකට යානය ගෙනිහින් තියෙන්නේ. අපිට ආඩම්බරයි අපේ ජාතික රණවිරුවෝ ගැන. හිරු නැග එන විටත් හිරු බැස යන විටත් අපි ඔබ සිහිකරමු. (ර)

:       0       0

අමිල - ඩුබායි Friday, 12 December 2014 09:53 AM

ගුවන් යානයේ කාර්මික දෝසයක් නිසාද අනතුරට පත් උනේ.? අඩුම තරමේ පැරෂූට් පැලද හිටියනම් වටිනා ජීවිත බේරගන්න තිබුණා. (ර)

:       0       0

යසංග Friday, 12 December 2014 06:14 PM

හිතට පුදුම දුකක් දැනුනා (නි)

:       0       0

නිමල් ලලිතා Sunday, 14 December 2014 04:34 AM

මෙම යානය ඝන මිදුම නිසා ගසක වැදීමෙන් අනතුරට පත්වී ඇති බවක් සදහන් උනා. යානය ගමන් කරන උස ප්‍රමාණය නියමුවන් දැන ගන්න දර්ශක නැති, එසේ නැතිනම් ඒවා ක්‍රියා නොකරන ගුවන් යානයක්ද මෙය.? (නදී)

:       0       0

ඉසුරන්දි දෝහා Saturday, 13 December 2014 09:29 AM

අනතුරට හේතුව මොකක්ද? අතිශයින්ම කනගාටුදායක පුවතක්.රටට වැඩදායක වටිනා ජිවිත අකාලේ මියැදීම නිමකලනොහැකි පාඩුවක්. (අ)

:       0       0

තන්දරු Friday, 12 December 2014 10:08 AM

මියගිය සැමට, නිවන් සැප ලබෙවායි ප්‍රර්ථනා කරමි! (අ)

:       0       0

මොහොමඩ් කාන් Friday, 12 December 2014 10:15 AM

මිය ගිය අයට නිවන් සුව පතමි.(හේ)

:       0       0

බුද්ධික Friday, 12 December 2014 04:04 AM

ඉතාම ‍ශෝචනීය දෙයක්.මියගිය සියලු දෙනාට නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා. පොලීසියට ගොඩක් වැඩ මේ දවස්වල තියනවනේ. (නි)

:       0       0

සරත් Friday, 12 December 2014 04:06 AM

පොලිසිය ආවා කියලා කරන්න දෙයකුත් නැහැනේ එක අතකට. නේද? (නි)

:       0       0

චමීර Friday, 12 December 2014 07:32 PM

ආදි තක්‍ෂිලානු සොයුරා සහ අනෙකුත් සියළු සොයුරන්ගේ වියෝව පිළිබඳව අපගේ බලවත් කණගාටුව. (නි)

:       0       0

මනික් Saturday, 13 December 2014 10:42 AM

හරිම කනගාටුයි. මියගිය අයගේ පවුලේ අයට මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි. අර අලුත විවාහ වූ තරුණ බිරියට සහ අත පය අහිමි වූ තරුණ ගුවන් භටයාට ජීවිතය ඉදිරියට ගෙන යාමට සියලු ශක්තිය ධයිර්යය ලැබේවා. (අ)

:       0       0

නිශාන්ත Friday, 12 December 2014 10:39 AM

මේ දවස් වල ගොඩක් මීදුම. ඒ වගේම මේ ගුවන් යානය ගුවන් ගත කරන්න කලින් හොදට පරික්ෂා කරලා තිබුන නම් මේ අනතුරෙන් බේරෙන්නත් තිබුනා. පොලිසිය විනාඩි 5න් ආවත් අනතුර වෙලා ඉවර වුනාම එයාලා කියලා මොනවා කරන්නද. ඒත් වෙන්න තියෙන දෙයක් කාටද වලක්වන්න පුළුවන්. (ර)

:       0       0

භානු Saturday, 13 December 2014 10:45 AM

හරිම කනගාටුයි. ජීවත්ව සිටින භටයාට ඉක්මන් සුවය ලැබේවා. මියගිය අයට නිවන් සුවපතමි. (අ)

:       0       0

චමිලා චාන්දනී Friday, 12 December 2014 08:11 PM

මියගිය සියලු දෙනාටම නිවන් සුව ලැබේවා (නදී)

:       0       0

මානි Friday, 12 December 2014 11:12 AM

යාමට සුදුසු ගුවන් යානයක් ද දන්නේ නැහැ . අහිංසක ජීවිත හතරක් දැයට නැත් වුණා. (දී)

:       0       0

චන්දිම Friday, 12 December 2014 04:52 AM

කවදද අපේ පොලිසිය වෙලාවට වැඩ කළේ? (නි)

:       0       0

සෑම් Friday, 12 December 2014 04:52 AM

මේ දවස් වල පොලිසියට තියෙන වැඩ ගැන බැලුවාම විනාඩි හතළිස් පහකින් ආ එක ලොකු දෙයක්. (නි)

:       0       0

සමන් Friday, 12 December 2014 05:00 AM

මියගිය හමුදා සෙබළුන්ට නිවන් සුව පතමු! සාධාරණ පරීක්ෂණයක් පවත්වන මෙන් ඉල්ලා සිටිමු (නි)

:       0       0

අමිත Friday, 12 December 2014 11:18 AM

කාර්මික දොෂයක් විය හැකියි. කෙසේ වෙතත් පරීක්ෂණයකින් පසුයි තීරණ දිය හැක්කේ. රණ විරුවන්ට නිවන් සුව පතමු. අනතුරුකදි පොලිසිය, ගිනි නිවන ඒකක වැනි වැදගත් ආයතන මීට වඩා ක්‍රියාකාරි විය යුතුයි.(හේ)

:       0       0

සරසි Friday, 12 December 2014 11:19 AM

ඔබට අපගේ ප්‍රණාමය අන්තිම මෝහතෙත් ඔබ සිවිල් ජීවිත ගැන සිතුවා මිස ඔබේ ජීවිත ගැන සිතුවා නැත ජාතියේ මුර දෙවතවුනේ.(හේ)

:       0       0

සුසන්ත Friday, 12 December 2014 05:00 AM

පොලිසිය ආවා කියලා මොකක්ද එයාලා කරන්නේ? අදහස් දාන අපේ පාඨකයින් බලාගෙන ඉන්නේ කොහොමහරි පොලිසියට බනින්නමයි (නි)

:       0       0

මනෝජ් Friday, 12 December 2014 05:08 AM

පොලිසියට මේ දවස් වල ගොඩක් වැඩ තියෙනවනේ. (නි)

:       0       0

කුමාර Friday, 12 December 2014 05:11 AM

ලංකාවේ එහෙම තමයි. පොලිසිය බොහෝවිට එන්නේ ප්‍රමාදවෙලා (නි)

:       0       0

පාලිත Friday, 12 December 2014 11:32 AM

කනගාටුයි. හදිසි අනතුරකදී මේ වගේ නගරබද ප්‍රදෙශයකවත් කලට වෙලාවට එන්න ගිනි නිවීම ආදී අදාල අංශ නැහැනේ. පාර්ලිමේන්තුව තියෙන්නෙත් මේ ප්‍රදේශයේ ඉඳල මහා දුරකින් නෙවෙයි. එහෙම එකේ විනාඩි 30ක් ඇතුලතවත් එන්න පුළුවන් වුනා නම් අර තරුණ ගුවන් භටයාගේ කපපු අතපය ටික හරි බේරා ගන්න තිබුනා. (ර)

:       0       0

හසිත් Friday, 12 December 2014 11:36 AM

නියමුවා අලුත විවාහ වූ කෙනෙක් ලු. මිය ගිය සැමට නිවන් සුව පතනවා.! (ර)

:       0       0

පිටිගල Friday, 12 December 2014 05:21 AM

119 ට කතා කළාට ඇවිල්ලා තියෙන්නේ වෙන්න තියෙන දේ වුණාට පස්සෙනේ. (නි)

:       0       0

දිලිප් Friday, 12 December 2014 05:24 AM

මේ දිනවල කොහොමත් ඝන මීදුම් තත්වයක් පවතිනවා. එය නොදැන සිටියා විය නොහැකියි.මෙය රාජකාරී ගුවන් ගමනක් නම් කාලගුණය ගැන සළකා නොබලන්නේ ඇයි? ඔබ සැමට නිවන් සුව! (නි)

:       0       0

ශාමෙන් Friday, 12 December 2014 11:53 AM

අම්බලන්ගොඩ රණවිරුවා ඇතුළු සියලුම රණවිරුවන්ට නිවන් සුව.! (ර)

:       0       0

ආනන්ද Saturday, 13 December 2014 01:14 PM

පොලිසිය තියා ගිනි නිවන හමුදාවටවත් ළඟ වෙන්න බෑ. අපේ අය ඕනෑම දෙයක් වුනොත් බුරුතු පිටින් පරීක්ෂා කරන්න යනවනේ. මතකද සුනාමිය දවසේ ? පොලීසියට නිකන් දොස්කියන්න එපා. (හේ)

:       0       0

ජයකොඩි Friday, 12 December 2014 05:38 AM

මියගිය සියළු දෙනාටම නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

සත්‍යයා Saturday, 13 December 2014 12:50 AM

අපරාදේ ජීවිත 4ක්. ගුවන්යානා මිලදී ගැනීමේදී විතරක් නොවෙයි අලුත්වැඩියා කිරීමේදීත් අලුත් කෑලි නොදා හදනවා. ශ්‍රී ලංකාවේදී බිමට කඩාහැලුන රුසියානු ඇන්ටෝනොව් 2 වෙනි ගුවන් යානය මෙයයි. මුදල් රජකරන පහත් සමාජයක මීට වඩා භයානක අනතුරු වුණත් සිද්ධවෙන්න පුළුවන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 696 3

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 256 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1402 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2631 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 214 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1525 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38621 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 941 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site