තිළිණ ගමගේ හිටපු මහේස්ත්‍රාත් ගංගොඩවිල උසාවියෙන් බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ ඇප ලබා පිටව යද්දී ඡායාරූප ශිල්පීන්ට බාධා කිරීම සඳහා කලිසම් හා ටී ෂර්ට් හැඳ සිටි හැඩි දැඩි පිරිසක් සෑහෙන උත්සාහයක් ගත්හ. කළු කෝට් ඇඳ සිටි ඇතැමෙක් ද ගමගේ කැමරාවලින් වසන් කළහ.
හිටිගමන් එහි පාත්වූ මෙම පිරිස කාර්වලින් පැමිණි බව කියති. ඔවුන් මාධ්‍යවේදීනට හරස් කපමින් ඔවුන්ගේ රාජකාරියට බාධා කරමින් හැසිරෙද්දී නිල ඇඳුම් ඇඳ එහි සිටි පොලිසිය නිකම්ම බලා සිටියේය. මැරයන් සේ හැසිරුණු එම පිරිසේ 20කට 25කට ආසන්න පිරිසක් වූහ. එතරම් පිරිසක් සිටියත් ගමගේගේ පින්තූර ගැනීම වැළැක්වීමට ඔවුන්ට නොහැකි විය. ගමගේ පිටවී ගියේද අධිකරණයේ පස්සා දොරිනි. රාජකාරියට පැමිණි පොලිසියේ හය දෙනෙක් පමණ එම ස්ථානයේ සිටියත් අධිකරණ භූමියේ වූ එම නොසන්සුන්කම හමුවේ දෑත් බැඳගෙන සිටි බව මාධ්‍යවේදීහු කියති. ඔවුන් කළ එකම දෙය වූයේ හිටපු මහේස්ත්‍රාත් ගමගේ එම ස්ථානයෙන් බැහැරවී ගිය පසු ගේට්ටුව වැසීම පමණි.
ඔවුන්ගෙන් ඇතැමෙක් කැමරා ශිල්පීන් තල්ලු කළහ. (පින්තූර) ගන්න එපා, ගන්න එපා යනුවෙන් කෑ ගැසූහ. පිරිසක් එකවිට අත් ඔසවමින් තිළිණ ගමගේ කැමරා කාචවලට හසු නොවීමට ක්‍රියා කළහ. මහේස්ත්‍රාත්වරයා පිටව යද්දී එම පිරිස ද ඔහුට පසුපසින් කාර්වලින් ගමන් කළහ.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහේස්ත්‍රාත් වසන් කරන සූත්තරේ පිටපට යයි
සුසන්ත Thursday, 09 June 2016 01:11 AM
නිශාර්ඩ්, නියම කතාව. ඔයා හරියටම හරි (නි)
ලුම්බිණි Friday, 10 June 2016 04:07 AM
නඩු කාරයොත් මැර හමුදා තියාගෙන ඉන්න යුගයක් අද. (බ)
විමල් Saturday, 04 June 2016 01:38 AM
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ! (නි)
පියුමාල් Sunday, 05 June 2016 12:30 AM
අපේ රටේ නීතිය ගැන ලොකු කළකිරීමක් දැනුනා (නි)
පිටබැද්දර ජයා Sunday, 05 June 2016 12:28 AM
අනේ අපේ රටේ නීතියට ගිය කල! (නි)
කස්තුරි Saturday, 04 June 2016 02:46 AM
විනිසුරුවරයෙක් අධිකරණයේදී වැරදිකරුවා හොරකම් කිරීමට හේතුව විමසන්නේ නැත. ඔහුගේ දරුවන් කන්නේ කෙසේද, ජීවත්වන්නේ කෙසේද යන්න විමසන්නේ නැත. කරන්නේ ඔහුව දඟගෙට දැමීම පමණකි. (නි)
ඩිලාන් Thursday, 09 June 2016 08:52 AM
උසාවි භුමිය තුළට ගතයුත්තේ නඩුවලට අදාළ පුද්ගලයින් පමණක් නොවේද? (නි)
හසිනි Saturday, 04 June 2016 03:37 AM
මොකද දන්නෙ නැහැ ඔච්චරටම වහන්වෙන්න හදන්නේ? (නි)
ගයාන් Tuesday, 07 June 2016 10:19 PM
කස්තුරි, ඔයා හරියට හරි (නි)
තනුජා Tuesday, 07 June 2016 12:55 AM
ඉතින් සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාද? (නි)
කාන්ති Friday, 10 June 2016 06:08 AM
අධිකරණ වල සමහර නිතිඥචරුන්ට සහ විනිසුරුවරුන්ට ඕන ඕන විධියට නඩු කල් දාන්න බැරි වෙන්න නිතියක් හදන්න බැරිවුනානේ නිදහස ලබා වසර 50 ක් ගියත්. අනේ ඇයි අසරණ මිනිසුන්ව රස්තියාදු කරවන්නේ හිතාමතාම. මේවාට හෙණ ගහනවා. (බ)
උදාරි Friday, 10 June 2016 06:09 AM
නිතිය දන්න අයත් මෙහෙම නම් නොදන්නා අය ගැන කවර කතාද? සමහර විනිසුරුවරුන්ගේ නඩු තින්දු ගැනත් සළකා බැලිය යුතු වෙනවා (බ)
අකලංක Friday, 10 June 2016 06:11 AM
නිශාන්ත, බහුතර නිතිඥයින් බලන්නේ නඩුව ඉවර කරලා සේවාදායකව කරදරෙන් නිදහස් කරවන්න නෙමෙයි. තමන්ට මාසයක් ගානේ කියක් හරි අතට එන ක්‍රමයක් හදා ගන්න විතරයි. හැබැයි එහෙම අයට පල දෙනවා. ගන්න සල්ලි කොහෙන් හරි යනවා යනවාමයි. (බ)
උපුල් Friday, 10 June 2016 06:12 AM
අපි ලක්ෂ ගණන් ගෙවලා නිතිඥයො අල්ලලා, රස්සාවට නොයා නිවාඩු දාගෙන ලිපි ගොනු කරගෙන අපේ සාධාරණත්වය ඔප්පු කරන්න යන්නේ මෙහෙම අය ඉදරියේ කියලා දැනගත්තාම අපි ගැනම දුකක් ඇති වුනා. (බ)
බණ්ඩාර Friday, 10 June 2016 06:13 AM
හොර වැඩක් අහුවෙලා උසාවි ගියාම ඇයි මේ බායි කියන්නේ රටට පේන්න. (බ)
ගාමිණී Tuesday, 07 June 2016 01:46 AM
නඩුකාරවරුත් එහෙමයි එහෙනම් (නි)
ජූඩ් Saturday, 04 June 2016 06:24 AM
නඩුකාරයෝත් වැරදි කරනවා නම් අපිට දෙයියන්ගේම පිහිටයි! (නි)
දර්ශන Sunday, 05 June 2016 06:57 AM
උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ නම් රිමාන්ඩ් ගතවුණා නේද? කාටද මේ අවනඩුව කියන්නේ. (නි)
චානක Sunday, 05 June 2016 02:26 PM
ලාංකික අධිකරණ පද්ධතියට එක්වූ කලූ පැල්ලමක් (නි)
සේන Saturday, 04 June 2016 07:24 AM
නීතිය ආයෙත් අගාධයට යෑමේ ප්‍රවණතාවයක් ඇතිවෙලා වගෙයි. (නි)
සමන් Sunday, 12 June 2016 07:03 AM
නඩුකාරයෝ මරු නේද.(බ)
රොහාන් Sunday, 05 June 2016 08:24 AM
යහපාලනයට ඡන්දය දුන් අපිට කියන්න තියෙන්නේ, ඕක කරන්න බැරි නම් පුළුවන් කෙනෙකුට දීලා යන්න කියන එක විතරයි. (නි)
නිශාර්ඩ් ප්‍රීනා Tuesday, 07 June 2016 03:40 AM
ලාංකික අධිකරණයට කළු පල්ලම් එකතු කලේ අධිකරණ පද්ධතිය ස්ථාපිත කරපු කාලේ හිටන් දේපල බෙදා ගෙන මුදල් හම්බ කරන්ට තණ්හාවෙන් තම අනසක පතුරුවන, එමගින් යහමින් මුදල් හම්බ කරන කළු කෝට් කාරයොයි. (ම)
ෆෙඩ්රික් Saturday, 04 June 2016 10:32 AM
අපි රැවටුනා අන්තිමේදී.... (නි)
අතුල Wednesday, 08 June 2016 10:16 AM
ඇයි මෙච්චර හැංගෙන්නේ? වැරැද්දක් කළේ නැත්නම් බය නැතුව හැසිරෙන්න තිබුනනේ. අධිකරණයටත් ලැජ්ජයි මෙහෙම හැසිරෙනකොට. (නි)
නිශාන්ත Thursday, 09 June 2016 05:45 AM
සල්ලි තියෙන මිනිහෙක්ගෙ නඩුවක් බාර දුන්නොත් ඒක ඉවර කරන්නේ නැහැ කල්පෙකට. (නි)
සල්ගාදු පැරිස් Friday, 10 June 2016 06:22 PM
මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ වෙනත් අහිංසකයකු බිල්ලට ගොස් මොහු නිවැරදි වීමයි. ලංකාවේ නීතිය, ලංකාවේ උසාවිය ලොකු ලොකු අයට ඕනෑ විදියට වෙනස් වන එකක්. (නි)
අසංක Friday, 03 June 2016 12:58 PM
ඒ කාලේ මෙයාලා ඇප අරන් දීපු පාතාලේ කට්ටිය දැන් සපෝට් එකට ඇවිත්...(හේ)
නුවන් Saturday, 04 June 2016 04:22 PM
මේවා දකිනකොට අපේ ඇඟේ ලේ රත්වෙනවා (නි)
විදානේ Friday, 03 June 2016 08:41 PM
පොලිසිය නැවත වරක් අසරණවෙලා වගෙයි (නි)
දුමින්ද Tuesday, 07 June 2016 09:53 AM
පාතාලෙන් තිළිණයක්ද (හේ)
රිචි බාලසුරිය Sunday, 05 June 2016 10:38 AM
ලංකාවේ බොහෝ විනිසුරු වරු එම තනතුරට නුසුදුසු අය , (හේ)