IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


මහා අරහන්ත වන්දනාව ලන්ඩනයේදී

එක්සත් රාජධානියේ මහ මෙව්නාව ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ භික්ෂූන් වහන්සේලාගේ මෙහෙයවීමෙන් වැට් ටේලර් මධ්‍යස්ථානයේදී පැවැත්විණි. එදින ලන්ඩනය පුරා ඇද හැළුනු ධාරානිපාත වර්ෂාවත් මේ දිනවල ලන්ඩනයේ ඇති අධික සීතලත් නොසලකා පින්කමට 600කට වැඩි  පිරිසක් ආහ. අරහන්ත වන්දනා පින්කමක් ලන්ඩන් නුවරදී පැවැත්වූ ප්‍රථම වතාව  මෙයයි.



අදහස් (0)

මහා අරහන්ත වන්දනාව ලන්ඩනයේදී

අමිල Friday, 04 January 2013 10:24 AM

දිලිප්, ආනන්ද, ඩී.ඒ.සී. හරියටම හරි. කට්ටියගෙ අදහස් දැක්කම හිතෙනවා බොදු ජනයාද කියලා. තෙරුවන් නොදන්නාකම. තමන්ට වඩා සීලයෙන් ගුණ නුවණින් වැඩි කවර කෙනෙක්ට වන්දනා කළත් පින රැස් වෙනවා. අනන්ත ගුණ ඇති මහ රහතුන් වැදිමෙන් කී දෙනෙක් අපායට නොවැටී සුගතියට පාර හදාගන්න ඇද්ද? පිරිසක් පින් කරති. සත්පුරුෂයෝ එය දැක සිත් පහදවා ගනිති. සහභාගී නොවූවත් මෙසේ හෝ දැක බලා පින් අනුමෝදන් වෙති. ඒ පින්වන්ත සත්පුරුෂයෝ සුගතියේ උපදිති. එහෙත් අසත්පුරුෂ‍යෝ/මෝඩයෝ තම මෝඩකම නොදැන, සහභාගී නොවෙති. අනුමෝදන් නොවෙති. එහෙත් විවේචනය කරති. අඩුපාඩු සොයති. අපාගත වෙති (නි)

:       0       0

රවී Thursday, 03 January 2013 03:14 PM

යමෙක් පැහැදුණු සිතින් යුතුව ආර්ය මහා සංඝරත්නයට පුද පුජා පවත්වයිද වන්දනා මාන කරයිද එයින් රැස් වන්නේ අප්‍රමාණ කුසලයක්මය. යමෙක් සියල්ල දත්තවුන් සේ ඒ කෙරෙහි විවේචන එල්ල කරන්නේ හිතේ ඇති කුහක කමටය. (ස)

:       0       0

සිසිර Thursday, 28 February 2013 02:06 PM

බෞද්ධයාගේ ඒකායන අරමුණ නිවන් දකින්න නම් දාන, ශීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා පිළිවෙළින් ප්‍රගුණ කළයුතු නොවේද? (නි)

:       0       0

ජයී තිසර Saturday, 05 January 2013 08:12 PM

දර්ශනයක් තිබේ බුදුරදු දෙසු දහමේ අති සුවිසල් ප්‍රතිඵල හරි වැටහීමේ සැමදා ඒ අනුව තම දිවි ගතකිරීමේ මැද පිළිවෙතයි හරිමඟ නිවනට යාමේ (නි)

:       0       0

දමිත Thursday, 03 January 2013 09:34 PM

සාදු.. සාදු..!(නු)

:       0       0

ප්‍රසන්න Thursday, 03 January 2013 03:38 PM

බලාගෙන ඉන්න මොහොමඩ් (ස)

:       0       0

රුක්ෂලා Thursday, 03 January 2013 09:34 PM

සාදු.. සාදු. තෙරුවන් සරණයි..!(නු)

:       0       0

සිරිමල් Friday, 04 January 2013 05:01 PM

මම මහමෙවුනාවට සම්බන්ධ කෙනෙක් නොවේ. මහමෙවුනාවේ වැඩකටයුතු පිළිබඳව විවේචනය කරන අයගේ අදහස් වලින් මට නම් පෙනී යන්නේ ඒවා ලියා ඇති අය ඒ ගැන සොයා බලා හරි අවබෝධයක් ඇති අය ලෙස නොව, පොදු ආරංචි සහ කටකතා ඇත්ත ලෙස සළකා ඒ මත තමන්ගේ තීරණයන් ගෙන ඉන්න අය ලෙසටයි. මහමෙවුනාවට සම්බන්ධ අයගේ පිළිතුරු කියවීමේදී ඒ අය බුදුදහම පිළිබඳව කිසියම් අවබෝධයක් ඇතිව ඉන්නා අය බවත් පෙනීයන බව කිව යුතුයි. මෙය හොඳ දෙයක් නේද? (නි)

:       0       0

ප්‍රදීප් ජානක Thursday, 03 January 2013 09:50 PM

සුසිල් මහත්මාණෙනි ඒ භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ධම්ම පදයේ සහස්‍ර වග්ගයේ 8 වෙනි ගාථාවේදී රහතන් වහන්සේලාට පුද පූජා පැවැත්වීමේ වටිනාකම මෙසේ දේශනා කොට තිබෙනවා. ඔබ ධම්ම පදය කියවලා නැතිව ඇති. කරුණාකර කියවන්න. " යම් පුද්ගලයෙක් මහ වනයකට වෙලා අවුරුදු සීයක් ගිනි පූජාවක් කර කර ඉන්නවාට වඩා සිත දියුණු කරගත් රහතන් වහන්සේ නමකට සුළු මොහොතක් පුද පූජාවන් පැවැත්වුවොත් අවුරුදු සීයක් ගිනි පූජාවන් පැවැත් වූවාට වඩා සුළු මොහොතට රහතන් වහන්සේට කල පූජාවම යි ශ්‍රේෂ්ඨ වන්නේ" ධම්ම පදයේ තිබෙන මෙවැනි ගාථාවලින් වැටහෙනවා රහතුන් උදෙසා පූජාවන් කිරීම මොන තරම් උතුම් ද කියලා. කරුණාකර අනුන් කරන පින්කම් වල අඩුපාඩු හොය හොය නින්දා අපහාස කරලා නිකම් පව් පුරව ගන්න එපා. තමන්ගේ සිත රැක ගන්න. නමෝ බුද්ධාය !(නු)

:       0       0

මහේෂ් Thursday, 03 January 2013 03:51 PM

ශ්‍රියානි ඔයා හරියටම හරි.. මම ජනවාරි පළමුවෙනිදා ලන්ඩනයේ පිහිටි බෞද්ධ පන්සලකට ගියා.. මගේ අදහස නම් මේ වගේ දේවල් වලට අනවශ්‍ය ලෙස විදයම් කරනවාට වඩා මේ විහාරවලට උදව් කරන එක වටිනවා කියලා ඒවා පවත්වාගෙන යාමට.!(නු)

:       0       0

අමිල Thursday, 03 January 2013 09:58 PM

දුක හිතෙනව තම තමන්ගෙ නොදැනුවත්කම් නිසා පව් කරගන්න හැටි දැක්කම.රවි හරි. හරියට දහම ටිකක්වත් දන්නවනම් මෙහෙම කමෙන්ට් වැටෙන් නෑ.මෙව දැකල සතුටුවෙන්න බැරි පව්කාරයින්ට.කරැනාකර බුදු දහම නොදැන කතා කරන්න එපා.රවි විතරයි යමක් දැනගෙන කියා තියෙන්නෙ.(නු)

:       0       0

රසාංජලී Sunday, 06 January 2013 10:28 AM

කොහේ ගියත් අපේ ආගමට ගරුකරන එක ගැන බෞද්ධයින් වශයෙන් ගොඩක් ස්තූතියි! (නි)

:       0       0

දිනුෂ Sunday, 06 January 2013 10:36 AM

මිනිසුන් නොවටිනාදේට වියදම් කරනවාට වඩා මෙවැනි වටිනා දේකට වියදම් කිරීම ඉතාම යමපත් දෙයික..!(නු)

:       0       0

අනුර ප්‍රියන්ත Thursday, 03 January 2013 11:25 AM

සාදු සාදු...!(නු)

:       0       0

ඩයස් Friday, 04 January 2013 06:23 PM

වටිනා වැඩක් (දී)

:       0       0

ප්‍රදිප් Saturday, 05 January 2013 09:56 PM

සාධු...සාධු...සාධු... (දී)

:       0       0

ශිරාණි Thursday, 03 January 2013 04:59 PM

තෙරුවන් වන්දනා කිරීම පින්වැඩෙන පිංකමක් තමයි. තෙරුවන් කෙරෙහිම පුදපූජා පැවැත්වීම තමයි චිරාත්කාලයක් සිදුවුනේ.පුදපූජා පැවැත්වීමම නෙමෙයි බුදුදහම කියන්නේ. මෙම පිංකමත් ශ්‍රද්ධාවෙන් කරන අයට පිංලැබෙනවා. පිංකම් සදහා මාතෘකා යොදන්නේ ජනප්‍රිය බව වැඩිකරගන්න. අනෙක් පුජාවලට වඩා විශේෂයක් පෙන්වීම තමයි අරමුණ. මෙහි සහභාගී වන අයට ඒ පින ඒ ආකාරයෙන්ම ලැබෙනවා ඒ අය ගේ ශ්‍රද්ධාවේ ප්‍රමාණයට.(නු)

:       0       0

ලක්ෂාන් Saturday, 05 January 2013 10:05 PM

පින්කමක් සිදු කළ විට එහි අඩුපාඩු සොයමින් විවේචනය කර කර පව්කර ගන්නා පවිටු අසත්පුරුෂයින් දකින්නටවත් නොලැබේවා ! කවරෙකු හෝ පිනක් කළ විට එහි අඩුපාඩු නොසොයා විවේචනය නොකර එය සතුටින් අනුමෝදන් වන සත්පුරුෂයින් සිටින දිශාවටත් නමස්කාර වේවා ! (නි)

:       0       0

පියල් Thursday, 03 January 2013 11:44 AM

රටින් පිට ගියාම තමයි ‍ගොඩක් අයට ආගම මතක් වෙන්නේ .. ‍(ස)

:       0       0

සිල්වා Thursday, 03 January 2013 11:54 AM

පියල් , මසුරන් කියමනක් (ස)

:       0       0

සුසිල් මිලානෝ Friday, 04 January 2013 07:09 PM

මගේ අදහස් දැක්වීමට ඩී. ඒ. සීට සහ ප්‍රදීප්ට ගොඩක් රිදිලා. තමන්ම හරිය කියලා හිතන්න එපා. මහමෙව්නා පින්වත්තු අනෙත් අදහසුත් ඉවසන්න. බුදු දහම මිසක් මහමෙව්නා සංකල්පය ඔලුවේ තියාගෙන නිවන් දකින්න බැහැ. බුදුන් වහන්සේ දෙස දේශනා කළේ කිසිවක් අල්ලා ගන්න එපා කියලා. සංකල්ප වලට හිර වෙන්න එපා. කාලාම සුත්‍රය අහලා ඇති නේ. ධර්මය කරේ තියන් යන්න නෙමෙයි එතෙර වෙන්න භාවිතා කරන්න. (නි)

:       0       0

ගයාන් Friday, 04 January 2013 02:42 AM

බුදුගුණ අනන්තයි..!(නු)

:       0       0

වජිරා Friday, 04 January 2013 02:40 AM

අපි අපි බෙදිලා කොහොමද බෞද්ධ කම රැක ගන්නේ.. අදහස් දානකොට අපි විතරක් නෙමෙයි තව අය කියවන බව මතක තියාගන්න..!(නු)

:       0       0

ලියනගේ Thursday, 03 January 2013 12:16 PM

මොකක්ද මේ අරහන්ත කියන එකේ තේරුම ? ඇයි ඒගොල්ලෝ අරහන්ත කියල කියන්නේ? දන්න කෙනෙක් පැහැදිලි කරන්න (ස)

:       0       0

මොහොමඩ් - බේරැවල Thursday, 03 January 2013 12:16 PM

තමන් තනිවෙනකොට, දුක්කරදර වලින් මිදෙන්න ඕන වෙනකොට ආගමට දහම නිකම්ම නැඹුරු වෙනවා.... පියල්ගේත් අත්දැකීමක් ද? (ස)

:       0       0

රත්න Thursday, 03 January 2013 12:24 PM

පියල්, ඒ අයට රටින් පිටවුණත් තමන්ගේ ආගම මතක තිබෙන එකම කෙච්චර දෙයක්ද? (නි)

:       0       0

අමල් Thursday, 03 January 2013 12:25 PM

පියල් , ඉතින් ඒකෙ වැරැද්දක් තියෙනවද ???? (ස)

:       0       0

කසුන් Friday, 04 January 2013 08:04 PM

ධම්මපදය - සහස්ස වග්ගය 108 ගාථාව දහස් ගණන් වියදම් කරගෙන, මාසයක් ගානෙ යාග කළත්, අවුරුදු සියයක් මුළුල්ලේ යාග කළත්, සිත දියුණු කරගත් රහතන් වහන්සේ නමකට එක් මොහොතක පුද පූජාවක් කළොත්, අර සියක් අවුරුදු මුළුල්ලේ කරපු යාගෙට වඩා මොහොතකට කළ මේ පූජාවයි ශ්‍රේෂ්ඨ වෙන්නෙ. (නි)

:       0       0

ඩී.ඒ.සී Friday, 04 January 2013 03:57 AM

නමෝ බුද්ධාය​ සමහර අයගෙ අදහස් දැක්කම හරි පුදුම හිතෙනවා රහතන් වහන්සේලාට වන්දනා කරන්න කියල කොහෙද තියෙන්නේ කියල අහනවා. නිවැරදි දහම් දැනුමක් නැති කම තමයි ඒ. 1) ඉසිගිලි සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාලේ පසේ බුදු රජාණන් වහන්සේලාට වන්දනා කරන්න් කියලයි. මජ්ජිම නිකායේ ඉසිගිලි සූත්‍රය බලන්න​. පිරුවානා පොත් වහන්සේගේත් තියෙනවා 2) විමාන වස්තු පොත කියවන්න​. ඒකෙත් තියෙනවා රහතන් වහන්සේලාට වන්දනා කරල සුගතියෙ උප්න්න අයගෙ විස්තර​ 3) අංගුත්තර නිකාය 4 නිපාතයේ තියෙන අග්ගපසාද සූත්‍රයත් බලන්න​. 4) ඔබ නිතරම තෙරුවන් වන්දනා කරන විට, බුදු රජාණන් වහන්සේටත්, බුදු රජාණන් වහන්සේගේ ධර්මයටත්, ඒ වගේම​, සුපටිපන්න යනාදී වශයෙන් ඒ ශ්‍රාවක සංඝරත්නයත් (මූලිකව රහතන්) වහන්සේලාටත් වන්දනා කරනවා. සමහර උදවියට ඒකත් අමතකයි. රහතන් වහන්සේලාට වන්දනා කරන්න කියල තියෙන්නේ කොහෙද කිය කියා හොයනවා. (මේ අය බෞද්ධයෝද කියලත් සැකයි) (අපි බුදු රජාණන් වහන්සේට​, සද්ධර්මයට සහ රහතන් වහන්සේලාට වන්දනා කරන්නේ නැති නම් වෙන කාට වන්දනා කරන්න ද​?) 5) බුදු රජාණන් වහන්සේ අනුදැන වදාලේ වන්දනා මාන කරන්න, විශේෂයෙන් ධාතූන් වහන්සේලා තැන්පත් කොට ස්තූප සාදා වන්දනා කරන්න කියල. හතර දෙනෙක් ඒ සඳහා සුදුසුයි කියා අනුදැන වදාල​. බුදු රජාණන් වහන්සේ, පසේ බුදු රජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා සහ සක්විති රජතුමා ඒ හතර දෙනායි. 6) බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑවට පසු, බුදු රජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට පැවසුවේ "මේ දේහය ආදාහනය කරල ස්තූපයක් සදන්න කියල යි" මහමෙව්නාවට හදවතින්ම එකතු උන අය මේ විස්තර දන්නවා. ඒ අයට ඒවා කියා දීලයි තියෙන්නේ. ඒ නිසා ඒ අය රහතන් වහන්සේලාට වන්දනා කරනවා. පින් රැස්කර ගන්නවා. ඒක විවේචනය කරකර ඇද හොය හොයා ඉන්නවට වඩා හොඳයි ඒ පින අනුමෝදන් වන එක​. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ රහතන් වහන්සේලා ට විතරක් නොවේ ගුණ නුවණින්, ඒ වගේම වයසින් වැඩිහිටි අයට වන්දනා කරන්න​, ගෞරව කරන්න​, ඒ කෙනා ආයු, බල​, වර්න සහ සැප යන කරුණු හතරින් වැඩෙනවා කියලයි.. අභිවාදන සීලිස්ස​... අවසාන වශයෙන් පන්සලට ගියාම ඒ පන්සලේ ඉන්න ස්වාමින් වහන්සේලාට අපි වන්දනා කරනවා. එහෙව් අය අහනවා "ඇයි රහතන් වහන්සේලාට වන් දනා කරන්නේ කියල​?" පිනක් අනුමෝදන් වෙන්නත් පිනක් ඕන​."(නු)

:       0       0

කුමාර Friday, 04 January 2013 01:50 PM

ලෝකෙම අවධානය ලක් වන්න ඕන වැඩක් (දී)

:       0       0

ඩික් Saturday, 05 January 2013 11:25 PM

සුසිල් මහතාණෙනි, ඔබ අභියෝග කළා බුද්ධ දේශනා වලින් පෙන්වන්න කියා​. ඉතින් බුද්ධ දේශනා වලින් කරුණු පෙන්නුවාම​, ඔබට තවමත් එය අනුමෝදන් වෙන්න බැරි ඇයි? අවාසනාව ද​? අපි මහමෙව්නාවේ බණ සරණ ගියා නොවේ, බුදුරජාණන් වහන්සේ වදාල ධර්මයයි සරණ ගියේ. මෑත කාලය තුළ උතුම් බුද්ධ දේශනා ඉස්මතුකොට පෙන්වූවේ මහමෙව්නාවයි. අපි ඔබටත් කියන්නේ බුදුරජාණන් වහන්සේ සරණ යන්න කියායි. (වර්ථමානයේ බුදු රජාණන් වහන්සේ සරණ ගිය අයෙක් මහමෙව්නාවට ප්‍රශංශා කරනවා මිසක් නින්දා අපහාස කරන්නේ නැහැ) (නි)

:       0       0

නන්දා Saturday, 05 January 2013 11:30 PM

සුසිල් මහතාණෙනි, මේ කරුණු දැක්වීම අපක්‍ෂපාතීව බලන විට ඔබ බුදු දහම කිසිසේත්ම නොදන්නා, බාලයෙක් සේ අදහස් පළකරන බවක් පෙනෙයි. දහම් කරුණු පෙන්වද්දී පවා එය පිළිනොගැනීම​, දැඩිව සිටීම​, ධාර්මික කරුණු ඉදිරියේ නොනැමී සිටීම ධර්මයේ හැසිරීමක් නම් නොවේ. (නි)

:       0       0

අනුර Thursday, 03 January 2013 12:44 PM

හරිම ලස්සසනයි... ලංකාවෙවත් මේ ‍වගේ ලස්සනට කරන්නෙ නැහැනෙ.... පිං සියළුම දෙනාට..!(නු)

:       0       0

සුසිල් මිලානෝ Thursday, 03 January 2013 06:12 PM

මේ වගේ පින්කම් වලින් කරන්නේ බුදු දහම හුදෙක් භක්තිවාදයක් කිරීමයි. බුදු රදුන් දේශනා කලේ ප්‍රතිපත්ති පුජාව ප්‍රමුඛයි කියල. මේ වැඩසටහන් ජනප්‍රිය වීමේ ක්‍රමයක් ලෙසයි කරන්නේ . අනිත් තැන් වලත් ඔවා කලා නම් ඉවරයිනේ. සම්ප්‍රදායික පන්සල් නිහඩ නිසයි මේ පාලු ගෙවල්වල වලන් බිදිනවා වගේ බුදු දහම හුදු භක්තිවාදයෙන් යට කරන්න හදන්නේ. නුවර යුගයේත් ඔයදේම උනා. අන්තිමට සාසනයේ ඉතිරිඋනේ ගනින්නාන්සේලා විතරයි .මේවා තමයි බුදුදහම මාර්කට් කරනවා කියන්නේ. ඔය නමෝ බුද්ධාය කියා ගත්ත ගමන් සුත්‍ර ගණන් කරමින් කියවන පින්වත් ඇත්තෝ අපිට කියනවද මේ අරහන්ත වන්දනාව මොන සුත්‍රයේද තියෙන්නේ කියල.(නු)

:       0       0

කරුණා Friday, 04 January 2013 10:36 PM

සිරිමල් හරි කට කතා කිසි සේත් විස්වාස කල යුතු නෑ. (ස)

:       0       0

අමිල Sunday, 06 January 2013 12:43 AM

සුසිල් මිලානෝ, ඒ අය රිදිලා නෙමෙයි කතා කළේ. මෙහෙම කතා කරන අය අනික් අය ගැන අනුකම්පාවෙන් කියන්නෙ. තාම ඔබතුමා ධර්මය අල්ලලා නැති එකයි අඩුපාඩුව. ඔබටත් ධර්මය වැටහේවා කියා පතනවා! (නි)

:       0       0

රවී Friday, 04 January 2013 03:02 PM

හරියටම හරි දිලීප්. පිනක් දැකල ඒක අනුමෝදන් වෙන්නත් පිනක් තියෙන්න ඕනේ. (ස)

:       0       0

තරිඳු Thursday, 03 January 2013 01:30 PM

සැමටම සම්මා සම්බුදු සරණයි (දී)

:       0       0

ජයා Thursday, 03 January 2013 01:30 PM

ලියනගේ. අටවිසි බුද්ධ වන්දනාව කියල කියන්නේ අටවිසි බුදුවරුන්ට පුද පූජා පැවැත්වීමටයි. බෝධි වන්දනාව කියල කියන්නේ බෝධින් වහන්සේ වන්දනාකොට පුද පුජා පැවැත්විමට යි. චෛත්‍යය වන්දනාව කියල කියන්නේ චෛත්‍යය වන්දනා කොට පුදපුජා පැවැත්විමට යි. අරහන්තක වන්දනාව කියල කියන්නේ ගෞතම බුදුරජුන්ගේ ශ්‍රාවක සාරිපුත්ත මොග්ගල්ලාන රහතුන් වන්දනා කොට පුද පුජා පැවැත්විමයි. (ස)

:       0       0

ආනන්ද Friday, 04 January 2013 09:02 AM

ලස්සන වැඩක් , සාදු සාදු (ස)

:       0       0

චන්ද්‍රා දොන් Thursday, 03 January 2013 01:57 PM

මේක ගොඩක් උතුම් දෙයක්.. අපි මේ පිංතූර දැකලා ගොඩක් සතුටු උනා.. ලංකාදීපයට ස්තුතියි..! ගොඩක් තරුණ පිරිස මේකට සහභාගීවෙලා තියෙනවා.. සෑම කෙනෙක්ම සුදු වතින් සැරසිලා.. සෑම කෙනෙක්ම බුදු දහමේ අර්ථය දැනගෙනයි සහභාගීවෙලා තියෙන්නේ.. අපිත් එය දැනගත යුතුයි..!(නු)

:       0       0

දිලීප් Friday, 04 January 2013 09:13 AM

පිරිසක් පින් කරති. සත්පුරුෂයෝ එය දැක සිත පහදවා ගනිති. සහභාගී නොවූවත් මෙසේ හෝ දැක බලා පින් අනුමෝදන් වෙති.ඒ පින්වන්ත සත්පුරුෂයෝ සුගතියේ උපදිති. එහෙත් අසත්පුරුෂ‍යෝ සහභාගී නොවෙති. අනුමෝදන් නොවෙති. එහෙත් විවේචනය කරති. අඩුපාඩු සොයති. අපාගත වෙති. (ස)

:       0       0

කුරුවිට Thursday, 03 January 2013 02:05 PM

මොහොමඩ් ඔයා‍ගේ කතාව සහතික ඇත්ත (ස)

:       0       0

හර්ෂ Friday, 04 January 2013 03:38 PM

ගොඩාක් පින් සිද්ද වෙන වැඩක් (දී)

:       0       0

අමිල Monday, 07 January 2013 10:35 AM

රසාංජලී.ඔයාලත් තව ධර්මය යනු කුමක්ද දන්නෙ නෑ. බුදුදහම ගරැකරකර පුජා කරකර ඉන්න නෙමෙයි තියෙන්නෙ.පිලිපදින්න,ධර්මයේ හැසිරෙන්නයි තියෙන්නෙ.ගොඩක් අය ධර්මය ගවේශනය කරල නෑ.අවබෝධයක් නැතුව අදහස් ප්‍රකාශකරන එකෙන් මොකක්ද වැනසෙන්නෙ දන්නවද??? http://www.budurashmiya.net බලන්න (ස)

:       0       0

වරුණ Thursday, 03 January 2013 02:14 PM

නිකං බිම ඉදගෙන හිටියට මදි ධර්මයේ හැකිතාක් දුරට හැසිරෙන්න ඕන.. මානය තුරන් කරන්න ඕන. දුප්පතුන්ට උපකාර කරන්න ඕන.. සතුන්ට ආදරය කරන්න ඕන.!(නු)

:       0       0

දමිත Thursday, 03 January 2013 02:35 PM

සාදු සාදු.!(නු)

:       0       0

ශ්‍රියානි Thursday, 03 January 2013 02:43 PM

බුද්ධපූජා අටවිසි බුද්ධපූජා පැවැත්වීම ප්‍රමාණවත් නැහැ කියල හිතෙනවා ඇති. අලුත් දෙයක් හොයල කිරීමෙන් ජනප්‍රිය වෙනවා වැඩියි. බුදුදහම කියන්නේ ජනප්‍රිය පුදපූජාවලට පමණක් නම් නොවෙයි. කොහොම උනත් මේවත් හොදයි තාවකාලික මානසික සුවයක් සදහා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 48 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 143 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 71 0

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


ජොන්ස්ටන්ට අවි 8ක් දීලා
2024 ඔක්තෝබර් මස 06 67 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පව


මහාචාර්ය සෝමසුන්දර නමින් නයිජීරියා සරසවියේ දේශන ශාලාවක්
2024 ඔක්තෝබර් මස 06 392 0

සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර මහතා නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන


ජනපති අපේක්ෂකයෝ 35ක් ප්‍රචාරක වියදම හංගති
2024 ඔක්තෝබර් මස 06 463 0

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූඅපේක්ෂකයින්ට ප්‍රචාරක වියදම් වාර්තා ලබාදීමේ කාලය සතියක් ඉක්මවී ඇතත් මේ දක්වා ඒවා භාරදී ඇත්තේ හතර දෙනකු පමණක් යැයි මැතිව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39153 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25591 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 325 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 380 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site