රාජගිරියේ මැල්වත්තේ පුද්ගලයකුට බැට් පිත්තකින් පහර දුන්නැයි වැලිකඩ පොලිසියට ලද පැමිණිල්ලෙන් තමාට එල්ල කර ඇති චෝදනා අසත්‍ය බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින් බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා වෙත ලිපියක් යවා ඇත.
රණතුංග මහතා එම ලිපියෙන් කියා ඇත්තේ තමාට පෞද්ගලික හෝ නිල නිවසක් රාජගිරිය මැල්වත්තේ නැති බවයි. පැමිණිල්ලේ සඳහන් වේලාවේ තමා ශ්‍රාවස්තියේ පැවැති ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමේ සිටි බවත් රණතුංග මහතා එම ලිපියේ සඳහන් කර තිබේ.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහ ඇමැති පරීක්ෂණයක් ඉල්ලයි
සත්‍යයා Wednesday, 23 July 2014 03:27 AM
අහන්න දෙයක් නැහැ. සමෘධි නියාමක තමන්ම ගස් බැඳ ගත්ත වගේ පැමිණිලි කාරයාම තමන්ටම බැට් එකෙන් නෙලා ගත්තද දන්නේ නැහැ. මට බය ඇමති වරුන්ගේ බෝල දැමිල්ල ගැන. (නදී)
රේණුක Wednesday, 23 July 2014 05:02 AM
අපිට නම් මේක විශ්වාස කරන්නත් බැහැ (නි)
මොහාන් Wednesday, 23 July 2014 05:17 AM
හතර හිනා ..... මගේ ගැනත් පරීක්ෂණයක් කර ගන්න බැරි ද ? (නදී)
සත්‍යපාල Wednesday, 23 July 2014 05:51 AM
මට මතකයි ඒ කාලයේත් අයියලා මල්ලිලා එකතුවෙලා කළ දස්කම් ගැන කතා තිබුණා (නි)
සෑම් Wednesday, 23 July 2014 07:13 AM
ඔන්න බලන්නකෝ, පරීක්ෂණයෙන් පසු හෙළිවෙයි මේ මනුස්සයා තමන්ටම ගහගත් බව. (නි)
පද්මිණි Tuesday, 22 July 2014 06:40 PM
ආණ්ඩුවේ ඇමති කෙනෙක් කිව්වා නම් කොහොමටවත් බොරුවක් වෙන්න බැහැ. (නි)
සිරිසේන Tuesday, 22 July 2014 07:11 PM
මහ ඇමතිතුමා මේ පුද්ගලයාට පහර දී තිබෙන්නෙ බැට් එකකින්ද, පිත්තකින්ද, නැත්නම් බැට් පිත්ත කියන වෙනත් ආයුධයකින්ද කියලා හරියටම කිව්වොත් මේ පරීක්‍ෂණය ඉදිරියට ගෙනයන්න පුළුවන් වෙයි නේද? (නි)
ස්ටැන්ලි Wednesday, 23 July 2014 10:36 AM
පරීක්ෂණ වලට පස්සේ කියාවි "තමා විසින් තමාටම පහරදීගත්තා" කියාලා. (නදී)
ලුම්බිණි Wednesday, 23 July 2014 12:11 AM
අමුතුවෙන් පරීක්ෂණයක් ඉල්ලන්න දෙයක් නැහැ නේද? පොලිසිය මේ ගැන කොහොමත් පරීක්ෂණයක් කරනවානේ. කෙනෙක් පැමිණිල්ලක් කරලා තිබෙනවානේ. (නි)