IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


මහසෝන් බලකා කාර්යාලයෙන් ප්‍රචණ්ඩත්වයේ වැලගිය මුලගිය තැන් හමුවෙයි

(ඉන්දිකා රාමනායක)

මහනුවර ප‍්‍රදේශයේ ඉකුත් මාර්තු 4 වැනි දා සිට  මේ දක්වා සිදු වු සියලූ ප‍්‍රචන්ඩ  කි‍්‍රයාවන්ට මුලිකව කි‍්‍රයා කළ  බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින මහසොන් බළකායේ  ප‍්‍රධානී බව කියන විදානපතිරණයේ අමිත් ජීවන් වීරසිංහ නැමැති සැකකරුට අයත් මහනුවර නත්තරංපොත කුණ්ඩසාලේ පිහිටි කාර්යාලය අද (13) සෝදිසියට ලක් කළේය.

එහි තිබී ජාතින් අතර අසමගිය, වෛරය ,ප‍්‍රචන්ඩත්වය ඇති කිරීම සඳහා බෙදාහැරීමට  සුදානමින් තිබු අත්පති‍්‍රකා පෝස්ටර්, බැනර් ඇතුලූ භාණ්ඩ රැසක් හා පෙට්ට‍්‍රල් බෝම්බ ලෙසට සැකකරන බෝතල් හතක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙම භාණ්ඩ වලට  අමතරව මොවුන් ප‍්‍රවෘත්ති සාක්ච්ඡා පැවැත්වීම සඳහා භාවිතා කිරීමට තිබු මහසොන් බළකාය වශයෙන් ලංඡනය සඳහන් මයික්‍රෝෆෝනයක්,  බැංකු පොත් රැසක්, මුදල් ලැබුණු රිසිට්පත්, වාහන බලපත‍්‍ර, ජාතීන් අතර අසමගිය, වෛරය ඇති වන ආකාරයේ  වැකි සඳහන් අත්පළඳනා, පරිගනක ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය (සී.පී.යු) ආදි භාණ්ඩ රැසක් තිබු බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මේ බව පැවසුවේ පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

අත්අඩංගුවට ගෙන ඇති මෙම ප‍්‍රධාන සැකකරුගේ ප‍්‍රකාශ මත  ත‍්‍රස්තවාදී විමර්ශන දිසාවේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබිණි.

මොවුන් සතුව ඇති ජංගම දුරකතන වලට මෙම කාලය තුළ ලැබුණු ඇමතුම් හා තබාගත් ඇමැතුම්  සම්බන්ධයෙන් ඇමතුම් ජාලය පිළිබඳ විශේෂ දැනුමක් ඇති නිලධාරීන්  යොදවා  පරීක්ෂා කරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

ප‍්‍රධාන සැකකරු ඇතුළු 10 දෙනෙක් ත‍්‍රස්තවාදී විමර්ශන දිසාව විසින්  අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන තවදුරටත් ප‍්‍රශ්න කරමින් පසු බව බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
 



අදහස් (53)

මහසෝන් බලකා කාර්යාලයෙන් ප්‍රචණ්ඩත්වයේ වැලගිය මුලගිය තැන් හමුවෙයි

namal Tuesday, 13 March 2018 01:06 PM

කතා එපා නීතියට අනුව දඩුවම දෙන්න

:       12328       7781

ජගත් ලියනගේ Wednesday, 14 March 2018 04:37 AM

හැමෝටම ඔය ආකාරයෙන්ම නීතිය ක්‍රියාත්මක කරනවා නම් හොඳයි.

:       101       215

V. Warnakulasuriya Wednesday, 14 March 2018 02:31 PM

ඔබේ අදහසට කැමැත්ත සහ අකමැත්ත බලනවිට අප ජීවත්වෙන්නේ කුමන සමාජයකද යන්න සිතා ගත නොහැකියි. මහසොහොන්නු විතරක් නොවේ රීරි යක්කුද බහුතරයක් සිටින බව ඉතා පැහැදිළියි.

:       20       140

Pradeep Kuwara Tuesday, 13 March 2018 01:06 PM

මේ අයට උපරිම දඩුවම් දෙන්න. රටේ කීර්ති නාමය කළු පැල්ලම් ඇතිකල මෙම සිද්ධියට මුලික වූ සියලු දෙනාටම දණ්ඩ නීති සංග්‍රහයේ උපරිම දඩුවම් දෙන්න.

:       10122       10173

surath Tuesday, 13 March 2018 01:38 PM

මහාසෝන් බලකාය නිසා බැදුම්කර මගඩිය, සහ බොහෝ දේවල් යට ගැහෙනවා

:       4356       5796

GihanWednesday, 14 March 2018 01:18 AM

මහසෝන් බලකාය නිසා නෙමේ. ගැ‍ටුම නිසා. ගැ‍ටුම ඇති කරේ කවුරුවත්, දඬුවම් විඳින්නේ තවත් කට්ටියක්.

:       0       2

බණ්ඩාර Tuesday, 13 March 2018 02:27 PM

මෙවැනි අන්තවාදීන් ගැන හොයන එක ඉතා හොඳයි. ඒ වගේම මුස්ලිම් අන්තවාදය පතුරුවන සංවිධාන ඕනතරම් ලංකාවේ තියෙනවා. ඒවා ගැනත් පොලිසියෙන් හොයනවනම් කාටත් සාධාරණයි.

:       4842       5548

සතයපාල Tuesday, 13 March 2018 02:33 PM

මහාසෝන් බලකාය විතරක් නොවේ අනිකුත් ජාතිවාදි හා ආගම්වාදී සංවිධාන සියල්ලම පරික්ෂා කල යුතුයි. එම පරික්ෂණ වලදී කිසියම් හෝ සංවිධානයක් රටේ ජාතික හෝ ආගමික සමගිය බාධාවන ආකාරයට කටයුතු කර ඇත්නම් හෝ කටයුතු කරන්න සුදානම් බවට ඔප්පු කරන්න තරම් සාක්ෂි ඇත්නම් එවැනී ආයාතන පාර්ලීමේන්තු පනතක් මගින් තහනම් කිරීමත්, ඒවායේ සමාජිකයන්ට ඉදිරියට එවැනී සංවිධානවල සමාජිකත්වය ලබා ගැනීමත් තහනම් කල හැකී ආකාරයට නීති පැනවීම කල යුතුය.

:       4233       1820

චන්දිකWednesday, 14 March 2018 06:48 AM

එහෙම කළාම කොහොමද සහජීවනය පවත්වාගෙන යන්නේ?

:       4       36

රවිඳුWednesday, 14 March 2018 11:52 AM

අනුන්ගේ කසලවලින් යැපෙන දඩාවතේ යන අයට මොන සහජීවනේද? රෑ ජාමෙට මහසෝනලා දැකලා උඩු බිරුවොත් ඒ අයට ඒ හොඳටම ඇති නේද චන්දික?

:       2       35

පුෂ්පකුමාර Tuesday, 13 March 2018 03:31 PM

ආයේ මොනවාට වැලගිය තැන මුල ගිය තැන හොයා හොයා ඉන්නවද? මේ අයගේ ජොබ් එක තමයි අන්තවාදය පපුරලා බඩ වඩා ගැනීම. හංගපු ආයුධ බොහෝ තැන්වල ඇති. කරුණාකර ඒ ආයුධ පෙන්වන්න එක්ක යන්න. එය රටට පමණක් නොවේ, ලෝකෙටම සෙතක්.

:       6164       6192

රොෂාන් Tuesday, 13 March 2018 05:33 PM

රැකියාවක් නොකර වෛරය වපුරලා ආදායම් ලබන අය. අනුන් මහන්සියෙන් හරි හම්බකරගත් දේපොළ කොල්ලකන්නත් දක්ෂයෝ. මේ අය හිර ගෙදරටවත් සුදුසු නැහැ. මොවුන් මේ මුළු සමාජයෙන්ම තුරන් කල යුතුයි.

:       5817       6109

දුපත් වැසියා Tuesday, 13 March 2018 07:01 PM

ඔය මහසොනත් අල්ලපු එකේ ඕකේ වැලගිය මුල අග ඇති මන්ත්‍රී සෝනත් අල්ලන්නකෝ...

:       0       1

Jehaan Tuesday, 13 March 2018 07:43 PM

මේ වැඩේ නිසා ලංකාව ජාත්‍යන්තරයේ අන්තිම අපකීර්තියට පත් වුණා. මේ වැඩේට නම් කිසිම සමාවක් දෙන්න බැහැ. පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයන්ගෙන් පවා ඒ රටවල මිනිස්සු විමසලා තිබෙනවා. හතර විලි ලැජ්ජාවයි කියලා කෙනෙක් මාත් එක්ක කිව්වා.

:       1       53

එර්දි Tuesday, 13 March 2018 09:13 PM

මේ අයට දඬුවම් කරලා වැඩක් නෑ. මේ අහිංසකයන්ට සල්ලි පොම්ප කරලා නිතරම රට අස්ථාවර කරල දේශපාලන වාසි ගන්න මුදුන් මුල් විනාශ නොකර... හැමදාම හැමතැනම රට අවුල්වන්නේ කාලකණ්ණි දේශපාලකයින් නිසා. මහාසෝනාද? රීරියකාද? වෙනත් ජාතිවාදී සංවිධාන රටවල් විනාශව පිළිකාවල් අනිවාර්යයෙන්ම මුලිනුපුටා දැමිය යුතුමයි..

:       0       0

රවිඳු Tuesday, 13 March 2018 09:20 PM

විෂඝෝර සර්පයින්ගේ ආගම දහම මිලේච්ජත්වයයි.. දඩයමක් කර කුසගින්න නිවා ගැනීම ඒ අයත් එකම බලාපොරොත්තුවයි. මේ සර්පයින්ට සමාජය තුලම ජීවත් වීමට ඉඩ දීම, ඉතාම භයානකයි.

:       0       0

Ruwin Tuesday, 13 March 2018 09:33 PM

මේවායේ තාර බර ඇරලා ගන්න ඕනේ... අපේ රටේ මාධ්‍ය වාර්තාවල හැටි දන්නවනේ. මතකයිනේ සේයා දැරිවිගේ ඝාතන සිද්ධියේදී කොණ්ඩයා ගැන කස්ටිය කතා මවපු විදිහ...

:       0       1

hesa Tuesday, 13 March 2018 11:05 PM

කොයි තරම් මහජන අදහස් ලීවත්, ඒවා තුට්ටුවකට මායිම් කරන්නේ නැහැනේ. හරියට බීරි අලින්ට වීණා වාදනය කරනවා වගෙයි.

:       0       0

abaran Tuesday, 13 March 2018 11:12 PM

ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ජාතිවාදී පක්ෂ ලෙස නාමිකව වත් නැත. එම පක්ෂ වලට ඕනෑම අයෙකුට කිසිදු ජාති භේදයකින් තොරව සම්බන්ධ විය හැක. එහෙත් සමහර සිංහල දෙමල සහ මුස්ලිම් ජාතික දේශපාලකයින් එම පක්ෂයේ නමින්ම ජාතිවාදී ස්වරූපයක් පෙන්නුම් කරයි... මෙම ජාතිවාදී පක්ෂ තිබෙනතුරාවට සාමාන්‍ය ජනතාවගේ ජාතිවාදී අදහස් ක්‍රමයෙන් වර්ධනය වේ... එමනිසා කළ යුත්තේ ජාතිය සඳහන්ව ඇති පක්ෂ තහනම් කිරීමය...

:       0       0

rohan Wednesday, 14 March 2018 12:10 AM

ජාතිවාදි හා ආගම්වාදී සංවිධාන සියල්ලම තහනම් කල යුතුයි. ඒහා සම්බන්ද සියලුම වෙබ් අඩවි තහනම් කල යුතුයි.

:       0       0

E. A. Somasiri Wednesday, 14 March 2018 12:19 AM

මුස්ලිම් කාන්තාවන් කළු ඇඳුම ඇඳගෙන නීති විරෝදී දේවල් ඕන තරම් කරලා මාද්‍ය වල දැකල තියෙනවා.ඉස්සර මුස්ලිම් අය ඇන්දේ සාරී සහ සල්වාර්. නැවතත් ඒවගේ ඇඳුම් ඇඳීමට මම යෝජනා කරනව.

:       73       37

Saman Wednesday, 14 March 2018 12:34 AM

නමෙන්ම තේරෙනවනෙ බලකායෙ අරමුණු.

:       0       0

dasun Wednesday, 14 March 2018 12:48 AM

මෙච්චර කාලයක් මහ පාර අයිනේ හැමෝටම පෙන්ට තිබුණු කාර්යාලය දැන් මොකටද සෝදිසි කරන්නේ? ලැජ්ජාවේ බෑ අන්තිමට මුකුත් හොයා ගන්ට බැරුව මයික් එකක් පෙන්නනවා.

:       0       2

Sidath Wednesday, 14 March 2018 01:49 AM

මේ ආණ්ඩුවට සැබෑ ලෙසම සංහිදියාව ඇති කරන්න වුවමනානම් සිංහල සංවිධාන පමණක් නොව අනෙකුත් ජාතීන්ට අයත් දරුණු අන්තවාදී සංවිධාන මෙන්ම ජාතිය මත පදනම් වූ දේශපාලන පක්ෂ තහනම් කල යුතුය. එක ජාතියකට පමණක් නීතිය ක්‍රියාත්මක කිරීමෙන් කිසි දිනක මෙම ගැටලුව නොවිසිදෙනු ඇත.

:       0       9

naradha Wednesday, 14 March 2018 02:07 AM

මේ "බලකායවල්" පසු පස දේශපාලකයින් සිටිත්දැයි සොයා බැලිය යුතුයි. දේශපාලන අනුග්‍රහයක් නොමැතිව මේ සංවිධාන පවත්වාගෙන යාම අපහසු දෙයක්.

:       0       0

dissa Wednesday, 14 March 2018 02:42 AM

මොනවටද තවත් බල බල ඉන්නේ.?

:       0       0

රෆීක් මොහමඩ් Wednesday, 14 March 2018 03:29 AM

ජාතීන් අතර ප්‍රචණ්ඩත්වය වපුරන මෙවන් අන්තවාදී සංවිධානය කුමන ආගමක, කුමන ජාතියක වුව ද අනිවාර්යයෙන් ම තහනම් කළ යුතු ම ය. එමෙන් ම එම සංවිධාන පවත්වා ගෙන සියලු දෙනාට දැඩි දඬුවම් දිය යුතු ය. ඉතා හොඳින් සොයා බැලුවා නම් ජාති, ආගම් ආලයකට වඩා මොවුන් සතුව වෙනත් අරමුණු ඇති බව අවබෝධ කරගත හැකි වනු ඇත.

:       2       12

Aluthgama A. Samathasena. Wednesday, 14 March 2018 03:34 AM

මේක කව්රුන් කෙසේ කීවත්,කෙසේ අර්ථ දැක්වුවත් බුද්ධ වචනය අනුව දහම් දිවයිනයි. ඒක වෙනස් කරන්න ලෝකේ ඉන්න මොනම නරයෙකුටවත් බැහැ. සක්‍රයාගේ පුතා වයිමටවත් බැහැ. අරගල කරන ඔය බළකා, ඒ බලය, මේ බලය, අර සේනා, මේ සේනා ඔස්සේ නොගොස් නියම පිළිවෙතට පැමිණ උතුම් වූ ධර්මය සොයා යන්න.

:       1       88

priyantha Wednesday, 14 March 2018 03:39 AM

එක අයෙකුට එක මුහුණු පොතක් තිබුනම හොදටම ඇති. සියලුම ව්‍යාජ ගිණුම් අහෝසි කරන්න.

:       0       39

HEMANTHA Wednesday, 14 March 2018 04:31 AM

මහජනතාව ඉහත දක්වා තිබෙන අදහස්වලට දක්වා තිබෙන ප්‍රතිචාර දෙස බලන්න. ලයික්වලට වඩා අන්ලයික් හතර ගුණයක්. මේ ගැනත් හිතන්න වෙනවා.

:       0       33

chandima Wednesday, 14 March 2018 04:34 AM

හැබැයි එකක් මතක තියාගන්න. මේ සිද්ධිය යොදාගෙන සිංහල බෞද්ධ ජනතාවට අපහාස කරන්න දෙන්න එපා. මොකද දැන් මේ බොහෝ දෙනෙක් සිංහලයන්ට අවලාද කියනවා. ඒ මදිවට සමාව ගන්න කියනවා.

:       47       117

susitha Wednesday, 14 March 2018 04:41 AM

මුස්ලිම් අන්තවදියෝ කවුරුහරි අත්අඩංගුවට අරගෙන තියනවද?

:       102       776

සෙන්දේ Wednesday, 14 March 2018 04:48 AM

කමෙන්ට් වලට එකකට වඩා ලයික් කරන්න පුළුවන් එක නැවැත්තුවා නම් හරි මතය දැනගන්න තිබුණා... හිඟන වහල්ලු දමාගෙන තමන්ගේ මතය හරි කියවන්න හදනවා නැති නම්...

:       94       75

padmini Wednesday, 14 March 2018 05:28 AM

නීතියට අනුව දඬුවම් කරන්න කියන මතයට විරුද්ධව ප්‍රතිචාර දමල තියෙන ප්‍රමාණයෙන් සිතාගත්ත හැකි රටේ ජාතිවාදී අදහස් ඔඩු දුවන ආකාරය. අනේ අපි කවදාක හිනැහෙමුද මේ රටේ?

:       2       45

rohanaFriday, 16 March 2018 08:09 PM

ආ.. පද්මිණී නීතියට අනුව දඬුවම් දෙන්න ඕනේ මහසෝන් බලකායට විතරද? එතකොට අර ලොරි රියැදුරාව මැරුව මුස්ලිම් ජාතිකයින්ට නීතිය අනුව දඬුවම් දෙන්න එපාද? හැබැයි එයාලගේ කෙනෙක් ඔය විදියට වුණා නම්, පොලීසිය ක්‍රියාත්මක නොවුණා නම් බලන්න තිබුණා ඔබතුමියගේ ක්‍රියාකලාපය. මේ වනතුරු එක මුස්ලිම් මනුස්සයෙක් කිව්වේ නැහැ ඒ අයට දඬුවම් දෙන්න කියලා. හොර රහසින් බේරගන්න ක්‍රම යොදනවා ඇති...

:       44       73

Jayanath Wednesday, 14 March 2018 05:31 AM

දැන් මුස්ලිම් අන්තවාදී බලකායන් ගැන හෙව්වොත් නරකද? අදාල නැති මහසෝන් බලකායක් ගැන හොයන්නේ. රනිල් මහනුවර ප්‍රශ්නයක් ඇති කරලා බැඳුම්කරෙයි, මහා බැංකු හොරකමයි, දෝෂාභියෝගෙයි යට ගහන්න හැදුවා. දැන් ඒක හරි යන්නේ නැති වුනාම මුහුණු පොත අවහිර කරලා මහසෝන් බලකායක් අල්ලාගෙන දඟලනවා. හිස් බෝතල් අරගෙන පෙට්‍රල් බෝම්බ හැදුවා කියල ඔප්පු කරන්න හදනවා. ඔය මගෝඩි විහිළු හොඳයි කොන්ඩේ බැඳපු චීනුන්ටයි ලංකාවේ කළු සුද්දන්ටයි නම්... සාලාවේ වන්දි ගෙවන්න බැරි අය මහනුවර මුස්ලිම් අයට නම් අත දිග ඇරලා වන්දි ගෙවනවා වගේ.. අනේ මන්දා..

:       450       614

NUwan Wednesday, 14 March 2018 05:50 AM

18842 ක් බලපු නිව්ස් එකට මෙන්න 30000ට වඩා දිස්ලයික් දාලා...

:       0       3

SanjithSaturday, 17 March 2018 08:35 AM

මේකනේ නුවන් ඕකට හේතුව. ආණ්ඩුවේ බත් බැලයො ලයික් කරද්දී ඊට විරුද්ධව ලංකාවට ආදරේ මිනිස්සු ඩිස්ලයික් කරනවා බත් බැලයන්ට විරුද්ධව...

:       0       102

Rathnajeewa Wednesday, 14 March 2018 06:12 AM

ඕකට ඉතින් මහසෝන් බලකායක් වටලන්න ඕනෙද? රනිල්ගෙන් ඇහුවා නම් ප්ලෑන් කරපු විදිය මුල ඉඳලා අගටම කියයි.

:       256       346

චන්දික Wednesday, 14 March 2018 06:44 AM

මේ රටේ තියන එකම අන්තවාදී සංවිධානය මහසොන් බළකාය විතරද?

:       116       164

Kaaliamma Wednesday, 14 March 2018 06:53 AM

මහසොන් බලකාය මෙල්ල කිරීමට දේවාල කපුවෙක්, යකැදුරෙක් හෝ කේන්දරකරුවෙකුට ඇමැති පත්වීමක් දිය යුතුයි නේද?

:       0       53

සඳුන් Wednesday, 14 March 2018 06:59 AM

ත‍්‍රස්තවාදී විමර්ශන දිසාව කිව්වේ? තාමත් නුවර පැත්තේ දිසාවල කෝරාලලා ඉන්නවද?

:       0       5

wasantha Wednesday, 14 March 2018 07:10 AM

විනිවිද භාවයක් එක්ක ඒ හැම දේම රටට හෙළි කරා නම් හොඳයි. මොකද හුඟක් අය තමන්ගේ වැරදිත් මේ කූඩෙටම දාන්න පුළුවන් නිසා. අපි හුඟක් එෆ්.බී. එකේ දැක්කේ ජාතිකත්වය වෙනුවෙන් දමපු වීඩියෝ සහ රටට වෙන්න යන අනතුරු ගැන විතරයි. ඒවා තව කෙනෙක්ට වෛරී ප්‍රකාශන වෙන්න පුළුවන් එ්ත් සිංහල මිනිහට අන්තවාදී කෙනාව හඳුනාගන්න පුළුවන්. මේ වගේම අන්වර් මනතුංග, තව්හික් ජාමත් එකේ රාසික් වගේ අයත් අරගෙන ප්‍රශ්න කරානම් මොකද වෙන්නේ? මේකට සිංහලයා විතරද වග කියන්න ඕනේ?

:       118       192

asad Wednesday, 14 March 2018 07:14 AM

මෙහිදී බෞද්ධ වගේම මුස්ලිම් අන්තවාදය පතුරන හා ප්‍රකාශ නිකුත් කරන සංවිධාන පිළිබදව සොයා බැලිය යුතුය. රට තුල ජාතිවාදය හෝ අන්තවාදය පතුරන සෑම දෙනාටම විරුද්ධව දැඩි නීතිමය පියවර ගත යුතුය.

:       18       138

wasantha Wednesday, 14 March 2018 07:17 AM

පුළුවන් නම් අපේ රටට කැළලක් වෙන දේවල් කරන අල් ජසීරා එකත් තහනම් කරවන්නකෝ. එයාලා මේ වෙනකොටත් ලංකාවට කැළලක් වෙන වීඩියෝ දර්ශන ජාත්‍යන්තරයට යවලා හමාරයි. මේවා ගැන හොයන්න ගන්නේ කවද්ද?

:       358       381

අබ්දුල් Wednesday, 14 March 2018 07:51 AM

මෙවැනි ක්‍රියාමාර්ග කිරීම අගය කරන්න ඕනෑ. රටේ ප්‍රචණ්ඩත්වය පතුරන පිරිස් වලට නිතිය දැඩිව ක්‍රියාත්මක වෙන්න ඕනෑ. මුස්ලිම් ජන සමාජය තුල මෙවැනි පිරිස් සිටිනවා නම් ඔවුන්ටද නීතිය දැඩිව ක්‍රියාත්මක කල යුතුය. සුළුතරයක් වූ අන්තවාදී සිංහල - මුස්ලිම් පිරිස් නිසා බහුතර සාමාන්‍ය ජනයාට කරදර වීම අනුමත කල නොහැක. ජය ශ්‍රී !!!

:       8       66

nuwan Wednesday, 14 March 2018 08:24 AM

එතකොට විල්පත්තුව කපන එක පාසල්, අධිකරණ වෙනම කලාප, වහාබ් වාදය මේවට මොකද වෙන්නේ? මේවා ජාතින් අතර බෙදීම් ඇති කරන්නේ නැද්ද?

:       334       365

DANUSH Wednesday, 14 March 2018 08:25 AM

ඔය ගමන් රීරි යකාගේ කාර්යාලයත් වැටලුවොත් හොඳයි..

:       1       2

rama Wednesday, 14 March 2018 08:37 AM

මේ බලකාය කවුරු යටතේද තියෙන්නේ? කිරිඇල්ල යටතේද? කවුද පඩි ගෙවන්නේ මේ බලකායට? මහනුවර නිසාද මහසෝන් බලකාය වුනේ...

:       1       1

Talk Wednesday, 14 March 2018 09:58 AM

මහසෝන් බලකායේ වැලගිය, මුලගිය අග ඉන්න මහසෝන් මන්ත්‍රී කව්ද?

:       0       1

ලක්සිරි Wednesday, 14 March 2018 10:01 AM

සොහොන් පිට්ටනිවල ඉන්න ඕනෑ. මහසෝන් යක්කුන්ව යවන්න ඕනෑ... සොහොන් පිට්ටනිවල තියන මිනී වළවල් තුලටම. මොවුන් සමාජයේ සිටියොත් වෙන්නේ, සමාජයට මිනී වළවල් කපන එක තමයි.

:       8       9

Thilina Wednesday, 14 March 2018 10:10 AM

මහා සොහොන් විතරක් නොවේ. මේ මාතෘ භූමියේ ප්‍රතිරූපයට වින කටින ඕන යකෙක් අවශ්‍ය වේ නම් මඩු වලිගෙන් හරි කඩුවෙන් හරි කමක් නෑ... ශුද්ධයක් දීලා මේ රටේ අහිංසක මිනිසුන්ට තමන්ගේ පාඩුවේ නිදහසේ ජීවත් වෙන්න ඉඩ කඩ දෙන්න. සලසලා දෙන එක ආණ්ඩුව අප්‍රමාදව කරන්න ඕනෑ දෙයක්. නැත්නම් මඩු වලිගවලින්, කඩුවලින් කොස්වත් කොටන්න වෙන එකක් නෑ.

:       0       55

සුදත් ශ්‍රී චඳ්‍රරත්න Friday, 16 March 2018 12:46 PM

ඔය අන්තවාදී සංවිධාන මුලින්ම මුස්ලිම් උදවියටත් ගහයි ටික කලක් යනකොට අපටත් ගහයි. ඒක තමයි ඔවැනි සංවිධාන ඉක්මණින්ම නැති කරලා දාන්න ඕනෑ. කණගාටුදායක කාරණය තමයි මේ දේවල් අපේ රටේ ගොඩක් දෙනෙකුට තේරෙන්නෙ නැති එක​....

:       61       48

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 602 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 2242 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 4906 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 1241 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1919 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1287 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 512 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2041 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site