IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


මහා බැංකු වාර්තාව ජනපතිට පිළිගන්වයි

 

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ආර්ථිකය වේගයෙන් යළි යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව 2024 මහා බැංකු වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාවේ සඳහන් වන බව ජනාධිපති කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව එහි මුඛ්‍ය  ප්‍රකාශනය වන වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව 2024 (AER 2024) ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත අද පිළිගැන්වීය.

මෑත ඉතිහාසයේ මෙරට මුහුණ දුන් දරුණුතම ආර්ථික  පසුබෑමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්වීමෙහි ස්ථායි  ප්‍රගතිය එම වාර්තාවෙන් පෙන්වා දී තිබෙන බව ජනාධිපති කාර්යාලය කියයි.

මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් අද (07) ජනාධිපති කාර්යාලයේදී වාර්තාව මෙලෙස ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් පිළිගැන්වීය.

වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව 2024, සාර්ව-ආර්ථික සංවර්ධනය, මූල්‍ය පද්ධතිමය කොන්දේසි, මහ බැංකුවේ ප්‍රතිපත්ති සමාලෝචනය සහ සාර්ව ආර්ථික ඉදිරි දැක්ම යන ප්‍රධාන පරිච්ඡේද හතරකින් සමන්විතය.

මෙම සමාලෝචනයට අනුව, වසර දෙකකට පෙර අත්විඳින්නට සිදු වූ දරුණු ආර්ථික අර්බුදයෙන් පසුව, 2024 වසරේදී සැලකිය යුතු ලෙස යළි යථා තත්ත්වයට පත්වීමේ සලකුණු පෙන්නුම් කර ඇති ශ්‍රී ලංකා ආර්ථිකය, අභියෝග මධ්‍යයේ වුවද, ණය බරින් පීඩාවට පත් අනෙකුත් බොහෝ රටවලට වඩා වැඩි වේගයකින් යළි යථා තත්ත්වයට පත්වීමේ මාර්ගයට පිවිස ඇත. මෙම වාර්තාවේ සඳහන් ප්‍රධාන ධනාත්මක දර්ශක අතර ආර්ථික ක්‍රියාකාරකම් වැඩිදියුණු වීම, ක්‍රය ශක්තිය පාර්ශ්විකව හෝ ප්‍රතිෂ්ඨාපනය වීම සහ අවිනිශ්චිතතාවෙහි අඩුවීම යනාදිය වේ.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහා භාණ්ඩාගාරයේ ලේකම් කේ. එම්. එම්. සිරිවර්ධන, මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති කේ. එම්. ඒ. එන්. දවුලගල, සහකාර අධිපති ආචාර්ය සී. අමරසේකර, ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය එස්. ජෙගජීවන් සහ මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අතිරේක අධ්‍යක්ෂවරුන් වන ආචාර්ය එල්. ආර්. සී. පත්බේරිය සහ ආචාර්ය වී. ඩී. වික්‍රමාරච්චි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. 

 



අදහස් (6)

මහා බැංකු වාර්තාව ජනපතිට පිළිගන්වයි

යෝගා Monday, 07 April 2025 02:48 PM

2024 අග වෙනකොට රනිල් ගොඩගත්තු රට නැවතත් ප්‍රපාතයට තල්ලුවෙමින් පවතිනවා. ප්‍රතිපත්ති ප්‍රකාශය එකක්, කරන්නේ හාත්පසින්ම විරුද්ධ දේවල්. දැනටමත් පුනරුදය කනපිට ගහලා...

:       6       14

කව්ද බෝයි Monday, 07 April 2025 03:38 PM

රට මොන ප්‍රපාතයකට ගියත්, පුනරුදය මොනපිටක් ගැහුවත්, රටේ ජනතාව හොරු-තක්කඩින්ව ආපහු බලයට ගේන්නේ නම් නෑ. ඒක සහතිකයි.

:       10       5

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Monday, 07 April 2025 03:39 PM

ජනාධිපති වුණාම හිරේ දානවා කියපු මහා බැංකු අධිපතියි, භාණ්ඩාගාර ලේකම් එක්ක එකට ඉන්න බය හිතෙන්නේ නැද්ද? එහෙම නැත්නම් ලැජ්ජා නැද්ද ලප කුමාර...?

:       1       11

Janitha Monday, 07 April 2025 11:18 PM

"මම හිතන්නේ මේක ඉස්සර ගත්ත ෆොටෝ එකක්. අනුර ආවට පස්සේ නන්දලාල්ලව ඇතුළට දැම්මානේ . අනුර ට්‍රම්ප් වගේමයි — කියපු දේවල් ලෙසටම කරා!"

:       0       1

Kawda boie Monday, 07 April 2025 11:23 PM

දැනෙන්නේ නම් නෑ පුතී

:       0       0

Wanasinha Tuesday, 08 April 2025 12:03 AM

කවුද බෝයි ,වහල්කම කියන්නේ ඒකට

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කාඩ් පතින් අධිවේගයේ ගාස්තු ගෙවීම අරඹයි
2025 අප්‍රේල් මස 11 331 0

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ගෙන් මුදල් අය කිරීම වෙනුවට කාඩ් පත් මගින් ගාස්තු ගෙවිමේ නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරීම අද (11).කොට්ටාව අධිවේගී අන්තර


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුවට සාමාජිකයන් හොයයි
2025 අප්‍රේල් මස 11 494 0

දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි දින කිහිපය ඇතුළත පත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


ඡන්ද පත්‍රිකා කෝටියක් ලෑස්තියි
2025 අප්‍රේල් මස 11 60 0

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඡන්ද පත්‍රිකා කෝටියක් පමණ මුද්‍රණය කර අවසන් බව රජය මුද්‍රණාලය පවසයි.


බටලන්දට ජනපතිගෙන් පරීක්ෂණ කමිටුවක්
2025 අප්‍රේල් මස 11 418 0

බටලන්ද චූදිතයන්ට නිත්‍යානුකූලව දඬුවම් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් ජනාධිපතිවරයා විසින් ළඟදීම පත් කෙරෙනු ඇතැයි සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා


තියුණු ආයුධයකින් පහර දී බිරිය මරලා
2025 අප්‍රේල් මස 11 507 0

අලුත්ගම දර්ගා නගරය කුරුඳුවත්ත සමගි මාවත ප්‍රදේශයේ අද(11) දහවල් සිය සැමියා විසින් බිරිඳගේ ගෙළට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි අලුත්ගම පොලිසිය ක


කෙහෙළිය සී අයි ඩි යට
2025 අප්‍රේල් මස 11 384 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (11) පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 128 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 563 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 962 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site