IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


මහ ඇමැතිකම් දෙන හේතු මෛත‍්‍රීපාල කියයි

මූලික කරුණු කීපයක් පදනම් කරගෙන මහ ඇමැතිවරුන් නම් කරන බවත් ජ්‍යෙෂ්ඨත්වය, ප‍්‍රවීණත්වය, මනාප සංඛ්‍යාව සහ ජාතික දේශපාලනයට තිබෙන පළපුරුද්දට මූලිකත්වය දෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් මෛත‍්‍රීපාල සිරිසේන මහතා කියයි. මේ අනුව ඇතැම්විට උතුරුමැද මහ ඇමැති පදවිය සිව්වැනි වරටත් හිටපු මහා ඇමැති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතාට හිමිවීමට ඉඩ තිබේ. පසුගිය 8 වැනිදා පැවැති ඡුන්දයෙන් එස්.එම්. රංජිත් මහතා ඔහුට වඩා මනාප ලබා ගත්තේය. සබරගමු මහ ඇමැතිකම රත්නපුරයට ඉල්ලා සිටියත් මෙවරද මහ ඇමැතිකම කෑගල්ල දිස්ත‍්‍රික්කයේ මහීපාල හේරත් මහතාට ලැබෙතියි දැනගන්නට ඇත. නැගෙනහිර මහා ඇමැතිකම ගැන ස්ථීර වශයෙන් දැනගන්නට නැත.



අදහස් (0)

මහ ඇමැතිකම් දෙන හේතු මෛත‍්‍රීපාල කියයි

ලාල් Wednesday, 12 September 2012 10:28 AM

මොන මහා ඇමති කම්ද අනේ අපිට

:       0       0

කුරුවිට Wednesday, 12 September 2012 03:42 PM

ලංකා විහිළු.. (ස)

:       0       0

රංග Wednesday, 12 September 2012 10:26 AM

මොකටද එහෙනම් ඡන්දයක් තියන්නේ.ජනතාව මුලා කරනව හැමදාම???ඕක මුලින්ම කළා නම් ඉවරනේ.......(ස)

:       0       0

විමුක්ති Wednesday, 12 September 2012 10:35 AM

මේ, ඔයාලා ඡන්දය දුන්නා නම් කට වහගෙන ඉන්න. කරන මෝඩකම් ඔක්කොම කළාට පස්සෙනේ කට්ටියට ‍තේරිලා තියෙන්නේ. අපිට නම් කලින්ම තේරුණා. ඒ නිසා අපි මෝඩ වැඩ කළේ නැහැ. (නි)

:       0       0

ජයසිරි Wednesday, 12 September 2012 10:36 AM

අපරාදේ ඡන්දයට ගිය මහජන මුදල්. සියලුම පළාත් වල ඡන්දයක් නොතියා ඉන්න කෙනාම නැවත පත්කළා නම් ඉවරයිනේ. (නි)

:       0       0

සඳා Wednesday, 12 September 2012 10:45 AM

අයියෝ සල්ලී. කලින්ම කැමති කෙනාට මහ ඇමතිකම දුන්නනම් ඉවරනේ...(ස)

:       0       0

සම්පත් Wednesday, 12 September 2012 10:59 AM

ඇමති තුමා හරි

:       0       0

රණතුංග Wednesday, 12 September 2012 11:06 AM

ඔය විකාර වලින් අපිට වැඩක් නැහැ

:       0       0

බමුණුසිංහ Thursday, 13 September 2012 03:58 AM

ඕසන් සලාම්, ඔබ හරි. අපි බලාගෙන ඉමු. (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 13 September 2012 03:58 AM

ලංකාාව වගේ කිහිප ගුණයක් විශාල තමිල්නාඩුවෙත් ඉන්නේ එක මහ ඇමතිවරයයි. ඒකටත් එක්ක මෙහේ. අනේ මෙහෙම රටක ඉපදෙන්න අපි පවු කරලා ඇති. (නි)

:       0       0

දිනේෂ් Thursday, 13 September 2012 06:31 AM

මේකද තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය? (නි)

:       0       0

නිශාන්ත Wednesday, 12 September 2012 11:51 AM

ඔයාලා පළමුවෙන්ම දේශපාලනයට පිවිසුනෙත් පළපුරුද්ද ඇතුවද? (නි)

:       0       0

නුවන් Wednesday, 12 September 2012 11:51 AM

තිසර, ඔයා මහ ඇමතිට කඩේ යනකොට පයින් නම් යන්න එපා හොදේ.(නි)

:       0       0

රූපා Tuesday, 11 September 2012 09:49 PM

මේවාට කියන්න අපිට වචන එන්නේ නැහැ. (නි)

:       0       0

ගිහාන් Thursday, 13 September 2012 08:12 AM

මිනිස්සු මෝඩයින් කියලද දන්නේ නැහැ හිතාගෙන ඉන්නේ? (නි)

:       0       0

රාජා Wednesday, 12 September 2012 12:09 PM

මහජන මතයට ගරුකල යුතුයි. සාධාරන වැඩිමනාපෙට ඉඩ දෙන එකයි.(ස)

:       0       0

තුසිත Tuesday, 11 September 2012 10:14 PM

මොනවා වුණත් සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුමයි. (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 12 September 2012 05:08 PM

ඒ විදිහට බලනවානම් අගමැතිකම දෙන්න තිබුණෙත් හිටපු අගමැතිතුමාටමයි. එතකොට වෙද ඇමතිකම? ඒකත් කලින් හිටපු මැතිතුමාටම දුන්නා නම් ගොඩක් හොඳයි නේද? (නි)

:       0       0

රෝහණ Tuesday, 11 September 2012 10:34 PM

අපරාදේ, ඡන්දයක් තිබුණේ. (නි)

:       0       0

ගයා Tuesday, 11 September 2012 10:34 PM

දූෂණ, වංචා, හොරකම් ගැනත් බලනවා ඇති නේද? (නි)

:       0       0

ඇරිස් Wednesday, 12 September 2012 05:11 PM

ජ්‍යෙෂ්ඨයෝ යනු දුබලයෝය. නවකයින්ය තැන දීම අවශ්‍යයි. (නි)

:       0       0

සුමිත් Tuesday, 11 September 2012 10:35 PM

අපිට නම් දැන් ජ්‍යෙෂ්ඨයොත් එපා වෙලා තියෙන්නේ. (නි)

:       0       0

රුවන් Wednesday, 12 September 2012 05:12 PM

උතුරු මැද මහ ඇමතිකමට සුදුසුම පුද්ගලයා හිටපු මහ ඇමති බර්ටි දිසානායකම තමයි.මෙච්චර කාලයක් අනුරාධපුරයේ මේ පක්ෂය රැක්ක එඩිතර නායකයට කවුරුත් ගරු කරනවා. මුල අමතක කරපු අය බර්ටි ප්‍රේමලාල් එක්ක තරගයට ආවත් පක්ෂයේ නායකයෝ ඒවා දන්නවා. (නි)

:       0       0

අරුණ Thursday, 13 September 2012 08:39 AM

හදිසියේවත් ඇමතිතුමාගේ මල්ලී ඡන්දය ඉල්ලලා දිනුවානම්? (නි)

:       0       0

රෝෂිත Tuesday, 11 September 2012 10:42 PM

පළපුරුද්ද කිවුවේ මොනවටද දන්නේ නැහැ. (නි)

:       0       0

උපාලි Wednesday, 12 September 2012 12:32 PM

රටට ආදරේ තියෙන දේශපාලකයෝ ලංකාවේ නැති එකයි දුක..(ස)

:       0       0

විමල් Wednesday, 12 September 2012 05:33 PM

හෙහ් හෙහ්... ඔන්න සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය. (නි)

:       0       0

සමීර් Tuesday, 11 September 2012 10:54 PM

මහඇමතිකම අලුත් කෙනෙකුට ලැබිය යුතුයි. (නි)

:       0       0

යකාරි Tuesday, 11 September 2012 11:09 PM

හොරුන්ගෙත් හොරු කම්බා හොරු කියනවනේ.(නදී)

:       0       0

සුනිල් Tuesday, 11 September 2012 11:13 PM

කාට දුන්නත් එකයි. (නි)

:       0       0

මේරි Wednesday, 12 September 2012 12:55 PM

සුදුස්සාට සුදුසු තැන දෙන්න ඇමතිතුමෝ..(ස)

:       0       0

යොහාන් Tuesday, 11 September 2012 11:17 PM

කොහොමත් මෙයාට ඕක හම්බවෙයි (ස)

:       0       0

අ'පුර වැසියෙක් Tuesday, 11 September 2012 11:25 PM

ඇමති තුමෝ, මේක ජනමතයට පිටු පෑමක් නෙමෙයිද? කලින් මහා ඇමතිතුමා එපා නිසයි වෙන කෙනෙක්ට වැඩිපුර මනාප දුන්නේ. වෙන කෙනෙකුටත් අවස්ථාවක් දීල බලන්න. අලුත් වෙනසකටත් එක්ක. (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 12 September 2012 05:58 PM

කඩේ නොයාමත් එක්තරා නුසුදුසුකමක් තමයි. (නි)

:       0       0

දර්ශන Thursday, 13 September 2012 09:59 AM

මහඇමතිකමට කැමති කැමති අයව පත්කරන්න ඕනෑ නම් ජනමතයක් තියන්න ඕනෑ නැහැනේ. වැඩි ජනමතයට අනිවාර්යයෙන් මහඇමතිකම දීමයි මහජනතාවගේ ඉල්ලීම. (නි)

:       0       0

ගාමිණි Wednesday, 12 September 2012 06:36 PM

අපිට වැඩක් නැහැ

:       0       0

මධූ Wednesday, 12 September 2012 01:29 AM

නින්දිතයි..මනාප වැඩියෙන් ගත්ත කෙනාට මිසක් මැරෙනකම් මහ ඇමතිකම පතන කෙනා නෙමෙයි සුදුස්සා.. (ස)

:       0       0

නිහාල් Thursday, 13 September 2012 10:41 AM

නරකද ඉතුරු ටික අඵත් කෙනෙකුට දුන්නොත්? ඒ මුණ දැකලාම එපාවෙලා තියෙන්නෙ අපට. නරකද කරන එකක් බෙදාගෙන කළානම්. බදාගෙන කන්නෙ නැතිව. හි...හි...හී... (නි)

:       0       0

තිලක් Wednesday, 12 September 2012 01:45 AM

උතුරු මැද මහා ඇමතිකම රංජිත් මහත්තයට නොදුන්නොත් එතන කෝ අර ප්‍රජාතන්ත්‍රවාදය? ජනතාවගේ කැමැත්තට පයින් ගහලා ප්‍රජාතන්ත්‍රවාදය ගැන වැදි බණ දොඩන්න එපා. (නි)

:       0       0

සමින්ද Thursday, 13 September 2012 10:53 AM

කවුද කලින් මහ ඇමති? මටනම් මුකුත් මතක නැහැ. මට හන්දියට යනවා විතරයි මතක. එතැනින් එහාට නම් මුකුත් මතක නැහැ. (නි)

:       0       0

සනත් ඉන්දික Wednesday, 12 September 2012 03:37 AM

ඔය බළලා මල්ලෙන් එළියට පැන්නේ. අපි මොනවා කළත් මෙයාලා මෙයාලට ඕනෑ කෙනාව දා ගනියි. කියන්නේ නම සුදුසු කෙනාව අපිට තෝරනවා කියලා. මොකටද එහෙනම් ඡන්දයක් තියන්නේ. ඇයි මේ අපිව ගොනාට අන්දවන්න හදන්නේ. ඡන්දෙ දාන්න උදෙන්ම පෝළිමේ ගිහින් වැරැද්ද කරන අපිටමයි මඩු වලිගයෙන් තලන්න ඕනෑ. කවදා පායද්ද අප දිවිසුරාණෝ අනේ කුහුඹින්නේ අපට රජෙක් නැත්තේ.... (නි)

:       0       0

නසාර් Wednesday, 12 September 2012 01:47 PM

බුදුන්ගේ දේශයක මෙවැනි දේ සිදු නොවිය යුතුයි. (නි)

:       0       0

චමින්ද Wednesday, 12 September 2012 01:55 PM

හිටපු මහ ඇමතිතුමාගෙන් අපිට වැඩක් වුණේ නැති නිසයි අපි වෙන කෙනෙක් මහ ඇමති කර ගන්න ජන්දේ දුන්නේ. එහෙමනම් ජනදයක් තියන්නේ නැතිවම මහ ඇමතිකම දෙන්න තිබුණා. ජනාධිපතිතුමනි, බොහෝදේට පළපුරුද්ද තියෙන අයට නෙමෙයි, දුප්පත් මිනිසාට වැඩක් කරන්න පළපුරුද්දක් තිබෙන අයට තැන දෙන්න. (නි)

:       0       0

නීලා Wednesday, 12 September 2012 07:03 PM

මනාප වැඩියෙන් ගත් කෙනාට මහ ඇමතිකම නොදුන්නොත් විපක්ෂයට තවත් මන්ත්‍රිකෙනෙක් එකතු වෙයි. (නි)

:       0       0

අසේල Wednesday, 12 September 2012 01:51 PM

විමුක්තිත් හැමදාම කරනවා ඇත්තේ සරණාගත දේශපාලන පක්ෂයකට ආවඩන එක තමයි. (නි)

:       0       0

පාලිත Thursday, 13 September 2012 11:15 AM

වැඩි මනාප ගත් අයට මහ ඇමතිකම දිය යුතුයි. අලුත් අයත් පුරුදු පුහුණු විය යුතුයි.!(නු)

:       0       0

මයික් Wednesday, 12 September 2012 05:06 AM

ඔය කොන්දේසි සහිතව බලය ඉල්ලන අයට මොකද කරන්නේ? (නි)

:       0       0

කීර්ති Wednesday, 12 September 2012 01:54 PM

නැගෙනහිරටත් රටට හිතැති දේශපාලඥයෙක් පත් උනොත් තමයි හොඳ (ස)

:       0       0

ලලිත Wednesday, 12 September 2012 05:16 AM

මට නම් දෙන්නගෙන් මොනකෙනා පත්කළත් එකයි. ඒ වුණාට සමහරු ආණ්ඩුකාර තනතුරයි, මහා ඇමැති තනතුරේ කාර්ය භාරයයි පටලගෙනද කියලත් හිතෙනවා? ඔයකියන විදියට මහා ඇමැති වෙන්නේ පරිපාලනය හුරුපුරුදු ප්‍රවීණයෙක්. එතැන ජනමතයට දෙවැනි තැනයි හිමිවෙන්නේ. (නි)

:       0       0

සුමිත් Wednesday, 12 September 2012 01:56 PM

ලංකාවේ දේශපාලනය ගැන නම් කතා කරන්න එපා

:       0       0

ශෂි Wednesday, 12 September 2012 01:56 PM

අපරාදේ අපේ සල්ලි. මෙයාලගේ බොරු කොලම් (ස)

:       0       0

සිල්වා Wednesday, 12 September 2012 06:21 AM

මහඇමතිකම දෙන්නේ පක්ෂයේ මනාපයෙන්ද? (නි)

:       0       0

චින්තක Wednesday, 12 September 2012 02:06 PM

මේ පලාතේ කිසිම වැඩක් ඔහු කරන්නේ නෑ පටන්ගන්න සේරම වැඩ බාගෙට (ස)

:       0       0

කසුන් Wednesday, 12 September 2012 06:20 AM

මොන මහා ඇමති කම්ද අපිට එදා වේල කන්න නැතුව අපි ඉන්නේ

:       0       0

ආනන්ද Wednesday, 12 September 2012 07:54 AM

අපරාදෙනේ ඡන්දයක් තිබුණේ. ඕක මුලින්ම කළා නම් ඉවරනේ. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 12 September 2012 08:02 AM

මනාපෙට මොනවා කරත් ඊලඟ ඡන්දෙදි අමනාප නැති වෙන බව මෙයාලා දන්නවා..මනාප වලින් මෙයාලට වැඩක් නෑ... (ස)

:       0       0

කුමුදු Wednesday, 12 September 2012 08:15 PM

කවුරු ‍කො‍හොම මහ ඇමති වුණත් අපේ විපක්ෂ නායකයා හැමදාමත් රනිල් වික්‍රමසිංහ මහතායි. එහෙම තමයි මට හිතෙන්නේ. (නි)

:       0       0

අභිමානී Wednesday, 12 September 2012 08:29 AM

අපරාදෙ රටට වැඩක් ඇති වැඩක් කරන්න තිබුන මුදල් ලක්ෂ ගණන් වියදමි කරල ඡන්ද පවත්වන්නෙ, එහෙනම් මුලින්ම කියන්න ඕන ජ්‍යෙෂ්ටයොයි සුදුසුකම් තියන අයයි විතරක් ඡන්දෙට ඉදිරිපත් වෙන්න කියල. ජනතාව මුලා කරනව හැමදාම. කියන්නෙනම් ජනමතයට මුල් තැන කියල (ස)

:       0       0

තිසර Wednesday, 12 September 2012 08:36 AM

උතුරු මැද මහ ඇමතිකමට සුදුසුම පුද්ගලයා හිටපු මහ ඇමති බර්ටි දිසානායකම තමයි.මෙච්චර කාලයක් අනුරාධපුරයේ මේ පක්ෂය රැක්ක එඩිතර නායකයට ජනාධිපතිතුමා ගරු කරනවා.මුල අමතක කරපු අය බර්ටි ප්‍රේමලාල් එක්ක තරගයට ආවත් පක්ෂයේ නායකයෝ ඒවා දන්නවා. උදලු තලයකට ජන්දෙ දුන්න අය උදලු තල වලන් දැන් වගාව පටන් ගන්න බර්ටි දිසානායක මහත්තයා ඔයාලගෙ ගොවිතැනට උදව් කරයි.එයා ඔයාලා එක්ක තරහා නෑ. බර්ටි දිසානායක මහත්තයා මැරෙනකම්ම මහ ඇමති තමයි..........කවුරු මොනවා කිව්වත් මහ ඇමති බර්ටි දිසානායකමයි......... (ස)

:       0       0

ඉමාල් Wednesday, 12 September 2012 08:33 AM

ඡන්දය පාවිච්චි කර එක තමයි මෝඩකම..... (ස)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 12 September 2012 08:38 AM

මැරෙනකම් මහ ඇමති කියන කෙනෙක් මහ ඇමති කරන එක සුදුසු නෑ මම හිතන්නේ. (ස)

:       0       0

ආනන්ද Wednesday, 12 September 2012 09:01 AM

ධර්මය දන්නා නායනකයෙක් පත්කරන්න (ස)

:       0       0

ඉන්දික Wednesday, 12 September 2012 09:08 AM

ජොලියට වගේද ඡන්දේ තිබ්බේ... (ස)

:       0       0

සුරංග Wednesday, 12 September 2012 09:04 AM

අනුරාධපුර අපිනම් කැමති නෑ ඒකට... (ස)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Wednesday, 12 September 2012 09:08 AM

ආනන්ද, ධර්මය දන්නා දේශපාලකයන් ලංකාවේ හොයා ගන්න අමාරුයි... (ස)

:       0       0

රණා Wednesday, 12 September 2012 09:18 AM

අමරණීයයා ....ඇත්ත තිත්තයි වගේ.... (ස)

:       0       0

චමිල Wednesday, 12 September 2012 09:15 AM

සබරගමුවට සමන් දෙවි පිහිටයි... (ස)

:       0       0

අසෝක Wednesday, 12 September 2012 09:22 AM

ඇමතිතුමෝ මමත් ඔය පක්ෂෙට ආදරෙයි..නමුත් මොකටද එහෙනම් මැතිවරණයක් තිබ්බේ . (ස)

:       0       0

හර්ෂණ Wednesday, 12 September 2012 09:45 PM

අයියෝ සල්ලි

:       0       0

ලාඩන් Wednesday, 12 September 2012 09:31 AM

ඇමතිතුමෝ ඌව මහ ඇමැතිකමට බැලුව සුදුසුකම මතකද? (ස)

:       0       0

දිසානායක Wednesday, 12 September 2012 09:41 AM

තිසර ඔබ වැනි දේශපාලන ගැත්තන් මේ රටේ වැඩ් නිසා තමයි අද රටට මෙහෙම වෙලා තියෙන්නේ. ඔයා‍ගේ ලාභය නෙවේ රටේ යහපත ගැන සිතන්න (ස)

:       0       0

ඔසන් සලාම් - දෝහා Wednesday, 12 September 2012 09:44 AM

ප්‍රථමයෙන්ම මහ ඇමතිවූ පුද්ගලයාට කිසිදු පෙර පළපුරුද්දක් තිබුණේ නැතිනම් දැන්වූවත් පෙර පළපුරුද්දක් නැති කෙනෙකුට එම පදචිය පිරිනැමීමට බැරි ඇයි ? උදාහරණයකට පිල්ලෙයාන් මහ ඇමති වෙන්න කලින් මහ ඇමතිවී හිටියේ කොහෙද? ළමා ත්‍රස්තවාදී සොල්දාදුවෙකුට මහ ඇමතිවෙන්න පුඵවන් රටක ප්‍රජාතන්ත්‍රවාදය තුලින්ම ජනතා ප්‍රසාදය ලබා ඉදිරියට ආ පුද්ගලයෙකුට එම තනතුර දීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය යලි ශක්තිමත්වන බව කිව යුතු නැත. (ස)

:       0       0

සාගා Wednesday, 12 September 2012 09:45 AM

මහීපාල හේරත් ඒ පැත්තේ මිනිසුන්ට මතක හිටින වැඩ කොටසක් කළා. (නි)

:       0       0

ඉනෝකා Wednesday, 12 September 2012 09:47 AM

ජ්‍යෙෂ්ඨත්වය බැලිය යුතුමයි (ස)

:       0       0

අචිනි Wednesday, 12 September 2012 09:59 AM

මේ හා සම්බන්ධ පරණ කියමනක් තියනවා කට්ටිය අහලා තියෙනවද..! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 4 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 2095 5

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 1694 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 367 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 617 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 774 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39893 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25898 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 125 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 398 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1275 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site