IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


මහා කුඩුකරුගේ වස්තුව තහනමට

පොලිසිය මඟ හැර සිටින බඩෝවිට වෙළේ ‘සුදා‘ නම් හෙරොයින් කුඩු විකුණන්නාගේ චංචල නිශ්චල දේපොළ තහනම් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදිනී වික්‍රමසිංහ මහත්මිය අද තීන්දුවක් දුන්නාය. ගම්පොළ විතානගේ සමන්ත කුමාර හෙවත් වෙළේ සුදාගේ බිරිය වන පිලිදුව බෝගහවත්තගේ ගයානි ප්‍රියදර්ශනී හෙවත් සුජී අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලිසිය කීවේ වෙළේ සුදා කුඩු, අබිං හා වෙනත් නීති විරෝධී දෙයින් උපැයු වත්කම් තහනම් කරන ලෙසයි.  ඉන්දියාවේ සිට බොරු නමකින් ශ්‍රී ලංකාවට ආ ඔහුගේ බිරිය අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කීවේය. කොළඹ, දෙහිවල, කඩුවෙළ, නුගේගොඩ, හා රාජගිරියේ ඔහු සතු මන්දිර, තට්ටු නිවාස, යාන වාහන ඇතුළු දේපොළ සොයාගත් බවත් කොළඹ බැංකු කිහිපයක ආරක්ෂිත කුටිවල මුදල් ද රුපියල් දස ලක්ෂ ගණන් විටිනා රන් ආබරණ ද සොයාගත් බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.



අදහස් (0)

මහා කුඩුකරුගේ වස්තුව තහනමට

ශ්‍රී මාල් Friday, 07 September 2012 06:04 PM

කෝ මේ හැමදාම අදහස් දක්වන අය නැහැනේ..!(නු)

:       0       0

සිල්වා පැරිස් Friday, 07 September 2012 06:16 PM

නියමයි.. දඩුවම මරණයයි..!!(නු)

:       0       0

ලකී Friday, 07 September 2012 06:22 PM

ඇහුවමයි ඉතාම ඉක්මනින්ම තද තීන්දුවක් අරන් තියෙනවා.. අදහාගන්නවත් බැහැ නේද? පිළිසරණක් නැති අහිංසක කුඩු රජෙක්..!!(නු)

:       0       0

ලලිත් - කටාර් Friday, 07 September 2012 06:39 PM

අන්න එහෙමයි නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ. අවුරුදු 20ක්වත් හිරේ ඉන්න ඕනෑ. (නි)

:       0       0

පාලිත Saturday, 08 September 2012 10:08 PM

කාලීන අවශ්‍යතාවය අනුව අනෙක් අයටත් මෙසේම විය යුතුයි. (නි)

:       0       0

නන්දන Saturday, 08 September 2012 11:52 AM

නියමයි !අධිකරනයටයි, පොලීසියටයි අපේ උපහාරය !(ස)

:       0       0

ඉෂාන් Friday, 07 September 2012 06:45 PM

හ්ම්.... (නි)

:       0       0

චමිල Friday, 07 September 2012 07:03 PM

නීතිය කාටත් එකයි (දී)

:       0       0

කුමුදු Friday, 07 September 2012 07:04 PM

අපිව රවට්ටනවද මන්ද (දී)

:       0       0

රිෂාන් Saturday, 08 September 2012 12:28 PM

හි හී හි හී.... (නි)

:       0       0

කුමාර Friday, 07 September 2012 07:14 PM

ඔහුගේ වස්තුව විකුණා බන්ධනාගාර අලුත්වැඩියාවට යෙදෙව්වොත් මොකද?(නු)

:       0       0

මධු Friday, 07 September 2012 07:14 PM

හොද තීන්දුවක් කාලෙකට පස්සේ අහන්න ලැබීම සන්තෝෂයි. අනෙක් අයටත් මේ නීතිය ගෙනාවානම් හොදයි නේද?(නු)

:       0       0

ප්‍රභාත් Friday, 07 September 2012 07:17 PM

ඉතාම හොඳ තින්දුවක් (අ)

:       0       0

ක්‍රිෂාන්ත Friday, 07 September 2012 07:28 PM

ඔන්න මල්ලී මහින්ද චින්තනය. ජයවේවා! ඉදිරියටත් මෙසේම වේවා! (නි)

:       0       0

ප්‍රියන්ත Friday, 07 September 2012 07:40 PM

සියලු කුඩු ජාවාරම්කරුවන්ට ඔය නීතිය අනිවාර්යය කරන්න. (නි)

:       0       0

මිරන්ති වනිගසූරිය Friday, 07 September 2012 07:49 PM

ඉතාම හොද තීරණයක්.. ඉදිරියටත් මේ වගේ කරගෙන යන්න..!!(නු)

:       0       0

රිස්වාන් Friday, 07 September 2012 07:55 PM

රටේ මත්ද්‍රව්‍යවලින් බාල පරපුර විනාශවෙන එක වලක්වන්න හැකි උපරිමයෙන් වැඩ කළ යුතුයි..!!(නු)

:       0       0

රිෂ්මි Friday, 07 September 2012 08:02 PM

මෙයාට මෙහෙම නෙවෙයි පවුල් පිටිං හිරේ දාන්න ඕන..සමාජයට විශ විකුණන මේ වගේ අය සියලු දෙනාටම දැඩි දඩුවම් පමුණුවන්න ඕන..!(නු)

:       0       0

චමල් Friday, 07 September 2012 08:08 PM

එතකොට අර අහවලා? (නි)

:       0       0

මධු Saturday, 08 September 2012 01:32 PM

චමල්, ඒ අහවලාටත් කවදා හරි‍ මේ දේම වෙයි. (නි)

:       0       0

සිරිමල් Friday, 07 September 2012 08:03 PM

මේක තමයි නීතිය කියන්නේ.. හැබැයි මේ රටේ කවදාවත්ම නීතිය හැමෝටම එක වගේ උනේ නැහැ ..මේ අය අහුවෙන්නේ කොතැනක හෝ වරදක් ඇති නිසයි... (නු)

:       0       0

මාලිංග Friday, 07 September 2012 08:54 PM

අපේ අයට ඉතිං හොරු ඇල්ලුවත් වැරදියි, නෑල්ලුවත් වැරදියි. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 07 September 2012 09:02 PM

බොහෝ දෙනා අපරාධ කරන්නේ තමන්ට ඕන දවසක ඒවා නවත්වලා අපරාධ වලින් හම්බකරගත් දේ භුක්ති විඳිමින් සැපට ඉන්න පුළුවන් කියලා හිතාගෙනයි. සමහරුන්ට එහෙම ඉන්න පරිසරයකුත් තියෙන්න ඇති. එහෙත් මේ වගේ අභීත තීන්දු දෙකතුනක් ලැබෙනකොට 'මෙහෙම ගොඩගහගත්තු දේ අපේ දරුවෙකුටවත් කන්න නැති වෙනවානේ..' කියා මොවුන්ට පෙනී යයි නම් අපරාධ කිරීමට පෙර දෙවරක් හිතනු ඇත. මොවුන් එල්ලා මරනවාට වඩා හොඳයි මෙහෙම කරන එක. හැබැයි, රාජසන්තක කරන දේ මොවුන් නිසා හානියට පත් පුද්ගලයින් හෝ පද්ධති හැකිතාක් ප්‍රකෘතිමත් කිරීමට යොදවනු මිස නාස්ති කර දැමීමට ඉඩ නොදිය යුතුයි. (නි)

:       0       0

රුවන් Friday, 07 September 2012 08:58 PM

වැඩේ නම් බොහොම හොදයි. නමුත් තවත් කීප දෙනෙක් ඉන්නවා ඔය විදියට සල්ලි හොයලා දැන් රට පැනලා ඉන්න. අන්න ඒ අයගෙත් වත්කම් තහනම් කළොත් නේද හොද ? නීතිය කාටත් පොදු වෙන්න ඕනෑනේ. (නි)

:       0       0

මො‍හොමඩ් රිස්වාන් සෞදි අරාබිය Friday, 07 September 2012 09:12 PM

භාණ්ඩාගාරයට වඩා සල්ලි මෙයා ළඟ තියෙනවා වගේ..මේ වගේ මුදලාලිලා තව කොච්චර ඉන්නව ඇත්ද?(නු)

:       0       0

ගුණරත්න Friday, 07 September 2012 09:06 PM

ඉතා හොදයි. අපේ සමහර දේශපාලඥයින් ගැනත් මෙහෙම කටයුතු කිරීම අවශ්‍යයි. (නි)

:       0       0

හර්ෂ සූරියආරච්චිගේ Friday, 07 September 2012 09:14 PM

මෙයාගේ ඡායාරූපයකුත් සමග පළවුණානම් ඉතාම හොදයි..!!(නු)

:       0       0

සුනිල් Saturday, 08 September 2012 02:23 PM

ඔය නීතී දේශපාලන බලපෑමකින් තොරව ක්‍රියාත්මත වෙනවා නම් හොදයි. මේ ලිස්ට් එක තව ගොඩාක් දිගයි එතකොට. (නි)

:       0       0

චන්ද්‍රසිරි Friday, 07 September 2012 09:37 PM

ගම්පොල ගාවගන්න එපා..!! මමත් ගම්පොල(නු)

:       0       0

ශ්‍රී පණ්ඩිතගේ Friday, 07 September 2012 09:30 PM

ඔය කාලකන්නි ජෝඩුව අහිංසක තරුණ ජීවිත කීයක් විනාශ කරන්න ඇත්ද කුඩු වලින්... ඔය දෙන්නට උපරිම යෙන්ම දෙන්න පුළුවං දඩුවම දෙන්න තවත් එලියට නොඑන්නම....(නු)

:       0       0

සුනිල් Saturday, 08 September 2012 03:26 PM

විනිසුරුට අපේ ප්‍රණාමය! මේ පුද්ගලයාට උදවු දුන් දේශපාලකයොත්, ඔහුගේ ආරක්ෂක‍යොත් එල්ලුවොත් රටට වෙන්නේ ලොකු සෙතක්. (නි)

:       0       0

සේනානායක Friday, 07 September 2012 10:42 PM

චංචල, නිශ්චල දේපළ තහනම් කරන අතරේ එයාවත් නිශ්චල කළොත් සමාජයට වැඩදායක වෙයි. (නි)

:       0       0

රූපා Friday, 07 September 2012 11:16 PM

හොද අධිකරණ තීන්දුවක්. බැරිද අර පාර්ලිමේන්තුවේ සමහරුන්ගේත් දේපළ ඔය විදියට රාජසන්තක කරන්න? (නි)

:       0       0

රොෂාන් කොඩිකාර Saturday, 08 September 2012 03:42 PM

මේවට අපේ ආචාරියත් සම්බන්ධද දන්නේ නැහැ... ගොඩක් කාලෙකින් දැක්කේ නැහැ.!(නු)

:       0       0

ප්‍රදීප් Saturday, 08 September 2012 03:13 AM

මේ කුඩුකාරයාගේ බිරිය අයිති වෙන්නේ චංචල දේපළ යටතටද? එතකොට එයාගේ මොකක්ද තහනම් වෙන්නේ? (නි)

:       0       0

සිල්වා Saturday, 08 September 2012 03:19 AM

ගෝලබාලයින්වද සොයා සුදුසු දඩුවම් දිය යුතුයි. (නි)

:       0       0

අසිත Saturday, 08 September 2012 07:38 AM

ලොක්කන් තරහාකරගත්තොත් ඕක තමා වෙන්නෙ....(නු)

:       0       0

දිමුත් Saturday, 08 September 2012 08:07 AM

ඒ මනුස්සයට කාගෙවත් පිහිටක් නැතුව ඇති .නැත්තම් ඔහොම දෙයක් වෙන්නේ නෑ කීයටවත් .(ස)

:       0       0

අචිනි Saturday, 08 September 2012 09:23 AM

මේගොල්ලන්ට එවන අනිත් අය පිටරටවල ඇති.. හොයලා බැලුවොත් නරකද?(නු)

:       0       0

පද්මි Saturday, 08 September 2012 06:12 PM

රොශාන් කියන්නේ අපේ කැළනියේ උපාධිධාරියා ගැනද?(නු)

:       0       0

සිල්වා Saturday, 08 September 2012 09:45 AM

විනිසුරුතුමාට අපගේ උපහාරය..!!(නු)

:       0       0

ගයා වන්නි Saturday, 08 September 2012 06:41 PM

නීතියටම වැඩකරන විනිසුරුවරයෙක්.. ඔබට තවත් මෙවැනි තීන්දු දීමට ශක්තිය ධෛර්යය ලැබේවා..!!(නු)

:       0       0

වරුණ Saturday, 08 September 2012 09:45 AM

අයතා ලෙස මුදල් හම්බකරපු අයනම් ලංකාවෙ ඕන තරම් ඉන්නේ අල්ලනවානම්..!!(නු)

:       0       0

ප්‍රදීප් කුමාර Saturday, 08 September 2012 09:40 AM

ගරු අධිකරණයේ තීන්දුව ඉතාම ඉහළයි. මෙවැනි එඩිතර විනිසුරු විනිසුරුවරියන්ගේ අරක්ෂාව රජය මාර්ගයෙන් වහාම තර කළ යුතුයි...අතීතයේ මෙවැනි තීන්දු දීපු අයගෙන් පළිගැනීම් සිදුවී ඇති නිසා..!!(නු)

:       0       0

සිල්වා පැරිස් Saturday, 08 September 2012 06:56 PM

ගැමුණු මෙයාගේ නමටත් එක්ක ලැජ්ජයි..!(නු)

:       0       0

ගැමුණු Saturday, 08 September 2012 10:07 AM

දැං කට්ටිය සූදානම් වෙනවා ඇති මෙයාගේ දේපොල බෙදාගන්න...!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1117 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට
2024 ඔක්තෝබර් මස 11 78 0

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස


කීමෝ ප්‍රතිකාරයෙන් පසු විලියම් - කේට් මහජන අවස්ථාවකට
2024 ඔක්තෝබර් මස 11 333 0

කීමෝ තෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව කේට් මිඩ්ල්ටන් කුමරිය සහ විලියම් කුමරු යුවළක් ලෙස ප්‍රථම වතාවට මහජන අවස්ථාවකට සහභාගී වී ඇත.


රුසියන් - ඉරාන ජනපති හමුවෙති
2024 ඔක්තෝබර් මස 11 1184 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් පැවැත්විණි.


නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධීන්ට
2024 ඔක්තෝබර් මස 11 277 0

මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරි


රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා
2024 ඔක්තෝබර් මස 11 2789 2

රජයට අයත් බව කියන වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39936 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25916 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 193 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1286 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site