(අංජුල මහික වීරරත්න)
2024 වර්ෂය සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණය පිළිබඳව වන වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 80(3) වගන්තිය අනුව සෑම මුදල් වර්ෂයක්ම අවසන් වී සිව් මසක කාලයක් තුළ එම මුදල් වර්ෂය තුළ පැවති ආර්ථික තත්ත්වය පිළිබඳ වාර්තාවක් මුදල් විෂය භාර අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුව ඇත.
ඒ අනුව, 2024 වර්ෂය සදහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සකස් කරනු ලැබ ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික විවරණය පිළිබඳව වන වාර්තාව ජනාධිපති වෙත ඉදිරිපත් කරනු ලැබ ඇත.
එකී වාර්තාව මඟින් ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ප්‍රවණතා, මූල්‍ය පද්ධතියෙහි තත්ත්වය හා ප්‍රධාන වර්ධනයන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පිළිබඳ සමාලෝචනයක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව, 2024 වර්ෂය සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණය පිළිබඳව වන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකළපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම්
පවුලේ අයවළුන් සමග පානදුර මුහුදේ විනෝදයට දියනාමින් සිටී පාසල් සිසුන් දෙදෙනකු දියේ ගිලී අතුරුදන්ව ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි.
පළාත් පාලන ආයතන 339 ඡන්ද විමසීම එකවර පැවැත්වීමට අදහස් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ නීති අංශය පවසයි.
අනතුරකින් පසු රෝහලට රැගෙන එන අතර තුර මියගොස් සිටි පුද්ගලයකුගේ මල සිරුරක් ඔහුගේ ඥාතීන් විසින් බලහත්කාරයේ පානදුර රෝහලට රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
කොළඹ ජාතික රෝහල ඇතුළු රටපුරා සියලුම රෝහල්වල ජීවිත ආරක්ෂක සහ අත්‍යවශ්‍ය ඖෂධ දැඩි හිඟයක් පවතින බව රෝගීහු පවසති.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
මහා බැංකු වාර්තාව පාර්ලිමේන්තුවට