ජාතික ඖෂධ පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කථානායක චමල් රාජපක්ෂ මහතා අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ජාතියේ හිත සුව පිණිස වහා සම්මත කරගත යුතු පනතක් ලෙස ජනපති විසින් මෙම පනත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කැර තිබිණි.
ගිය රජය කාලයේ මෙම පනත සම්මත කැර ගැනීමට නොහැකි වු බවත් එය අතුරුදන් වු බවත් හිටපු සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා තිබිණි.
24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන
‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි
ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්
ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහ උසාවියෙන් ඖෂධ පනතට කොළ එළිය
ශාන්ත Wednesday, 18 February 2015 06:14 PM
එතකොට ෆාමසි වලට ඖෂධ දාන කම්පැනි සේවකයන්ට මොකද වෙන්නේ? ඕකෙන් බලපෑමක් වන්නේ බෙහෙත් ප්‍රමෝට් කරන අයටද? අළෙවිකරන අයටද? (නි)
අනුර ශාන්ත Thursday, 19 February 2015 08:01 AM
මේ ඖෂධ පනතින් අපේ රටේ රෝගී ජනතාවට කරපු ලොකුම ලොකු පිංකමක් නැත්තම් මේ ජාවාරම් කර හොරුන් හැමදාම අහිංසක රෝගීන්ගේ ලේ උරාබොන කුඩල්ලෝ වගෙයි.(හේ)
පද්මිණී Thursday, 19 February 2015 08:21 AM
ලංකාවට යන සංචාරකයින්ට මෙහෙ රජයෙන් කරන එකම නිර්දේශය ඔබේ බෙහෙත් මල්ල පමණක් මෙහෙන් අරගෙන යන්න කියල. (බ)
වීරේ Wednesday, 18 February 2015 11:45 PM
මෙම පනතින් ඖෂධ වල වෙළඳ නාමය යටතේ නොව වයද්‍ය නාමය යටතේ බෙහෙත් අලෙවි කල යුතු බව මට හිතෙන්නේ.එවිට එකම බෙහෙත්ට විවිධ මිල අයකළ නොහැක බෙහෙත් මිල අඩුවේවි බාල බෙහෙත් විකිණිය නොහැක (අ)
ද සිල්වා Thursday, 19 February 2015 01:31 AM
පාර්ලිමේන්තුවේ 2/3 බලයක් තියාගෙන මේ වගේ ජනතාවට වැදගත් පනතක් සම්මත කරගන්න බැරි වුණා , මහින්ද මහතය වීරවංස ඇතුළු පිරිස කොහොමද නැවත රට දිනවන්නේ ? (අ)
චාමර Wednesday, 18 February 2015 11:42 AM
මෙන්න මෙවැනි රටට වැදගත් වැඩ තමයි ආණ්ඩුවකින් කල යුතු වන්නේ. ඔබ තුමාට පින් ජනදිපතිතුමනි ! මේ තුලින් දුප්පත් ජනතාවට විශාල සෙතක් ලැබෙයි කියල හිතනවා (අ)
රොහාන් Wednesday, 18 February 2015 11:45 AM
දුන් පොරොන්දු ඉටුකිරීම හොඳ ගුණයක්. මේවගේම ඉතුරු ඒවා ටිකත් අවසන්කළා නම් තමයි හොඳ (නි)
ටිරෝන් Wednesday, 18 February 2015 11:46 AM
අපේ ජනපතිට ජයවේවා! (නි)
ගයාන් Wednesday, 18 February 2015 11:59 AM
චාමර, ඔබ හරියටම හරි. සේනක බිබිලේ මහතාට තමා මේකේ ප්‍රණාමය ලැබෙන්න ඕනෑ (නි)
ජී. නන්දන Wednesday, 18 February 2015 12:02 PM
මෙයින් ලැබෙන සහනය ගැන දන්නා කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරන්න (නි)
ප්‍රභාත් Thursday, 19 February 2015 02:25 AM
පනතේ අන්තර්ගතය ජනතාවට දැනගැනීමට සැළැස්වුවහොත් අගෙයි (නි)
දිල්ෂාන් Wednesday, 18 February 2015 12:44 PM
මෙන්න අපි බලාපොරොත්තු වූ යහපාලනය.... (නි)
දුමින්ද Thursday, 19 February 2015 03:17 AM
හොඳ වැඩ දිගටම කිරීම ගැන සුබ පතනවා (නි)
චානක Wednesday, 18 February 2015 01:19 PM
ඖෂධ පනත ගෙන ආවිට අපිට පෙනඩෝල් ශත 50ට ගන්න පුළුවන්. ඒවගේම ඉන්දියාවෙන් කුණු කොල්ලයට ගෙනෙන බෙහෙත් වෙනුවට ගුණාත්මක බෙහෙත් ගන්න පුළුවන්.අහිංසක මිනිසුන්ට ශල්‍යකර්ම කරන්න බෙහෙත් ගන්න ෆාමසි ගානේ යන්න ඕනෑ නැහැ (නි)
ටෙරාන් Thursday, 19 February 2015 03:51 AM
හරිම සතුටුයි (නි)
බංඩාර කුවෙට් Thursday, 19 February 2015 04:32 AM
දෙවි කෙනෙක් නොවුන දෙවියෙකුට ආරූඩ උනාම ඔහු මොනවා කරාවිද ? සිතන්න යමක් මෛත්‍රී ජය ඔබට (නදී)
රසිකා Wednesday, 18 February 2015 02:10 PM
සමාගම් කොමිස් නොලැබෙන නිසා වක්‍රාකාරව වෛද්‍යවරු පඩි වැඩිවීමක් ඉල්ලන්න පුළුවන් නේද? (නි)
දිල්ෂාන් Thursday, 19 February 2015 04:52 AM
අගය කරනවා (නි)
ද සිල්වා බර්ලින් Thursday, 19 February 2015 03:28 PM
අනේ ජනාධිපති තුමනි කොහොම හරි මේ පනත සම්මත කරගන්න අසරණ රෝගීන්ව සුවපත් වෙන පිනෙන් ඔබතුමාට මතු බුදු බව ලැබෙනවා , මේ පමණ කලක් මේ පනත පස්සට දමපු දේශපාලකයන් සහ බහුජාතික සමාගම් ලොක්කන් නරකදියටම යත්වා .(අ)
ලාල් ජේ. Wednesday, 18 February 2015 03:44 PM
ඖෂධ පනත සාර්ථකලෙස සම්මත කරගැනීමට මූලිකව ක්‍රියාකළ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුලු සියලු දෙනාට අනේක වාරයක් ස්තූතිවේවා!අපේ ජනාධිපතිතුමාට ජයවේවා! (නි)
දර්ශන Wednesday, 18 February 2015 04:16 PM
රටට ආදරය කළ මහ රජුට ,ජනතාව වෙනුවෙන් මේ වගේ දෙයක් කරන්න බැරිවුණේ ඇයි? (නි)