IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


මහ ඇමැති නිදහස් - සාරි පොටේ වරද ලේකම්ට

ගිනස් වාර්තා තැබූ මංගල උත්සවයක මනමාලියගේ සාරිපොට උස්සා ගැනීමට පාසල් සිසුන් යෙදවීමේ චෝදනාවෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතා නිදහස් කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය අද පැවැති රැස්වීමක දී ප්‍රකාශ කළාය. 
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයයේ දී එම රැස්වීම කැඳවා තිබිණි.
 
පාසල් සිසුන් එම කටයුත්තට යොමු කිරීමේ වගකීම මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා ගත යුතු බව ද ආණ්ඩුකාරවරිය කීවාය.



අදහස් (68)

මහ ඇමැති නිදහස් - සාරි පොටේ වරද ලේකම්ට

අමල් Monday, 25 September 2017 10:28 AM

ඇයි ඇමැති ඇස් පියාගෙනද උත්සවයට අාවේ? දැක්කේ නැද්ද පොඩි ළමයි පාන්දර ඉඳලම ඉන්නවා. ගිනස් යනවා කිව්වගමන් ගෙදර තියන හොඳම ඇඳුම ඇඳගෙන අාවේ ලෝකෙට මුණ පෙන්නන්න. වැරදි වැඩක් වුණාම නම් මාරු. ඒ වෙලේ තිබ්බා ප්‍රශ්න කරන්න. ඇයි ළමයි ගත්තේ මේකට? ළමයින් අස්සෙම ඉඳලා දැන් මිනිහා මාරු වෙලානේ...

:       0       1862

perakumMonday, 25 September 2017 11:25 AM

අමල් මේ දිනවල පෙනෙන තවත් එක සිද්ධියක් මේක. හැමවිටම නිලධාරියා බිල්ලට දී දේශපාලකයා නිදහස් වෙනවා. අපේ රටේ ඕක අමුතු දෙයක් නෙවෙයි. කලබල වෙන්න එපා.

:       32       632

පැරකුම්Monday, 25 September 2017 02:14 PM

රටේ ඕනෑම කාර්යයක් කිරීමේදී එහි වගකීම සහ නෛතික අයිතිය තියෙන්නේ නිලධාරීන්ටයි. දේශපාලකයන්ට එබඳු බලයක් නෑ. එබැවින්, යම් දේශපාලකයකුගේ ඉල්ලීමක් ඉටුකළ විට එහි වගකීම නිලධාරියාට මිස දේශපාලකයාට නොවේ.

:       82       288

akilaTuesday, 26 September 2017 01:14 AM

ඇමතිලා බබාලා නෙමෙයි කියන එක අපිකවුරුත් දන්නවනේ. හැබැයි නිලධාරිනුත් තොත්ත බබාලා නෙමෙයි. විශේෂයෙන් මුල්‍ය වංචා වුනු තැන්වල හිටපු අය.

:       1       265

fernandoTuesday, 26 September 2017 01:27 AM

අපේ සිරි ලංකාවේ ක්‍රෙමේ තමයි ඇමති නිලධාරියා පිට දානවා. නිලධාරියා ඇමති පිට දානවා. අන්තිමට දෙන්නම බේරෙනවා. හැබැයි වාසි ගන්නේ මේ දෙන්නම එකතු වෙලා. ඒනිසා මුන් දෙගොල්ලන්ටම දඩුවම් කල යුතුයි. කළ දඩුවම් ප්‍රසිද්ධ කල යුතුයි

:       0       311

kasunTuesday, 26 September 2017 02:59 AM

නිලධාරින් බබාලා. අනේ මුකුත් දන්නේ නැහැ. එහෙනම් මොකටද අපේ බදු මුදලින් මහා ලොකු පඩි, වාහන ඉන්ධන අරගෙන රාජකාරි කරන්නේ. තමන්ගේ රාජකාරිය හරියට කරන්න දන්නේ නැහැනේ මේ අය.

:       1       69

RaveendraMonday, 25 September 2017 03:23 PM

අමල් මයා වෙත, ඔබගේ නිවැරදි අදහසට අප ගරු කරන්නෙමු. මේ උන්දැලට වයසත් එක්ක පෙනීමේ දුර්වලකම් ගොඩක් තිබෙනවා මේවගේ අවස්ථාවලදී. නමුත් වටපිට පරිසරයේ " සුන්දරත්වය බෞතිකව රසවිදින්න නම් පංච ඉන්ද්‍රියම" ඉතා හොදින් ක්‍රියාකරනවා.

:       0       158

maheeMonday, 25 September 2017 08:24 PM

අමල්, මං හිතන්නේ නම් ඒ ළමයි තමා මෙයාව උත්සවයට ඇදගෙන එන්න ඇත්තේ 'අනේ මාමේ යමුකෝ අපේ සාරි උස්සන එකට, මාමටත් පුළුවන් නේ කොනකින් අල්ලාගෙන ඉන්න' කියල. ඉතින් දරුවන් කෙරෙහි අනුකම්පාවෙන් ඇවිත් රෙද්ද උස්සගෙන ඉන්න ඇති. එයත් කට්ට අව්වේ හිටිය නේ. ඉතින් දුක නැද්ද?

:       0       47

erangaMonday, 25 September 2017 11:16 PM

නිලධාරින් පත් කරන්නේ නියමිත රැකියා වගකිම් සහිත පත්ලිවිමේ ලිපියක් නිකුත් කිරිමෙනුයි. ඒනිසා සෘජුවම නිලධාරින් වගකිමට බැඳෙනවා. එයාලා ඉන්නේ ඇමති කියන කියන එක කරනන් නෙමෙයි. ඇමතිකියන නිසා කලයි කියලා තමනුත් වාසි ගන්න නිලධාරින් තමයි වැඩිපුර හිටියේ සහ ඉන්නේ. බොහෝ අය කිසිම බයක් සැකක් නැතුව ඇමති කියන කියන එක කරනවා. හැබැයි එ කරන්නේ නිකන්ම නෙමයෙි. තමන්ගෙත් වාසියට. නිලධාරින් බබාලා නෙමෙයි. ඇමති මේ දරුවො ගන්න උපදෙස් දුන්නානමි එයත් වැරදියි. නමුත් උත්සවේ වෙලාවෙ ලඟ හිටියා කියලා නම් වැරදිකරුවෙක් කල නොහැකියි.

:       1       239

deshanTuesday, 26 September 2017 02:57 AM

මනමාලි පාසැල් අධ්‍යපනයේ වටිනාකම නොදන්නා කෙනෙක්.

:       0       82

kekilleTuesday, 26 September 2017 05:28 AM

මේකේ සම්පුර්ණ වරද උත්සවයට සහභාගී වු පාසල් ළමුන්ගේ නිසා ඔවුන්ට වසර දහයක පන්ති සහ පාසල් තහනම් කරමි...

:       0       0

Jayampathi Monday, 25 September 2017 10:55 AM

ඒකනායක සහ ඒකනායක කියන්නේ දෙන්නා නෑදෑයන් වත්ද?

:       0       816

sathyapalaMonday, 25 September 2017 01:52 PM

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක කොහොමද සරත් ඒකනායක ගැන පරීක්ෂණ කරන්නේ ? සරත් ඒකනායක කියන්නේ නිලුකාගේ බාප්පා හිටපු ඇමති නන්දිමිත්‍ර ඒකනායකගේ සහෝදරයා. නන්දිමිත්‍ර යනු මෛත්‍රීපාල සිරිසේනගේ මාතලේ නියෝජිතයා. නිලුකා යනු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ජේෂ්ට උපදේශක....

:       2       809

nilanMonday, 25 September 2017 11:29 PM

මනමාලියගේ සාරිපොට උස්සා ගැනීමට පාසල් සිසුන් යෙදවීමේ චෝදනාවෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතා නිදහස් කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක තිරණය කරන්නේ කොහොමද? මෙය අධිකරණයට දැම්මානමි ඉවරනේ

:       0       201

upulTuesday, 26 September 2017 01:33 AM

දරුපැටවුන්ට ඉස්කොලේ පාඩු කරලා කාලෙවත් සාරියක පොට අල්ලනන යවන්න නිතියෙන් බැහැ සහ එය සදාචාරාත්මක නැහැ කියලවත් නොතේරෙන අෙයව මොකටද අධ්‍යාපනය සම්බන්ධ ලොකු තැන් වල පඩි ගෙවලා අපි තියාගන්නේ?

:       0       198

reewathaTuesday, 26 September 2017 02:38 AM

මේ මනමාලි වැස්සකටවක් ඉස්කෝලේ ලිහින් නැහැ මං හිතන්නේ. නැත්නම් තමන්ගේ මඟුල කියලා අහිංසක නොදරුවො 250 ක අධ්‍යාපනය පාඩුකරවලා අව්වේ කරකරවන්නේ නැහැනේ.

:       0       262

thushara Monday, 25 September 2017 11:11 AM

කොහෙන් හරි වතුර ගලාගෙන යන්නත් එපෑයැ.

:       0       744

wedage Monday, 25 September 2017 11:14 AM

දෙදෙනාම ඒකනායකලනේ....

:       1       932

chaminda Monday, 25 September 2017 11:25 AM

ඔය ගිනස් වාර්තාවට දසදෙසින් උණුසුම් සුබ පැතුම් අාවානම් ඔය ඇමති සාරිපොට ඇඳගෙනම මාධ්‍යයට මුණ පාගෙන ඉඳියි. "හරි ගියොත් මම වැරදුණොත් වෙන කෙනෙක්".... කැකිල්ලේ රැජිනට ජයවේවා !!!

:       0       447

wasantha Monday, 25 September 2017 11:32 AM

ඊළඟ මහඇමති කමට මෙයා නුසුදුසුයි. නිලධාරීන්ව පාවා දුන්නා නේද?.

:       1       454

husen-riyad Monday, 25 September 2017 11:38 AM

මේකත් හරියට ලලිත්ටයි, අනුෂටයි වෙච්ච දේ වගෙයි. අපි දැක්ක මහා ඇමතිවරයා උජාරුවට ගිනස් වාර්තාවට තමන්ගේ පාසල යොදපු එක ගැන පුරසාරම් දොඩනවා. එතකොට කොහොමද ලේකම් වැරදි වෙන්නේ..? කැකිල්ලේ තීන්දුවක්නේ මේකත්.....

:       0       476

සමන්ත Monday, 25 September 2017 11:39 AM

"මේ ආණ්ඩුකාරවරියගේ තීරණය පිළිගන්න බෑ. මහ ඇමති ඉන්නවා හැමෝම දැක්කනේ මේකට සම්බන්ධ වෙලා. අනික තමන් ජීවත් වෙලා ඉද්දීම, මිනිස්සුන්ගේ සල්ලි වලින්, තමන්ගේ නමින් ඉස්කෝල හදාගෙන නම් දා ගත්තු මිනිස්සු, තමන් ගිනස් පොතට යන්න කරගත්ත වැඩ මේවා. දේශපාලකයා බේරිලා, නිලධාරියා විතරක් හිරේ යන එක යහපාලනය නෙමේ බව තේරුම් ගන්න ඕනේ. මේක ගොඩින් විසඳගත්තේ නැත්නම් අපි ජාත්‍යන්තර අධිකරණයට පැමිණිලි කරනවා."

:       0       700

darshana Monday, 25 September 2017 11:42 AM

ජේ.ආර්. ටත් බැරි වුණ දේ කරපු කෙනාට මහා ඇමති නිදහස් කරන එක ලොකු දෙයක් නෙමෙයි.

:       75       944

සමන්-ඕමානය Monday, 25 September 2017 11:52 AM

බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ... අනේ පව් ලේකම් වරයාට කරගහන්න වුනේ !!!

:       1       1282

jagathMonday, 25 September 2017 11:25 PM

මෙහිදි කරලා තියෙන්නේ අහිංසක නොදරුවො ටිකක් හිංසනයට ලක්කරවපු එක. එය සම්නපුරිණයෙන්ම වැරදියි. දැඩි දඩුවම්ත් දිය යුතුයි. මෙතනකම් මුල්‍ය වංචාවක් නැහැ.නමුත් මුල්‍ය වංචා වුනු රංයේ ආයතනවල හිටපු නිලධාරි්න් නම් තොත්ත බබාලා නෙමයෙි. ඇමති කියපු නිසාම නෙමෙයි ඒ අය කෝටි ගණන් අතයට ගනුදෙනු කරලා තියෙන්නේ. තමන්ගේ වාසියටමමයි.

:       0       143

Upul Monday, 25 September 2017 11:52 AM

නිවට, නියාලු, මෝඩ තීරණයක් කියලා තමයි කියන්න තියෙන්නේ..

:       1       517

kamal Monday, 25 September 2017 11:52 AM

මහ ඇමති බබා ද? මහ ඇමති කිව්වාම ලේකම් කරනවා. කාවද මේ අන්දන්න හදන්නේ? මිනිස්සු මෝඩයෝ කියලා තමයි හිතාගෙන ඉන්නේ.

:       1       571

Ambalangoda Monday, 25 September 2017 12:11 PM

ආණ්ඩුකාරතුමියනි, මේ ඉස්කෝලෙට දාපු නම ගැනත් සොයලා බලන්න​.

:       46       208

ravin Monday, 25 September 2017 12:23 PM

බලනකොට කැකිල්ලේ තාම ඉන්නවා. ලලිත්ලාගෙන් අනුශාසකලගෙන් වත් පාඩම් ඉගෙනගත්තු නැති ලේකම්ලත් ඉන්නවනේ.

:       83       239

ASANGA Monday, 25 September 2017 12:36 PM

දැන් ඔක්කොම බබාලා වෙලානේ....

:       0       93

ජනිත් Monday, 25 September 2017 12:56 PM

එතකොට අර ළමයි අතරට පැනලා ඔසරිය අල්ලන හැටි ළමයින්ට කියලා දිදී හිටියෙත් ලේකම් අණ කරලා වෙන්නැති.. ඒ වෙලාවේ මූණෙ තිබුන අකමැත්ත!! තුන්කල් දක්නා නුවණක් තියෙනවා වගේ පෙනුමකුත් ඒ වෙලාවෙ මූණෙ නම් තිබුණා. සමහරවිට පාසල් ළමයින්ට ආදර්ශමත් වෙන්න ඕන නිසා වෙන්න ඇති.

:       0       162

Ramanii Monday, 25 September 2017 01:09 PM

වෙන තැනක තිබුණා සරත් ඒකනායක, නිලුකගේ බාප්පා කෙනෙක් කියලා. මරු නේද තීන්දුව?

:       0       149

Roshan Monday, 25 September 2017 01:16 PM

අපිනම් ඔය ප්‍රතිඵලය කල්තියාම දැනගෙන හිටියා...

:       0       104

parakkrama Monday, 25 September 2017 01:34 PM

හරිද ! හරිද !! හුනා වගේ මං කිව්ව දේ... මේ සේරම එක දම්වැලේ පුරුක්... ගහේ ආධාරේ පොත්තටයි, පොත්තේ ආධාරේ ගහටයි තියෙනවා කිව්වේ ඕක තමයි. ඔය සිද්ධිය වෙනකොට එතන අණ දෙන ප්‍රධාන දේශපාලකයා එහි වරද නොදුටුවා නම් අනාගතයේ පාලනයට තව අවුරුදු 5 ක බලය දීමට මෙයා නුසුදුසුයි.

:       0       94

sathyapala Monday, 25 September 2017 01:54 PM

මෙම සිදුවීම මෙසේ වන බව මම කිව්වා මෙයට පැය 12 කට පෙර... "යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවා නම් හාල් මල්ල නොබලාම විසිකරන්න" කියලා පැරැන්නෝ කියනවා. බැඳුම්කරේ පරීක්ෂණයට යනවා නම් මේ සාරි පරීක්ෂණ ගැන මොන කතාද? 2015 ජනවාරි 8 සිට පරීක්ෂණ කොමිසම් කීයක් දැම්මද? කොමිසමක් දානවා එ්කට තමන්ගේ හිතවතෙකු පත්කරලා ලක්ෂ ගණන් ගෙවනවා. කාර්යාල සේවකයන්, වාහන වලට ජනතාවගේ මුදල් මිලියන ගණන් වෙන්කරනවා. සමහර මාසෙකට කියලා දාපු කොමිසන් දාපු බවවත් මතක නෑ. හැබැයි අවුරුදු ගණන් මිලියන වලින් මුදල් ගෙවනවා. අහිංසක මිනිස්සු කන්න නැතිව, බෙහෙත් ටිකක් ගන්න නැතිව අපා දුක් විදලා මැරිලා යනවා. මේවට වැහි නැති හෙන තමයි...

:       1       290

Lapay Monday, 25 September 2017 02:15 PM

හරියට මහා බැංකු හොර කමෙන් ආර්.කේ. සහ ආර්.ඩබ්ලිව්. මුකුත් දන්නේ නැති විදියට නිදහස් වුණා වගේ. අන්තිමට අහුවෙන්නේ මහා බැංකුවේ කම්කරුවෙක්. බලමු බොරුද කියලා....

:       103       116

vidya Monday, 25 September 2017 02:19 PM

මට මතක් වෙනවා තුන් හවුලක් හැදුවා. කොමිනිස්ට්, සමසමාජ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතුවෙලා. එතකොටත් ඔය සාරි පොටේ එල්ලිලා යනවා කීවා. ඔතන වාඩිවෙලා ඉන්න හාමුදුරුවන්ට මොකද වෙන්නේ?

:       2       75

Ranjith Silva Monday, 25 September 2017 02:20 PM

මේ ආණ්ඩුකාරවරිය අපිට පිළිගන්න පුලුවන්ද?. එයා මාධ්‍යය ඉස්සරහ ඔහොම කීව්වට අපි නොදන්නා දෙයක් තියේද? මේ අයව ගෙදර යවන්න අපිට පුළුවන් බව දැන ගන්න.

:       0       235

KANTHI KARUNAJEEWA VILANAGAMA Monday, 25 September 2017 02:21 PM

ජයම්පති මහතාණෙනි, ඒකානායක, අනිත් එකානායක දෙන්නාම ඥාතියෝ, ඒ විස්තර වැඩක් නෑ. මොනවා වුණත් දේශපාලකයෝ ඒ ඒ අයව බේරාගන්නවා. ජනාධිපති ලේකම් හා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල්ට වුණු දේ තමයි අධ්‍යාපන ලේකම්තුමාට හා විදුහල්පතිතුමාට වෙන්නේ..., ඕකට තමයි කියන්නේ, අනේ කාලේ වනේවාසේ කියලා. මේවා දැනගෙන තමයි, තුසිත හල්ලොලුව මැතිතුමා ඉල්ලා අස්වෙලා ගියේ. එතුමා උගතෙක්. ඒ වගේම බුද්ධිමතෙක්.

:       0       366

Bandula Tuesday, 26 September 2017 04:33 AM

ආණ්ඩුකාරවරු මොකද කියන්නේ...ගුරුවරු වැඩ වර්ජනය කරලා ළමයින්ට ඉගැන්නුවේ නැති වුණහම, ගුරුවරු නිවාඩු ඉල්ලලා තැපැල් කාර්යාලයට ටෙලිග්‍රෑම් භාරදුන්නම, ඒකට වගකියන්න ඕන තැපැල් කාර්යාලයයේ,ඒක භාරගත්, මහත්මයාද?මහත්මියද?

:       0       29

Mali Monday, 25 September 2017 02:33 PM

මීට පස්සේ කව්රු හරි කොයි රටේද කියල ඇහුවොත් ,මුරිසියේ කියල කියනවා ....බත් කන හරක් නැහැ නොවැ එහෙ....

:       0       56

Karunarathna - Gampola Monday, 25 September 2017 04:00 PM

අර ගීතයක් තියෙනවා නේද? සාරිපොටේ කට්ටගහන කෙනෙක් නැද්ද අනේ?.. මොකද නැත්තේ අනේ. ඔය සාරිපොට අල්ලාගෙන හිටියේ... හැබැයි එයා නිදහස්...

:       0       612

Hafeel Monday, 25 September 2017 05:01 PM

මොවුන්ට ඡන්දේ දෙන අපිට මේවා හොඳ පාඩම්.....

:       0       8

Appuhami Monday, 25 September 2017 06:01 PM

කොහොමද? නිළධාරීයාගේ බෙල්ල හිර කරපු හැටි.....මේ සියලු දේවල් පල දෙන්න ඕනා...

:       0       54

Suppipi Monday, 25 September 2017 07:04 PM

‍යහපාලන ක්‍රමවේදය දේශපාලකයන් නිවරදි රාජ්ය සේවකයා වෑරදි , චන්දේ දුන්නට පින් හරක්ට වෙනස මාරයි...

:       0       28

Savanth Monday, 25 September 2017 09:23 PM

මේ නම් කැකිල්ලේ තීන්දුවක්. ජනාධිපතිතුමා මේ ගැන වහාම ක්‍රියාමාර්ගයක් ගන්න ඕන. පත්තරේ බලනවනම් දැන් දැකලා ඇතිනේ. නමුත් එතුමාත් කේන්දර නෝනට ගැතිනම් ඉතින් ආණ්ඩුකාරකමත් බල්ලට ගියා කියලා ජිනීවා යන්න නේද වෙන්නේ.

:       0       136

upasena hewage Monday, 25 September 2017 09:34 PM

පහත් තැනින් යයි ගලා ජලේ වැඩේ ශේප් ...!

:       0       39

නුමා Monday, 25 September 2017 11:05 PM

මට තිබෙන ගැටළුව නම්, දේශපාලකයාගේ වරද පිළිබඳ කථා කරන්නන්, මනාල යුවල නීතිය හමුවට පමුණනවාද යන්නයි. මංගල උත්සවයක සියලු වගකීම යුවල වෙත පැවරේ. මුග්ධ දේශපාලකයන් ගැන කවර කථාද. මෙම මංගල උත්සවයට සහභාගී වූ/ ළමුන් සහභාගී කරවූ සියලු දෙන මෙම සිද්ධියේ වගඋත්තරකරුවන් බව නිසැකය.

:       1       99

tishanTuesday, 26 September 2017 03:09 AM

දරුවන් 250 ගේ අධ්‍යාපනය පාඩු කරනකොට, කට්ට අව්වේ කර කරවනකොට, මනමාලි විතරක් බැබැලි බැබැලි අහිංසක ගැහැනු දරුවන්ට රෙදි කෑල්ලක් නොදි පාසැල් ගවුමෙන් ගෙන්වා ගන්න කොට මනමාලිට ඕවා මතක් වෙලා නැහැ මයෙ හිතේ. මෝඩ අහංකාර ගැහැනු නිසා රටම අවඥාවට ලක්වුනා.

:       0       93

somadasaTuesday, 26 September 2017 03:14 AM

ගොන් වැඩකලානම් මඟුල පැත්තක තියලා පලයල්ලා උසාවි. පොඩිඋන් අව්වේ කරවෙන කොට මුන්ට මේවා මතක් වුනේ නැහැනේ.

:       0       27

rocky Tuesday, 26 September 2017 01:01 AM

මේ ඉස්කෝලෙට තියලා තියන නමේ හැටියට මේක එකනායකලාගේ පවුද්ගලික දේපොලක් වෙන්නත් පුළුවනි. අයිතිකාරයෝ උන් නම් මේකට යන ළමයින්ව පරවේණි දාසයන් හැටියට සලකන්න මොකද උන්ට බැරි!

:       0       236

damithTuesday, 26 September 2017 02:45 AM

මොකට මේ පාසැල් පාරවල් වලට ඇමතිලාගෙ නම් දානවද මන්ද? කවුරුහරි තමන්ගෙ පුද්ගලික ධනයෙන් හැදුවානම් තව කමක් නැහැ ක්ව්වහැකි. රජයේ මඑජන මුදලින් පාසැල් හදලා දාගන්නවා තමන්ගෙ නම. මේවා නැතිකල යුතුයි. වෙන දියුනු රටවල මේ කෝලම් නැහැ

:       0       242

Nishan Tuesday, 26 September 2017 02:00 AM

ලජ්ජා නැති වැඩ කරලා ලජ්ජා නැති තින්දුත් දෙනවා. මෙහෙම පාලකයෝ ඉන්න රටක ඉපදුන එක පවක් .

:       0       324

deepakTuesday, 26 September 2017 03:38 AM

නිලධාරින් ඉන්නේ ඇමති කියන කියන එක ක්‍රියාත්මක කරන්න නෙමෙයි. ඇමතිකියන කිව්ව නිසා ක්‍රියාත්මක කරා කියලා තමනුත් වාසි ගන්න නිලධාරින් තමයි වැඩිපුර හිටියේ සහ ඉන්නේ.

:       0       26

Shanthi Tuesday, 26 September 2017 02:49 AM

කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තීන්දු වගේ අන්තිමට කැරකිලා වැරැද්ද ළමයින්ටම ඒවිද ?

:       0       100

Kumara Tuesday, 26 September 2017 03:05 AM

චේතනාව ලෝකවර්තාවක් තැබීම.එක වුනානම් ගර්වය මුළු දේශයටම .සහබාගි වූ සැමට විශේෂ ගෞරවය.ළමයි ගියේ නිසි අවසර ඇතිව දෙමාපියන්ද අඇතුලුව.කුහක කමින් හැමදේටම විරුද්ද නොවී අද පාසල් යාමට නොහැකිව ඉන්න දරුවන් ගැන හොයාබල ඒ වෙනුවෙන් යමක් කිරීම නේද හොද?එක දවසක පාසල් නොගිය දරුවන්ට අමුතු සත්ව කරුණාවක් ඇයි?.

:       681       300

kumariTuesday, 26 September 2017 03:42 AM

අනේ සත පහකට වැඩක් නැති වාර්ථාවක්නේ තියන්න ගිහින් තියෙන්නේ? තියන වාර්ථාවක් තියගනින්කො තමන්ගේ අත පයෙන්. අධ්‍යාපනයත් පාඩු කරලා, හය හතර නොතේරෙන දරුවෝ අව්වේ කරකරන්නේ නැතුව.

:       0       171

palithaTuesday, 26 September 2017 03:45 AM

එහෙම කාගෙවත් උවමනාවට දරුවන් 250 කගේ විතර අධ්‍යාපනය පාඩු කරන්නත්. අව්වේ කරකරන්නත් සුදුදු නෑ....... . පරවේණි දාස මානසිකත්වවෙන් මිදෙන්න. නිති රිති තියෙනවා රටවල. ඒවා හොයලා බලන්න.

:       0       61

anthonyTuesday, 26 September 2017 03:53 AM

හැඳිමිටේ මොල් තමයි මොලේ. මේවා මොන වාර්ථාද? සල්ලි ටිකක් තියෙනවා නම් සාරි කෑලි මූට්ටු කරලා ඕන තරම් දික් කරගත්තැකි. මොන විකාරද? දරුවන්ව මේවට ගත්තා විතරක් නෙමෙයි නරක මෝඩ ආදර්ශයක් දිලා තියෙන්නේ.....

:       0       38

wickyTuesday, 26 September 2017 04:11 AM

කිසිදු වටිනාකමක් නැති වුවත් මනමාලිට මේ වාර්ථාව තියන්න ඕනෙමනම් අඩු තරමේ එයා විතරක් ලන්ෂ ගණන් වල සාරි අභරණ වලින් සැරසිලා ඉන්නෙ නැතුව අධ්‍යාපනයත් පාඩු කරවලා අව්වෙ කරකරවන අහිංසක කෙලි පොඩ්ත්තියන්ටත් ලස්සන ගවුමක් හරි අන්දවන්න තිබුණා. ඒකට ලෝබයි.

:       0       65

sidathTuesday, 26 September 2017 04:16 AM

අපේ අය හරි දක්ෂයි පොඩ් වුන් තලල තමන් වාර්ථා තියාගන්න.

:       0       41

suran Tuesday, 26 September 2017 03:14 AM

මේක හරියට කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ එකක්. දන්නා විදිහට මහා ඇමතිතුමාගේ ඥාතියෙක්ගේ විවාහ මංගල උත්සවයක් සදහා තමා මෙම ළමුන්ව රැගෙන ගිහින් තියෙන්නේ. මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා වැරදි කරුකර ඔහුට අද උසස්වීමක් ලබා දී තිබෙනවා. ළමුන්ට ඉගෙනුමට ඇති කාලය මෙලස දේශපාලකයන්ගේ ක්‍රියාකාරකම් වලට යොදා ගැනීම එම දරුවන්ට කරන මහා අපරාදයක්.

:       0       47

asangi Tuesday, 26 September 2017 03:47 AM

ලෝක වර්තාවක් තියන්න ඔනේ තමන්ගේ දක්ෂතාවයෙන්. එහෙමත් නැත්නම් ලොවට වැඩක් වෙන දෙයක් සම්බන්ධයෙන්....

:       0       40

dayan Tuesday, 26 September 2017 04:18 AM

21 සියවසෙත් පුළුවන්ද එහෙම “මහා ඇමතිතුමාගේ ඥාතියෙක්ගේ විවාහ මංගල උත්සවයක් සදහා තමා මෙම ළමුන්ව රැගෙන යන්න“

:       0       39

rahulTuesday, 26 September 2017 06:06 AM

මහා ඇමතිතුමාගේ ඥාතියෙක්ගේ විවාහ මංගල උත්සවයක්. ආණ්ඩුකාරතුමියගේ ඥාතියෙක්ගේ විවාහ මංගල උත්සවයක්. මහ ඇමතිතුමා සහ ආණ්ඩුකාරතුමිය ඥාතියෝ.

:       0       0

Deepal Nirosh Tuesday, 26 September 2017 05:29 AM

එහෙනම් ඔන්න “කැකිල්ලේ තීන්දුව“ පාරිභාශික වචනය කටුගෙට යවමු. අපි ගරු ආණ්ඩුකාරතුමියගෙ මේ තීන්දුව වගේ තීන්දුවලට ඉදිරියට “තවත් සිල්රෙදි තීන්දුවක්“ කියල භාවිතයට හුරුවෙමු. අධ්‍යාපන පෙළ පොතුත් ඒ අනුව සංශෝධනය කරමු.

:       0       0

vipula Tuesday, 26 September 2017 05:40 AM

ළමයින්ගේ තියෙන උවමනාවට රට වෙනුවෙන් මේ සාරි පොට උස්සන්න පාසලේ ගේට්ටුවෙන් එලියට ගියා. ඒක නිසා මට කරන්න දෙයක් නැහැ කියල විදුහල්පතිවරුන් බේරෙයි.

:       0       0

Lanka Tuesday, 26 September 2017 06:15 AM

කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තීන්දු ..ආණ්ඩුකාරවරයට කවද්ද නඩු අහන්න බලය ලැබුනේ....මේක නම් මහා අරුම පුදුම පාලකයෝ ඉන්න රටක්.... අර ළමයි අව්වේ කර කරපු දේශපාලුවට පලිසන් දෙන්න ඕන....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමාත්‍යංශ කාර්යභාරය ගැන ජනතාව දැනුම්වත් කරනවා
2024 නොවැම්බර් මස 24 3 0

ඉදිරියේදී කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශවල කාර්යභාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බව අමා


කැනඩාවට පනින්න ආ ඉන්දීය තරුණියක ඇතුළු තිදෙනකු පිටුවහල් කරයි
2024 නොවැම්බර් මස 24 60 0

ජාත්‍යන්තර පොලිසියේ අස්ථාන ගත වූ ලේඛනයෙහි සදහන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන , ශ්‍රී ලංකාව හරහා කැනඩාවට පළා යාමට තැත් කළ ඉන්දීය ජාතික තරුණියක ඇතුළු ත


කෙසෙල් ගෙඩිය රුපියල් කෝටි 180කට අලෙවි වේ
2024 නොවැම්බර් මස 24 102 0

ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවර සදබි වෙන්දේසි නිවහනේ පසුගිය 20 වැනිදා පැවැති වෙන්දේසියේදී කෙසෙල් ගෙඩියක් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝට


බ්‍රිතාන්‍ය රුසියාවට අනතුරු ඇඟවයි
2024 නොවැම්බර් මස 24 250 0

යුක්රේනයට ලබා දෙන සහාය අවතක්සේරුවට ලක් කිරීම සඳහා බ්‍රිතාන්‍ය සහ නේටෝ සාමාජිකයන් ඉලක්ක කරමින් සයිබර් ප්‍රහාර මාලාවක් දියත් කිරීමට රුසියාව සූදානම් ව


දිවි පිදූ රණ විරුවෝ සමරති
2024 නොවැම්බර් මස 24 40 0

සන්නද්ධ හමුදා අනුස්මරණ දින ප්‍රධාන සැමරුම් උත්සවය සහ පොපි මල් සැමරුම සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහාද


කොන්ත්‍රාත්කරු පැහැරගෙන දේපොළ කොල්ල කෑ හතරක් අල්ලයි
2024 නොවැම්බර් මස 24 227 0

කොන්ත්‍රාත්කරුවෙකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 4 කට ආසන්න දේපල කොල්ලකෑ එකම පවුලේ තිදෙනෙකු සහ සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 504 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 723 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2024 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site